2001 සැප්තැම්බර් 11 බෝම්බකරැවන්ගේ වගතුග

1. මොහොමඩ් සිඩික් කාන් (30) - එඩ්ග්වෙයාර්හිදි උමං මාර්ගය උදෑසන 8.50 ගර්භණි බිරිද හා දරුවා සමග ඩිවුස්බරිහි ජිවත් විය.( අසාර්ථක හසීනා පටෙල් උපාය - 2005 )

2. ෂෙහාඩ් තන්වීර් (22) - ඇල්ගේට් උමං මාර්ගය උදෑසන 8.50 මව හා මාළු චීප් අවහන්හලක සේවය කළ පියා සමග ජිවත් වි ඇත.

3. ජර්මේන් ලින්ඩ්ස්සේ (19) - රසල් චතුරස්‍රය උදැසන 8.50 බකින්හැම්ෂයර් හිදි එයිල්ස්බරි හි තම ගර්භණි බිරිද සමග ජිවත් වී ඇත.

4. හසීබ් හුසේන් (18) ටැවිස්ටොක් චතුරස්‍රය උදෑසන 9.47 ලිඩ්ස් හි තම සොයුරැ ඉම්රාන් හා ඥාති සොයුරිය වන ෂෂියා සමග ජිවත් විය.


ලුටන් ජාලය බෝම්බකරුවන් හා අල්කයිඩා ජාලය ක්‍රියාත්මක වු බෙඩ්ෂෝර්ඩිෂයර්හි ලුටන් හි අල්කයිඩා සමග සබඳතා තිබුණේ යැයි උපකල්පනය කරයි. එම සබඳතා 2004 අගෝස්තු හිදි බිඳී ගොස් ඇත.අල්කයිඩා ක්‍රියාකාරියෙකු වු මොහොමඩ් හසීම් කාන් පකිස්තානයේ ලාහෝර් හිදී අත්තඩංගුවට ගත් පසු මෙම කණ්ඩායම පිළිබදව හෙළිදරව් විය. ලංඩනයේ උමං දුම්රිය මාර්ග බෝම්බ පිළිබද සැළසුම මොහුගේ නිව්යෝර්ක් හා වොෂිංටන් මුල්‍යය ගොඩනැගිල්ල‍ට බෝම්බ ප්‍රහාර එල්ල කිරිම පිළිබද සැළසුම්ද මොහුගේ ලැප්ටොප් පරිඝණකයේ තිබු බවට සොයා ගෙන ඇත. මෙම කණ්ඩායම වසන් වී සිට ඇති මුත් 2004 අගොස්තු 2වන දා " නිව්යෝර්ක් ටයිම්ස්" පුවත්පත ඔහුගේ නම ප්‍රසිද්ධියට පත් කරන ලදී. මෙම හෙලිදරව්ව සමග බ්‍රිතාන්‍යය හා කැනඩා පොලිසියට තම පරික්ෂණ අවසන් වීමට ප්‍රථම මොහු අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණි. ඇ.එ.ජ. ආන්ඩුව පසුව ප්‍රකාශ කරන ලද්දේ මෙම පුද්ගලයාගේ නම සමහර වාර්තාකරැවන් වෙත ලබා දෙන ලද්දේ පසුබිම් තොරතුරැ සදහා වන බවත් ඊට ඇ.එ.ජ.ස්වදේශි ආරක්ෂක ලේකම් වන ටොම් රිප් විසින් සමාව ගන්නා බවත්ය. ලුටන් ජාලය බිද වැටීමත් සමග, ලංඩන් බෝම්බ පිපිරිමට සම්බන්ධ මොහොමඩ් සිඩික් කාන් (ඥාතින් පිළිබද වාර්තා නැත.) පිළිබදව පරික්ෂාවට ලක් කලත්, එම පරික්ෂාවන් සිදු m15 මගින් නිගමනය කරන ලද්දේ ඔහු තර්ජනයක් නොවන බවත් ඔහු පිළිබද පරික්ෂාවෙන් සිටිම අවශ්‍ය බවත්ය.

2007 මාර්තු අත්තඩංගුවට ගැනීම

2007 මාර්තු 22 වන දින 7/7 බෝම්බ පිපිරවීම පිළිබද සැකපිට පුද්ගලයන් තිදෙනෙක් අත්තඩංගුවට ගත්හ. ඉන් දෙදෙනෙක් අත්තඩංගුවට පත් වුයේ මැන්චැස්ටර් ගුවන් තොටුපළේ දීය. ඔවුන් එදින පකිස්තානය බලා පිටත්ව යාමට තිබු පස්වරැ 4.30 ගුවන්යානයට ගොඩ වීමට බලාපොරොත්තුවෙන් උන්හ. මෙම පුද්ගලයන් පසුපස රහසිගතව පොලිස් නිළධාරින් පිරිසක් යැවීමට කටයුතු යොදා තිබු අතර එදින මොවුන් අත්තඩංගුවට ගැනීම සදහා සුදානමක් නොතිබිණී. එහෙත් බ්‍රිතාන්‍යයෙන් පිට වුවහොත් අවදානමකට මුහුණ දිමට සිදුවන බව පොලිසියට ඒත්තු ගැන්වී තිබුණි. අනෙක් පුද්ගලයා අත්තඩංගුවට ලනු ලැබුවේ බටහිර යෝර්ක්‍ෂයර්හි ලීඩ්ස් ප්‍රදේශයේ ප්‍රහාරයට පුථම මරාගෙන මැරෙන බෝම්බ කරැවන්ගෙන් එක් අයෙකු ජිවත්ව සිට ඇත.