රත්නජීවන් හූල්.. සංස්කරණය

අාණ්ඩු පක්ෂ යයි කියා ගන්නා අයගේ විග්‍රහය 2020 දී සංස්කරණය

1952 සැප්තැම්බර් 15 උපත ලබන රත්නජීවන් හූල් හෙවත් ජීවන් හූල් යනු කවුද..? මොහු 1975 දි විද්‍යූත් ඉංජිනේරුවෙකු ලෙස කටුබැද්ද විශ්වවිද්‍යාල යෙන් එළියට එනවා. ඉන්පසුව ඔහු සිංගප්පූරුවට යනවා.

ඔහු 1980 දශකයෙ නයිජීරීයාවෙ බහු තාක්ෂණික ආයතනයක ( Polytechnic ) ගුරුවරයෙක්  විදියට වැඩ කරනවා. ඔහු එහි සිටියදි LTTE සංවිධානයට අරමුදල් එකතු කරන ක්‍රියාකාරිකයෙක් ලෙස වැඩ කරනවා. ලංකාවෙ දෙමළ  ගුරුවරුන්ට නයිජීරියාවේ රැකියා ලබා දීලා විශාල ලෙස කප්පම් එකතු කරනවා.

එම එකතු කරන මුදල් ලංකාවෙ දෙමළ ජාතිකයෙකුට අයත් පෞද්ගලික ජෙට් යානයක දෙමළ ගුවන් නියමුවෙකු මාර්ගයෙන් ලංකාවට එවනවා. ඉන්පසුව හූල් නයිජීරීයාවෙන් කැනඩාවට එනවා. නයිජීරියාවෙන් කැනඩාවට ඇවිත් කැනඩාවේ ක්යුබෙක් ප්‍රාන්තය රටින් වෙන්වීමට කරන අරගලයට උදව් කරනවා. ඉන් පස්සේ USA ගිහින් ලොකු කොටි ව්‍යාපාරිකයෙක් වෙන රාජරත්නම් සමග සම්බන්ධකම් පැවැත් වු බවට සැක කරනවා. 1999 දි ලංකාවට පැමිණ ඔහු රුහුණු විශ්වවිද්‍යාලය හා සම්බන්ධ වෙනවා. 1999 දෙසැම්බර් සිට 2003 දක්වා මොහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයට සම්බන්ධ වෙනවා. 2003 සිට 2006 දක්වා මොහු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ වැඩ කරනවා. ඒ කාලය අතර තුර අයථා පත්කිරීම් සම්බන්ධයෙන් මොහුට චෝදනා එල්ල වෙනවා

2006 දි මොහු යාපනය විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස පත් කරනවා. ඔහු හින්දු ආගමිකයෙකු නොවන ඇන්ග්ලිකන් ආගමිකයෙකු නිසා යාපනය විශ්වවිද්‍යාලය තුළ මොහුට විරුද්ධව විරෝධයක් ඇති වෙනවා. මොහු එය LTTE විරෝධතාවක් ලෙස ලෝකයට පෙන්නනවා. ඉන්පසුව මොහු මිචිගන් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස වැඩ කරනවා. 2010 නැවත ලංකාවට පැමිණෙන මොහුව 2011 දි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නැවත යාපනය උපකුලපති ලෙස පත් කරනවා. මේ පත්කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් සිය විධායක බලතල යොදා ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට වසන්ති අර්සරත්නම්ව පත් කරනවා.

මෙන්න මේ ප්‍රතික්ෂේප කිරීමත් සමග හූල්ගෙ රාජපක්ෂ විරෝධය දැඩි වෙනවා. 2015 යහපාලන රජය ඇවිත් මැතිවරණ කොමිසමක් ගේනවා. මේ අන පනත් සැකසීමෙ පිටුපස සිටි මහමොලකරුවන් තමයි සුමන්තිරන් සහ ජයම්පති වික්‍රමරත්නලා. ( ජයම්පති වික්‍රමරත්න දැන් ඇමරිකාවේ) මැතිවරණ කොමිසමේ ප්‍රධාන නිලධාරීන් තූන් දෙනයි. රනිල් වික්‍රමසිංහ විසින් ලංකාවෙ සිටින ලොකුම රාජ්‍ය නොවන සංවිධායෙක් වන පාක්‍යසෝති සරවනමුත්තු සහ සුමන්තිරන්ගෙ බලපෑම් මත ඒ සඳහා කිසිඳු සුදුසුකමක් නැති විද්‍යූත් ඉංජිනේරුවෙකු වන රත්නජීවන් හූල්ව පත් කරනවා. මොහුව හඳුන්වන්නෙ " Hidden master brain of LTTE " එනම් " LTTE සැඟවුනු මහ මොලය " ලෙසයි. මොහු ඇමරිකානු පුරවැසියෙක්. මේ ඉතිහාසය දන්නෙ කිහිපදෙනා යි. එයින් කිහිප දෙනෙක් අදත් ජීවතුන් අතර ඉන්නවා. ඔවුන් මේ කරුණු ජනතාව ඉදිරියට ගෙන ඒමට සූදානම්. මේ එහි පලමු වෙඩි මුරය යි. මෙවැනි පුද්ගලයන් සිටින ස්වාධින මැතිවරණ කොමිසම ඔබ තවදුරටත් විශ්වාස කරනවාද?

විරුද්ධ පක්ෂය යයි කියා ගන්නා අයගේ විග්‍රය 2020 දී සංස්කරණය

ඇතැමුන්ගේ වෛරයට පාත්‍ර වූ මහාචාර්ය රත්නජීවන් හූල් කවුද? යුද්ධය සමයේ යාපනයේ සැබෑ ජන ජීවිතය, LTTE ත්‍රස්තවාදයේ සැබෑ මුහුණුවර ලොවට හෙළි කර The Broken Palmyra ග්‍රන්ථයේ ප්‍රධාන කර්තෘ වූයේ ඔහු ගේ සොහොයුරු රාජන් හූල්ය. (එහි සම කතෘවරියක වූ වෛද්‍ය රාජිනී තිරාණගම මහත්මියව පොත නිකුත් කොට සති කිහිපයකින්, 1989 සැප්තැම්බර් 21, යාපනයේදී LTTE විසින් වෙඩි තබා මරා දමන ලදී. මෙම පොත මුද්‍රණය කොට ප්‍රකාශයට පත්කරන ලද්දේ රත්නජීවන් හූල් විසින්ය). LTTE ම්ලේච්ඡත්වයට එරෙහිව පෙනී සිටීම වෙනුවෙන් තමන්ටත් තම පවුලේ උදවියටත් විඳින්නට සිදුවූ අනේක ගැහැට ගැන ඔහු අප සමග නිතර පවසා තිබේ. අවසානයේ දී ඔහුට ඉතිරි වූ එකම විකල්පය වූයේ තම රැකියාව ඉඩකඩම් සියල්ල අතහැර තමාගෙත් තම පවුලේ සාමාජිකයන්ගේත් ජීවිත බේරා ගැනීම සඳහා රටින් පැන යෑමටය. ත්‍රස්තවාදයේ අත්දැකීම් පිළිබඳ ඔහු අප සමග පැවසුවේ "සිංහල දෙමළ මුස්ලිම් අපි සියලු දෙනා තුළම "ත්‍රස්තවාදියෙකු" සිටීමට ඉඩ ඇත. එය මුලින්ම මතු වන්නේ තමාගේ ජාතියේ කෙනා කරන වැරදි ක්‍රියා විවේචනය කිරීමට මැලි වීමෙන් හෝ ඒවා අනුමත කිරීමෙනි" යනුවෙනි. සැමුවෙල් රත්නජීවන් හර්බට් හූල් උපත ලැබුවේ වේයන්ගොඩය. ඒ 1952 සැප්තැම්බර් 15 දිනය. හූල් ගේ පියා එවකට ලංකා සභාවේ වේයන්ගොඩ මීසම භාරව සිටි පියතුමා විය. 1956 හඳුන්වාදුන් ස්වභාෂා ප්‍රතිපත්තිය ලංකා සභාවටද බලපෑවේය. හූල් දේවගැතිතුමාට සිංහල භාෂාව කතා කළ හැකි මුත් කියවිය නොහැකි වූ නිසා ඔහුට නල්ලූර් දේවස්ථානයට ස්ථාන මාරුවක් ලැබුණි. රත්නජීවන් අධ්‍යාපනය ලැබුවේ යාපනය ශාන්ත ජෝන් විදුහලේය. 1970 දී ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් විය. 1970 පත්වුණු සමගි පෙරමුණු රජය හදුන්වා දුන් ප්‍රමිතිකරණ ක්‍රමයේ (standardization) වින්දිතයකු බවට පත් වන රත්නජීවන්ට ටික දිනකින් කටුබැද්ද තාක්ෂණ විද්‍යායතනයට (Ceylon College of Technology) මාරු වීමට සිදු විය. 1975 දී ඔහු ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ කටුබැද්ද ඉංජිනේරු පීඨයෙන් BSc (විදුලි ඉංජිනේරු) උපාධියක් ලබා ගත්තේය. ටික කාලයක් ඉංජිනේරු පීඨයේ උපදේශක තනතුරක් දරන හූල් 1976දී වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා විදේශ ගත වෙයි. හූල් - විදුලි ඉංජිනේරු ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස 1977 දී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් MSc උපාධිය ලබා ගන්නා හූල් 1983 දී පෙන්සිල්වේනියාවේ Carnegie Mellon විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගන්නේ මාස 19 වැනි කෙටි කාලයකදීය. 1993 දී ලන්ඩන් විශ්ව විද්‍යාලය හූල් හට D.Sc. පශ්චාත් ආචාර්ය උපාධියක් ලබාදෙන්නේ ඔහුගේ පර්යේෂණ ප්‍රකාශන වල උසස් තත්ත්වය සැලකිල්ලට ගනිමිනි. විදුලි හා ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ලෝකප්‍රකට ආයතනයක් වන ඇමෙරිකාවේ නිව්යෝර්ක් නුවර Institute of Electrical and Electronic Engineers හි පූර්ණ සාමාජිකත්වය හූල්ට ලබාදෙන අතර ඔහු ඒ වරප්‍රසාදය ලත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා ද වේ. 1997 දී ආපසු ශ්‍රී ලංකාවට පැමිණෙන හූල් මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ (Institute for Fundamental Studies) කථිකාචාර්යවරයකු වශයෙන් කලක් කටයුතු කළේය. ඉන්පසු යුනෙස්කෝ ආයතනයට සම්බන්ධවී නැවත විදේශගත වන ඔහු ආපසු පෙරළා මව් රටට පැමිණෙන්න 1999 දීය. ඉන්පසු මුලින් රුහුණු විශ්වවිද්‍යාලයට සම්බන්ධ වන ඔහු 1999 දෙසැම්බරයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ ජෙෂ්ඨ කතිකාචාර්ය වරයෙකු ලෙස පත් වෙන අතර 2003 දී එහි මහාචාර්ය තනතුරට උසස් වෙයි. ⚫️හුල් ගේ පළමු පලා යෑම 2006 වසරේදී යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති තනතුරට හූල්ව පත් කෙරෙන අතර LTTEය ඔහුගේ පත් වීමට මුල සිටම විරුද්ධ විය. ඒ ඔහු සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් LTTEයට විරුද්ධව දෑරූ ස්ථාවරය නිසාය. LTTEයේ බලපෑමට හූල් යටත් නොවන අතර, ඔහුටත් ඔහුගේ පවුලේ සාමාජිකයන්ටත් මරණ තර්ජන එල්ල වෙන්නට විය. ඒ වන විට කොළඹ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට අනුයුක්තව කටයුතු කළ මඩකලපුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය රවින්ද්‍රනාත් මහතාව LTTE විසින් ඝාතනය කරනු ලබයි. මේ හූල් පවුලට දැඩි පීඩනයක් ඇති කරයි. ජීවිත තර්ජනය හමුවේ ඔවුන් රට හැර පලා යන්නේ 2006 අප්‍රේල් දීය. ⚫️හූල් ගේ දෙවැනි පලා යෑම යුද්ධය අවසන් වීමෙන් පසු හූල් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ 2010 දීය. ඒ යාපනය විශ්ව විද්‍යාලයේ නව ඉංජිනේරු පීඨයක් පිහිටු වීම සදහා රජයෙන් ලැබෙන ආරාධනාවක් සමඟය. යාපනයේ පදිංචියට සිය පවුල සමග යන හූල් විශ්ව විද්‍යාලයේ කටයුතු කරන අතරම Sunday Leader පුවත්පතටද ලිපි සැපයුවේය. 2011 පලාත් පාලන මැතිවරණයේදී කයිට්ස්හී සිදුවූ අක්‍රමිකතා පිළිබඳව ලිපි පලකිරීම සම්බන්ධයෙන් ඇමති ඩග්ලස් දේවානන්ද ඔහු සමග උරණ වන අතර, ඔහුට විරුද්ධව නීතිමය කටයුතු අරඹයි. හූල් අසරණ වන අතර ඔහුගේ නීතිඥයන් ගේ උපදෙස් පරිදි ඔහු නැවත රට හැර පලා යයි. ⚫️හූල් ගේ වර්තමාන භූමිකාව 2015 අගොස්තුවේදී නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන හූල්ව නොවැම්බරයේදී මැතිවරණ කොමිසමේ සාමාජිකයකු ලෙස පත්කරනු ලැබේ. ඒ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ (FUTA) නියෝජිතයා වශයෙනි. හූල් ස්වභාවයෙන්ම නිදහස් මතධාරියෙකි. තමාගේ හෘද සාක්ෂියට අනුව තමා හරි යයි සිතුන දේ වෙනුවෙන් ජීවිත තර්ජන මැද පවා පෙනී සිටි අයෙකි. කොරෝනා වසංගතය හමුවේ ඔහුගේ භාවිතාව පිළිබඳව දැන් යම් ආන්දෝලනත්මක තත්ත්වයක් රට තුළ නිර්මාණය වී තිබෙනවා. ඒ ඇමරිකාවේ සිටි පැමිණි තම දුවගේ නිරෝධායන තත්ත්වයක් පිළිබඳවය. හූල් දියනිය පූර්ණ නිරෝධායනයට පත් නොවී තම පියා ගේ බලතල පාවිච්චි කොට ඉන් ඉවත් වූ බවට ඇතැම් මාධ්‍ය කරන චෝදනා අප අසා ඇත. මේ සම්බන්ධව මහාචාර්ය හූල් මහතා පැවසුවේ දින 14 ක පූර්ණ නිරෝධායනයකින් පසු ඒ පිළිබඳව සහතිකයක් තම දුවට මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හා වෛද්‍ය අනිල් ජාසිංහ ගේ අත්සනින් ලබා දී ඇති බවය. තම ජීවිත කාලයෙන් වැඩි කලක් LTTE යේ අනෙකවිධ එදිරිවාදිකම් වලට මුහුණ දී හෙම්බත් වී සිටින හූල් මහතාට දැන් දැන් රටේ ප්‍රසිද්ධ මාධ්‍යයේ එදිරිවාදිකම් වලටද මුහුණ දෙන්නට සිදුවී තිබීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි. ඒ පිළිබඳව ඔහු පැවසුවේ, "තොරතුරු දිහා බුද්ධිමත්ව බලන්න. බුද්ධිමත්ව භාරගන්න. ඒවා ඉතා අසත්‍ය විය හැකියි. කිමද, ඒවා කවුරුන් විසින් හෝ මෙහෙයවිය හැකියි". මැතිවරණ කොමිසමේ සාමාජිකයකු හැටියට ජනතාවට ඔහුගේ අවසාන පණිවුඩය වූයේ "ඡන්දය ප්‍රකාශ කිරීමේදී බුද්ධිමත්ව සිතන්න" යන්නයි. "

"https://si.wikipedia.org/w/index.php?title=-වෙනත්-&oldid=471178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි