වෛරසවේදය

(Virology වෙතින් යළි-යොමු කරන ලදි)

වෛරසවේදය, ක්ෂුද්‍ර ජීව විද්‍යාවේ හා ව්‍යාධි වේදයේ කොටසක් වන අතර වෛරස හා වෛරස වැනි දෙකාරකයන් සමඟ සම්බන්ධව අධ්‍යයනය කරන්නෙකි. එහි ව්‍යුහය වර්ගීකරණය, පරිණාමය, අසාදනය වන අයුරු, වෛරස නිෂ්පාදනයට සෛල යොදා ගන්නා ආකාරය, ඔවුන් සාදන රෝග, ඔවුන් වගා කිරීමට යොදනු ලබන ක්‍රම, සමීක්ෂණ හා ප්‍රතිකාර ක්‍රමවල ඔවුන් යොදා ගන්නා අයුරුද අධ්‍යයනය කරයි.

Gamma phage, වෛරසයකට උදාහරණයක්

ව්‍යුහය හා වර්ගීකරණයසංස්කරණය

මෙහි ප්‍රධාන ශාඛාවක් වනුයේ වෛරස වර්ගීකරණයයි. ඔවුන් ආසාදනය කරනු ලබන සෛල, වර්ගය අනුව ද වර්ගීකරණය කරයි. ඒ සත්ත්ව වෛරස ශාඛ, දිලීර, බැක්ටීරියා භක්ෂක (ඉතා සංකීර්ණ වෛරස මෙසේ බැක්ටීරියා ද ආසාදනය කරයි) වෛරස ලෙසයි. අනෙක් වර්ගීකරණයක කැප්සිඩය නම් කොටසේ බාහිර හැඩය අනුව හෙලික්ස, ඉකසොකෙඩ්රන් ලෙසත්, ව්‍යුහය අනුව ලිපිඩ ‍කවරය ඇති ද නැත් ද යන්නත් ලෙස වර්ගීකරණය කරයි. 30mm සිට 450mm දක්වා ප්‍රමාණ පරාසයක් හි විහිදේ. එහි අරුත බොහෝ අය ආලෝක අන්වීක්ෂය යටතේ දැකිය නොහැකි බවය. ඉලෙක‍්ට්‍රෝන අන්වීක්ෂය මඟින් හැඩය, ව්‍යුහය අධ්‍යයනය කළ හැක. තවද NMR ඉලෙක්ට්‍රොන අන්වීක්ෂය හා X - කිරණ ස්පඨිකරණ වලින් ද කළ හැක.

බොහෝ පුළුල් ලෙස යොදා ‍ගනු ලබන වෛරස වර්ගීකරණ ලෙස යොදා ගත හැක. වෛරස එහි ප්‍රවේනි ද්‍රව්‍ය ලෙස යොදා ගන්නා න්‍යෂ්ටික අම්ලය අනුවත් වෛරස හෙවත් ගුණනය වීමේ ක්‍රමයට ධාරක සෛල වෛරස නිෂ්පාදනය සඳහා වෙනස් කරනු ලබන න්‍යෂ්ටික අම්ල අනුව වෛරස වෙන් කරයි.

· DNA වෛරස තනි DNA රැහැනක් ද, ද්විත්ව ද යන වග අනුව කොටස් දෙකකට බෙ‍දේ.
· RNA වෛරස තනි RNA රැහැන ධනාත්මක හා සෘණාත්මක බව අනුව බෙදේ. ද්විත්ව RNA රැහැන් ද අඩු සංඛ්‍යාවක් ඇත.
· Reverse transcribing වෛරස ද්විත්ව රැහැන් රිවර්ස් ට්‍රාන්ස්ක්‍රයිබින් DNA වෛරස හා තනි රැහැන් වෛරස ට්‍රාන්ස්ක්‍රයිබින් RNA වෛරස, රෙට් රෝ වයිරස ද ඇතිව වෛරස විද්‍යාඥයින් විසින් වෛරස කොටස් (වෛරසවලටත් වඩා කුඩා ආසාධිත කොටස් ද අධ්‍යයනය කරයි. ඒවා නම් (වෛරොයිඩ: ශාඛ ආසාධනය කරන ආවරණය නොවූ RNA අණු, සැටලයිට න්‍යුක්ලික් අම්ල කොටස්, වන මේවා කැප්සිඩ ඇතිව හෝ නැතිව ඇති අතර ආසාධනය සඳහා තවත් වෛරසවල සහාය පතයි. ප්‍රයෝන : ව්‍යාධි ජනක ආකාරයකින් පවතින ප්‍රෝටීනයක් වන අතර අනෙක් ප්‍රයෝන අණු ද එම ව්‍යුහාකාරයට ගැනීම උත්තේජනය කරයි.‍

වෛරස වර්ගීකරණයේ ජාත්‍යන්තර සංගමය මඟින් නිකුත් කරන ලද අලුත්ම වාර්තාවලට අනුව වෛරස 5450 ක් ද විශේෂ 2,000 ක් ද 287 ක්ද පවුල් 73 ක් හා orders 3ක් ද හඳුනාගෙන ඇත.

තක්ෙසා්න වර්ගීකරණ සෑම විටම තනිවංශාත්මක නොවන අතර විවිධ වෛරස කණ්ඩායම් අතර ඇති පරිණාමික සබඳතා එතරම් පැහැදිලි ‍නොවන අතර ඒ සඳහා උපකල්පන 3ක් ඇත.

1. වෛරොයිඩවලට සමාන තනිව බෙදෙන RNA රයිබොසෝම නම් ආකාර නම් වූ අජීව කොටස්වලින් අනෙකුත් ජීව ආකාර තැනුනු ආකාරවලට ජීව ආකාර තැනුනු ආකාරවලට සමාන්තරව සෑදී ඇත.
2. ආදී වඩා තහවුරු වූ, ධාරක සෛලවලට පරපෝෂිතයන් වූ සෛලික ජීව ආකාර ඔවුන්ගේ ක්‍රියාවලින් බොහොමයක් අතහැරදමා වෛරස වන්නට ඇත. උදා:- කුඩා පරපෝෂිත ප්‍රොතයොටාවන් මයිකොප්ලස්මා නැනො ඒකිය.
3. වෛරස, සෛලවල ට්‍රාන්පොසෙන්ස්, ප්ලාස්මිඩ වැනි ප්‍රවේණි ද්‍රව්‍ය ලෙසට බිහිව නිදහසේ ධාරක සෛලවලින් කැඩීයාමේ හැකියාව ලබාගෙන අනෙක් සෛල ආසාධනය කිරීමට හැකියාව ලබා ගෙන ඇත.

වෙන වෙනත් වෛරස කණ්ඩාම්වලට ඉහත වෙන වෙනත් ක්‍රම ඇත්තෙන්ම උපයෝගී වන්නට ඇත.

ඉතා උනන්දුවක් ඇති වෙන්නක් ලෙස මිමි වෛරස නම් ඇමීබාවන් ආසාධනය කරන බැක්ටීරියාවලට සමාන අණුක ක්‍රියාකාරීත්වයක් ඇති මහා වෛරස් හැඳින්විය හැක. ඇත්තෙන්ම එය ප්‍රෝකාරීයෝටා පරපෝෂිතයන්ගේ ඉතා සරල ආකාරයක් ද නැතහොත් සරල වෛරසයක් ලෙස ඇතිව ධාරක සෛලයෙන් ප්‍රවේණි ද්‍රව්‍ය ලබා ගත්තේද?

වෛරසවල පරිණාමය, ධාරක සෛලවල පරිණාමය සමඟ ඇතිවන්නට ඇත යන්න සිතන අතර “වෛරස පරිණාමය” යන ක්ෂේත්‍රයේ එය අධ්‍යයනය කරයි.

වෛරස පරිණාමය වුවත්, වර්ගය, බෝකරත්, ඒ සඳහා පරිවෘත්තිය ක්‍රියාවල නොයෙදෙන අතර ඒ සඳහා ධාරක සෛල මත යැපේ. නිතර විවාදයේ යෙදෙන කරුණක් වූ එය අජීවී ද ජීවී ද යන්න වෛරසවල ජීවී ගුණවලට බාධාවක් නොවේ.

අණුක ජීව විද්‍යාව පරීක්ෂණ හා වෛරස ප්‍රතිකාර ක්‍රමසංස්කරණය

බැක්ටීරියා භක්ෂකයින් වු වෛරස (බැක්ටීරියාවන් අසාදනය කරන බැක්ටිරීයා) බැක්ටීරීයා වගා මාධ්‍ය වල ලෙහේසියෙන්ම වයිරස ප්ලාක ලෙස වගා කළ හැක. බැක්ටිරියා භක්ෂකයින් එක බැක්ටීරියා සෛලයකින් තවෙකකට ඉතා කලාතුරකින් ප්‍රවේණික ද්‍රව්‍ය යවන අතර එම ක්‍රියාවලිය transduction, - පරනායකය නම් වේ. මෙම තිරස් ජාන මාරුව නිසාම ඔවුන් පරීක්ෂණ වලට බොහෝ විට යොදා ගන්නා උපකරණ (අණුක විද්‍යාවේ) බවට පත් වි ඇත. ජාන කේත, රයිබොසෝම වල ක්‍රියාකාරීත්වය පළමු recombinant DNA හෙවත් DNA ප්‍රතිසංයෝජනය සහ මුල් ජාන පුස්තකාල බැක්ටීරියාභක්ෂණයින් කරණකොට ඇති වුව සොයාගැනීමයි. ඉතා කාර්යක්ෂම අනුග්‍රහකයින් ආදී සමහර ප්‍රවේණික මූල ද්‍රව්‍ය වෛරස වලින් සොයාගත් අතර අණුක ජීව විද්‍යාවේ සමීක්ෂණ වලට අද බහුලව යොදා ගැනේ.

ජීවි දායක සත්ත්වයා ගෙන් පිටතදී සත්ව වෛරස වගාකිරීම ඉතා අමාරුයි. දර්ශීයව සාමානයයෙන් සංසේචිත කුකුල් බිත්තර මේ සඳහා බහුලව යොදා ගත්තද අද සෛල තුළ වගා කිරීම වැඩිවෙමින් පවතී.

වෛරස ඉයුකාරි ගෝවන්ට ආසාදනය වන නිසා ඔවුන්ගේ ප්‍රවේණි ද්‍රව්‍ය කාරක සෛලයේ න්‍යෂ්ඨියට පරිවහණය කළ යුතුයි. මෙය ධාරකයාට අළුත් ජාන හඳුන්වාදීමට යොදා ගන්නා වැදගත් මෙවලමක් ලෙස භාවිතා කරයි. මෙය transformation හෙවත් පරිවර්තනය ලෙස හඳුන්වයි. නවීකරණය කළ රෙට්රෝවයිරස ද මෙම අරමුණ සඳහා යොදා ගත හැක. එසේ කළ හැකි වන්නේ ඔවුන් තමන්ගේ ජානධාරක ප්‍රවේණී දේහ වලට ඇතුළත් කරන බැවිණි.

මෙම වෛරස ජාන වාහකයා ලෙස යොදා ගැනීම ප්‍රවේණික රෝගි තත්ව වල ජාන ප්‍රතිකර්ම වලදී දිගටම කරගෙන යයි. මෙහිදී ඇති වන විසඳාගත යුතු ඉතා පැහැදිලි ප්‍රශ්න නම් ප්‍රතිශක්ති පද්ධතියෙන් පරිවර්තන වෛරසය ප්‍රතික්ෂේප කිරීමයි.

භක්ෂනික ප්‍රතිකර්මය, ප්‍රතිජීවක සොයා ගැනීමට පෙර බැක්ටීරියා ආසාධිත රෝග වලට ප්‍රතිකර්ම කිරීම යොදා ගැනුනු අතර ලඟකදී එය පිළිබඳ නැවත යොමු වී ඇත.පිළිකා කඩනOncolytic viruses වෛරස පිළිකා සෛල ආසාදනය කරන අතර, පිලිකා ප්‍රතිකාරක ක්‍රමයක් ලෙසට පසුගිය කාල තුළදී ගත් උත්සාහයන් අසාර්ථක වුවද 2005 හා 2006 දී ධෛර්ය එළවන සුළු ප්‍රතිඵල ලැබී ඇත.

 
මර්ටිනස් බෙජෙරින්ක්

වෛරස රෝග හා ධාරක ආරක්ෂා විධිසංස්කරණය

වෛරස පිළිබඳ අධ්‍යයනයට මුල් පෑදීමට හේතු වූ එක් ප්‍රධාන කරුණක් නම් වෛරස මඟින් ඉතා වැදගත් ආසාදන කිහිපයක් ඇති කිරීමයි. ඒ අතරින් සාමාන්‍ය හෙම්බිරිසාව, ඉන්ෆුලුවෙන්සා, ජල භීතිකාව, සරම්ප, අතීසාරය, හෙපටයිටිස්, කහ උණ, පෝලියෝ, වසූරිය, ඒඩ්ස් වැදගත් වේ. සමහර පිළිකා ජනක වෛරස සමහරක් පිළිකා සෑදීමට උපයෝගී වේ. හොඳම උදා - වන්නේ ගැබ්ගෙල පිළිකා හා මානව පැපිලෝමා වෛරසය අතර ඇති සම්බන්ධතාවයයි. සමහර උප වෛරස ද රෝගී තත්ව සාදයි. කුරු සහ කෘට්ස් ෆීල්ඩ් - ජෙකොබ් රෝගය ප්‍රයෝන විසින් ද සැටලයිට් වයිරස මඟින් හෙපටයිටිස් D ද ඇති කරයි. වෛරසයක් රෝගයක් ඇති කරන ආකාරය සොයා බැලීම වෛරස් ව්‍යාධි ජනනය නම් වේ. යම් වෛරසයට රෝගයක් ඇති කිරීමට ඇති හැකියාව එහි ප්‍රචණ්ඩත්වය නම් වේ. පෘෂ්ට වංශිකයෙක්ට වෛරසයක් ඇතුල් වූ විට ප්‍රතිශක්තිකරණ පද්ධතිය විසින් ප්‍රතිදේහ නම් විශේෂිත දෙයක් තනන අතර ඒවා වෛරස හා බැඳී එය විනාශ කරයි. සිරුරේ එම ප්‍රතිදේහ තිබේදැයි ELISA වැනි පරීක්ෂණ මඟින් සොයා බලා අතීතයේ දී එම පුද්ගලයාට එම වෛරස වැළ දී ඇත්දැයි සොයා ගත හැක. ෆ්ලුරොසන්ස අන්වීක්ෂ මඟින් මොනොක්ලෝනල් ප්‍රතිදේහ මඟින් ද වෛරස ඇත් ද යන වග සොයා බැලිය හැක. එන්නත්කරණය මඟින් සමහර අවස්ථාවලදී එම වෛරසයට එරෙහිව ප්‍රතිදේහ ශරීරයේ ඇති කර ආරක්ෂාව සපයා දේ.

වෛරසවලට එරෙහිව පෘෂ්ට වංශිකයන්ගේ ඇති දෙවැනි ආරක්ෂණය නම් සෛල මැදිහත් ප්‍රතිශක්තිකරණයයි. T සෛල නම් ප්‍රතිශක්තිකරණ සෛල ඉවහල් වේ. ශරීරය තුළ ඇති සෛල නිරන්තරයෙන් ඔවුන්ගේ සෛල මතුපිට ප්‍රෝටීන කොටස් එළියට ඇති අයුරින් තබා ගෙන ඇත. T සෛලයක් එහි ඇති වෛරස කොටසක් හඳුනාගත් විට එම ධාරක සෛලය විනාශ කනර අතර එම වෛරසයට විශේෂිත T සෛල ගුණනය වේ. සමහර ප්‍රතිශක්තිකරණවල මෙම යාන්ත්‍රණය ඉතාමත් ඉක්මනින් පටන්ගෙන ඇත. RNA මැදිහත් වීම ශාක, සත්ව, බොහෝ ඉයුකැරියෝටාවන්ගේ, වැදගත් සෛලීය යාන්ත්‍රණයක් වන අතර බොහෝ දුරට වෛරසවලට එරෙහි ආරක්ෂණයක් හට ගැනෙන්නට ඇත. එකිනෙකට අන්තර් ක්‍රියා කරන එන්සයිමවලින් යුත් විස්තෘත යාන්ත්‍රණයකින් RNA ද්විත්ව අණු (බොහෝ වෛරසවල ජීවන චක්‍රයේ කොටසක් ලෙසට හට ගැනෙන) හඳුනාගෙන මෙම හඳුනාගත් RNA අණුවල ඒක තනි RNA රැහැන් සියල්ල විනාශ කිරීමට පටන් ගනී. සෑම මරණීය වෛරස රෝගයක්ම විරෝධභාසය ධාරකයා විනාශ කිරීම වෛරසයට කිසිම වාසියක් නැත. නමුත් ඔවුන් කෙලෙස කොහොම එය කරයි ද? අද විශ්වාස කරන හැටියට බොහෝ වෛරස සාමාන්‍යයෙන් ඔවුන්ගේ ස්භාවික ධාරකයා තුළ අහිතකර නොවන අතර යම් වයිරසයක් එම ධාරකයාගේ සිට නපුරුදු ධාරකයෙක්ම (වෙනත් විශේෂයකට) හදිසි මාරුවක් සිදු වූ විට මාරාන්තික වෛරස රෝග එම ධාරකයාට වැළදේ. උදා- ලෙස දරුණු ඉන්ෆ්ලුවෙන්සා වෛරසවලට ස්වභාවික ධාරකයා ලෙසට ඌරන්, කුරුල්ලන් ඇති අතර HIV අහිතකර නොවන SIV නම් වඳුරු වෛරසයෙන් හට ගෙන ඇත. වෛරස් රෝග සෑදීමෙන් වැලකී සිටීමට ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය භාවිතා කර ද අද ඒ සඳහා බෙහෙත් ද නිපදවා ඇත. ඉන්ටර්ෆෙරෝන් යනු එම පළමු බෙහෙතයි. මෙම ඉන්ටර්ෆෙරෝන් ස්වාභාවිකව සමහර ප්‍රතිශක්තිකරණ සෛලවල නිපදවෙන අතර ආසාදනයක් ඇති වූ විට ඒවා ප්‍රතිශක්තිකරණ පද්ධතියේ අනෙකුත් කොටස් ද උත්තේජනය කරයි.


ඉතිහාසයසංස්කරණය

 
Adolf Mayer in 1875
 
Martinus Beijerinck in his laboratory in 1921

"වෛරස" (virus) යන වදන පළමුවෙන් ම හමුවනුයේ, "විෂ" (venom) යන අරුතෙන් 1599 දී ය.[1]

ආශ්‍රිත ලිපිසංස්කරණය

මූලාශ්‍රසංස්කරණය

  1. "Virus", Merriam-Webster, Inc, 2011.
"https://si.wikipedia.org/w/index.php?title=වෛරසවේදය&oldid=483410" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි