කෙනෙක්ට යමක් කායික මානසික අසහනය, අතෘප්තිය (දුක) පිණිස හේතු වන්නේ "තමා දුක් විදිනවා" නොහොත් "දුක දැනෙන්නේ තමාට" යැයි ගන්නා නිසාලු;

තමා යනුවෙන් කෙනෙකු ඇතැයි ගැනීම නිසා 'තමාට' දුක දැනෙනවාලු..

'තමන් යනුවෙන් කෙනෙක් ඇත' යන්න අමතක කළහොත් තමාට දුකක් නෑලු...

මේ උපක්‍රමය තමන් විසින් තමන්ව ම රවටවා ගැනීමක්...

දුක් විදින්නට තමන් යනුවෙන් පුද්ගලයෙකු නැති බව තමුන් ම සිතා මනසින් අත්හැරීම තුලින් සැනසීමක් ලබනවා...

තමුන් නැති බව තමුන් ම සිතනවා...

.

ඉපදෙමින් මැරෙමින් සසර සරන පුද්ගලයෙකු ඇතැයි ගැනීම (ආත්මවාදය) නිසා සත්ත්වයා දුකට පත්වෙනවාලු...

අනාත්මවාදය හඳුන්වා දෙනවා...

ඉපදෙමින් බිදෙමින් (ක්ෂණ-භංගුර) යන නාම රූප පරම්පරාවක් මිස,

සත්වයෙකු පුද්ගලයෙකු නැතැයි කතාවක් ගොඩනගනවා... මේ කතාව 'පිලිගෙන' කෙනෙක්ට දුකින් නිදහස් වෙන්න පුලුවන්ලු... නමුත් මේ කතාව තේරෙන්නේ (පිලිගන්නේ) ප්‍රඥාවන්තයන්ට විතරයිලු...

.

ක්ෂණ භංගුර විශ්වයක් තුළ ප්‍රඥාවන්තයෙක් හෝ මොඩයෙක් කොයින් ද? කෙනෙක් ක්ෂණ භංගුරත්වය වැටහෙන (නොහොත් දකින) ප්‍රඥාවන්ත වන්නේත්, තවත් කෙනෙක් එසේ නොවන්නේත් ඇයි? . නැති සත්වයෙකු ඇතැයි ගැනීම මමත්වය කියලා නම් කරනවා... ආත්මවාදය මමත්වවාදයකින් ප්‍රතිස්ථාපනය (replace) වීමක්... අනාත්මවාදය ආත්මවාදයක් ලෙස ගැනීම මමත්වවාදයයි... නැති ආත්මයක් (මමත්වයක්) ඇතැයි ගැනීම (ආත්මවාදය)... එසේ ගන්නේ කුමන බුවෙක් ද? නාම රූප පරම්පරාව විසින් ම මමෙක් ගොඩනගාගෙන නඩත්තු කරනවා ද? එහෙනම් නිවන් දකින්න අපිට කරන්න දෙකුත් නෑනෙහ්? නාම-රූප පරම්පරාව ම මමෙක් ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා නම් "අපිට" පාන් ද? එතකොට කව්ද මේ "අපි"?

.

බුදුදහම අනාත්මවාදය හදුනවා දුන්නා යැයි උදම් අනමින් නොහැගීමත්, නොදැනීමත් නිර්මාණය කරනවා... අලගද්දුපම සූත්‍රයෙන් ගත හැකි සරල අදහස අප පොල් ගෙඩියක් බව අපට ම (පොල් ගෙඩියට ම) වැටහීම නිවන් දැකීමයි... එනම් තමන් හා පොල් ගෙඩියක් අතර වෙනසක් නැතැයි මනෝවිකාරයක අතරමන් ව සියල්ල මනසින් අත්හැර "සිටින තාක්" නිර්වාණ ශාන්තියේ පාවෙමින් සිටිය හැක... මනසින් අත්හැරියහුට යලි අල්ලා ගතීමට නොහැකි ද; නොසිතේ ද? ඇයි එහෙනම් අල්ලාගත්තේ?

.

මෙච්චරයි කතාව.. උබලට ජීවතේ අවුල් නම්, දුකයි නම්.. "මේ දුක මට නෙවෙයි, මගේ නෙවෙයි, දුක් විදින්නේ මම නෙවෙයි, මම පොල්ගෙඩියක්" කියලා හිතපල්ලා.. ඊට වඩා උබලට දකින්න තරම් නිවනක් නෑ.. මනසින් අත්හැරීමෙන් නිවන් දකින්නේ ඔහොමයි... ඉතින් ඔතන අත්හරින්න ඕනෑකම (තණ්හාව) හැරෙන්න වෙන තණ්හාවකුත් නෑනේ.. මමෙක් නෑ කියලා හිතෙන්නෙම නැත්නම්, මනසින් අත්හරින්න අමාරුම නම් අර ක්ෂණ භංගුරත්ව කතාන්දරේ කියවපන්... ඒකත් හරි ගියේ නැත්තම් උබ මහ මෝඩයෙක් හොදේ... බුදුදහමේ මෝඩයන්ට සරණක් නෑ.. (මෝඩයන්ගේ ආගමක් නෙවෙයිලුනේ) ඒත් ඉතින් උබ සරණක් හොයාගෙන වෙන ආගමකට යන්නත් එපා හොදේ.. එතකොට බුද්ධාගමට සෙනග අඩු වෙනවානේ.. නිරාගමික වෙන්නත් එපා..අපි උබට අවජාතයා කියනවා හොදේ.. උබට පුලුවන් මෝඩකමෙන් මිදිලා ප්‍රඥාවන්තයෙක් වෙන්න ඕක හරියි කියලා පිළිගත්තොත්... උබට කැමතිනම් පිළිගනින්, අපිට බලෙන් බුදුදහමට ගන්න ඕනේ නෑ.. ඒහි පස්සිකෝ & නිදහස් චින්තනේ..

December 2014 සංස්කරණය

{{subst:uw-defam1|1=පරිශීලක සාකච්ඡාව:Dinesh maduranga}} L Manju (talk) 11:11, 5 දෙසැම්බර් 2014 (යූටීසී)Reply