XIV වන ලියෝ පාප්වහන්සේ

XIV වන ලියෝ ශුද්ධෝත්තම පාප්වහන්සේ[a] (උපත රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්, 14 සැප්තැම්බර් 1955) යනු, 2025 මැයි 8 දින සිට කතෝලික සභාවෙහි නායකයා සහ වතිකානු පුරවර රාජ්‍යයෙහි පරම බලධාරියා වෙයි. 2025 මැයි 8 දිනදී, එතුමා තෝරා පත්කර ගැනුනේ ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීමෙන් අනතුරුවය.


XIV වන ලියෝ
රෝමයෙහි රාජගුරුප්‍රසාදීන්වහන්සේ
Photo of Pope Leo XIV wearing papal regalia, seated in a chair, and speaking to the media. His dress consists of a white cassock with matching pellegrina and with white-fringed fascia, silver pectoral cross, and white zucchetto.
XIV වන ලියෝ පාප්වහන්සේ 2025 වසරෙහිදී
පාප්වහන්සේ ධූර කාලය8 මැයි 2025
පූර්වප්‍රාප්තිකයාශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
වෙනත් තනතුරුඅල්බානෝහී කාදිනල්-රාජගුරුප්‍රසාදීන්වහන්සේ (2025)
ලතින් ඇමරිකාව සඳහා ශුද්ධාසන කොමිසමෙහි සභාපතිතුමා
ධූර තොරතුරු
ප්‍රව‍්‍රජ්‍යාව19 ජූනි 1982
by ජොන් ජඩෝ
අභිෂේකය12 දෙසැම්බර් 2014
by ජේම්ස් පැට්‍රික් ග්‍රීන්
කාදිනල් ධූරයට පත් කරනු ලැබුවේ30 සැප්තැම්බර් 2023
by ෆ්‍රැන්සිස් පාප්වහන්සේ
අනුස්ථිතියකාදිනල් රාජගුරුප්‍රසාදීන්වහන්සේ
පුද්ගලික විස්තර
උපන් නමරොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්
උපත14 සැප්තැම්බර් 1955 (1955-09-14) (වයස 69)
චිකාගෝ, ඉලනෝයි, එජ
පූර්ව තනතුර
උගත් ශාස්ත්‍රාලය
ආදර්ශ පාඨයIn illo uno unum
(එකම ක්‍රිස්තුන්වහන්සේ තුල අප සියළුදෙන)
Coat of armsXIV වන ලියෝ's coat of arms
ලියෝ නමැති අනෙකුත් පාප්වහන්සේලා

චිකාගෝ නගරයෙහි උපන් ප්‍රෙවෝස්ට්, 1977 වසරෙහිදී ශුද්ධවූ ඔගස්තීනු නිකායෙහි තාපසවරයෙකු වූ අතර, 1982 වසරෙහිදී පූජාප්‍රසාදීන්වහන්සේවරයෙකු ලෙසින් ප්‍රව‍්‍රජ්‍යාව ලැබීය. එතුමාගේ සේවාවන් අතර, 1985 වසරෙහි සිට 1986 වසර දක්වා සහ 1988 වසරෙහි සිට 1998 වසර දක්වා පේරු රාජ්‍යයෙහි පුළුල් ධර්මදූත කාර්යයන් දැක්විය හැකි අතර, එහිදී එතුමා මීසම් පාදිලිවරයෙක්, රදගුරු වසමක නිලධාරියෙක්, දෙව්සත්හලක ගුරුවරයෙක්, සහ පරිපාලකයෙක් ලෙසින් විවිධ ලෙස සේවය කර ඇත. 2001 වසරෙහි සිට 2013 වසර දක්වා ශුද්ධවූ ඔගස්තීනු නිකායෙහි නිකාය අධිපති ලෙසින් තේරී පත්වූ එතුමා, 2015 වසරෙහි සිට 2023 වසර දක්වා චික්ලැයියෝහී රාජගුරුප්‍රසාදීන්වහන්සේ ලෙසින් යළි එහි පැමිණි සේක. 2023 වසරෙහිදී, ෆ්‍රැන්සිස් පාප්වහන්සේ විසින් එතුමා රාජගුරුප්‍රසාදීන්වහන්සේලාගේ පර්ෂදයෙහි අධිපතියා සහ ලතින් ඇමරිකාව සඳහා ශුද්ධාසන කොමිසමෙහි සභාපති ලෙසින් පත් කල අතර, එම වසරෙහිදීම කාදිනල්වරයෙක් ලෙසින් පත් කල සේක.

උපතින් එක්සත් ජනපදයෙහි සහ ජාති ප්‍රවේශනය මගින් පේරු රාජ්‍යයෙහි පුරවැසියෙක් වන, XIV වන ලියෝ පාප්වහන්සේ, එක්සත් ජනපදයෙහි හෝ උතුරු ඇමරිකාවෙහි සම්භවය ලද පළමුවන පාප්වහන්සේ, පේරු රාජ්‍යයෛහි සම්භවය ලද පළමුවන පාප්වහන්සේ සහ ෆ්‍රැන්සිස් පාප්වහන්සේට පසුව, ඇමරිකාවන් තුල සම්භවය ලද දෙවන පාප්වහන්සේ වෙති. එතුමා, ශුද්ධවූ ඔගස්තීනු නිකායට අයත් පළමුවන පාප්වහන්සේ වෙති. එතුමාගේ පාප්වහන්සේ නාමය, කතෝලික සමාජීය උගැන්වීම විකසනය කල XIII වන ලියෝ පාප්වහන්සේ ආභාෂයෙන් ලද්දකි.

මුල් දිවිය, පවුල, සහ අධ්‍යාපනය

සංස්කරණය
 
ඩොල්ටන්, ඉලනෝයි තුල පිහිටි ප්‍රෙවෝස්ට් කුඩා කල ජීවත්වූ නිවස

රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට් උපත ලද්දේ 1955 සැප්තැම්බර් 14 දිනදී ,[1][2] චිකාගෝ, ඉලනෝයි හී පිහිටි මර්සි රෝහලෙහිය.

මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ මොරල් ඇන්ටන්, ඇලියෙන්ඩ්‍රෝ (නොවැම්බර් 3, 2014). "Robert F. Prevost nombrado Administrador Apostólico en Chiclayo". Orden de San Agustín (ස්පාඤ්ඤ බසින්). මාර්තු 4, 2016 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය ජූනි 1, 2021.
  2. ^ "බයෝග්‍රෆි ඔෆ් පෝප් ලියෝ XIV, බෝන් රොබට් ෆ්‍රැන්සිස් ප්‍රෙවෝස්ට්". වැටිකන් නිවුස්. මැයි 8, 2025. මැයි 9, 2025 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය මැයි 9, 2025.
"https://si.wikipedia.org/w/index.php?title=XIV_වන_ලියෝ_පාප්වහන්සේ&oldid=749399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි