න්‍යාසයක පවතින තිරස් රේඛා පේළි ලෙස ද සිරස් රේඛා තීරු ලෙස ද හැඳින්වේ. m හා n එම න්‍යාසයේ මාන ලෙස හැඳින්වේ. න්‍යාසයක මාන ප්‍රකාශ කරනුයේ හැමවිටම පළමුව පේළි සංඛ්‍යාව සහ දෙවනුව තීර සංඛ්‍යාව වශයෙනි. m ‍එදිරියේ n ආකාරයේ න්‍යාසයක ගණය m x n ලෙස පොදුවේ ලියනු ලැබේ. (ගණනය මගින් විශාලත්වය හැ‍ඟේ. එකම ගණයට අයත් වූ ද අනුරූප දත්තයන් සමාන වූ ද න්‍යාසයන් යුගලක් එකිනෙක සම වේ යැයි සැලකේ.)

සැමවිටම පාහේ න්‍යාසයන් ඉංග්‍රීසි කැපිටල් අකුරු මගින් දක්වනු ලබන අතර න්‍යාසයන්ට අදාල සටහන් නිරූපණය සඳහා අනුරූප ඉංග්‍රීසි සිම්පල් අකුර සමග දර්ශක යුගලක් භාවිතා කෙරේ. උදාහරණයක් ලෙස A න්‍යාසයේ i වැනි පේළියේ j වැනි තීරුවේ පවතින ලක්ෂය aij මගින් සංකේතවත් කෙරෙන අතර එය i,j සටහන හෙවත් (i,j) වැනි සටහන ලෙස නම් කෙරේ. මෙම සටහන ඇතැම් විට A(i,j) හෝ A(i,j) ලෙසද ලියනු ලැබේ. හැමවිටම පළමුව අදාල පේළියත් තීරුවත් ලියනු ලැබේ. තවද යටිකුරු රහිතව A පමණක් යෙදීම මගින් මුළු න්‍යාසයම සංකේතවත් කෙරේ. වෙනත් විචල්‍යවලින් න්‍යාසයන් වෙන්කර දැක්වීම සදහා ඉංග්‍රීසි කැපිටල් අකුරු භාවිත කිරීමට අමතරව මුද්‍රණයේ දී එම අකුරු තද පැහැයෙන් මුද්‍රණය කිරීම කරනු ලැබේ. (ඇලකුරු ලෙස මුද්‍රණය නොකෙරේ) මෙම සම්මුතියට අනුව A යනු න්‍යාසයක් සංකේතවත් කරන අතර A අදීශයක් සංකේතවත් කරයි.

විකල්ප සම්මුතියක් වන්නේ න්‍යාසයේ මාන න්‍යාසය දක්වන සලකුණට යටින් කුඩා අකුරින් මුද්‍රණය කිරීමයි. එනම් r එදිරියේ c න්‍යාසයක් ලෙස සංකේතවත් කළ හැක.

A නම් m x n න්‍යාසය් දැක්වීම සදහා අප බොහෝ විට හෝ වැනි අංකනයක් යොදා ගනී. මෙහිදී 1 ≤ i ≤ m හා 1 ≤ j ≤ n ලෙස ai,j ට අදාල සියලුම සටහන් සියලු පූර්ණ සංඛ්‍යා සදහා වෙන වෙනම නිර්ණය කර ඇති සමහර ප්‍රකමණ භාෂාවලදී පේළි හා තීර අංකන ශූන්‍යයේ සිට ඇරඹේ. එබැවින් එවන් භාෂාවන්ට අදාල වන ග්‍රන්ථ භාවිතා කරන සම්මුතිය තරමක් වෙනස් වේ. එවන් විටෙක 0 ≤ i ≤ m-1 ද 0 ≤ j ≤ n-1 ලෙස ලියනු ල‍ැබේ.කිසියම් න්‍යාසයක එක් මානයක් “1” ට සමවන්නේ නම් එය දෛශිකයක් ලෙස නම් කෙරෙන අතර එවිට එය තාත්වික ඛණ්ඩාංක අවකාශයේ අංශු මාත්‍රයක් ලෙස අර්ථ දැක්වේ. m × 1 (තනි තීරුවක් හා m පේළි සංඛ්‍යාවක් ඇති) ආකාරයේ න්‍යාසයක් තීර දෛශිකය ලෙසත් 1 × n (එක් පේළියක් හා n තීර සංඛ්‍යාවක් ඇති) න්‍යාසයක් පේළි දෛශිකයක් ලෙසත් හැඳින්වේ.


References සංස්කරණය

http://en.wikipedia.org/wiki/Matrix_%28mathematics%29#Definitions_and_notations

"https://si.wikipedia.org/w/index.php?title=අංකනය_හා_නිර්වචනය&oldid=470917" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි