Tamil new year is the first day of the Siththirai Month Tamil calendar. Also Tamils are still use their own calender as well in Sri Lanka MeiKandan calender in most of houses. Tamil New Year started it self on 1st of Siththirai Month (It should be April 14 or 15)

Ancient time in Sri Lanka ruled by both Sinhalese and Tamil Kings. (Saying Mahawamsa) Since that time Tamil New year and celebrating system adopted by Sinhalese. That's way still say in Sri Lanka Tamil and Sinhala New Year. if you see deeply it is not a Sinhala New year. But just celebrating Tamil New year. - Nimal Gunapala

සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු ගොතපු මිත්‍යාවකි සංස්කරණය

සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු ගොතපු මිත්‍යාවකි.හුදෙක් හින්දු ජනතාවට නිවාඩු ලබාගැනීමට යොදපු උප්පරවැට්ටියක් පමණි.කරුණු පෙන්වාදීම සදහා අවශ්‍යනම් මේ සම්භන්ධයෙන් දීර්ගවශයෙන් සාකච්චාවකට සුදානම්ය.--RsEkanayake 10:25, 26 අප්‍රේල් 2016 (යූටීසී)Reply

මටත් මේක ගැන නම් ප්‍රශ්න කීපයක් තියෙනවා. හැබැයි දකුණු ඉන්දියවේ දෙමළ අය සිංහල අවුරුද්ද දවස් වලම අලුත් අවුරුද්දක් සමරනවා නේද? --Lee (talk) 11:33, 26 අප්‍රේල් 2016 (යූටීසී)Reply


ඉතාමත් කෙටියෙන් කියනවානම්.. එය මෙසේයි.

  • ජාතිය භේද භින්න කිරීම සඳහා දෙමළ ජනතාව ජාතික ප‍්‍රවාහයෙන් ඈත් කිරීමට යටත් විජිත යුගයේ සිටම සුදුවී ඇත.සුද්දන් 1885 නිවාඩු දින පණතෙන් අප‍්‍රියෙල් 11 ,28 , සැප් 17 සහ දෙසැ 25 නිවාඩු දිනයන් ලෙසට ප‍්‍රකාශයට පත් කළහ,
  • සුද්දන් සිංහල බෞද්ධයින් සැනසීම ට වෙසක් නිවාඩුව ඇති කළ පසුව සිත් අමාරුවට පත් පොන්නම්බලම් රාමනාදන් හින්දූන්ට ද නිවාඩු දිනයක් උවමනා බව ව්‍යවස්ථාදායක සභාවේ දී කියා සිටියේය.
  • සුළු ජන වර්ග සැනසීම වෙනුවෙන් ඉංග්‍රීසීන් නැවතත් 1885 දෙසැම්බර් අලුත් නිවාඩු දින පණතක් ඉදිරිපත් කරන ලදී.
  • අනතුරුව අප‍්‍රියෙල් 11 හින්දූන්ටද නිවාඩු දිනයක් යෝජනාකර සිටියේ මන්ත‍්‍රී ලිච්මන් විසිනි.
  • අප‍්‍රියෙල් 11 දිනය සිංහල හා හින්දු අළුත් අවුරුද්ද යනුවෙන් භාවිතා කරන්නට විය.
  • එම වසරේදී පළවූ ඈපා ලිතේ අවුරුදු දිනය "අළුත් අවුරුදු දිනය" විශේෂණ පදයක් නොමැතිව සටහන් වී තිබුණි. අමුතුවෙන් සිංහල ලෙස විශේෂණයක් යෙදීම අවශ්‍ය නොවීය. හේතුව සිංහලයින්ගේ උත්සවයක් ලෙස චිරාත් කාලයක් භාවිතා වීමයි. මෙම ව්‍යවහාරය 1915 වන තුරුම ඈපා ලිතේ විය.
  • 1915 මුස්ලිම් සිංහල කෝලාහලයෙන් අනතුරුව සිංහල අළුත් අවුරුද්ද ලෙස විශේෂණයක් යොදා ඈපා ලිත සටහන් කොට ඇත.
  • 1948 දී සිංහලයන් නිදහස ලබා ගත් මුත් දේශීය චාරිත‍්‍ර පිළිබඳව බහුතරයකට වැටහීමක් නොවුණි. සිංහල ජනතාව සුපුරුදු ලෙස අවුරුදු උත්සවය සැමරු අතර දෙමළ ජනතාව ඉන්දියාවේ පිළිවෙලට තෛපොන්ගල් සහ දීපවාලී ය සමරුහ.
  • ලන්දේසි කාලයේ මෙරට පදංචි කරන ලද දෙමළ ජනතාව අප‍්‍රියෙල් 11 දින අවුරුද්දේ සතරවන මාසය ලෙසින් සලකා සිත්තර පුන්නාඩු ලෙස උත්සවයක් පැවැත්වූහ.එය කිසි ලෙසකින් වත් සිංහල අලුත් අවුරුදු උත්සවයට සම කළ නොහැකිය.
  • 1983 ජූලි කලබල වලින් අනතුරුව දෙමළ ජනතාව සනසා චන්දය ලබා ගැනීමම මුල් කරගෙන එකල රජය සිංහල හා හින්දු ව්‍යවහාරය වෙනස් කොට 1984 සිට සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනුවෙන් නව භාවිතයක් හඳුන්වා දෙන ලදී.
  • මෙය පිටුපස ඇති මතවාදී ආක්‍රමණය වනුයේ ,ලංකාව පුරානයේ ඊළාම් නමින් රජයක් විය යන්න මුල් කරගෙන දෙමල වියත්තු බොහෝ ප්‍රබන්ධ ගොතමින් ඇත.සමහර ඒවා ඔවුන්ම නොදැනුවත්වම ඒවා එකකට එකක් පරස්පරය ,එක බොරුවක් වහන්න ගියාම බොරු සීයක් කියවෙනවා වාගේ .සමහරු විජය යනු විජයන් යන දෙමල කුමාරයෙක් බව කියයි, සමහරු විජය කුමාරයා පැමිණ එකල තිබු දෙමල රාජ්‍ය අල්ලාගත්බව කියයි ,සමහරු රාවණා රජු දෙමල කියයි,මෙසේ නා නා පිරිස් එක්ව විවිද ප්‍රබන්ද කථා ගොතමින් සිංහල රාජ්‍ය ඔවුන්ගේ රාජ්‍යයක් බව කීමට වලි කයි. ඒ සිංහලයින්ගේ මහාවංශය වැනි දෙමල වංශයක් ඔවුන්ට නොමැති බැවිනි .දෙමල නමැති ජාතියක් වංශයක් ලක්දෙරණ තුල පවතී බවට කිසිදු පැරණි ලේකනයක් මෙතෙක් හමුවී නැත.(ඇත්නම් ඉදිරිපත්කරන්න)පැරණි ලේකන වල සටහන් වන්නේ චෝල ,පාණ්ඩය,කේරල සහ සතියපුත්‍ර නමැති විශාල රාජ්‍ය හතරක් දකුණු ඉන්දියාවේ පැවතී බව පමණි.
  • සිංහල දෙමල අවුරුද්ද ලෙස මෙම යෙදුම යොදාගෙන ඇත්තේද මෙම සම්ප්‍රයුක්ත ප්‍රබන්ද මතවාදයේ එක්තරා එක් විභේදනයක් ලෙස පමණි. කනගාටුවට කරුණනම් සිංහල ජාතියම අවිඤානිකව වාහකයෝ ලෙස යොදාගැනීමයි. මෙය ඔවුන්ගේ ජයග්‍රහනයකි.( මෙය මතවාදී පැහැදිලිකිරීමක් පමනක් බව සලකන්න,කරුණාකර විරුද්ද මත තිබේනම් ඉදිරිපත්කරන්න,මෙය ගැඹුරට තවත් දිර්ගව විශ්ලේෂණය වන බව සලකන්න ) ස්තුතියි --RsEkanayake 18:48, 28 අප්‍රේල් 2016 (යූටීසී)Reply
ඉහත කරුණු කාගේ අදහස්ද? මෙම පරිශීලකයා ඉතා අමාරුවෙන් පර්යේෂණ කර සොයා ගත් කරුණුද? අහෝ නැත! 2012 අප්‍රේල් මාසයේදී, සෙනෙවිරුවන් නම් බ්ලොගයක පළවූ අදහස් කොපි කිරීමකි. කණගාටුයි එම බ්ලොගයට ස්තූතියක් වත් නොකිරීම පිළිබඳව. --- Shwetha (talk) 00:33, 29 අප්‍රේල් 2016 (යූටීසී)Reply
ඔබගේ සොයාගැනීම නිවැරදියි. සාකච්චා පිටුවේද මුලාශ්ර!ය දැක්වීමක් කල යුතුබව නොදනිමි. වරදක් වී ඇත්නම් සමාවුව මැනවි. කෙසේ වෙතත් මෙම කරුණු ගෙනහැර දැක්වීම හා ඔබද එකග වන බවක් පෙනේ. එමගින් මා මුලිකව අපේක්ෂා කල පරිදි ‘’’සිංහල හින්දු අලුත් අවුරුද්ද යනු ගොතපු මිත්යානවකි’’’ යන්නට විරුද්ද මතයක් දැනට නැත. තවද ඔබගේ පෙන්වාදීම සම්බන්දයෙන් මා වෙනස් මතයක් දරන බැවින් එය කෝපිකඩේ මෙතන සටහනක් ලෙස ඉදිරිපත්කර ඇත.--RsEkanayake 14:48, 5 මැයි 2016 (යූටීසී)Reply
Return to "සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද" page.