සුමරියානු ගෘහ නිර්මාණ ශිල්පය
සුමරියානු ගෘහ නිර්මාණ ශිල්පය
දකුණු ඉරාකයේ ඌර්හි මහා සිගුරුටය
සුමරියානුවරු ක්‍රි.පූ. 4 වන සහස්‍රයේ සිට ක්‍රි.පු. 3 වන සහස්‍රය දක්වා මෙසපොටේමියාවේ (වර්තමානයේ ඉරාකයේ) ජීවත් වූ මිනිසුන් කොට්ඨාශයකි. ඔවුන්ගේ නිපුණත්වය පෙන්වන නිර්මාණ අතර සිගුරුට් ගොඩනැඟිල්ල, උසස් මැටි ගඩොල්වලින් කළ ගොඩනැඟිලි වේ.
අමුද්‍රව්‍ය
ටයිග්‍රීස් - යුප්‍රටීස් තැනිතලාව ශාක හා ඛනිජවලින් හිඟය. සුමරියානු ගොඩනැංවීම් සිදු කළේ හුණු බදාම හෝ සිමෙන්ති මිශ්‍ර නැති මැද උස්ව පිටින් වක් වූ මැටි ගඩොල් වලිනි. එම ගඩොල් රවුම් වීම නිසා ගොඩනැංවීම්වල අස්ථිර බවක් ඇති විය හැකි නිසා ඒවා තැන්පත් කළේ හරි කෙළින් රේඛාවකට ඒවායේ ඇති වන හිඩැස් ගල් කීල, පිදුරු, ඉපියා සහ වල් පැලෑටි වලින් පිරවීමෙනි.
මැටි ගඩොල් ගොඩනැඟිලි ටික කලක් යන විට දිරාපත් වේ. එම නිසා ඒවා කලින් කලට ඉවත් කර මට්ටම් කර නැවත එම ස්ථානයේම ගොඩනැංවීම සිදු වුණි. මෙම නිත්‍ය නැවත ගොඩනැංවීම නිසා නඟරවල තත්වය උසස් විය. එම නඟර අවට නඟරවලට වඩා උසස්ව පෙණුනි. ටෙල්ස් ලෙස හැඳින්වෙන මේවා පුරාණ පෙරදිගින් සොයා ගැනීමට ඇත. සුමරියානු සිලින්ඩර සන්නස්වල ද ඉපියාවලින් සාදන ලද නිවාස ගැන විස්තර වේ. ඒවා මෑතක් වන තෙක් දකුණු ඉරාකයේ මාෂ් අරබ්ස් විසින් සාදන ලද නිවාස වැනිය.
සුමරියානු දේවස්ථාන හා මාළිගා තැනීමට මුක්කු ගැසීම්, බිත්තියේ ඇතුළට නෙරීම්, අර්ධ කුළුණු හා මැටියෙන් කළ ඇණ වැනි උසස් අමුද්‍රව්‍ය හා තාක්ෂණ යොදා ගන්නා ලදී.
ලේඛකයෝ ද සුමරියානු ගෘහ නිර්මාණ ශිල්පයේ වැදගත් කාර්ය භාරයක් ඉෂ්ට කළහ. ඒ ආණ්ඩුව, උච්චත්වය හෝ රාජකීයභාවය වෙනුවෙන් කළ නිර්මාණ පිළිබඳ වාර්තා තැබීමෙනි.
සිගුරුට්ස්
වඩාත්ම ප්‍රසිද්ධ සුමරියානු ගොඩනැඟිලි වර්ගය වන්නේ සිගුරුට්ය. ඒවා මුදුනතෙහි ඉදිකළ දේවස්ථාන සහිත විශාල තට්ටු සහිත වේදිකාය. එවැනි සිගුරුට්ස් ශුද්ධ වූ බාබෙල් කුළුණු සඳහා ද හේතු පාදක වන්නට ඇත. (එටමනන්ති)
උබායිඩ් කාලයේ ඉදි වූ සිගුරුට්ස් ඉදි කරන ලද්දේ මැටි ගඩොල්වලින් තනන ලද වේදිකාවක් මත ඉතා උස් වන ලෙසය. මෙම විශාල වේදිකා මත ක්‍රමයෙන් කුඩා වන සම කේන්ද්‍රික වේදිකා ගොඩනැංවිණි. ප්‍රොටෝ ලිටරේට් යුගයට අයත් ආකාරයේ බිම් මට්ටමේ තැනූ දේවස්ථාන ද ඒ අතර තිබිණි. ඒවා සිගුරුට් හැඩයට ඉදි කෙරුණු නවීන ගොඩනැඟිලිවලට සමාන විය. බොහෝ දේවස්ථානවල එහි කැටයම් කළ ශිලා ලේඛන තිබී ඇත. උඩායර් හි ද එවන් ශිලා ලේඛනයක් ඇත.