හිම කැටිති සහ හිසකේ සංස්කරණය

අංශු පද්ධතීන් සජිවි කරණය කල හෝ අචල ඒවා විය හැක. එනම් එක් එක් අංශුවේ ජීව කාලය එකවරම විදැහුම් කරණය කල හැකි අතර නැතහොත් එය කාලය සමග විසුරුනු එකක් විය හැක. මෙම වෙනසෙහි ප්‍රතිඵලය හිම සහ හිසකේ අතර පවතින දෘෂ්‍යමය වෙනස මගින් පැහැදිලි වේ.

අංශුමය පද්ධතිය යන යෙදුමත් සමගම සිහියට නැංවෙන්නේ සජිවිකරණය කල පැතිකඩ වේ. එය ගිනිපුපුරු, වර්ෂාව සහ ගින්න ආදිය පරිගණක තුල ප්‍රතිනිර්මාණය සදහා චලිත අංශුමය අනුහුරුකරණයේදී පෙ‍ාදුවේ භාවිතා වේ. මෙම ක්‍රමයේදී සජිවිකරණයේ එක් එක් රූපරාමුව තුළ එක් එක් අංශුව එහි ජීවන චක්‍රයේ නිෂ්චිත පිහිටුමක පවතින අතර සෑම අංශුවක්ම අවකාශයේ තනි ලක්ෂීය පිහිටුමක පවතියි.

නමුත් එක් එක් අංශුවෙහි සම්පුර්ණ ජිවන චක්‍රයම එකවර විදැහුම් කරණය කළේ නම් ප්‍රතිඵලය ලෙස ස්ථිතික අංශු ලැබෙන අතර එහිදි ලක්ෂීය අංශු වෙනුවට අංශු වේ මුලු චලිත පතයම දැක්වෙන පටි ආකාර ව්‍යුහයන් ලැබේ. මෙම ව්‍යුහ හිසකේ, රෝම, තණපත් සහ සමාන ගුණාංග සහිත ව්‍යුහ නිරූපණය සදහා යොදා ගත හැක. තවද මෙම ව්‍යුහ සජිවි කරණය කල අංශු පාලනය සදහා භාවිත කරණ ප්‍රවේග දෛශික, බලක්ෂේත්‍ර, නිර්මාණය වීමේ සීඝ්‍රතා සහ අපගමන පරාමිතීන් මගින්ම පාලනය කල හැක. ඊට අමතරව මෙම ව්‍යුහ වල විදැහුම් ඝනකම අවශ්‍ය පරිදි පාලනය කල හැකි අතර ඇතැම් යෙදුම් වලදී ව්‍යුහයේ දිග සමග එහි ඝනකම වෙනස් විය හැක. විවිධ පරාමිතීන්ගේ සංයෝජනය මගින් දැඩි බව, දුර්වල බව, බර සහිත බව, රළු බව වෙනත් ඕනෑම ගුණාංග සංඛ්‍යාවක් ආරෝපණය කළ හැක. තවද නිර්මාණයේ පෘෂ්ටය මතින් වර්ණය, දිග හෝ අනෙකුත් ගුණාංග අවශ්‍ය පරිදි වෙනස් කිරීම සදහා වයනයන් සිතියම් කරණය භාවිතා කල හැක.

 
සෘණ Y දිශාව ඔස්සේ ක්‍රියාත්මක වන ගුරුත්වාකර්ෂණ බලයකට යටත්ව හැසිරෙන සජිවි කරණය කල අංශු පන්දහසක් නිකුත් කරන ඝණකයක්
 
එම විමෝක්ෂක ඝනකයමය ස්ථිතික අංශු හෙවත් පටි භාවිතයෙන් විදැහුම් කරණය කල විට දිස්වන ආකාරය
"https://si.wikipedia.org/w/index.php?title=අංශුමය_පද්ධති&oldid=623659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි