ශ්‍රී ලංකාව ආවේණික මසුන්

සිංහල නාමය හා විද්‍යාත්මක නාමය සංස්කරණය

අංකය දේශීය නාමය විද්‍යාත්මක නාමය
2 Orange chromide අසෝක පෙතියා Etroplus maculatus
3 Black ruby barb බුලත් හපයා Puntius nigrofasciatus
4 Two spot barb දෙපුල්ලියා Barbus ticto
5 Cherry barb ලේ තිත්තයා Puntius titteya
6 Lanka stone sucker ගල් පාඬියා Garra ceylonensiS
7 Sidestriped barb හික මස්සා Puntius pleurctaenia
8 Barred danio පතිරණ සාලයා Danio pathirana
9 Green labeo ගඩයා Labeo fisheri
10 spotted loach පුල්ලි ගිරවා Lepidocephlichtys jonklaasi
11 Bandula barb බන්ධුල පෝතයා Puntius bandula
12 Wilpita rasbora විල්පිට දණ්ඩියා Rasbora wilpita
13 Vateria flwoer rasbora හාල්මල් දණ්ඩියා Rasboraides vaterifloris
14 Tic tac toe barb තිත් පෙතියා Puntius ticto
15 Martenstyn's barb දුම්බර පෙතියා Puntius martenstyni
16 Asoka barb අසෝක පෙතියා Puntius asoka
17 Silver barb පොඩි පෙතියා Puntius gonionotus
18 Sri Lanka barb මල් පෙතියා Puntius srilankensis

කහ කොරලියා සංස්කරණය

 
Orange chromide කහ කොරලියා

දේශීය නාමය-Orange chromide කහ කොරලියා

විද්‍යාත්මක නාමය-Etroplus maculatus


හඳුනා ගැනීම සංස්කරණය

ආකආකර්ෂණීය පෙනුමක් ඇත.උදරීයව කහ පැහැවන අතර ගුද වරලට ඉහළින් කළු පැහැය දක්නට ලැබේ.දේහය පුරාම පාහේ රතුපැහැ තිත් කුඩාවට පැතිරී ඇත.කළු පැහැ ගැන්වුණු මදක් විශාල තිත් පහක් පමණ දක්නට ඇත.වැඩුණු මත්ස්‍යයෙකු 7cm පමණ දිගින් යුක්ත වේ.ගැහැණු මත්ස්‍යයාට සාපේක්ෂව පිරිමි මත්ස්‍යයා කුඩාය.ගැහැණු මත්ස්‍යයාගේ පෞව්ච වරලෙහි සුදු පාට හෝ ලා නිල් පාට තිත් දක්නට ලැබේ.


පරිසරය සංස්කරණය

කලපු වැව් හා කුඩා ඇළ දොළ වල දක්නට ලැබේ. (ලංකාවට විෙද්ශයකින් හඳුන්වා දුන් මත්ස්‍ය විෙශ්ෂයකි.


ආහාර සංස්කරණය

ස්වභාවික පරිසරයේදී මාළු පැටවුන් සත්ව ප්ලවාංග හා ඇල්ගී වර්ග ආහාරයට ගන්නා අතර කෘතීම පරිසරය තුළ සාමාන්‍ය මත්ස්‍ය කැම වර්ග ආහාර ලෙස ගනී.


අභිජනනය සංස්කරණය

බිත්තර දමනුයේ නොගැඹුරැ ජලය සහිත ස්ථාන වල සාදාගත් 3cm ක් පමණ ගැඹුරැ හා විශ්කම්භය 5cm ක් පමණ වන අවපාතනයකය.මෙය ගැහැණු හා පිරිමි මත්ස්‍යයින් දෙදෙනා විසින් සාදනු ලැබේ.වරකට බිත්තර 200ක් පමණ දමනු ලැබේ.මත්ස්‍ය ටැංකියක් තුළදී මෙය සිදු කිරීම සඳහා ටැංකි පතුලේ කුඩා ප්‍රමාණයේ මල් පෝච්චියක් වැලි වලින් පුරවා තැබිය යුතුය.බිත්තර දමා දින පහකට පමණ පසු ඵ්වා පිපීරී පැටවුන් බිහිවේ.ඵම කාලය අතරතුර ඵක් මත්ස්‍යයෙක් ඩිම්බ වලට අවශ්‍ය වාතනය සපයන අතර අනෙක් මත්ස්‍යයා භෝජනය සඳහා පිට වී යයි.පැටවුන් ලිංගිකව පරිනත වන තෙක්ම පාහේ මව්පියන් විසින් රැක බලාගනු ලැබේ.පාරිසරික විචලන තාවයට ඔරොත්තතු දිය හැකි වර්ගයක් වන මුත් සමහර විටෙක ඉක්මනින් ජලයේ සිදුවන වෙනස්කම් මොවුන්ට දරාගත නොහැකි වේ.

මේ අඩවියත් බලන්න.[1] සංරක්ෂණය කළ පිටපත 2008-03-27 at the Wayback Machine සංස්කරණය

බුලත් හපයා සංස්කරණය

 
Black ruby barb බුලත් හපයා

දේශීය නාමය-Black ruby barb බුලත් හපයා

විද්‍යාත්මක නාමය-Puntius nigrofasciatus


හඳුනා ගැනීම සංස්කරණය

ශරීරයේ කළු පාට ඉරි තුනක් ඇත.වැඩුණු මත්ස්‍යයෙකුගේ දිග 5.8 cm පමණ දිගින් යුක්ත වේ.ප්‍රජනන අවධිය එළඹෙත්ම පරිමි සතුන්ගේ දේහය අධික ලෙස රතු පැහැයට හැරේ. සාමාන්‍ය වර්ණය කහ රන්වන් පාට වේ.දේහයේ සිරස් අතට වැටුණු කළු රේකාවන් තුනකි.මේවා තරමක පළලින් යුක්ත වේ.පිරිමි මත්ස්‍යයින්ගේ වරල් වල පැහැය විනිවිද පෙනෙන සුළුය.මත්ස්‍යයින්ට ඉතා ඉක්මනින් වැළඳෙන රෝගයක් වන සුදු තිත් රෝගයට ඉතා පහසුවෙන් ගොදුරැ වේ.සුදුසු ප්‍රතිකාර කිරීමෙන් මෙම රෝගයට සතුන් ගොදුරැවීම වලක්වා ගත හැකිය.ශ්‍රී ලංකාවෙන් බහුල ලෙස සුරතල් මත්ස්‍යයන් ලෙස පිටරට යවනු ලැබේ.මොවුන් මත්ස්‍ය ටැංකි වල පරිසරයට ඉතා ඉක්මනින් හුරැවන බැවින් පහසුවෙන් ඇති කළ හැකිය.

පරිසරය සංස්කරණය

ගල් සහිත දියපහර වලත් වැලි සහිත පතුලක් ඇති දිය පහරවලත් දක්නට ලැබේ.


ආහාර සංස්කරණය

ස්වභාවික පරිසරයේදී සුත්‍රිකාමය ඇල්ගී වර්ග ආහාරයට ගන්නා අතර කෘතිම පරිසරය තුළ සාමාන්‍ය මත්ස්‍ය කැම වර්ග ආහාර ලෙස ගනී.

මේ අඩවියත් බලන්න.[2] සංරක්ෂණය කළ පිටපත 2008-05-16 at the Wayback Machine සංස්කරණය

දෙපුල්ලියා සංස්කරණය

 
Two spot barb දෙපුල්ලියා

දේශීය නාමය-Two spot barb දෙපුල්ලියා

විද්‍යාත්මක නාමය-Barbus ticto


හඳුනා ගැනීම සංස්කරණය

ඉතාමත් අලංකාර වරල් සහිතය.වරල් කහ පාට වන අතර දේහය රිදී පාටය.පිරිමි මත්ස්‍යයාගේ වරල් රතු පාටය.වැඩුණු මත්ස්‍යයෙකු 5cm පමණ දිගින් යුක්ත වේ.ගැහැණු මත්ස්‍යයාට වඩා පිරිමි මත්ස්‍යයා කුඩාය.පිරිමි මත්ස්‍යයාගේ දේහය ප්‍රජනන සමයේදී තරමක් රෝස පාටට හැරේ.පෘෂ්ඨීය වරල පිරිමි මතස්‍යයින්ගේ එම කාලයේදී රතු පාට වේ.


7.2පරිසරය

ගලායන ජලයේ පතුලේ දක්නට ලැබේ.


7.3ආහාර

ස්වභාවික පරිසරයේදී හරිත ඇල්ගී වර්ග හා ශාඛ ප්ලවාංගත් කෘතිම පරිසරය තුළ සාමාන්‍ය මත්ස්‍ය කැම වර්ගත් ආහාර ලෙස ගනී.


7.4අභිජනනය

වරකට බිත්තර 20 බැගින් බිත්තර 150ක් පමණ දමනු ලැබේ.දිනකින් පමණ බිත්තර පිපිරී පැටවුන් බිහිවේ.ඊළඟ දිනයේ දී පැටවුන් පිහිනා යනු ලැබේ.

මේ අඩවියත් බලන්න.[3] සංස්කරණය

9.ලේ තිත්තයා සංස්කරණය

 
Cherry barb ලේ තිත්තයා


දේශීය නාමය-Cherry barb ලේ තිත්තයා

විද්‍යාත්මක නාමය-Puntius titteya


9.1හඳුනා ගැනීම

පැහැය චෙරි රතු පාටය.ශරීරය මැදින් දිග අතට ඉරක් ඇත.කුඩා අංකුට යුගලක් ඇත.වැඩුණු මත්ස්‍යයෙක් 2-3cm පමණ දිගින් යුක්ත වේ.ගැහැණු මත්ස්‍යයාගේ වර්ණ රටා පිරිමි මසුන් තරම් අලංකාර නොවන අතර පිරිමි මසුන් ප්‍රජනන කාලයේදි තවත් අලංකාර වේ.


9.2පරිසරය

කුඩා දියපහර වල පමණක් ජීවත් වේ.


9.3ආහාර

ස්වභාවික පරිසරයේදී ශාඛ ප්ලවාංග හා මදුරු කීටයන් ආහාරයට ගන්නා අතර කෘතිම පරිසරය තුළදී Pellets හා Tubifex යන පනුවන් ආහාර ලෙස ගනී.


9.4අභිජනනය

වරකට බිත්තර 200ක් පමණ දමනු ලැබේ.ඒවා ශාක අතර විසිරැවනු ලැබේ.බිත්තර පිපිරීම දින 1ත් 2ත් අතර කාලය තුළ සිදු වේ.බිත්තර පිපීරී දින දෙකකට පමණ පසු පැටවුන් පිහිනා යයි.මින් මැදුරැ පරිසර වලට අනුවර්ථනය කළ හැකිය.

මේ අඩවියත් බලන්න.[4] සංරක්ෂණය කළ පිටපත 2008-04-05 at the Wayback Machine සංස්කරණය

11.ගල් පාඬියා සංස්කරණය

 
Lanka stone sucker ගල් පාඬියා

දේශීය නාමය-Lanka stone sucker ගල් පාඬියා

විද්‍යාත්මක නාමය-Garra ceylonensis


11.1හඳුනා ගැනීම

ශරීරයේ යට පැත්ත කෙළින් පිහිටා ඇත.කුඩා අංකුට යුගල 2ක් ඇත.මුඛය යට පැත්තට හැරී ඇත.මුඛයට පහළින් චුෂතරයක් පිහිටා ඇත.ලය වරල් පහළට වන්නට රවුම්ව පිහිටයි.ශ්‍රෝණි වරල් දෙපැත්තට විසිරී පිහිටයි.ශරීරය අඳුරු පැහැයක් ගනී.වරල් අඳුරු තැඹිලි පාටය.කළු මහත ඉරක් ශරීයේ හරස් අතට ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 6ක් පමණ වේ.


11.2පරිසරය

වේගයෙන් ගලායන ගල්සහිත දිය පහරවල සිටී.කඳු හා අර්ධ කඳු පිහිටි ප්‍රදේශ වල ජීවත් වේ.



11.3ආහාර

ස්වභාවික පරිසරයේදී ගල් මතුපිට සිටින කුඩා ජීවීන් ආහාරයට ගන්නා අතර කෘතිම පරිසරය තුළදී සාමාන්‍ය මත්ස්‍ය කැම වර්ග ආහාර ලෙස ගනී.

මේ අඩවියත් බලන්න.[5] සංස්කරණය

13.හික මස්සා සංස්කරණය

 
Sidestriped barb හික මස්සා

දේශීය නාමය-Sidestriped barb හික මස්සා

විද්‍යාත්මක නාමය-Puntius pleurctaenia


13.1හඳුනා ගැනීම

ශරීරය මැදින් කළු ඉරක් දිග අතට වැටී ඇත.අංකුට යුගල 2ක් ඇත.වරල් කහ පැහැයෙන් යුක්තය.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 6ක් පමණ වේ.


13.2පරිසරය

වේගයෙන් ගලායන ගල් සහිත තරමක් පළල දිය පහරවල පමණක් ජීවත් වේ.


14.පතිරණ සාලයා සංස්කරණය

 
Barred danio පතිරණ සාලයා

දේශීය නාමය-Barred danio පතිරණ සාලයා

විද්‍යාත්මක නාමය-Danio pathirana


14.1හඳුනා ගැනීම

ශරීරය දෙපැත්තෙන් පැතලිය.මුඛය තරමක් උඩට හැරී ඇත.ශරීරය නිල් හා කොළ පැහැයෙන් යුක්තය.ශරීරයේ කහ පාට වෛරම් කෙළින් අතට පිහිටා ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 2- 3ක් අතර පමණ වේ.


14.2පරිසරය

ජල පෘෂ්ඨයට ආසන්නයේ ජීවත් ව්.මාතර වල්පිට ප්‍රදේශයේ දිය පහර වලින් හමුවේ.

මේ අඩවියත් බලන්න.[6][permanent dead link] සංස්කරණය

16.ගඩයා සංස්කරණය

 
Green labeo ගඩයා

දේශීය නාමය-Green labeo ගඩයා

විද්‍යාත්මක නාමය-Labeo fisheri


16.1හඳුනා ගැනීම

මුඛය හිසේ යට පැත්තේ පිහිටා ඇත.ඉතා කුඩා අංකුට යුගල 2ක් ඇත.මුඛයේ ඉදිරි ප්‍රදේශයේ කුඩා බිබිලි පිහිටා ඇත.වලිගයට ඉදිරියෙන් කළු ලපයක් ඇත.ශරීර වර්ණය අඳුරු කොළ පාටය.


16.2පරිසරය

ගලායන ජලය සහිත දිය පහරවල් වල පතුලට වන්නට සිටී.මහවැලි ගඟේ සමහර ප්‍රදේශ වල සිටී.

මේ අඩවියත් බලන්න.[7][permanent dead link] සංස්කරණය

==18.රැවුල් දන්ඩියා ==

 
spotted loach පුල්ලි ගිරවා

දේශීය නාමය-spotted loach පුල්ලි ගිරවා

විද්‍යාත්මක නාමය-lepidocephlichtys jonklaasi


18.1හඳුනා ගැනීම

තරමක් සිලින්ඩරාකාර දිගටි ශරීරයක් ඇත.අංකුට යුගල 3ක් ඇත. ශරීරයේ තද දුඹුරැ පාට පුල්ලි වැටී ඇත.වලිගය මුල කළු දිගටි තිතක් ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 2 1/2ක් පමණ වේ.


18.2පරිසරය

වැලි සහිත තරමක් ගලා යන දිය පහරවල ජීවත් වේ.

19.බන්ධුල පෙතියා සංස්කරණය

 
Bandula barb බන්ධුල පෙතියා

දේශීය නාමය-Bandula barb බන්ධුල පෙතියා


විද්‍යාත්මක නාමය-Puntius bandula


19.1හඳුනා ගැනීම

ශරීරයේ කෙලින් අතට ඉරි 2ක් ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 2ක් පමණ වේ.වරල,ගුද වරල හා යෝනි වරල් කළු පාටය.ගැහැණු සතාගේ මෙම වරල් වලින් බාගයක් පමණ කළු පාටය.


19.2පරිසරය

වැලි සහිත පතුලක් ඇති සෙවන සහිත දිය පහරවල පතුලට කිට්ටුව ජීවත් වේ.

මේ අඩවියත් බලන්න.[8] සංස්කරණය

21.විල්පිට දණ්ඩියා සංස්කරණය

 
Wilpita rasbora විල්පිට දණ්ඩියා

දේශීය නාමය- Wilpita rasbora විල්පිට දණ්ඩියා

විද්‍යාත්මක නාමය-Rasbora wilpita


21.1හඳුනා ගැනීම

වරල් රන් තැඹිලි පාටය.ශරීරයේ පිටුපස යට කොටස රන් පැහැයක් ගනී.ශරීරය මැදින් කළු නිල් ඉරක් ඇත.එම ඉරට උඩින් රෝස පාට ඉරක් ද ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 4ක් පමණ වේ.


21.2පරිසරය

වැලි හා කුඩා ගල් සහිත ගලා යන සෙවන සහිත දිය පහරවල ජීවත් වේ.විල්පිට හා ලබුගම ප්‍රදේශ වලින් වාර්තා වේ.


මේ අඩවියත් බලන්න.[9][permanent dead link] සංස්කරණය

23.හාල්මල් දණ්ඩියා සංස්කරණය

 
Vateria flwoer rasbora හාල්මල් දණ්ඩියා

දේශීය නාමය-Vateria flwoer rasbora හාල්මල් දණ්ඩියා

විද්‍යාත්මක නාමය-Rasboraides vaterifloris


23.1හඳුනා ගැනීම

ශරීර වර්ණය හා වරල් තැඹිලි පාටය.මෙම වර්ණයට අමතරව කහ,අළු,නිල්,කොළ යන ශරීර වර්ණ සහිත උන් ද සිටී.පිරිමි සතා ප්‍රමාණයෙන් විශාලය.වරල් ද විශාලව වැඩී. ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 2ක් පමණ වේ.


23.2පරිසරය

ගලා යන ජලයේ සෙවන සහිත ස්ථාන වල ජීවත් වේ.තෙත් කලාපයේ කළුතර,රත්නපුර,ගාල්ල යන දිස්ත්‍රික්ක වලින් හමු වේ.


24.තිත් පෙතියා සංස්කරණය

දේශීය නාමය-Tic tac toe barb තිත් පෙතියා

විද්‍යාත්මක නාමය-Puntius ticto


24.1හඳුනා ගැනීම

දේහය ඔලිව් පැහැයක් ගනී.ඉහළ ඇති වරලෙහි හා පැතිවල කුඩා තිත් දැකිය හැකිය.දේහයේ පැතිවල කළු පැහැ ලප දෙක බැගින් ඇත.අභිජනනයට සුදානම් පිරිමි සතුන්ගේ දේහයේ පැති රෝස පැහැයක් ගනී.ඔවුන්ගේ ඉහළ ඇති වරල මත රෝස පාට පටියක් දැකිය හැකිය.තවද දේහයේ රතු පැහැ ලප මෙම කාලයේදී මතු වේ.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් 5cm පමණ වේ.


24.2පරිසරය

ජලාශ හා ගංගා වල ජීවත් වේ.


24.3ආහාර

ස්වභාවික පරිසරයේදී ක්‍රිස්ටේෂියාවන්,කෘමීන් හා ප්ලවාංග ආහාරයට ගන්නා අතර කෘතිම පරිසරය තුළදී සාමාන්‍ය මත්ස්‍ය කැම වර්ග ආහාර ලෙස ගනී.


25.දුම්බර පෙතියා සංස්කරණය

දේශීය නාමය-Martenstyn's barb දුම්බර පෙතියා

විද්‍යාත්මක නාමය-Puntius martenstyni


25.1හඳුනා ගැනීම

වරල් අඳුරු රතු පැහැතිය.අංකුට යුගල 2ක් ඇත.කොරපොතු වල කුඩා කළු ඉරි පේළියට පිහිටා ඇත.වලිගයට කිට්ටුවෙන් කළු ලපයක් ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 8-10ක් පමණ වේ.


25.2පරිසරය

ගල් සහිත ගලා යන දිය පහරවල ජීවත් වේ.


26.අසෝක පෙතියා සංස්කරණය

 
Asoka barb අසෝක පෙතියා

දේශීය නාමය-Asoka barb අසෝක පෙතියා

විද්‍යාත්මක නාමය-Puntius asoka


26.1හඳුනා ගැනීම

කුඩා අංකුට යුගල 2ක් ඇත.කොරපොතු වල පේළියට කුඩා තිත් පිහිටා ඇත.වරල් කහ පැහැතිය.වලිගයට කිට්ටුවෙන් කළු ලපයක් ඇත.වලිගයේ උඩු හා යටි දාර වල රතු පාට ඉරි 2ක් දක්නට ලැබේ.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 4-4 1/2ක් පමණ වේ.


26.2පරිසරය

ගල් සහිත ගලා යන දිය පහරවල ජීවත් වේ.කිතුල්ගල සිට අවිස්සාවේල්ල දක්වා සීතාවක ඔයේ හමු වේ.

මේ අඩවියත් බලන්න.[10] සංස්කරණය

28.පොඩි පෙතියා සංස්කරණය

 
Silver barb පොඩි පෙතියා

දේශීය නාමය-Silver barb පොඩි පෙතියා

විද්‍යාත්මක නාමය-Puntius gonionotus


28.1හඳුනා ගැනීම

දේහය ලා ඔලිව් පැහැයක් ගනී.වලිග වරලට ඉදිරියෙන් හා ගුදය ආසන්නයේ කුඩා කළු ලපයක් ඇත. ‍දේහයේ ඉහළින් ඇති වරලෙහි කළු ඇල ඉරක් ඇත.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් 4cm පමණ වේ.


28.2පරිසරය

සෙමින් ගලා යන දිය පහරවල යටට වන්නට ජීවත් වේ.


28.3ආහාර

ස්වභාවික පරිසරයේදී නීල හරිත ඇල්ගී වර්ග ආහාර ලෙස ගන්නා අතර කෘතිම පරිසරය තුළ දී සාමාන්‍ය මත්ස්‍ය කැම වර්ග ආහාර ලෙස ගනී.


මල් පෙතියා සංස්කරණය

දේශීය නාමය-Sri Lanka barb මල් පෙතියා

විද්‍යාත්මක නාමය-Puntius srilankensis


හඳුනා ගැනීම සංස්කරණය

කුඩා අංකුට යුගලක් ඇත.ශරීරයේ කළු පාට ලප 3ක් කෙළින් අතට ඇත.පිරිමි සතාගේ පෘෂ්ඨීය වරලේ කිරණ කිහිපයක් දිස් වේ.ප්‍රජනන කාලයට පිරිමි සතා දම් පාටක් ගනී.වැඩුණු මත්ස්‍යයෙකු දිගින් අඟල් 41/2 පමණ වේ.

30.පින්තූර එකතුව සංස්කරණය

ආශ්‍රිත ග්‍රන්ථ සංස්කරණය

  • "විසිතුරු මසුන් ඇති කරමු."වී.සෙනරත්".වාසනා ප්‍රකාශකයෝ,කටුකෙන්ද-දංකොටුව.
  • දෙහිවල ජාතික සත්ව උද්‍යානයේ ලිපි.
  • සිරිකත පුවත්පත් වල ලිපි.