ප්‍රවර්ධන දැන්වීම

අධ්‍යක්ෂණය පීටර් ජැක්සන්

නිෂ්පාදනය බැරී M. ඔස්බර්න් ෆ්‍රෑන් වොල්ෂ්

නවකතාව :

J.R.R. ටොල්කීන්

තිර රචනය :

රචනය ෆ්‍රෑන් වොල්ෂ් ෆිල්පා බොයෙන්ස් පීටර් ජැක්සන්

එලිජා වුඩ් සින් ඇස්ටින් විගෝ මෝර්ටෙන්සන් ලෑන් මැකලන් ඇන්ඩි සර්කිස් ලිව් ටයිලර් කේට් බ්ලැන්චට්

ප්‍රධාන ජෝන් රිස් - ඩේවිස් බර්නාඩ් හිල් ක්‍රිස්ටෝර්පර් ලී බිලි බොයිඩ් ඩොමිනික් මොනගන් ඕලන්ඩෝ බ්ලූම් හියුගෝ වීවින්ග් මිරැන්ඩා ඔටෝ ඩේවිඩ් වෙන්හැම් බ්‍රැඩ් ඩවුරිෆ් කාර්ල් අර්බන් ජෝන් නොබෙල් සීන් බීන්

සංගීතය හොවර්ඩ් ෂෝ

සිනමාකරණය ඇන්ඩෘ ලෙස්නි

සංස්කරණය ජෙමී සෙල්කර්ක්

බෙදාහැරීම ඇමරිකා එක්සත් ජනපදය - New Line Cinema ඇමරිකා එක්සත් ජනපදය හැර වෙනත් විවිධ බෙදාහරින්නන්

නිකුත්කළ දින (ය) 2003 දෙසැම්බර් 17

සිනමා දර්ශනය :

ධාවන කාලය මීටර් 200

දීර්ඝ කළ සංස්කරණය :

මීටර් 252

රට නවසීලන්තය එක්සත් ජනපදය

භාෂාව ඉංග්‍රීසි

වියදම ඩොලර් මිලියන 94

දළ ආදායම ඩොලර් 1,119,263,306

මුල් කෘතිය The Lord of the Rings : The Two Towers


The Lord of the ring : The Return of the King යනු පීටර් ජැක්සන් විසින් සම රචනා කළ සම නිෂ්පාදනය කළ මනඃකල්පිත වීර චරිත චිත්‍රපටයකි. මෙය ප්‍රධාන වශයෙන් J.R.R වොල්‍කීන්ගේ ‘The Lord of the Rings’ කාතියෙහි තුන්වන වෙළුම මත පදනම් වී ඇති අතර (නමුත් දෙවන වෙළුමෙහි කොටස් ද ඇතුළත් වේ.) එය ‘The Lord of the Rings’ චිත්‍රපට ත්‍රිත්වයෙහි අවසාන චිත්‍රපටය වේ. එය ‘The Fellowship of the Rings’ සහ ‘The Two Towers’ අනුව දිවෙන අතර සම චිත්‍රපටවලට සමගාමීව චිත්‍රපටයට නගා ඇත.

සවුරන් විසින් භූමි මධ්‍යය ආක්‍රමණය කිරීමේ ඔහුගේ අවසාන අදියරත් දියත් කිරීමත් සමග, මායාකාර ගැන්ඩාෆ් සහ රෝහන්හි රජු තිඔ‍ඩන් විසින් ඉදිරියෙන් පැමිණෙන තර්ජනයෙන් ගොන්ඩර්හි අගනුවර වන මිනාස් ටිරිත් ආරක්ෂා කර ගැනීමට සිය හමුදාවන් රැස් කරති. ඇරගන් අවසානයේදී ගොන්ඩර් අත්පත් කරගන්නා අතර ඔහු විසින් සෞරන් පරාජය කිරීම පිණිස උදවු ලබා ගැනීමට භූත සේනාවක් කැඳවයි. අවසානයේදී අවසානයේදී ආයුවල සියළු බලයන් හමුදාවේ වුවද ඔවුන්ට ජයගත නොහැකි බව ඔවුන් තේරුම් ගනී; හොබිට්ස්, ෆ්‍රෝඩෝ, සහ සෑමි තිදෙනාට මුද්දේ වගකීම පැවරෙන අතර ගොලමි ඔවුන්ට ද්‍රෝහි වේ, අවසානයේදී ඔවුන් මෝඩෝහි One Ring විනාශ කරනු ලැබේ.

2003 නොවැම්බර් 17 වන දින නිකුත් වූ ‘The Lord of the ring : The Return of the King’ චිත්‍රපටය, වැඩිම විවේචක ප්‍රසාදය දිනූ චිත්‍රපටි අතුරින් 1 ක් සහ මෙතෙක් වැඩිම බොක්ස් ඔෆිස් සම්මානය ලැබූ චිත්‍රපටය බවට පත් විය. එය යෝජිත ඇකඩමි සම්මාන එකොළහම ජයග්‍රහණය කළ අතර, එමගින් මෙය වැඩිම ඇකඩමි සම්මාණ ජයග්‍රහණය වෙනුවෙන් ‘ටයිටැනික්’ සහ ‘බෙන් - හර්’ චිත්‍රපට සමග සම තත්වයට පත් වේ. මෙය හොඳම චිත්‍රපටය සඳහා ඇකඩමි සම්මානයද ජයග්‍රහණය කළ අතර එම ජයග්‍රහණය මනඃකල්පිත චිත්‍රපටයක් ඉතිහාසයේ පළමුවරට ලැබූ අවස්ථාව එය විය.එසේම එය ‘ටයිටැනික්’ චිත්‍රපටයට පිටුපසින් සිටිමින් මෙතෙක් ලොව පුරා දෙවැනි වැඩිම ආදායම් ලද චිත්‍රපටය බවටද, චිත්‍රපට මාලාවෙහි වැඩිම සාර්ථකත්වය ලැබූ චිත්‍රපටය බවටද පත් විය‍. මෙහි විශේෂ දීර්ඝ කරන ලද සංස්කරණය, චිත්‍රපටයේ විවිධ කොටස් සහිත අතිරේක මිනිත්තු 52 න් සමන්විත වන අතර එහි DVD තැටිය 2004 දෙසැම්බර් 14 වන දින නිකුත් කරන ලදී.


ගොනුව:EsdlaIII.jpg

References සංස්කරණය

http://en.wikipedia.org/wiki/The_Lord_of_the_Rings:_The_Return_of_the_King

"https://si.wikipedia.org/w/index.php?title=The_Lord_of_the_ring_:_The_Return_of_the_King&oldid=429187" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි