සිකුරු හඩලන කටුස්සා

Calotes liolepis යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මොවුන් ශ්‍රී ලංකාවට ආවේණික ඉතා දුර්ලභ කටුසු විශේෂයකි.මොවුන් Calotes ගනයට අයත් වේ. තරමක් විශාල කටුස්සෙක් වන මොවුන්ගේ හිසේ සිට වලිගය දක්වා දිග 27 cm පමණ වේ. ඉනුත් වලිගය 19 cm පමණ වේ. ශාරීරය මධ්‍යයේ ඇති කොලරයක් සේ පවතින කණ්ටක ගොමු දෙකක් මොවුන් සතු වේ. මොවුන්ගේ ශරීරය කොළ , දුඹුරු , අළු පැහැ මිශ්‍ර වර්ණ රටා පිහිටා ඇත. හදිසි අනතුරක් සිවුරක් (ගොරෝසු රෙදි කඩක්) වනන විට ඇති වන හඩට සමාන හඩක් මොවුන් පිට කරනු ලබයි.ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පමණක් දැකිය හැකි මෙම කටුසු විශේෂය මීටර 2-8 ත් අතර කදන් ආශ්‍රිතව වාසර කරයි.තවද මොවුනට පැනිය හැක්කේ අන්‍ය කටුස්සන්ට සාපේක්ෂව ඉතා කෙටි දුරක් පමණි.

"https://si.wikipedia.org/w/index.php?title=සිකුරු_හඩලන_කටුස්සා&oldid=470322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි