‍‍ෙත්මාවන් සහ ගති ලක්ෂණ

‍‍ෙත්මාවන් සහ ගති ලක්ෂණ

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍ය පුළුල් ආකාරයෙන් අර්ථ දැක්විය හැක්කේ එක්සත් ඇමරිකා ජනපදයේ අප්‍රිකානු ‍ පෙලපතින් ජිවත් වන ජනතාවගේ ලේඛන මගිනි. කෙසේ වුව ද අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ද අප්‍රිකානු ඇමරිකානු ඉතිහාසය සහ ජීවිතයන් මෙන්ම විවිධත්වයක් උසුලයි. මෙයින් ප්‍රකාශ වන්නේ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය සාමාන්‍යයෙන් පාඨක වී ඇත්තේ අති විශාල ඇමරිකානු සමාජය තුල අප්‍රිකානු අැමරිකානුවාගේ කාර්ය භාරය සහ ඇමරිකානුවෙක් වීමේ අර්ථය වැනි එක්සත් රාජධානියේ සිටින කළු ජාතික ජනතාවගේ ඇතැම් කැමැති තේමාවන්ට අනුවය. ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය, ඇල්බර්ට් ජේ. රොබෙටෝ මෙසේ පවසා තිබේ. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ඇතුළුව සෑම අප්‍රිකානු ඇමරිකානු ඉගැන්වීමක්ම මෙම රාජ්‍ය තුල අප්‍රිකානු ඇමරිකානු පැවැත්මෙහි ගැඹුරැ අර්ථය ප්‍රකාශ කරයි. මෙම පැවැත්ම ජාතියේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය ඇතුළු සෑම දෙයක්ම, සෑම විට විභාග කර ඇත. ඒ ආකාරයෙන් අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය පිබිදිම මගින් බොහෝ කලක සිට එක්සත් ජනපදයේ කළු ජාතින්ගේ නිදහසේ හා සමානාත්මතාවයේ ගැටළු මෙන්ම, ඇමරිකානු සංස්කෘතිය, ආගම, වහල් බව, නිවසේ හැගීම් සහ නොයෙක් තේමාවන් විය.

අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය යෙදෙව්වන්ගේ විසිරි යැමේ සාහිත්‍යය සහ අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය යන ඉතා වැදගත් ශාඛාවන් සමන්විත වන අතර මේවා සදහා අප්‍රිකානු යුදෙව්වන්ගේ උරැමයන්ගේ ආභාෂය ලැබී ඇත. මිට අමතරව අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය බොහෝ පශ්චාත් යටත් විජිත සාහිත්‍යයෙන් වෙනස් වන බව, අති විශාල වස්තුවක් සහ ශක්තිමත් ආර්ථිකයක් ඇති සමාජයක සුළු ජාතික කණ්ඩායමක් විසින් ලියා තිබිණි. යැයි පවසමින් පඩිවරයෙන් සුවිශේසි රේඛාවක් නිර්මාණය කළ නමුත් පශ්චාත් යටත් විජිත වාදි රාජධානිය තුල අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය පවති.

අප්‍රිකානු ඇමරිකානු වාචිත සංස්කාතිය අධ්‍යාත්මික අප්‍රිකානු ඇමරිකානු ශුභාරංචිය, සංගිතය, බ්ලුස් සහ රැප් යන ඒවායින් සමන්විත වෙමින් ඉතා පොහොසත් කාව්‍යයකට හිමිකම් කියනු ලබයි. ස්වර සංක්‍රමණය, ශබ්දලංකාරය සිතාවක පුනරාවනාය භාවිතා වන අප්‍රිකානු ඇමරිකානු ක්‍රිස්තියානු දේශනා සම්ප්‍රදායන් තුළ ද වාචිත කාව්‍යය දක්නට ලැබේ. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය -කාව්‍යන් විශේෂයෙන් රචනා කර තිබෙන නමුත් ගද්‍ය තුළ ද මෙම සෑම ආකාරයේ වාචික කාවයයන් ඇතුළත් විමේ ප්‍රභල සම්ප්‍රදායක් ඇත.

කෙසේ වෙතත් මෙම ගති ලක්ෂණ සහ තේමාවන් අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ බොහෝ මට්ටම් වල තිබෙන අතර මේවා ප්‍රභේදයන්ගේ අතිශය අර්ථ දැක්විම් නොවන අතර මේවා ප්‍රභේදයන් තුළ සෑම කටයුත්තකම අන්තර්ගත නොවේ. මීට අමතරව අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය විශ්ලේෂණය කිරිමට බාහිර සාහිත්‍යය න්‍යායන් යොදා ගැනීමට ප්‍රතියෝධයක් ඇත. අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යයේ අති විශේස පඩිවරයෙක් වන කනිෂ්ඨ්‍ හෙන්රි ලුවිස් ගේටස් මෙසේ ප්‍රකාශ කර තිබේ. මාගේ ආශාව වුයේ, අනෙක් සම්ප්‍රදායන් ගෙන් ලබා ගත් සාහිත්‍යය න්‍යායන් කියවිම හෝ විශ්