ටෝකියෝ ස්කයිට්‍රී

(Tokyo Skytree (ටෝකියෝ ස්කයිට්‍රී) වෙතින් යළි-යොමු කරන ලදි)

ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ජපානයේ සුමීඩා නගරයේ පිහිටා ඇති අතර එය අවන්හලක්, නිරීක්ෂණ කුළුණක් හා රූපවාහිනී / ගුවන්විදුලි සම්ප්‍රේෂණාගාරයක් ලෙස භාවිතා කරනු ලබයි. 2010 දී එය එවකට ජපානයේ උසම ආකෘතිය වූ අතර 2011 මාර්තු මාසය වන විට ස්කයිට්‍රී කුළුණ එවකට ලෝකයේ උසම කුළුණ බවට පත්ව තිබූ කැන්ටන් කුළුණ අභිභවා යමින් සිය උපරිම උස වන මීටර් 634ට ළගාවිය. පසුකාලීනව මීටර් 829.8ක උසකින් සමන්විත බර්ජ් ඛලීෆා (Burj Khalifa) කුළුණ ඉදීකිරීමත් සමග ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ලොව උසම කුළුණු අතරින් දෙවන ස්ථානයට පත්විය.

Tokyo Skytree
ටෝකියෝ ස්කයිට්‍රී
ටෝකියෝ ස්කයිට්‍රී 2014 දී
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයසම්පුර්ණ කරන ලද
ප්‍රභේදයඅවන්හලක්, නිරීක්ෂණ කුළුණක් හා සම්ප්‍රේෂණාගාරයක්
ගෘහනිර්මාණ ශෛලියNeofuturistic
පිහිටීමසුමීඩා, ටෝකියෝ, ජපානය
ඛණ්ඩාංක35°42′36.5″N 139°48′39″E / 35.710139°N 139.81083°E / 35.710139; 139.81083ඛණ්ඩාංක: 35°42′36.5″N 139°48′39″E / 35.710139°N 139.81083°E / 35.710139; 139.81083
ඉදිකිරීම් ආරම්භ වූයේ14 ජූලි 2008 (2008-07-14)
සමාප්තිය29 පෙබරවාරි 2012 (2012-02-29)
පිරිවැයඇ.ඩොලර් මිලියන 600
හිමිකරුTobu Tower Skytree Co., Ltd.
උස
ඇන්ටෙනා කුළුණු634.0 m (2,080 ft)
පියස්ස495.0 m (1,624 ft)
ඉහළ මහල451.2 m (1,480 ft)
තාක්ෂණික තොරතුරු
මහල් සංඛ්‍යාවපොළව මට්ටමෙන් ඉහළට මහල් 32
පොළව මට්ටමෙන් පහළට මහල් 3
සෝපාන/උත්තෝලක13
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාNikken Sekkei
ප්‍රධාන කොන්ත්‍රාත්කරුObayashi Corp.

ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ජපානයේ කන්තෝ ප්‍රදේශයේ රූපවාහිනී හා ගුවන්විදුලි සම්ප්‍රේෂණ කටයුතු සදහා කේන්ද්‍රීය ස්ථානය ලෙස යොදාගන්නා අතර පැරණි ටෝකියෝ කුළුණ උස ගොඩනැගිලි වලින් ආවරණය වී ඇති බැවින් තවදුරටත් සම්ප්‍රේෂණ කටයුතු සදහා යොදාගනු නොලැබේ.

අධික වර්ෂයක් වූ 2012 පෙබරවාරි 29 දින මෙම ටෝකියෝ ස්කයිට්‍රී කුලුණෙහි වැඩ නිමකල අතර එය මහජන ප්‍රදර්ශනය සදහා 2012 මැයි 22 දින විවෘත කරන ලදී. විශාල වාණිජ ව්‍යාපෘතියක ප්‍රධාන අංගය වූ මෙම කුළුණ නිර්මාණය සදහා Tobu දුම්රිය සමගම හා NHK (ජපන් විකාශනාගාර සංස්ථාව) මූලික කරගනිමින් තවත් විකාශන ආයතන 6ක් අරමුදල් සම්පාදනයෙන් දායක වී ඇත. යාබදව පිහිටා ඇති Tokyo Skytree දුම්රිය ස්ථානයේ හා Oshiage දුම්රිය ස්ථානයේ දුම්රිය නතරකරනු ලබන අතර මෙම සංකීර්ණය ටෝකියෝ දුම්රිය ස්ථානයේ සිට කිලෝමීටර 7ක් ඊසාන දෙසින් පිහිටා ඇත. 

සැලැස්ම සංස්කරණය

පහත සඳහන් සංකල්ප තුනක් මත පදනම් ව 2006 නොවැම්බර් 24 දින මෙහි සැලසුම ප්‍රකාශයට පත් කරන ලදී

  • නව තාක්ෂණයෙන් සමන්විත විශේෂ කලාක්‍රම, සාම්ප්‍රදායික ජපන් සුන්දරත්වය සමග සංයෝජනය කිරීම
  • නගර පුනර්වනය උත්ප්‍රේරනය කිරීම 
  • ආපදා නිවාරණය සදහා දායක වීම. – "ආරක්ෂාව සහ සුරක්ෂිතතාව".

ටෝකියෝ ස්කයිට්‍රී කුළුණ ජපානයේ මහල් 5කින් සමන්විත පෞරාණික ස්ථූපයක හැඩයට සමාන වන අතර එමගින් ඓතිහාසික Asakusa නගරයේ පෙනුමටද උචිත ලෙස නිර්මාණය කර ඇත. කුළුණේ පාදම තෙපාවක (tripod) ආකෘතියට සමාන වේ. පාදමෙහි උස මීටර් 360කි. පාදමෙන් ඉහළ කොටස නගරයත්, ගංඟාවත් හාත්පසින් පෙනෙන පරිදි සිලින්ඩරාකාර හැඩයකින් යුතුව නිර්මාණය කර ඇත. කුළුණෙහි එකවර මිනිසුන් 2000කට පමණ සිරි නැරඹියහැකි මීටර් 350ක දිගින් යුත් නිරීක්ෂකාගාරයක්ද, එකවර මිනිසුන් 900කට පමණ සිරි නැරඹියහැකි මීටර් 450ක දිගින් යුත් තවත් නිරීක්ෂකාගාරයක්ද ඇත. ඉහළ පිහිටා ඇති නිරීක්ෂකාගාරයේ සර්පිලාකාර හැඩයකින් යුත් වීදුරු වලින් ඉදිකළ මංතීරු දක්නට ලැබේ. කුළුණ නැරඹිමට පැමිණෙන්නන්ට එහි ඇති උපරිම ස්ථානයට යෑමට ඉහළ නිරීක්ෂකාගාරයේ සිට මීටර් 5ක දුරක් තරණය කල යුතුය. බිම සැකසීමට වීදුරු යොදාගැනීම මගින් නරඹන්නන්හට පහල පිහිටා ඇති වීදි සෘජුවම දැකගැනීමට හැකියාව ලැබේ. 

භූමිකම්පා වලට එරෙහි ප්‍රතිරෝධය සංස්කරණය

සවිමත් අභ්‍යන්තර කොන්ක්‍රීට් කඳකින් යුක්ත මෙම කුළුණෙහි භූමිකම්පාවන්ට එරෙහි ප්‍රතිරෝධයක් පවතී. පොළව මට්ටමේ සිට පළමු මීටර් 125 දක්වා ප්‍රධාන කුළුණු කඳ බාහිර විව්‍යුහය හා සම්බන්ධ වන අතර එහි සිට මීටර් 375 දක්වා කුළුණු කඳ කම්පන අවශෝෂක හරහා කුළුණු රාමුව හා සම්බන්ධ වේ. මෙම කම්පන අවශෝෂක භූමිකම්පාවකදී ප්‍රතිරෝධයක් ලෙස ක්‍රියාකරයි. අමතර ආරක්ෂාව සඳහා ස්කන්ධ පාලන යාන්ත්‍රණයක් භාවිතා කරනු ලබයි. භූමිකම්පා අවස්ථාවකදී මෙම කම්පන අවශෝෂක පද්ධතිය විසින් එම කම්පනය ගොඩනැගිලි විව්‍යුහයෙන් ඉවතට තල්ලු කරමින් ගුරුත්ව කේන්ද්‍රය හැකිතාක් පාදම දෙසට මධ්‍යගතව තබාගැනීමට ක්‍රියාකරයි. නිර්මාණකරුවන් පවසන අන්දමට මෙම අවශෝෂක වලට භූමිකම්පාවක මුළු ශක්තියෙන් 50% ප්‍රමාණයක් අවශෝෂණය කරගැනිමේ හැකියාවක් පවතී. 

නිල් පැහැය
දම් පැහැය

වර්ණගැන්වීම සංස්කරණය

Skytree White යන නාමයෙන් හඳුන්වනු ලබන පැහැයෙන් මෙහි බාහිර දැලිස වර්ණවත් කර ඇත. අයිජීරෝ යනුවෙන් හැඳින්වෙන නිලට හුරු සුදු පැහැයෙන් යුක්ත සාම්ප්‍රදායික ජපන් වර්ණයක් මූලික කරගෙන මෙම වර්ණය නිපදවා ඇත.

ආලෝකකරණය සංස්කරණය

මෙහි ආලෝකකරණය 2009 ඔක්තෝබර් 16 වන දින නිමකර ඇත. Sky Blue හා දම් පැහැයෙන් යුතු LED වර්ණ රටා දෙකක් උපයොගීකරගෙන මෙම කුළුණ ආලෝකවත් කර ඇත.

නම් කිරීම සහ උස සංස්කරණය

 
මෙම හරස්කඩ කුළුණු ආකෘතිය පොළව මට්ටමේදී සමපාත ත්‍රිකෝණයක හැඩය ගන්නා අතර ඉහලට යන විට ක්‍රමයෙන් වක්‍ර වෙමින් මීටර් 320 දී වෘත්තයක හැඩයක් ගනී.

2007 ඔක්තෝබර් සිට නොවැම්බර් දක්වා කාලය කුළුණ සඳහා නම් යෝජනා කිරීමට මහජනතාවට අවස්ථාව ලබා දී ඇත. 2008 මාර්තු 19 දින කමිටුව විසින් එම නම් අතරින් අවසන් නම් 6ක් තෝරාගන්නා ලදී. ඒවා නම් "Tokyo sky tree", "Tokyo Edo tower", "Rising tower", "Tower of the future", "Dream lookout" හා "Rising east tower" යනුවෙනි. අනතුරුව නිල නාමය තෝරාගන්නා ලද්දේ ඡන්ද විමසීමකින් වන අතර එය 2008 ජුනි 10 දින Tokyo Skytree යනුවෙන් නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. මෙම නම සඳහා ආසන්න වශයෙන් 30%ක ඡන්ද ප්‍රමාණයක් හිමිව ඇත. දෙවැනියට ජනප්‍රියතම නම වී ඇත්තේ "Tokyo Edo tower" ය.

මෙහි උස මීටර් 634ක් වන අතර එම උස ප්‍රමාණය තීරණය කොට ඇත්තේ පහසුවෙන් මතක තබාගැනීමට හැකි නිසායැයි සඳහන් වේ. මක් නිසාදයත් ජපන් භාෂාවෙන් 6ට “මු” ලෙසත්, 3ත “සා” ලෙසත්, 4ට “ෂි” ලෙසත්, එවිට 634ත “මුසාෂි” ලෙස හඳුන්වයි. මෙම “මුසාෂි” නමින් ජපානයේ ඉපැරණි ප්‍රදේශයක් පැවති බව සඳහන් වේ. 

සම්ප්‍රේෂණාගාර භාවිතය සංස්කරණය

මෙම කුළුණ රූපවාහිනී / ගුවන් විදුලි සම්ප්‍රේෂණාගාරයක් හා සන්නිවේදන කුළුණක් ලෙස භාවිතා වේ.  .

රූපවාහිනී විකාශනය සංස්කරණය

නාලිකාව චැනල් නම කේතය සංඥා බලය ERP විකාශන ප්‍රදේශ
1
NHK General TV JOAK-DTV 10 kW 68 kW කන්තෝ

ප්‍රදේශය

2
NHK Educational TV JOAB-DTV
4
Nippon Television JOAX-DTV
5
TV Asahi JOEX-DTV
6
TBS Television JORX-DTV
7
TV Tokyo JOTX-DTV
8
Fuji Television JOCX-DTV
9
Tokyo MX JOMX-DTV 3 kW 11.5 kW ටෝකියෝ

ගුවන්විදුලි විකාශනය සංස්කරණය

සංඛ්යාත ස්ථානයේ නම කේතය බලය ERP විකාශනය ප්රදේශයේ
81.3 MHz වලින් J-Wave Tokyo
JOAV-FM 7 kW 57 kW ටෝකියෝ
82.5 MHz වලින් NHK FM Broadcast Tokyo
JOAK-FM
90.5 MHz වලින් TBS Radio Sumida
කන්තෝ දකුණු ප්‍රදේශය
a91.6 MHz වලින් Nippon Cultural Broadcasting Sumida
93.0 MHz වලින් Nippon Broadcasting System Sumida
 
Comparison of the ටෝකියෝ ස්කයිට්‍රී with the world's seven tallest towers
 
ප්‍රධාන කුළුණු ගෘහය
 
"Skytree town" ගොඩනැගිල්ල මුදුනේ සිට කුළුණේ දසුන
 
Chiba සිට බලනවිට පෙනෙන ෆූජි කඳුවැටිය සහ කුළුණ

කාලරාමුව  සංස්කරණය

2008 සංස්කරණය

  •  2008 ජූලි 14 : ඉදිකිරීම් ආරම්භ කිරීම නිමිත්තෙන් වැඩ බිමෙහි උත්සවයක් පවත්වන ලදී.

2009 සංස්කරණය

  • 2009 අප්‍රේල් 6 : ප්‍රධාන පාද තුනෙහි අඩිතාලම නිම කරන ලදී.
  • 2009 අගෝස්තු 7 : කුළුණ මීටර් 100ක උසට ළඟා වීම. 
  • 2009 ඔක්තෝබර් 16 : ව්‍යාපෘතියේ අපේක්ෂක උස මීටර් 610 සිට 634 දක්වා වෙනස් කිරීම. 
  • 2009 නොවැම්බර් 10 : කුළුණ මීටර් 200ක උසට ළඟා වීම.[further explanation needed]

2010 සංස්කරණය

  • 2010 පෙබරවාරි 16 : කුළුණ මීටර් 300ක උසට ළඟා වීම. 
  • 2010 මාර්තු 29 : එවකට ජපානයේ උසම කුළුණ බවට පත් වෙමින් කුළුණ මීටර් 338ක උසට ළඟා වීම. 
  • 2010 අප්‍රේල් 24 : ටෝකියෝ ස්කයිට්‍රී කුළුණේ 1:25 පරිමාණ ආකෘතියක් නිර්මාණය කිරීම. 
  • 2010 ජූලි 30 : මීටර් 400 පසුකරමින් කුළුණ මීටර් 408ක උසට ළඟා වීම. 
  • 2010 සැප්තැම්බර් 11 : එතෙක් ජපානයේ ඉදිකළ උසම ආකෘතිය බවට පත් වෙමින්, කුළුණ මීටර් 461ක උසට ළඟා වීම. 
  • 2010 ඔක්තෝබර් 23 : කුළුණ මීටර් 300ක උසට ළඟා වීම සහ ප්‍රධාන කුළුණ කොටස එකලස්කර අවසන් කරන ලදී. 
  • 2010 නොවැම්බර් 20 : මුළු බර ටොන් 100ක් වන කම්පන අවශෝෂක දෙකක් මීටර් 497ක් වූ කුළුණ මුදුනේ තාවකාලිකව සවිකිරීම. 
  • 2010 දෙසැම්බර් 01: කුළුණ මීටර් 461ක උසට ළඟා වීම සහ අකුණු සන්නායකයක් හා කම්පන අවශෝෂක දෙකක් සවිකිරීම. 
  • 2010 දෙසැම්බර් 16 : NHK සහ five TV යන ආයතන සඳහා විකාශන පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කිරීම. 
  • 2010 දෙසැම්බර් 18 : රූපවාහිනී විකාශනය සඳහා සම්ප්‍රේෂණ ඇන්ටනා ස්ථාපිත කිරීම. 

2011 සංස්කරණය

  • 2011 මාර්තු 1 : කුළුණ මීටර් 604ක උසට ළඟා වීම සහ එවකට ලෝකයේ ඉදිකළ උසම කුළුණ බවට පත්වීම. 
  • 2011 මාර්තු 12 : කුළුණ මීටර් 625ක උසට ළඟා වීම සහ සම්පුර්ණ තත්ව පරීක්ෂාව. 
  • 2011මාර්තු 18  : එරට වේලාවෙන් පස්වරු 1:34ට කුළුණ එහි අවසන් උස වන මීටර් 634ක උසට ළඟා වීම. 
  • 2011 මාර්තු 23 : කුළුණු දොඹකර ගැලවීම ආරම්භ කිරීම. 
  • 2011 ජූනි 07 : කුළුණ මහජනයාට විවෘත වන දිනය නිවේදනය කිරීම.
  • 2011 නොවැම්බර් 17 : නිදහස්ව නැගීසිටින එවකට පිහිටි උසම කුළුණ ලෙසින් ගිනස් ලෝක වාර්තාවට ඇතුලත් වීම. 

2012 සංස්කරණය

  • 2012 පෙබරවාරි 16  : කුළුණේ සිට වැටෙන හිම හා අයිස් හේතුවෙන් අසල ඇති ගබඩා වල වහලවල් වලට හානි සිදුව ඇත.
  • 2012 පෙබරවාරි 29 : කුළුණ ඉදිකිරීම් අවසන් විය. (සැපයුම් හිඟයක් හේතුවෙන් ඇස්තමේන්තු ගතකල කාලයට වඩා මාස දෙකක් ප්‍රමාද විය)
  • 2012 මාර්තු 02 : වැඩ නිමවීම සැමරීම සඳහා උත්සවයක් පවත්වන ලදී.
  • 2012 මාර්තු 06 : කුළුණ ප්‍රථමවරට ආලෝකමත් කිරීම. 
  • 2012 අප්‍රේල් 26 : එවකට ජපන් අධිරාජ්‍යයෙකු කුළුණෙහි නිරීක්ෂණ චාරිකාවට සහභාගී වීම.
  • 2012 මැයි 22 : කුලුණ මහජනයා සදහා විවෘත කිරීම.
  • 2012 ඔක්තෝබර් 01: Tokyo MX නාලිකාව සම්ප්රේෂණ කටයුතු ආරම්භ කිරීම. 

2013 සංස්කරණය

  • 2013 ජනවාරි 16 : කුළුණේ සිට වැටෙන හිම හා අයිස් හේතුවෙන් අසල නිවසකට හානි සිදුව ඇත.
  • 13 මැයි 2013 : කුළුණේ විදුලිබලය අඩාලවීම හේතුවෙන් Tokyo MX විකාශන කටයුතු නතර කිරීම.
  • 2013 මැයි 31 : නාලිකා ගණනාවක් කුළුණේ සිට විකාශන කටයුතු ආරම්භ කිරීම.  

විවෘතකිරීම සංස්කරණය

ස්කයිට්‍රී හි විවෘතවීම සිදුවීමත් සමගම වාර්තාගත ලෙස මහජනයා සතියක පමණ කාලයක් ප්‍රවේශපත් මිලදී ගැනීම සදහා පෝලිම් වල රැදී සිටියහ. මෙය විවෘතවීමත්, මහජනයා නැරඹිමට පැමිණීමත් හේතුවෙන් පළමු මස දෙක ඇතුලත කුළුණ මුදුනත කිසිදු ඉඩකඩක් නොමැතිවිය. විවෘතකළ දිනයේ පැවති වැසි සහිත කාලගුණය කුලුණෙහි නැරඹුම් මැදිරියේ දර්ශන අවහිරකලද දස දහසක ජනකායක් මෙය වෙත ඇදී ආහ. දැඩි සුළං තත්වය විදුලි සෝපාන දෙකක් ක්‍රියාවිරහිත කිරීමට හේතු විය. ඒ හේතුවෙන් යම් නරඹන්නන් සංඛාවකට නැරඹුම් මැදිරියේ සිරවී සිටීමටද සිදුවිය.

හිමිකරුවන් පවසන අන්දමට පළමු සතිය ඇතුළත මිලියන 1.6ක ජනකායක් ස්කයිට්‍රී වෙත පැමිණ ඇත. දේශීය පදිංචිකරුවන් පවසනලද අන්දමට නරඹන්නන්ගේ ගලා ඒම ඔවුන්ගේ ප්‍රජාවෙහි බාධාවක් වී ඇත. එසේ වුවද මේ හේතුවෙන් යම්කිසි ආර්ථික වාසියක්ද ප්‍රදේශයට අත් වී ඇත.

ආශ්‍රිත සංස්කරණය

යොමු සංස්කරණය

සටහන්

මුලාශ්‍ර

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ටෝකියෝ_ස්කයිට්‍රී&oldid=592123" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි