ද්වාරය:සෞරග්‍රහ මණ්ඩලය
Portal maintenance status: (2023 ඔක්තෝබර්)
|
හැඳින්වීම
සෞරග්‍රහ මණ්ඩලය යනු, හිරු සහ එයට ගුරුත්වය මගින් බැඳුණු අනෙකුත් අභ්‍යවකාශ වස්තූන් (celestial objects) පද්ධතියයි: ප්‍රධාන ග්‍රහයන් අට (8) සහ ඒවායේ දැනට හඳුනාගෙන ඇති චන්ද්‍රයන් 205, ප්‍රධාන වාමන ග්‍රහයන් පහකින් (5) (ප්ලුටෝ, එරිස්, සෙරිස්, මාකේ මාකේ, හෝමියා) හා එම වාමන ග්‍රහයන්ගේ හඳුනාගෙන ඇති චන්ද්‍රයන් නව (9) දෙනා සහ බිලියනයක් පමණ වන කුඩා ග්‍රහවස්තූන් එයට අයත් වේ. මෙහි අවසානයට සඳහන් ප්‍රවර්ග ග්රාහක, කූපර් පටියේ ඇති වස්තූන්, වල්ගාතරු, උල්කා (meteoroids) සහ අන්තර් ග්‍රහලෝක, දුහුවිලි වලින් සමන්විත වේ.
තෝරාගත් ලිපි
-
Image 1
සෝවියට් සංගමය විසින් අභ්‍යාවකාශගත කෙරුණු, අභ්‍යාවකාශ ගවේෂකයක් වූ ලූනා 2 1959 සැප්තැම්බර් 14 වන දනදී සඳෙහි පාෂ්ඨය මත ගැටුම් පතනය වීමත් සමගම චන්ද්‍ර ගවේෂණය භෞතික ලෙසින් ඇරඹිනි. එයට පෙර ගවේෂණය සඳහා පැවති එකම විධික්රමය වුයේ නිරීක්ෂණය පමණි. ප්‍රකාශ දුරේක්ෂයේ සොයාගැනීමත් සමගම චන්ද්‍ර නිරික්ෂණයන්හී තත්ත්වය පිලිබඳ යෝධ පිමිමක් පැනීමට හැකි විය. තාරකා විද්‍යාත්මක කටයුතු සදහා දුරේක්ෂ්යක් භාවිතා කල පළමු වැන්නා ලෙස ගැලීලියෝ ගැලීලි සම්මාන ලබයි. ඔහු විසින් 1609 දී සාදා ගන්නා ලද දුරේක්ෂය මගින් පළමුව නිරීක්ෂණය කරන ලද දේවල් අතරට චන්ද්‍ර පෘෂ්ඨය මත වු කඳු සහ ආවාට අයත් විය.
1969 දී නාසාහී ඇපලෝ ව්‍යාපෘතිය විසින් ප්‍රථම වරට සඳ මතට සාර්ථකව මිනිසුන් ගොඩ බස්වන ලදී. ඔවුන් එහිදී විද්‍යාත්මක පර්යේෂණ සිදු කොට පාෂෘණ හා දත්ත නැවත රැගෙන එන ලද අතර ඒවා ආශ්රයෙන් ඇඟවූයේ චන්ද්‍රයා සංයුතියෙන් පෘථිවියට සමරූපී බවයි. (තව දුරටත්...) -
Image 2
අඟහරු ග්‍රහලොව (සංකේතය: ), සෞරග්‍රහ මණ්ඩලයේ ඇති ග්‍රහයන්ගෙන් සූර්යයාගේ සිට හතරවැන්නා වේ. එයට රතු ග්‍රහයා යන නම භාවිතා වන්නේ පෘථිවියේ සිට බලන කල එය රතු පැහැයෙන් දිස්වන බැවිනි. මාස් (Mars) යන ඉංග්‍රීසි නාමය එයට ලැබී ඇත්තේ යුද්ධයට අධිපති රෝම දෙවිවරයා සිහිපත් කරමිනි. (තව දුරටත්...) -
Image 3
බුධ යනු හිරුගේ සිට පළමු වැනියට පිහිටි සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය වේ. හිරුට ආසන්නයේම පිහිටා අති මෙය කි.මි.4,887 ක විශ්කම්භයකින් යුක්තය. අධික උෂ්ණත්වයකින් යුතු මෙම ග්‍රහයා තුල ජලය නොමැත.දිවාකාලයේ උෂ්ණත්වය කෙල්වින් 673කි.එය රාත්‍රියට 175 කි. මෙහි ජීවී වාසයක් නොමැත. මෙහි චුම්බක ක්ෂේත්රය පෘථිවිය මෙන් 1% කි.අභ්‍යන්තර මදය ද්‍රව යකඩවලින් සමන්විත වීම එයට හේතුවයි. ඉලිප්සාකාර කක්ෂයක සූර්යයා වටා ගමන් කරන බුධ ග්‍රහයා තමා වටා භ්‍රමණය වීමට පෘථිවි දින 58ක් සහ පැය 15ක් ගත වන අතර සූර්යයා වටා එක් වරක් භ්‍රමණය වීමට දින 88ක් ගත වේ.
භෞතික ලෙස බුධ ග්‍රහයාගේ පෙනුම චන්ද්‍රයාගේ පෙනුමට සමාන වේ. එය ආවාට විශාල ප්‍රමාණයකින් සමන්විත අතර ස්වභාවික චන්ද්‍රිකා හෝ එහි වායුගෝලයක් ඇති බව සනාථ වී නැත. බුධ ග්‍රහයා සතුව විශාල යකඩ හරයක් ඇති අතර එමඟින් පෘථිවියේ චුම්බක ක්ෂේත්රයෙන් 1% ක් පමණ වන චුම්බක ක්ෂේත්රයක් උත්පාදනය කරයි. එය අසාමාන්‍ය ලෙස ඝන ග්‍රහයක් වී ඇත්තේ එහි හරය විශාල වීම නිසාය. බුධ ග්‍රහයාගේ මතුපිට උෂ්ණත්වය 90 – 700 k ( -180 සිට 430 සෙල්සියස්) දක්වා වන අතර සුර්යයාට පහලින් ඇති ලක්ෂය උණුසුමින් වැඩිම ස්ථානය වන අතර ධ්රැව අසල ඇති ආවාටවල පතුල සීතලම ස්ථානය වේ. (තව දුරටත්...) -
Image 4
සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රයේ ඇති තරුව හිරු හෙවත් සූර්යයායි. ( ලතින් භාෂාවෙන් හැදින්වෙන්නේ සොල් යනුවෙනි) පෘථිවිය ඇතුලු අනෙකුත් වස්තුන් (අනෙක් ග්‍රහලෝක, ග්රහක,උප ග්‍රහයන්,වාමන ග්‍රහයන්) සූර්යයා වටා ගමන් කරන අතර සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.8% කට පමණ වගකියන්නේ සූර්යයායි. සූර්ය ශක්තිය , හිරු එළිය සහ තාපය ලෙස පෘථිවිය මත වෙසෙන සියලුම ජීවින්ට අත්‍යාවශ්‍ය වේ. සූර්යාලෝකය ප්‍රධාන වශයෙන් අවශ්‍ය වන්නේ ප්රභාසංස්ලේෂණ ක්‍රියාවලියටය. එසේම සූර්යයා මගින් පෘථිවියේ දේශගුණය හා කාලගුණය පාලනය කරයි. සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ.
සූර්යයා ගේ මතුපිට සංයුතිය හයිඩ්රජන් (එහි ස්කන්ධයෙන් 74% ක් පමණ හෝ එහි පරිමාවෙන් 92% ක් පමණ ) හීලියම් (ස්කන්ධයෙන් 24 – 25% ක් , පරිමාවෙන් 7% ක් )සහ යකඩ , නිකල්, ඔක්සිජන්, සිලිකන්, සල්ෆර්, මැග්නීසියම්, කාබන්, නියෝන්, කැල්සියම්, සහ ක්‍රෝමියම් යන මුලද්‍රව්‍ය ඉතා සුළු ප්‍රමාණ වලින් ද සමන්විත වේ. (තව දුරටත්...) -
Image 5
-
Image 6
සෞරග්‍රහ මණ්ඩලයේ 8 වෙනි සහ සූර්යයාගේන් දුරින්ම පිහිටි ගහලෝකය වන්නේ නෙප්චූන් ය. (තව දුරටත්...) -
Image 7
ඩ්යිස්නොමියා එය නිල වශයෙන් හඳුන්වන්නේ (136199) ඊරිස් 1 ඩිස්නොමියා නමිනි. එය වාමන ග්රහලොවක් වන ඊරිස්ගේ චන්ද්‍රයෙක් වේ. එය 2005 දී මයික් බ්‍රවුන් හා ලේසර් කිරණ මගින් ක්‍රියාත්මක වන (Adaptive options) ගතික ප්‍රකාශ විද්‍යා පරීක්ෂණ කණ්ඩායමක් විසින් ඩබ්.එම්.කොක් නිරීක්ෂණාගාරයේ දී සොයාගන්නා ලදී. ඉන් පසුව එය S/2005(2003 UB313)1 වශයෙන් ඩයිසනොමියො ලෙස නම්කරන තුරු හඳුන්වන ලදී. (ග්‍රීක බසින් එහි අර්ථය නීති අඩුවීම (lawlessness)) ග්‍රීක ඊරිස් දෙවියන්ගේ දියණිය වූ ඩිස්නොමියා වෙනුවෙන් මෙය නම් කරන ලදී. (තව දුරටත්...) -
Image 8
සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතමයා ලෙස විරුදාවලි ලබන බ්‍රහස්පති ග්‍රහයා සූර්යයාගේ සිට පස්වැනියට පිහිටා ඇත. සෞරග්‍රහ මණ්ඩලයයේ අනෙකුත් ග්‍රහයින් සියල්ල එකතු කළ විට ලැබෙන ප්‍රමාණය මෙන් 2.5 ගුණයක් බ්‍රහස්පති ග්‍රහයා විශාලවේ. සෙනසුරු, යුරේනස්, සහ නෙප්චූන් මෙන්ම බ්‍රහස්පති ද සැලකෙන්නේ වායු යෝධයකු (gas giant) ලෙසටය.
බ්‍රහස්පති ග්‍රහයා අතීතයේ දී තාරකා විද්‍යාඥයින්ගේ අවධානයට යොමු වූවක් වන අතර බොහෝ සංස්කෘතිවල මිත්‍යා විශ්වාස වලට සහ ආගම් වලට එය සම්බන්ධ කොට ගෙන තිබේ. එයට ජුපිටර් යන නාමය ලැබී ඇත්තේ රෝම දෙවිවරයෙකු වන ජුපිටර් සිහිපත් වීමටය . පෘථිවියේ සිට බලන කල එහි දීප්තිමත් බව -2.8 ක් වන අතර චන්ද්‍රයා සහ සිකුරු ග්‍රහයා හැරුණු විට රෑ අහසේ තෙවැනියට දීප්තිමත්ම වස්තුව මෙය වේ. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට සෞරග්‍රහ මණ්ඩලය සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
| |||||||||||||||||
සෞරග්‍රහ මණ්ඩලය → Local Interstellar Cloud → Local Bubble → Gould Belt → Orion Arm → ක්ෂීර පථය → Milky Way subgroup → Local Group → Virgo Supercluster → Laniakea Supercluster → Observable universe → විශ්වය |
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව