[1] සංරක්ෂණය කළ පිටපත 2022-01-18 at the Wayback Machine

      වංශ කථා

                    වංශ කථාවලට අනුව මුළු තුන් සිංහලයම එක්සේසත් කළ දුටුගැමුණු රජතුමා කුඩා කාලයේදී ගාමිණි කුමරු නම්විය. පිය රජතුමා ගාමිණි හා තිස්ස කුමරුවන් කැඳවා එවකට අනුරාධපුර රාජධානිය කරගත් එලාර රජු සමඟ යුධ නොවදින ලෙසට පොරොන්දු කරවා ගැනීමට උත්සහ කළත් ගාමිණි කුමරු එයට එකඟ නොවීය. මේ නිසා ලිය රජුට ස්ත‍්‍රී ආභරණ යැවීම හේතුවෙන් ඔහු දුෂ්ට ගාමිණි නම්විය.පසු කලෙක මුළු සිරිලකම එක්සේසත් කොට දුටු ගැමුණු රජ නමින් රජවිය.


ජනප‍්‍රවාද

                        ද්‍රවිඩ රජෙකු වූ එළාර රජු දුටුගැමුණු විසින් යුද්ධයෙන් පරාජය කොට රජවීමෙන් පසු එළාර රජුගේ දෙමළ සේනාවෝ හිසු ලූ ලූ අත පළා යන්නට විය. එයින් ප‍්‍රමුඛ ස්ථානයක් ගත්් හැඩි දෙමළ පුරුෂයෙනු වු සුන්දර නැමැත්තා ඇති තරමු වස්තුව රුගෙන පළායන අවස්ථාවේදී මනරම් කඳු ගැටයක් දැක එහි ගුහාවක් තනා වස්තුව ආරක්ෂා කරමින් එහි වාසය කළේය. එකළ සක්දරවල ප‍්‍රදේශය ඝන ලඳු කැළෑවකින් වැසී තිබුණි. කල් යත්ම මිනිසුන් කැළෑ එළිහෙහෙළි කරමින් ජනාවාස ඉදිකිරිමට පටන් ගත්හ. එම අවස්ථාවේදි සුන්දර නැමති හැඩි දෙමළා බියට පත්ව කඳු පාමුල වලක් කපා සියළු වස්තුව එහි සගවා ගල්තලාවකින් වැසු බව පැවසේ.එම නිසා එම ස්ථානය සන්දරවල වී ඇත. පසුකලෙක ජනාවාස වීමෙන් පසුව හැඩිදෙමළා සැඟව සිටි කන්දේ පන්සලක් තනවා ඇත. එකළ කොළ වලින් අසුරා කොළ වලින්ම පන්සල සාදා ඇති නිසා එය පුණ්‍ය ශාලානම් විය. එමප න්සල හැඩිදෙමළ කන්ද ලෙසින් හැඳින්වූ බව ජනප‍්‍රවාදයේ එයි. එය දුටුගැමුණු රජු හා සම්බන්ධතාවක් ඇති බැවින් දුටුගැමුණු රජමහා විහාරය ලෙස හඳුන්වනු ලබයි.


මිෂනාරි අධ්‍යාපනය

                          විදේශීය ආක‍්‍රමණ හේතුවෙන් එවකට පැවති පන්සල් සියල්ල විනාශවිය. බෞද්ධයන් තලාපෙළ දැමුහ. සිංහල බෞද්ධයන් කිතු දහමට නැඹුරුකර ගත්හ. රටතුළ ඒ ඒ අගනගරයන්හි දෙවු මැදුරු තනා මිිෂනාරි අධ්‍යාපන ආයතන පිහිටුවීම නිසා සාමාන්‍ය ගුරුවරයකු විදුහල්පතිවරයකු වශයෙන් එවන ලදි. එතැන් පටන් නේවාසිකාගාරද නැතිවිය. මෙම පාසලේ පරිගණක ගුරුවරයා දුරබැහැර සිට කිසිවකුගේ උදව්වක් නොමැතිව මෙම පාසලට සිථාන මාරුවක් ලබා පැමිණ ඇති. ටික දවසක් යත්ම රතනසාරයේ පරිගණකයට දක්ෂ ගුරුවරයකු සිටටියයි බද්දේගම සුපිරි ඝනයේ පාසල් අතර පැතිර යන්නට විය. මෙම පාලස් එම ගුරුතුමා ලබා ගැනීමට පොර බැදුහ. එහෙත් එතුමාට ඒමට කිසිවකු උදවු කළේ නැත. එතුමා ලබා ගැනීමට නම් ඔනෑතරම් විදුහල්පතිවරු ආහ. නමුත් පළාත් සභා පාසලකින් වෙනත් පාසලකට ස්ථානමාරු ලබා ගැනීම අතිශයන් දුෂ්කරය.


රතනසාර හිමියන්ගේ පැමිණිම හා මිශ‍්‍ර පාසලක් පිහිටුවීම

                      කහවේ ශ‍්‍රී රතනසාර හිමියන් විසින් මෙතෙන් පැවති පිරිමි පාසල වෙනුවට ගැහැණු ළමයින්ද ඇකුළත් කරමින් ඉංශ‍්‍රීසී බෞද්ධ අධ්‍යාපනයේ මිශ‍්‍ර පාසලක් ලෙස වේදිකා සහිත නව දෙමහල් ගොඩනැගිල්ලක් තනවා මෙතෙක් පැවති පාසලක් ලෙස ගාමිණි ඉංග්ලිෂ් හයා ස්කූල් වෙනුවට ශ‍්‍රී රතනසාර විද්‍යාලය යනුවෙන් නම් කෙරිණි. අප ගෞරවණීය ගනේගම හිමිපාණෝ ගෙයින් ගෙට ගොස් තම දරුවන් මේ පාසලට එවන ලෙෂ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියහ. එකලවැඩි කොටසක් වතු අධිකාරින් වුයේ ද්‍රවිඩ මහතුන් නිසා ඔවුන්ගේ දරුවන්ද මෙම පාසලට එවන ලදි. ගුණදාස අමරසේකර ශූරීන්ගේ කරුමක්කාරයෝ නව කතාවේ තැනක මා රක්නසාරයේ ඉංශ‍්‍රිසි උගන්නා කාලයේ යනුවෙන් සදහන් කර ඇත.

ආරම්භ කළ වර්ෂය 1927 මැයි 17
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව 02
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව 10
මුල් ගුරුතුමාගේ නම එම්. ඒ. ජයසේන මහතා
පාසලේ ආදි කතෘගේ නම ඩේවිඩ් ගුණවර්ධන මහතා
පාසලේ මුල් ගොඩනැගිලි ගණන 01
පාසලේ නම රතනසාර මහා විද්‍යාලය
පාසල භාරව කටයුතු කිරීම ජී.වී. හල්පොල මහතා
පාසල රජයට පවරාගත් දිනය 1956 දී
පාසල පැවැත්වූ ස්ථානය මහනුවර, මුල්ගම ගම්මානයේ පැරණි ගම්සභා ගොඩනැගිල්ල
ප්‍රථම ශිෂ්‍යයාගේ නම ඕ.එල්.විමලපාල
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම ආර්.එම්. විමලාවතී
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව 1940 දෙසැම්බර් 10 දින

       

  • පාසලේ දැක්ම

නිපුණතා සපිරි පූර්ණ මිනිසෙකු ලොවට දායාද කිරීම.

  • අපගේ මෙහෙවර

නිපුණතා සපිරි සෞඛ්‍ය සම්පන්න විනයගරුක මනා පෞරුෂයකින් හෙබි සිසු දරු කැළක් දැයට දායාද කිරීම සඳහා ගුණාත්මක හා ඵලදායී ඉගෙනුම් අවස්ථා සම්පාදනය කිරීම අපගේ මෙහෙවරයි.

I'm Rashmi Rashara

Rathanasara national college,Baddegama

"https://si.wikipedia.org/w/index.php?title=Rathanasara_maha_vidyalaya_baddegama&oldid=591162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි