සූදු පිලිබඳ නීතිය

මෙනමින් හැඳින්වෙන්නේ සූදු කර්මාන්තය සම්බන්ධයෙන් බලපවත්වන්නාවූ රීති හා නියාමනයන්ය. සාම්ප්‍රදායික අර්ථයෙන් මෙම නීති වෙනම නීති ක්ෂෙත්‍රයන් ලෙස හඳුනාගනු නොලැබේ. මෙය සෑදී ඇත්තේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා නීතිය, පරිපාලන නීතිය, බදු නීතිය, සමාගම් නීතිය, ගිවිසුම් නීතිය සහ අපරාධ නීතිය වැනි නීතියේ විවිධ ක්ෂෙත්‍රයන්ට අයත් වන්නා වූ සූදු සම්බන්ධයෙන් බල පවත්වන නීතීන් ඒකරාශී කිරීමෙනි.

එක්සත් ජනපදය තුල අනීතික සූදුකෙලීම ව්‍යාපාරයක් ලෙස සිදුකිරීම පෙඩරල් අපරාධයකි. කෙසේ වෙතත් එරට සෑම ජනපදයක්ම සතුව සූදු නියාමනය කිරීම හෝ තහනම් කිරීම සිදුකරනු ලබන තමන්ගේම වූ නීති පවතී.

"https://si.wikipedia.org/w/index.php?title=සූදු_පිලිබඳ_නීතිය&oldid=471953" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි