ද්වාරය:ආසියාව
Portal maintenance status: (2020 නොවැම්බර්)
|
හැඳින්වීම
ආසියාව යනු ලොව විශාලතම සහ ජනාකීර්ණම මහාද්වීපය යි. එය පිහිටා ඇත්තේ පෘථිවියේ නැගෙනහිර සහ උතුරු අර්ධගෝලවලය. පෘථිවියේ මුළු මතුපිට වර්ගඵලයෙන් 8.6%ක් හෙවත් මුළු භූමි ප්‍රමාණයෙන් 29.9%ක් එයට අයත් වෙයි. එහි බිලියන 4ක ජන ප්‍රමාණයක් ජීවත් වෙන අතර මෙය වත්මන් ලෝක ජනගහණයෙන් 60%කි. 20 වැනි සියවස තුළ ආසියාවේ ජනගහණය සිව් ගුණයකින් වැඩි විය.[1]
ආසියාව අර්ථ දක්වා ඇත්තේ සූවස් ඇළෙන්, යූරල් කඳුවලින්, කොකේසස් කඳුවලින්, කැස්පියන් මුහුදෙන් සහ කළු මුහුදෙන් නැගෙනහිරින් පිහිටි යුරේසියාවේ නැගෙනහිර භූමි කොටස ලෙසයි[2]. යුරේසියාවේ බටහිර භූමි කොටස යුරෝපය යි. ආසියාව නැගෙනහිරින් පැසිපික් සාගරයෙන් ද, දකුණින් ඉන්දියන් සාගරයෙන් ද, උතුරින් ආක්ටික් සාගරයෙන් ද මායිම් වී ඇත.
තෝරාගත් ලිපි
-
Image 1
යේමන ජනරජය නිරිතදිග ආසියාවේ පිහිටි අරාබි අර්ධද්වීපයේ පිහිටයි. සවුදි අරාබිය උතුරින්ද, බටහිරින් රතු මුහුදද, දකුණින් අරාබි මුහුද හා ඒඩන් (Aden) බොක්කද, නැගෙනහිරින් ඕමානයද දේශ සීමා ලෙස පිහිටයි. යේමන භූමි ප්‍රමාණයට දූපත් 200 ක් පමණ අයත් වේ. එහි විශාලම දූපත වන Socotre (සොකෝට්‍රා) ප්‍රධාන භූමියට කි. මී. 415 ක් දකුණින් සෝමාලියානු මුහුදු තීරයට ආසන්නයේ පිහිටයි. අරාබියාවේ ඇති එකම ජනරජය යේමනයයි. (තව දුරටත්...) -
Image 2
ඊශ්‍රායලයේ නිල නාමය ‘ඊශ්‍රායල් රාජ්‍යය' යන්නයි.මෙය මධ්‍යධරණි මුහුදේ නැගෙනහිර වෙරළේ පිහිටි බටහිර ආසියානු කලාපයට අයත් රටකි. උතුරට ලෙබනනය, ඊසාන දිගට සිරියාව, නැගෙනහිරට ජෝර්දානය, නිරිත දිගට ඊජිප්තුව යන දේශ සීමාවන්ගෙන් ඊශ්‍රායලය වට වී තිබේ. ඊශ්‍රායලයේ සාපේක්ෂ කුඩා භූමි ප්‍රදේශයන්හි භූගෝලීය වශයෙන් එකිනෙකට අසමාන වූ අංග ලක්ෂණ දැකගත හැකිය. මෙය ලෝකයේ පිහිටි එකම බලවත් යුදෙව් රාජ්‍ය වන්නේ ය. මිලියන 7.5 ක් වූ ජනගහනයෙන් මිලියන 5.7 ක් ම යුදෙව් ජාතීහු වෙති. ඊශ්‍රායලයේ අරාබි රට වැසියන්ගෙන් දෙවන විශාලතම ජනවාර්ගික කණ්ඩායම සෑදී තිබෙන අතර මුස්ලිම්වරු, ක්‍රිස්තියානි භක්තිකයින්, ඩෲස් (Druze) සහ සාමාරියානුවන් (ආදී සමාරියේ වැසියන් ) මීට ඇතුලත් වෙති. නූතන ඊශ්‍රායල් රාජ්‍යයේ ඵෙතිහාසික හා ආගමික ප්‍රභවයේ මුලාරම්භය වනුයේ බයිබලයේ දැක්වෙන ඊශ්‍රායල් භූමියයි (Biblical Land of Isreal). පුරාතන යුගයේ සිටම යුදෙව් ආගමට කේන්ද්‍ර වූ සංකල්පයක් වන 'ඊශ්රායෙන් භූමිය' 'සියොන්' (Zion) නමින් ද දැක්වේ. යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමේ දේශපාලන ව්‍යාපාරය 19 වැනි සියවසේ අගභාගයේ පටන් හැඩ ගැසෙන්නට විය. යුදෙව් රාජ්‍යයක් ස්ථාපිත කිරීම පිළිබඳ මනාපය රැගත් බ්‍රිතාන්‍යය ප්‍රතිපත්තිය, 1917 'බල්ෆොර් ප්රකාශනයෙන්' (Balfour Decla ration) විධිමත් කරන ලදි. පළමුවන ලෝක යුද්ධයෙන් පසුව පලස්තීනය සහ එතුළ 'යුදෙව් ජාතික නිජබිම ' පිහිටුවීමේ වගකීම, ජාතීන්ගේ සංගමය (League of Nations) විසින් මහා බ්‍රිතාන්‍ය වෙත පවරනු ලැබීය.
යුදෙව් රාජ්‍යයක් හා අරාබි රාජ්‍යයක් බිහි කිරීම සහ ජෙරුසලම එක්සත් ජාතීන්ගේ පාලනයට නතු කිරීම යන කර්තව්‍යයන් තුන සඳහා පලස්තීනයේ කොටස් වෙන් කිරීමට පක්ෂව 1947 නොවැම්බර් මාසයේ දී එක්සත් ජාතීන්ගේ වරම ලැබිණි. ප්රස්තුත කොටස් කිරීම යුදෙව් ජන නායකයින් පිළිගනු ලැබුවද, අරාබි නායකයෝ එය ප්‍රතික්ෂේප කළහ. මෙය සිවිල් යුද්ධයකට මග පාදන්නක් විය. 1948 මැයි 14 වන දින ඊශ්‍රායෙල් ස්වකීය නිදහස් රාජ්‍ය ප්‍රකාශයට පත් කළේය. පසුදිනම අරාබි රාජ්‍යයන් එක්ව පහර දුන්හ. එතැන් පටන් ඊශ්‍රායලය අසල්වැසි අරාබි රාජ්‍යයන් සමඟ අනුක්‍රමික යුද ගණනාවක පැටලී සිටී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, විවිධ පෙදෙස් ඊශ්‍රායලය විසින් බලෙන් අල්ලා ගෙන ඇත. බටහිර ඉවුර හා ගාසා තීරය එවන් ප්‍රදේශ දෙකකි. මේ තත්ත්වය 1949 'ආමිස්ටයිස්' ගිවිසුමේ සවිස්තරව සඳහන් කර ඇති වගන්ති අභිබවා ඇති නමුදු පලස්තීනය සමඟ ඇති ආරවුල සමථයකට පත් කර ගැනීමේ උත්සාහය මෙතෙක් ලබා ඇත්තේ සීමිත සාර්ථකත්වයකි. ඊශ්‍රායලයේ සමහර ජාත්‍යන්තර දේශසීමා පිළිබඳ මතභේද තවමත් අවසන්ව නැත. (තව දුරටත්...) -
Image 3
බෲනායි නිල වශයෙන් බෲනායි දරුසලාමි හෝ බෲනායි රාජ්‍ය නමින් හැඳින්වේ. සාමයේ මුලස්ථානය (මැලේ, නෙගාරා බෲනායි දරුසලාම්, ජාවී)වන බෲනායි රාජ්‍යය දකුණු ගිණිකොන ආසියාවේ බෝනියෝහි උතුරු වෙරල තීරයෙහි පිහිටා ඇත. දකුණු චීනයේ වෙරළ තීරය හැරුණුකොට, එය සම්පූර්ණයෙන්ම මැලේසියාවේ සාරවත් රාජ්‍යයන්ගෙන් වට වී ඇත. තවද එය කොටස් දෙකකට වෙන් වී ඇත. එය ලිම්බාත් වලින් වෙන් වී ඇත. බෲනායි හි ඉහළම මානව වර්ධන ලැයිස්තුව පිහිටා ඇති රටක් වන අතර, එය දකුණු ගිනිකොණ රාජ්‍යයන් අතර වේ. සිංගප්පූරුව සංවර්ධිත රටක් ලෙස ලැයිස්තු ගත කර ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලට අනුව (IMF), බෲනායි දල ගෘහස්ථ නිෂ්පාදිත මිලදී ගැනීම් අනුව ලෝකයේ හතරවන ස්ථානයේ සිටී.
(තව දුරටත්...) -
Image 4
පාකිස්ථානය යනු දකුණු ආසියාතික රටකි. අරාබි මුහුදින් සහ ඕමාන බොක්කෙන් මායිම්වූ කිලෝමීටර් 1,046ක මුහුදු සීමාවක් සහිත පාකිස්ථානය බටහිරින් ඇෆ්ගනිස්ථානයෙන් සහ ඉරානයෙන් ද, නැගෙනහිරින් භාරතයෙන් ද, ඊසාන දිගින් චීනයෙන් ද මායිම් වෙයි. මේ අනුව මෙය පිහිටා ඇත්තේ දකුණු ආසියාව, මධ්‍යම ආසියාව සහ මැද පෙරදිග යාකරන තැනකයි. ඉන්දු නිම්න ශිෂ්ටාචාරය ද පදනම් වී තිබුණේ මෙම වත්මන් පාකිස්ථාන භූමිය තුළයි. වෛදික, පර්සියානු, ඉන්දු-ග්‍රීක, ඉස්ලාම්, තුර්කි-මොන්ගෝලියානු සංස්කෘතිවලින් ආභාෂය ලැබුණු පාකිස්ථානය ඉතිහාසයේදී ඉන්දු-ආර්ය, පර්සියානු, ග්‍රීක, අරාබි, තුර්කි, ඇෆ්ගන්, මොන්ගෝල්, සහ බ්‍රිතාන්‍ය ආක්රමණවලට මුහුණ දී ඇත.
ඉන්දීය නිදහස් අරගලය නිදහස් ඉන්දියාවකට මං සොයද්දී, පාකිස්ථාන ව්‍යාපාරය බ්‍රිතාන්‍ය ඉන්දියාවේ බටහිර සහ නැගෙනහිර ප්‍රදේශවල විසූ මුස්ලිම් බහුතරය සඳහා නිදහස් රාජ්‍ය ලබාගැනීමට වෙහෙසුණි. බ්‍රිතාන්‍යයෝ ඉන්දියාවට නිදහස දෙනවාත් සමගම සින්ද්, වයඹ පෙරමුණු ප්‍රාන්තය, බටහිර පන්ජාබය, බලුකිස්තානය සහ නැගෙනහිර බෙන්ගාලය එක් කොට මුස්ලිම් බහුතරයක් සහිත පාකිස්ථානය වෙන් කළහ. 1956 දී ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවත් සමග පාකිස්ථානය ඉස්ලාම් ජනරජයක් බවට පත්විය. 1971 දී ඇතිවුණු සිවිල් යුද්ධයෙන් අනතුරුව නැගෙනහිර පාකිස්ථානය බංගලාදේශය නමින් වෙනම රාජ්‍යයක් බවට පත්විය. (තව දුරටත්...) -
Image 5
බහරේන් නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ බහරේන් රාජධානිය ලෙසයි. මෙය අල් සාෆීනා රාජකීය පවුල් විසින් පාලනය කරනු ලබන පර්සියානු ගල්ෆ්හි පිහිටි කුඩා දුපතකි. බහරේන් දුපත් 33 කින් සමන්විත කොදෙව්වකි. විශාලතම බහරෙන් දුපත කී.මී. 55 දිගින් හා කි.මී 18 පළල යුත් එකකි. සවුදි අරාබියට බටහිරට වන්නට පිහිටා ඇති අතර එය බහරේන් හා ෆාහාඩ් රජ මාවත (1986 නොවැම්බර් මස 25 දින විවෘත කරනු ලැබු මාවත) හා සම්බන්ධයි. කටාර් ගිනිකොන දෙසින් ගල්ෆ් හරහා පැතිරේ. යෝජිත කටාර් බහරේන් මාවත බහරේන් හා නාමර් සම්බන්ධ කරන අතර, එය ලෝකයේ දීර්ඝතම මාවත වන්නේය. බහරේන් එහි ඇති තෙල් හා මුතු වලට ප්රසිද්ධයක් දරයි. මෙහි ඉතා උස් වු ගොඩනැගිලි (Skyscrapers) ඉදිකර තිබේ. වර්තමානයේ යෝජිත මීටර් 1022 (අඩි 3353) කින් යුත් මුරුජාන් කුළුන වැනි ගොඩනැගිලිද ඇත. මෙහි බහරේන් ජාත්‍යන්තර ධාවන පථයද පිහිටා ඇත. එබැවින් බහරේන් F 1 ධාවන තරඟයද මෙහි පැවැත්වේ. (තව දුරටත්...) -
Image 6
අසර්බයිජානය යන නමින් නිල වශයෙන් හඳුන්වනු ලබන මෙම රට යුරේෂියාහි කෝකසස් ප්‍රාන්තයේ පිහිටි රටකි. බටහිර ආසියාව හා නැගෙනහිර යුරෝපය අතර පිහිටා ඇති අතර එහි මායිම් වන්නේ නැගනෙහිරින් කැප්සියන් මුහුදත්, උතුරින් රුසියාව, ඊසාන දෙසින් ජෝර්ජියාව, බටහිරින් ආමේනියාව හා දකුණින් ඉරානයත්ය. නකචිවා මායිම් වන්නේ උතුරින් හා නැගෙනහිරින් ආමේනියාවත්, බටහිරින් හා දකුණින් ඉරානයට හා කෙටි දේශසීමාවකින් යුත් වයඹ තුර්කියට වේ. බහුතරයක් ආමේනියානුවන් වෙසෙන නගොනෝ තරබන් ප්‍රාන්තය අසර්බයිජානයේ නිරිත දෙසින් පිහිටි අතර, එය 1991 අසර්බයිජානයෙන් වෙන්වී නිදහස් රාජ්‍යයක් බවට පත්විය. නමුත් එය කිසිදු රාජ්‍යයකින් රාජතාන්ත්‍රික වශයෙන් පිළිනොගන්නා බැවින් තවමත් අසර්බයිජානයේ කොටසක් ලෙස පිළිගනියි. අසර්බයිජානයේ වෙසෙන ජනයාගෙන් බහුතරයක් තුර්කි හා මුස්ලිම් ජාතිකයින් වන අතර, ලෞකික හා ඒකාබද්ධ සමුහාණ්ඩුවක් පවතින පැරණි හා ඓතිහාසික වටිනාකමින් යුත් සංස්කෘතික ලක්ෂණයන්ගෙන් හෙබි නගරයකි. අසර්බජානය ගුවාමි රසායන අවි තහනම් කිරීමේ සංගමයේ ආරම්භක සාමාජිකයෙකි. 1993 දී සැප්තැම්බර්හි දී පොදු රාජ්‍ය මණ්ඩලීය නිදහස් රාජ්‍යයන් අතරට ද අසර්බයිජානය එක් විය. යුරෝපියානු කොමිසමේ විශේෂ නියෝජිතයකු රට තුළ සිටින අතර එක්සත් ජාතීන්ගේ සංවිධානය, OSCE, යුරෝපා සංගමය සහ නේටෝ සාම හවුලෙහි ද සාමාජිකයෙකි. (තව දුරටත්...) -
Image 7
බංග්ලාදේශය දකුණු ආසියාතික රටකි. ගිනිකොණ දෙසින් ඇති ඉතා කුඩා මියන්මාර මායිම ද, දකුණෙන් පිහිටි බෙංගාල බොක්ක ද හැරුණු විට මුළු රටම ඉන්දියාවෙන් වට වී පවතියි. ඉන්දියාවට අයිති බටහිර බෙංගාල ප්‍රාන්තය ද බංග්ලාදේශය ද සහිත ප්‍රදේශයට බෙංගාලය යැයි කියනු ලැබෙයි. මෙහි නිල භාෂාව වන බෙංගාලි බසෙන් 'බංග්ලාදේශය' යන්න 'බෙංගාල රාජ්‍යය' යන අර්ථය ලබාදෙයි.
වත්මන් බංග්ලාදේශ දේශසීමා ලකුණු වූයේ 1947 දී සිදුවුණු බෙංගාල සහ ඉන්දියානු බෙදා වෙන්කිරීම් වලදීය. මෙහිදී පාකිස්ථානය නමින් රාජ්‍යයක් ඇතිවුණු අතර එයට අයත් නැගෙනහිර පාකිස්ථාන ප්‍රදේශය වත්මන් බංග්ලාදේශය වෙයි. කෙසේ වෙතත් පසුව ඇතිවූ දේශපාලනමය සහ භාෂාමය භේද නිසාත් ආර්ථික වශයෙන් ලැබුණු කුඩම්මාගේ සැලකිලි නිසාත් 1971 දී බංග්ලාදේශ නිදහස් සටන මගින් බංග්ලාදේශය වෙනම රාජ්‍යයක් ලෙස ප්‍රකාශ කරන ලදී. නිදහස ලැබීමෙන් පසු දුර්භික්ෂ, ස්වභාවික විපත් සහ දුගී බව මෙන්ම දේශපාලන ගැටුම් සහ හමුදා කුමන්ත්‍රණ ද බංග්ලාදේශයේ සුලභ දසුනක් විය. 1991 දී ප්රජාතන්ත්රවාදය නැවත ස්ථාපිත කිරීමෙන් පසු වාතාවරණය සන්සුන් වූ අතර ක්රමික ආර්ථික දියුණුවක් ඇතිවිය. අද බංග්ලාදේශය ආගමික දේශපාලන පක්ෂ තහනම් කර ඇති ප්රජාතන්ත්රවාදී, අනාගාමික (secular), ඒකීය, ව්‍යවස්ථානුකූල ජනරජයක් වෙයි. (තව දුරටත්...) -
Image 8මෙම පිටුව රට පිලිබඳ වේ. වෙනත් භාවිතා සඳහා, ලංකාව බලන්න.ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලන සමයේ දී සිලෝන් ලෙස හැඳින්වු අතර වර්තමානයේ නිල වශයෙන් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හදුන්වයි. ශ්‍රී ලංකාව සෙරන්ඩිබ්, සිලොන්, දීප්තිමත් දිවයින,ධර්ම දිවයින, ඉන්දියන් සාගරයේ මුතු ඇටය නමින්ද හදුන්වයි. විවිධ නම් ගණනාවකින් පුරාණයේ හැඳින්වූ මෙම දූපත "නම් දහසක් ඇති දූපත" ලෙස ප්‍රචලිත ද විය. මෙය දකුණු ආසියානු දූපතකි. එය ඉන්දියානු සාගරයේ, බෙංගාල බොක්කෙහි නිරිත දෙසින් සහ අරාබි මුහුදේ ගිනිකොන දෙසින් පිහිටා ඇත; එය ඉන්දියානු උප මහද්වීපය මන්නාරම් බොක්ක සහ පෝක් සමුද්‍ර සන්ධිය මගින් වෙන් කරනු ලැබේ. ශ්‍රී ලංකාවේ පිහිටීම ප්‍රධාන මුහුදු මාර්ගවල පිහිටීම හේතුවෙන් බටහිර ආසියාව සහ අග්නිදිග ආසියාව අතර උපායමාර්ගික නාවික සම්බන්ධකයක් ලෙස එය පුරාණ කාලයේ සිටම භාවිතය ගැණුනි. ඉන්දියානු ජනරජය සහ ශ්‍රී ලංකා ජනරජය 1976 මාර්තු 23 වන දින මනාර් බොක්ක සහ බෙංගාල බොක්කෙහි සමුද්‍ර මායිම් ස්ථාපිත කරමින් ගිවිසුමක් අත්සන් කරන ලදී. ශ්‍රී ලංකාවට ආසන්න ම රටවල් ලෙස ඉන්දියාව සහ මාලදිවයින හැදින්විය හැකිය.
ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කි.මී 65,610 (වර්ග සැතපුම් 25,330) වේ. එය ලොව 123 වැනි විශාලතම රට වන අතර විශාලතම දූපත් අතරින් 25 වන ස්ථානයෙ සිටියි. එහි භූමි ප්‍රදේශය පළාත් නවයකට සහ දිස්ත්‍රික්ක විසිහතරකට වෙන් කර ඇත. රට පළාත් 9 කින්, දිස්ත්‍රික්ක 25 හා ප්‍රදේශිය ලේකම් කොට්ටාශය 331 හා ග්‍රාම නිලධාරි කොට්ටාශ 14,022 කින් සමන්විත වේ. අගනුවර ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ වන අතර විශාලතම නගරය කොළඹ වේ. කොළඹ ජාතියේ ආර්ථික, දේශපාලන කේන්ද්‍රස්ථානයයි. (තව දුරටත්...) -
Image 9
උස්බෙකිස්ථානය නිළ වශයෙන් උස්බෙකිස්ථාන් සමුහාණ්ඩුව මධ්‍යම ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් හා උතුරින් කසකස්ථානය, නැගෙනහිරින් කියර්ගිස්තානය හා නැගෙනහිරින් ටජිකිස්ථානය දකුණින් අෆ්ගනිස්ථානය හා ටර්ක්මෙනිස්ථානයටය. මුල් 16 වන ශතවර්ෂයේ දී නැගෙනහිර ටර්නින් භාෂාවන් කථා කල උස්බෙක් නොමෑඩ්වරුන් විසින් මෙම රාජ්‍ය අල්ලා ගත්හ. වර්තමානයේ උස්බෙකිස්ථාන ජනගහනය අයත් වන්නේ අස්බෙස් ජන වර්ගයට අනුව ඔවුන් එම භාෂාව කථා කරයි. 19 ශතවර්ෂයේ දී උස්බෙකිස්ථානය රුසියානු රාජ්‍යයට එක් කල අතර 1924 වර්ෂයේ දී සෝවියට් සංගමයේ ව්‍යවස්ථාදායක සමුහාණ්ඩුවක් බවට පත් විය. එය නිදහස් සමුහාණ්ඩුවක් ලෙස 1991 පටන් පවතී. උස්බෙකිස්ථානය ආර්ථිකය මුලික වශයෙන් වෙළඳ භාණ්ඩ වන කපු, රත්තරන්, යුරේනියම්, පොටැසියම් සහ ස්වභාවික වායු මත යැපේ. එය වෙළඳ ආර්ථිකයකට මාරුවීමට ද පරමාර්ථ කොටගෙන තිබේ. රට ස්ථාවර ආර්ථිකයන් රදා පවත්වා ගන්නට උත්සාහ දරන අතර ඒ නිසා විදේශ ආයෝජකයින් ද වළක්වා ගෙන ඇත. මෙම ක්‍රමයෙන් හා ස්ථිරව මාරුවිමට දරණ පනත අනුව 1995 පසු ආර්ථික වශයෙන් යහපත් ප්‍රතිචාර දක්වා නොමැත. උස්බෙකිස්ථානයේ පවතින මානව හිමිකම් පනත හා ඒක පුද්ගල නිදහස් අන්තර්ජාතික සමාගම්වල විවේචනයට භාජනය වී ඇත. එහි 45% කට ආසන්න ජනගහනයක් දිනකට ඇ. ඩො. 1.25 කට වඩා අඩුවෙන් උපයයි.
(තව දුරටත්...) -
Image 10
ලාඕසය (නිල නාමය: ලාඕ මහජන ප්රජාතන්ත්රවාදී ජනරජය) ගිනිකොණදිග ආසියාවේ පිහිටි රටකි. සතර අතින්ම ගොඩබිමින් මායිම් වුණු ලාඕසයේ වයඹින් බුරුමය සහ චීනය ද, නැගෙනහිරින් වියට්නාමය ද, දකුණින් කාම්බෝජය ද, බටහිරින් තායිලන්තය ද පිහිටා ඇත. 2012 දී එහි ඇස්තමේතුගත ජනගහණය මිලියන 6.5ක් පමණ විය. රටේ ජනගහණයෙන් 33%ක් පමණ ලෝක දරිද්‍රතා මායිමෙන් පහළ, එනම් දිනකට ඇමෙරිකානු ඩොලර් 1.25කට වඩා අඩු ආදායමක් උපයමින්, ජීවත් වෙති.
ලාඕසයේ ඉතිහාසය 14 සිට 18 වැනි ශතවර්ෂය දක්වා පැවති ලන් සං රාජධානිය තෙක් දිවෙයි. එතෙක් රාජ්‍ය තුනක් ලෙස පැවති මෙම රාජධානිය 1893 දී ප්‍රංශ යටත්විජිතයක් ලෙස ලාඕසය නමින් එක් රටක් බවට පත් විය. 1945 දී ජපාන ආක්‍රමණයකින් පසුව තාවකාලිකව නිදහස ලබා ගත්තත්, නැවත ප්‍රංශ ග්‍රහණයට නතු වුණු ලාඕසය ස්වතන්ත්‍ර රජයක් බවට පත් වූයේ 1949 දීය. 1953 දී ලාඕසය සිසවං වොං යටතේ ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් ලෙසින් නිදහස ලබා ගත්තේය. වසර කිහිපයකට පසු පැවැති සිවිල් යුද්ධයකින් රාජාණ්ඩුව පහකෙරුණු අතර පැතෙට් ලාඕ නමැති කොමියුනිස්ට් කණ්ඩායම 1975 දී බලය පැමිණෙන ලදී. (තව දුරටත්...) -
Image 11
ඇෆ්ගනිස්ථාන ඉස්ලාමික ජනරජය, එසේත් නැතිනම් පොදු ව්‍යවහාරයට අනුව ඇෆ්ගනිස්ථානය යනු දකුණු-මධ්‍යම ආසියාවේ පිහිටි සම්පූර්ණයෙන්ම ගොඩබිමින් වටවූ කඳුකර රාජ්‍යයකි. එය දකුණින් සහ නැගෙනහිරින් පාකිස්ථානයට ද, බටහිරින් ඉරානයට ද, උතුරින් තුර්කමෙනිස්ථානයට, උස්බෙකිස්ථානයට සහ ටජිකිස්ථානයට ද, ඊසානදිගින් චීනයට ද මායිම් වී ඇත. වත්මන් ඇෆ්ගනිස්ථාන භූමිය අතීතයේ දී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ සන්ධිස්ථානයක් විය. ක්‍රිපූ 50,000 තරම් ඈත අතීතයේ මෙහි මිනිස් වාසය පැවති බවට සාක්ෂි පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත. මේ ප්‍රදේශයේ නාගරික ජනාවාස ක්‍රිපූ 3000-2000 අතර කාලයක ඇරඹෙන්නට ඇතැයි සැළකේ.
කාලයත් සමග ජනවර්ග රාශියක් ජීවත් වී ඇති ඇෆ්ගනිස්ථානය, මධ්‍යම ආසියාව සහ මැදපෙරදිගත් ඉන්දියානු උපමහාද්වීපයත් යා කරන වැදගත් ස්ථානීය පිහිටුමක පවතියි. මේ නිසාම පුරාණයේ සිටම මහා ඇලෙක්සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගිස් ඛාන් වැන්නන්ගේ හමුදා ආක්රමණවලට ඇෆ්ගනිස්ථානය ගොදුරු වී ඇත. (තව දුරටත්...) -
Image 12
හිරු නැගෙන දේශය නමින් විරුදාවලී ගත් ජපානය, ජපන් ජාතිකයන් විසින් හදුන්වනු ලබන්නේ "නිප්පොන්/නිහොන්" යනුවෙනි. එය "නි" ඉර සහ "හොන්" මූලය යන වචන ද්විත්වයේ එකතුවෙන් සෑදුනකි. පැසිපික් සාගරය නැගෙනහිර දෙසින් ද බටහිරින් ජපන් මුහුදු තීරයෙන් ද මායිම්ව මෙම සුන්දර දේශය නැගෙනහිර ආසියා මහද්වීපයේ දුන්නක හැඩයෙන් පිහිටා ඇත. ජපානය සතු මුළු බිම් ප්‍රමාණය වර්ග කි. මී. 377,835 කි. (තව දුරටත්...) -
Image 13
භූතාන රාජධානිය යනු ස්වෛරීය රාජ්‍යයකි. සෑම පැත්තෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රට දකුණු ආසියාතික රටකි. හිමාලයේ නැගෙනහිර ප්‍රදේශයට වන්නට පිහිටා ඇති මෙය දකුණින්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද, උතුරින් ටිබෙට් ස්වතන්ත්‍රික ප්‍රදේශයට ද මායිම් වී ඇත. භූතාන ජාතිකයෝ තම රට "මකරාගේ දේශය" යන තේරුම දෙන Druk Yul යන නමින් හඳුන්වති.
භූතානය කලක් යනතුරුම ලොව හුදෙකලාම රාජ්‍යයක් ලෙස පැවතුණි. වර්තමානය වන විට අන්තර්ජාතික ගුවන් ගමන්, අන්තර්ජාලය, ජංගම දුරකථන ජාල සහ රූපවාහිනී සේවා නිසා රටේ නාගරික ප්‍රදේශ නවීකරණය වී ඇත. නමුත් දළ ජාතික සතුට (GNH) සංකල්පය ඔස්සේ පැරණි සංස්කෘතිය සහ සම්ප්‍රදායන් අනුව යමින් මෙම නවීකරණය පාලනය කිරීමට භූතානය පියවර ගෙන තිබේ. පරිසර සංරක්ෂණයට ද වැඩි ප්රමුඛත්වයක් ලබා දි ඇත. භූතාන රජය සැම විටම රටේ සංස්කෘතිය, සංස්කෘතික අනන්‍යතාවය සහ පරිසරය සුරැකීමට ක්‍රියා කරයි. 2006 දී ලෙයිචෙස්ටර් විශ්වවිද්‍යාල සමීක්ෂණයකට අනුව සතුටෙන්ම දිවි ගෙවන ජනතාවක් සිටින රටවල් අතරින් දකුණු ආසියාවෙන් පළමුවැනි තැන ද, ලෝකයෙන් අටවැනි තැන ද භූතානයට හිමිවන බව Business Week සඟරාව වාර්තා කළේය. (තව දුරටත්...) -
Image 14
ඕමාන් සුල්තාන් රාජ්‍යය (Sultanate of Oman) යන නිල නාමයෙන් හඳුන්වන ඕමාන් දේශය අරාබි අර්ධද්වීපයේ ගිණිකොන දිග වෙරළ තීරය වන නිරිත දිග ආසියාවේ පිහිටි අරාබි රටකි. වයඹට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බටහිරට සවුදි අරාබිය, නිරිත දිගට රෝමයද, ඕමාන් රාජ්‍යයේ දේශ සීමාවන් වේ.
වෙරළ තීරය සමන්විත වන්නේ, දකුණින් හා නැගෙනහිරින් අරාබි මුහුදෙන් හා ඊසාන දිගින් ඕමාන් මුහුදු බොක්කෙනි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් වටවී ඇති මධ" (Madha) සහ 'මුසන්ඩම්' (Mausandam) යන ප්‍රදේශයන් ද මෙරටට අයත් වේ. (තව දුරටත්...) -
Image 15
පිලිපීන (i/ˈfɪləpiːnz/ FIL-ə-peenz; Tagalog: Pilipinas [ˌpɪlɪˈpinɐs] or Filipinas [ˌfɪlɪˈpinɐs]) සමූහාණ්ඩුව බටහිර පැසිෆික් සාගරයේ ගිනිකොණ ආසියාවේ පිහිටි රටකි. මායිම් උතුරින් ලුසාන් සමුද්‍ර සන්ධිය, බටහිරින් හා දකුණින් චීන මුහුද, නිරිතදිගින් සුලූ මුහුද, නැගෙනහිරින් පිලිපීන මුහුදට මායිම් වේ. කොදෙව් දුපතක් වන මෙම දූපත් 7,641 හා භූගෝලීය වශයෙන් ප්‍රදේශ 03 වන ලූසෝන්, විසායාස් හා මන්ඩානෝ වලට බෙදේ. අගනුවර වන්නේ මැනිලාය. ජනගහනය මිලියන 92 වන අතර ලෝකයේ ජනාකීර්ණ 12 වන නගරයයි. විදේශ රටවල පිලිපීන ජාතිකයන් මිලියන 11 වෙසේ.සෞම්‍ය දේශගුණය ජෛව විවිධත්වයෙන් ඉහළය. මෙහි මුල් පදිංචිකරුවන් වශයෙන් නෙග්රිටෝ ජනයා විසීය. මොවුන්ගෙන් පසු ඔස්ට්‍රොනේසියන් ජනතාව මැලේ, හින්දු සහ ඉස්ලාම් සංස්කෘතීන් ගෙන ආවේය. චීනුන් විසින් වෙළදාම හඳුන්වා දෙනු ලැබීය. 1521 ෆර්ඩිනන් මැගලන් ස්පාඤ්ඤ යුගයක් ඇති කළේය. 19 වන 20 වන ශත වර්ෂ වල පැවති යුධමය හා විප්ලවකාරී පසුබිමකින් පසු ඇමරිකාව ස්පාඤ්ඤය හට බලය පවරන ලදී. දෙවන ලෝක යුද්ධයෙන් පසු පිලිපීනය නිදහස ලැබීය. (තව දුරටත්...) -
Image 16
නේපාලය, නිල වශයෙන් නේපාල ෆෙඩරල් ප්රජාතන්ත්රවාදී ජනරජය, යනු දකුණු ආසියාතික රටකි. සිව් දිශාවෙන්ම ගොඩබිමින් වටවී ඇති මෙම රාජ්‍යය 2010 වන විට වඩාත් මෑතකදී ජනරජයක් බවට පත්වූ රට වෙයි. හිමාල කඳුවැටියේ ස්ථානගත වී ඇති මෙම රාජ්‍යය උතුරින් චීන මහජන සමූහාණ්ඩුවට ද, දකුණෙන්, නැගෙනහිරින් සහ බටහිරින් ඉන්දියාවට ද මායිම් වී ඇත. වර්ග කි.මී. 147,181ක වර්ගප්‍රමාණයකින් ද, ආසන්න වශයෙන් මිලියන 30ක ජනගහණයකින් ද සමන්විත නේපාලය, ගොඩබිම් ප්‍රමාණය අතින් ලොව 93 වැනි තැන ද, ජනගහණය අතින් ලොව 41 වැනි තැන ද ගනියි. කත්මණ්ඩු රටේ අගනුවර සහ විශාලතම නගරය වෙයි.
නේපාලය ඉහළ භූගෝලීය, සංස්කෘතික සහ ආගමික විවිධත්වයකින් පොහොසත් රටකි. ලොව උසම කඳු දහයෙන් අටක්ම පවතින්නේ කඳුකර උතුරු නේපාලයේ ය. ලොව උසම කන්ද වන එවරස්ට් කන්ද ද මේ අතර වෙයි. මුහුදු මට්ටමේ සිට අඩි 20,000කට (මීටර 6,096) වඩා උසින් පවතින කඳු මුදුන් 240ක් මෙම ප්‍රදේශෙය් පිහිටා ඇත. රටේ සාරවත් දකුණු අර්ධය බෙහෙවින් නාගරීකරණය වී ඇත. (තව දුරටත්...) -
Image 17
ජෝර්ජියා යනු යුරේසියාවේ කෝකසස් ප්‍රදේශයෙහි පිහිටි ස්වෛරී රාජ්‍යයකි. බටහිර ආසියාව සහ නැගෙනහිර යුරෝපය අතර සන්ධියක පිහිටි මෙය, බටහිරින් කළු මුහුදෙන්ද, උතුරින් රුසියාවෙන්ද, දකුණෙන් තුර්කියෙන් හා ආර්මේනියාවෙන්ද සහ, ගිණිකොණ දෙසින් අසර්බයිජානයෙන්ද මායිම් වී ඇත. ජෝර්ජියාවෙහි අගනගරය ටිබිලිසි වෙයි. ජෝර්ජියාවට අයත් භූමි ප්‍රමාණය 69,700 කිමී² වන අතර එහි ජනගහණය 4.7 මිලියන පමණ වෙයි. ජෝර්ජියාව ඒකීය, අර්ධ-ජනාධිපතිමය ජනරජයක් වන අතර, රජය තෝරාපත් කර ගනු ලබන්නේ නියෝජිත ප්රජාතන්ත්රවාදයක් ඔස්සේය. (තව දුරටත්...) -
Image 18
සිරියා අරාබි සමුහාණ්ඩුව බටහිර ආසියාවේ පිහිටි රටකි. එය මායිම් වන්නේ බටහිරින් ලෙබනන් හා මධ්‍යධරණි මුහුද, උතුරින් තුර්කිය, නැගෙනහිරෙන් ඉරානය, දකුණින් ජෝර්දානය හා නිරිතෙන් ඊශ්‍රාලයටය. සිරියා නමට ඇතුලත් වන්නේ ලැඩන්ට් මුළු රාජ්‍යමය. වර්තමානයේ එහි පුරාතන රාජධානි කිහිපයක හා 3 වන මිලේනියමෙහි ඇබ්ලන් ජනාවාසය ඇතුලත් වේ. ඉස්ලාමීය යුගයේ අගනුවර වන දමස්කස් උයයැඩ් රාජධානියේ ආසන්නයේ වු අතර එය ටම්ලුන් රාජධානියේ ප්‍රාදේශීය අගනුවර විය. දමස්කස් ලෝකයේ අඛණ්ඩව ජනාවාසයක්ව පැවැති පැරණිතම නගරයයි. සිරියාව ප්‍රංශ නිල නියෝගයකින් ආරම්භ වු අතර 1946 අප්‍රේල් මාසයේ නිදහස ලැබීය. 1949 – 1970 අතර කාලය තුල හමුදා කාණ්ඩ බලඇණි විසින් රට තුල අසහනය ඇති කිරීමට උත්සාහ ගන්නා ලදි. සිරියාව 1962 සිට හදිසි නීතිය යටතේ තිබු අතර, එයින් සිවිල් ජනයාගේ බොහෝ ව්‍යවස්ථාදායක අයිතීන් නතර වු අතර එහි රාජ්‍ය තන්ත්රය ප්‍රජාතාන්ත්‍රික නොවන සේ සැලකේ. 1963 සිට බාත් පක්ෂය විසින් රට පාලනය කල අතර රටේ සැබෑ පාලනය පවතින්නේ ජනාධිපතිවරයා, කුඩා හමුදා කණ්ඩායම් හා දේශපාලන බලවතුන් කිහිපදෙනෙකු අතරය. වර්තමානයේ සිරියාවේ ජනාධිපති වන්නේ බශා අල් අටාඩ්ය. ඔහු දෙවන නිල කාලය සඳහා පැවැති මැතිවරණයෙන් ඡන්ද 97.62% , 2007 වර්ෂයේ දී ලබා ගත්හ. ඔහුගේ පුතා වන හෆේස් අල් අසාඩ් ද 1970 සිට 2000 වර්ෂයේ මියයන තෙක් බලයේ සිට ඇත. සිරියාව, අරාබි සහ ඊශ්‍රායලය අතර අරගලයේ ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් ලෙස සහභාගී විය. ජනගහනයෙන් වැඩි පිරිසක් මුස්ලිම් වන අතර සැළකිය යුතු ප්‍රමාණයක් අලපිටි, ෂියා, ක්‍රිස්තියානි, ඩෲස් ආගම් අදහති. සුළු පිරිසක් 1960 වර්ෂයේ සිට අලවීමා හමුදා නිළධාරින් රටේ දේශපාලනය පාලනය කරන අතර, ජනගහනයෙන් 80% පමණ අරාබිය. එය පාලනය කරනු ලබන්නේ බාත් පක්ෂය වන අතර අරාබි ජාතික නීතියන්ට අනුකූලවය. ජනගහනයෙන් 20% අයත් වන්නේ තර්ඩිෂ්, ආමේනියානු, අසරියන්, තුර්කා හා සුළු සර්කැසියන් ජන වර්ගයකිනි.
(තව දුරටත්...) -
Image 19
අරාබි අර්ධද්වීපයේ, පර්සියානු බොක්කේ දකුණු වෙරළේ පිහිටි එක්සත් අරාබි එමීර් රාජ්‍යය, 1971 වසරේදී නිදහස් ශෛක් රටවල් හතක් එක් වීමෙන් සැදුනකි. ව.කි.මි.77,700ක් තරම් මෙරට, 1991දී 1,630,000ක් ජනයා විසූහ.
එහි මායිම් වන්නේ ඕමානය සහ සවුදි අරාබියයි. මෙහි රාජ්‍යයන් හතක් ඇත. එනම් අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම්-අල්, කුවේන්, රස්-අල්, කයිමා සහ ෆුජයිරා වේ. රටේ අගනුවර හා විශාලම නගරය වන්නේ අබුඩාබියයි. එය දේශපාලන, කර්මාන්ත සහ සංස්කෘතිමය මධ්‍යස්ථානයයි. 1971 ට පෙර UAE හැඳින්වුයේ සටන් විරාමයක් ලද රාජ්‍යයක් ලෙසිනි. 19 වන ශතවර්ෂයේ මෙම සටන් විරාමය එක්සත් රාජධානිය හා අරාබි ශීක් ජාතිකයන් අතර පැවතුණි. 18 වන ශතවර්ෂයේ හා 20 වන ශතවර්ෂයේ මෙම ප්‍රදේශය පයිරට් කෝස් නමින් හැඳින්වේ. 1971 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත එරට දේශපාලන පද්ධතිය රාජ්‍ය පාලන කිහිපයකින් සමන්විතයි. ප්‍රධාන ආගම වන්නේ ඉස්ලාම් ආගමයි. අරාබි ප්‍රධාන භාෂාව වේ. මෙරට ලෝකයේ 7 වන විශාලම තෙල් සංරක්ෂිතය හා මැදපෙරදිග පවතින වඩා සංවර්ධනය වු ආර්ථිකයන්ගෙන් එකකි. මුල්‍ය විනිමය මත ආර්ථිකයක් පවතී. එය 66 වන විශාලම ආර්ථිකයයි. එහි ඒක පුද්ගල ගෘහස්ථ නිෂ්පාදනය ඉහළ වන අතර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට අනුව ඒක පුද්ගල ආදායම ඇ. ඩොලර් 46,584 කි. ඒක පුද්ගල මිළදී ගැනීම් අනුව 14 වන විශාලම රාජ්‍ය වන අතර ආසියානු මහද්විපයේ සංසන්දනාත්මකව මානව සංවර්ධන සටහන ඉහළ මට්ටමක පවතී. මෙය ලෝකයේ 35 වන ස්ථානය ගනි. එක්සත් අරාබි එමීර් රාජ්‍ය නිර්මාතෘ සාමාජිකයෙක් වන්නේ අරාබි රාජ්‍යයන්ගේ ඒකාබද්ධ අරාබි සංගමයයි. මෙම රට එක්සත් ජාතීන්ගේ සංගමය, ඔපෙක් සංවිධානය සහ ලෝක වෙළඳ සංගමයේ ද සාමාජිකයෙකි. (තව දුරටත්...) -
Image 20
වියට්නාමය (නිල නාමය: වියට්නාම සමාජවාදී සමුහාණ්ඩුව) ගිනිකොණදිග ආසියාවේ නැගෙනහිර ඉන්දු චීන අර්ධද්වීපයේ පිහිටි රටකි. එය උතුරින් චීනයට, වයඹින් ලාඕසයට, නිරිත දිගින් කාම්බෝජයට සහ නැගෙනහිරින් දකුණු චීන මුහුදට මායිම් වෙයි. 2012 දී මිලියන 90.3ක ජනගහණයකින් යුක්ත වූ වියට්නාමය ලොව 13 වැනියට වැඩිම ජන සංඛ්‍යාවක් වෙසෙන රටයි. 1976 දී සිදුවුණු උතුරු සහ දකුණු වියට්නාම එකමුතුවත් සමග රටේ අගනුවර හැනෝයි ලෙස නම් කෙරිණි.
ක්‍රි.ව. 938 දී බැන්ඩැන් ගඟ ආශ්‍රිතව සිදුවූ සටනකින් පසුව වියට්නාමය චීනයෙන් මිදී තම නිදහස ලබා ගත්තේය. මින්පසුව 19 වැනි ශතවර්ෂය තෙක් පැවත ආ රජ පරම්පරා සමග වියට්නාමය ගිනිකොණදිග ආසියාව පුරා විහිදුණු අතර 1954 දී පළමු ඉන්දු-චීන සටනේ දී රට උතුරු සහ දකුණු වියට්නාම ලෙස වෙන්වුණි. දෙපාර්ශවය අතර දරුණු සටන් ඇවිලී ගිය අතර වියට්නාම යුද්ධයෙන් පසුව එය 1975 දී උතුරු වියට්නාමය ජයගැනීමෙන් අවසන් විය. (තව දුරටත්...)
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට ආසියාව සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
-
Image 1නාගසාකියේ සැලැස්ම, හයිසෙන් පළාත, 1778 (from නාගසාකි)
-
Image 3මෙයිජි යුගයේ නාගසාකි දිස්ත්‍රික් කාර්යාලය. (from නාගසාකි)
-
Image 4නාගසාකි නුවර නකශිමා ගංගාව හරහා ඉදිකර තිබූ ගල් පාලම් කිහිපයක්. 1870 දශකයේදී උචිඩා කුයිචි විසින් ගත් ඡායාරූපයකි. (from නාගසාකි)
-
Image 5ඉන්දියානු උප මහාද්වීපයේ ඇලෙක්සැන්ඩර්ගේ ආක්‍රමණය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 8වෛශාලියේ ඇති අශෝක ස්ථම්භය (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 9ඉදිරියේ පිහිටන මහා ස්නානාගාරය ඇතුළු කැණීම් වලින් මතුකරගත් මොහෙන්ජෝදාරෝවේ නටඹුන් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 10නාගසාකි වෙත පැමිණෙන පෘතුගීසි කැරැක් නෞකාවක චිත්රයකි. මෙය 1571 දී පමණ නිර්මාණය වූ ජපාන නැන්බැන් යුගයට අයත් බ්යෝබු නිර්මාණයකි. (from නාගසාකි)
-
Image 11ලොස් ඇන්ජලීස් ප්‍රාන්ත කලා කෞතුකාගාරයේ ඇති 2600–2450 BCE කාලයේ හරප්පන් ශිෂ්ටාචාරයට අයත් බඳුනක් (from ඉන්දියාවේ ඉතිහාසය)
-
Image 12නාගසාකි වෙරල තීරය (from නාගසාකි)
-
Image 13ලිස්බන් සිට නාගසාකි දක්වා නාවික ගමන් මාර්ගය (from නාගසාකි)
-
Image 14නාගසාකියේ සැලැස්ම, 1860 (from නාගසාකි)
-
Image 15ටයිශෝ යුගයේ නාගසාකි නගර කාර්යාලය. (from නාගසාකි)
-
Image 16හරප්පාවේ ධාන්‍යාගාරය සහ මහා ශාලාවේ දර්ශනයක් (from ඉන්දියාවේ ඉතිහාසය)
උප ප්‍රවර්ග
- උප ප්‍රවර්ග නැරඹීම සඳහා [►] තෝරන්න
උප මාතෘකා
ස්වාධීන රාජ්‍යයන් |
| ||||||
---|---|---|---|---|---|---|---|
සීමිත පිළිගැනීමක් ඇති රාජ්‍යයන් | |||||||
යටත් ප්‍රදේශ සහ විශේෂ පාලන ප්‍රදේශ |
|
ආශ්රිත විකිමීඩියා
විකිබුක්ස්
පොත්
කොමන්ස්
මාධ්‍ය
විකිනිව්ස්
පුවත්
විකික්වෝට්
කියමන්
විකිසෝර්ක්
මූලාශ්‍ර
විකිවර්සිටි
ඉගෙනුම් මූලාශ්‍ර
වික්ෂනරි
අර්ථ දැක්වීම්
විකිඩේටා
දත්ත ගබඩාව
- ↑ "Like herrings in a barrel". The Economist. December 23, 1999.
- ↑ National Geographic Atlas of the World (7th ed.). Washington, DC: National Geographic. 1999. ISBN 978-0-7922-7528-2. "Europe" (pp. 68–9); "Asia" (pp. 90–1): "A commonly accepted division between Asia and Europe ... is formed by the Ural Mountains, Ural River, Caspian Sea, Caucasus Mountains, and the Black Sea with its outlets, the Bosporus and Dardanelles."