සෛලීය ශ්වසනය ජීවීන්ගේ  සෛල තුල දී පෝෂ්‍ය ද්‍රව්‍ය වල අඩංගු ජෛවරසායනික ශක්තිය ATP බවට පත්කිරීම සිදුකරන  පරිවෘත්තීය ක්‍රියාවලීන්  ගේ එකතුවක් වේ. ශ්වසනයේදී සිදුවන ප්‍රතික්‍රියා විශාල  අනු කුඩා අණු බවට  බිදහෙලන බැවින්  අපවෘත්තිය ක්‍රියා ලෙස හැදින්වේ. මෙම ක්‍රියාවලියේදී ශක්තිය නිදහස් වේ.(අධි ශක්ති බන්ධන වඩා ස්ථායි බන්ධන වලින් ප්‍රතිස්ථාපනය වීම නිසා).ශ්වසනය, සෛලය විසින් සෛලීය ක්‍රියා බලගැන්වීමට ශක්තිය නිදහස් කරන ප්‍රධාන ක්‍රම අතරින් එකකි. සෛලීය ශ්වසනය තාපදායි රෙඩෝක්ස් ප්‍රතික්‍රියාවකි. එනම් එහිදී තාපය පිටවේ. සම්පූර්ණ සෛලීය ශ්වසන ක්‍රියාවලිය ජෛව රසායනික ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ සිදුවේ. ඉන් බොහොමයක් පියවර redox ප්‍රතික්‍රියා  වේ. සෛලීය ශ්වසනය රීත්‍යනුකූලව දහන ප්‍රතික්‍රියාවක් වුවද, එය  සෛලයක් තුල සිදුව්වීමේදී පැහැදිලිවම ඊට සමාන නොවන ලෙස සලකන්නේ එහිදී ප්‍රතික්‍රියා මාලාවක් ඔස්සේ සෙමෙන් ශක්තිය නිදහස් කරන බැවිනි.

Typical eukaryotic cell

සත්ත්ව හා ශාක සෛල විසින් ශ්වසනය සදහා බහුලවම භාවිතා කරන පෝෂක වන්නේ සීනි, ඇමයිනෝ අම්ල හා මේද අම්ල වේ. එමෙන්ම වඩාත් බහුල ඔක්සිකරණ නියෝජිතයා(ඉලෙක්ට්‍රොන ප්‍රතිග්‍රාහකයා) වන්නේ අණුක ඔක්සිජ‍න් (O2) වේ . ATP වල ගබඩා කරන ලද රසායනික ශක්තිය (ATP වල තුන්වන පොස්පේට් කාණ්ඩය අණුවේ ඉතිරි කොටසට දුර්වලව බැදී ඇති අතර  එම බන්ධන වෙනත් වඩා ස්ථායි  බන්ධන ඇතිවීමට ඉඩ සලසමින් පහසුවෙන් බිදී යයි. ඒ ආකාරයට සෛලීය ක්‍රියාවලීන්ට  අවශ්‍ය ශක්තිය සම්ප්‍රේෂණය කරයි.) පසුව ශක්තිය අවශ්‍ය ක්‍රියාවලි සදහා යොදාගත හැක. එම ක්‍රියාවලි අතර ජෛවසංස්ලේෂණය, සංචරනය හෝ  සෛල පටල හරහා ද්‍රව්‍ය පරිවහනය දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=සෛලීය_ශ්වසනය&oldid=428489" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි