සිද්ධාලෝක රසය පිළිබඳ සඳහන් වන්නේ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ගේ අභාවය සම්බන්ධයෙනි. උන් වහන්සේ ඉඳුරුගල ලෙනේ දී මෙම සිද්ධාලෝක රසය වැළඳූ බවත් එම ඔසුවෙන් උන්වහන්සේ දීර්ඝ නින්දකට පත් වූ බවත් ජනප්‍රවාදයේ කියවේ. උන්වහන්සේගේ සිරුර කිසිදු උපද්‍රවයකින් තොරව මෙම ගල ලෙනෙහි තිබුණු බවත් එය ආරක්ෂා කිරීමට ඇබිත්තගොඩ නම් පරම්පරාවකට පැවරී තිබුණු බවද සඳහන්ය. මෙම ගල් ලෙනෙහි තිබුණු සිරුරෙහි කෙස් නිය පොතු වර්ධනය වෙමින් තිබුණු බවත් කිය වේ.

පෘතුගීසීන් විසින් වෙරළබඩ අත්පත් කර ගැනීමත් සමග නොදිරා තිබුණු රාහුල හිමියන්ගේ සිරුර සෙබස්තියන් සේවියර් නම් ශාන්තුවරයාගේ සිරුර යැයි ගෝවට ගෙන ගිය බවත් එහි බොහෝ කාලයක් පැවතුණු බවත් සඳහන්ය.

"https://si.wikipedia.org/w/index.php?title=සිද්ධාලෝක_රසය&oldid=470327" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි