අයිෆෝන් 6එස්

(IPhone 6S වෙතින් යළි-යොමු කරන ලදි)

අයිෆෝන් 6එස් යනු .Inc සමාගම විසින් අලෙවි කරන ස්මාට් ජංගම දුරකතනයකි.

අයිෆෝන් එස්
කේතනාමයඑන්71
සන්නම .Inc
පරම්පරාව9 වන
සංගත ජාලයන්GSM,CDMA,3G,HSPA
පළමු නිකුතුවසැප්තැම්බර් 11, 2015; වසර 8 කට පෙර (2015-09-11)
රට අනුව සුලබතාවයසැප්තැම්බර් 2015 (2015-09)
පූර්වප්‍රාප්තිකයාඅයිෆෝන් 6
අනුප්‍රාප්තිකයාඅයිෆෝන් 6එස් ප්ලස්[තහවුරු කර නොමැත]
සම්බන්ධිතඅයිෆෝන් එස්.ඊ
වර්ගයස්මාර්ට් ජංගම දුරකථන
ආකාර සාධකයලෑල්ල
මානඋස 138.3 mm (5.44 in)
පළල 67.1 mm (2.64 in)
තිරය 7.1 mm (0.28 in)
බර143 g (5.0 oz)
iOS
  • 9
  • 9.3.5දක්වා උත්ශ්‍රේණි කළ හැක
චිපය මත පද්ධතියApple A9
සීපීයූDual-core 1.8 ගිගාහර්ට්ස්
මතකයගිගාබයිට් 2
ගබඩාකරණයගිගාබයිට් 16,64,128
අපහරණීය මාධ්‍යයනැත
තිරය4එල්.ඊ.ඩී backlit IPS එල්.සී.ඩී.,Capacitive touch screen,16M colour,3D ටච්

iPhone 6s ගැන සම්පූර්ණයෙන් දැනගන්න.

අලුත් iPhone එකක් කියන්නේ ලෝකෙම excite වෙන දෙයක් ඉතින් අපි බලමු අලුත් iPhone එක කොහොමද කියලා.

Design ඩිසයින් අලුත් iPhone 6s එකයි iPhone 6 අතරේ වෙනස බැලු බැල්මට නම් කියන්න අමාරුයි. වෙනස කියන්න පුලුවන් ලේසිම විදිහ තමයි iPhone6s එකේ Rose Gold colour එක. අපි දැකලා තියෙනවා පහුගිය අවුරදු දෙකේ විතර watch designers, jewellery, accessory designersලා ගොඩක් මේ Rose Gold පාටට ගිහින් තියෙනවා ඉතින් iPhone 6s එකේදී Apple එකෙනුත් එහෙම කරලා තියෙනවා. ඉතින් ඔයාගේ තියෙන්නේ iPhone 6s එකක් කියලා පෙන්නන්න උවමනාවක් තියෙනවානම් මේ Rose Gold පාට iPhone 6s එකක් ගන්න.

ඩිසයින් එකේ නොපෙනෙන ඒත් ගොඩක් වැදගත් දෙයක් තමයි iPhone 6s එක හදන්න පාවිච්චි කරලා තියෙන අලුත් aluminium series එක. ඒත් එක්කම මේ වොලියුම් buttons ඇතුලතින් body එක තවත් ශක්තිමත් කරලා තියෙනවා ඒනිසා ගිය පාර iPhone 6 එක වගේ මේක සාක්කුවේ දාගන්න බය වෙන්න වෙන එකක් නැහැ. මේ පාර නම් iPhone 6s එක නැවෙන එකක් නැහැ.

මතක තියාගන්න බැලු බැල්මට වෙනසක් නොපෙනුනාට iPhone 6s එක iPhone 6 එකට වඩා හැම උස, පළල, හා ඝනකම යන හැම අතින්ම වැඩි නිසා iPhone 6 එකේ cases මේකට පාවිච්චි කරන්න වෙන්නේ නැහැ.

Specs ඕනෑම ගැජට් එකක අපි බලන්නම ආස අලුත් specs මොනවද කියලා. iPhone 6s එක ඒ පැත්තෙන් නම් iPhone 6 එකට වඩා සැහෙන්න වෙනස්.iPhone එකේ s models වලින් කියන්නේ Speed කියන එකයි ඉතින් ඇත්තටම iPhone 6s එකට ඒ නම හොඳටම ගැලපෙනවා මොකද මේ iPhoneඑක ගින්දර වගේ, පට්ට speed. iPhone 6s එකේ ප්‍රොසෙසර් එක අලුත් Apple A9 64 bit චිප් එක Dual Core 1.84 GHz චිප් එකක්. 2GB RAM මෙමරි, GT 7600 GPU එක්ක මේ චිප් එක එක්කහු වුනාම් ඕනෑම app එකක් lightening speed එකෙන් වැඩ කරනවා.

ඩිස්ප්ලේ – DISPLAY 3D TOUCH iPhone 6s ඩිස්ප්ලේ එකේ ස්පෙක්ස් අතින් නම් ලොකු චේන්ජ් එකක් නැහැ අඟල් 4.7 පික්සල් 750 X 1334 අඟලට පික්සල් 326ක් තියෙන IPS LCD ඩිස්ප්ලේ එකක් තමයි තියෙන්නේ. ඒ වුණාට මේ ඩිස්ප්ලේ එකේ ලොකු වෙනසක් තියෙනවා. ඒ තමයි අපි ඩිස්ප්ලේ එකත් එක්ක interact කරන විදිහ. මේ ෆෝන් එකත් එක්ක Apple 3D Touch කියන ෆීචර් එක හඳුන්වලා දෙනවා. 3D Touch එකෙන් වෙන්නේ අපේ ඇඟිල්ල ඩිස්ප්ලේ එකට දෙන ප්‍රෙෂර් එක අනුව අපිට වෙනස් ඩිස්ප්ලේ ඔප්ෂන් දෙන ටෙක්නොලොජි එකක්.

App icon එකකට ගිහිල්ලා ප්‍රෙෂර් කරලා ටච් කලහම 3D Touch සපෝට් කරන app එකක් නම් app එක ඇතුලට යන්නේ නැතුව එතනම ඔප්ෂන් කිහිපයක් අපිට දෙනවා. App එකක් ඇතුලේ නම් ඒකෙ සපෝට් කරන වෙනත් ඔප්ෂන් අපිට ලබා දෙනවා. දැනට Apple apps කිහිපයකුයි 3rd පාටි apps පොඩ්ඩකුයි විතරයි මේ 3D Touch ෆීචර් එකට ඔප්ටිමයිස් කරලා තියෙන්නේ. ඒත් developers ටක්ගාලා 3D Touch වලට එගොල්ලොන්ගේ apps අප්ඩේට් කරාවි.

CAMERA iPhone 6s එකේ කැමරා එකේ සෙන්සර් එක දැන් මෙගාපික්සල් 12ක් ඒ කියන්නේ ඕගොල්ලන්ට ආසනම් 4K UHD විඩියෝස් ෂූට් කරන්න පුළුවන් ඒ වුනාට මේ යුනිට් එක වගේ 16GB එකක් ගත්තොත් නම් 4K විඩියෝ ෂුට් කරන එකනම් එච්චර ඇඟට ගුන නැහැ. ඇත්තටම මම දන්නේ නැහැ ඇයි මේ ෆෝන් manufacturersලා තාම 16GB ෆෝන් හදන්නේ අයි කියලා.

මේ අලුත් සෙන්සර් එකෙත් එක්ක Apple කැමරා app එක වැඩ කරනකොට ගොඩක් පහසුවෙන් ඉතා හොඳ ෆොටෝස් ගන්න පුළුවන්. අපි ගත්ත මේ ෆොටෝස් වලින් පේන්නේ iPhone 6 එකට වඩා ටිකක් නැචුරල් කලර්ස් iPhone 6s එකේ කැමරා එකෙන් ගන්නවා කියන එකයි.

iPhone 6s එකේ කැමරා එකේ අලුත් ෆීච්ර් එකක් තියෙනවා Live ෆෝටෝස් කියලා. මේක iPhone 6s ටීවි ad එකෙත් ඒගොල්ලෝ පෙන්නනවා. මෙතන ඇත්තටම වෙන්නේ ෆොටෝ එකේ ෂටර් බට්න් එක ඔබන්න තත්පර 1.5කට කලිනුයි ඔබලා ඉවරවෙලා තත්පර 1.5 කුයි iPhone 6s කැමරා එකෙන් කැප්චර් කරනවා. ෂුට් කරන ගමන් live කියන indication එකත් කැමරා interface එකේ අපිට පේනවා. මේකෙන් වෙන්නේ අපි ෆෝටෝස් බලනකොට ගත්ත ෆෝටෝ එක 3D Touch කලාම ඒක sound එක්ක පොඩි මූවි එකක් වගේ ප්ලේ වෙනවා. මෙහෙම වුනාට මේක යාලුවෙක් එක්ක ශෙයා කරන්න හැදුවොත් නෝමල් පික්චර් එක විතරයි යන්නේ. ඉතින් ඇත්තටම මේක පලවෙනි පාරවල් කිහිපය ෆුල් ෆන් වුනාට ඒ ෆන් එක වැඩි කල් තියෙන්නේ නැහැ.

විඩියෝ රේකොඩින් අතින් කලින් කීවා වගේ 30 FPS 4K, ෆුල් HD 120 FPS සහ 720P 240 FPS වීඩියෝ ෂුට් කරන්න අලුත් iPhone 6s එකෙන් පුළුවන්

බැටරි ලයිෆ් එක අතින් ගිය අවුරුද්දේ බැට්රි එකට වඩා අලුත් iPhone 6s එකේ බැට්රි එක පොඩ්ඩක් පොඩියි ඒ වුණාට ඒ වගේම හොඳ බැට්රි ලයිෆ් එකක් අලුත් iPhone 6s එකෙන් ලැබෙනවා.

ඉතින් අලුත් iPhone 6s එකෙන් ඇත්තටම s අකුරට හරියන විදිහට high speed පෆෝමන්ස්, super ෆෝටෝස්, 4K විඩියෝ සහ නුදුරු අනාගතයේ apps ඔප්ටිමයිස් වුනාම 3D Touchexperience එක කියන මේ හැම දෙයක්ම තියෙන අලුත් iPhone6s දැන් ඔබටත් ගන්න පුලුවන්.

අnjula Madusanka

"https://si.wikipedia.org/w/index.php?title=අයිෆෝන්_6එස්&oldid=441335" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි