සාකච්ඡාව:ලොව අමරණීය පුද්ගලයෝ

ලැයිස්තුවෙහි සිටින සියළු දෙනා දැනට මියගොස් ඇත. ඔවුන් අමරණීය පුද්ගලයන් වන්නේ කෙසේද? බෞද්ධයන් වශයෙන් සියළු දේ අනිත්‍ය යැයි දොඩන අපි අමරණීයත්වයක් ගැන ලියන්නේ කෙසේද? -- Srimalpunchi (talk) 15:41, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply

අමරණීය කිසිවෙක් ලොව නොමැත. එම නිසා මාතෘකාව වෙනස් කළ යුතු යැයි සිතේ. සුදුසු නමකට ගෙන යන්න. කෙසේ වෙතත් මෙම ලැයිතුවේ සිටිනුයේ ලොව ඉතා වැදගත් පුද්ගලයින් පිරිසක්ය.-- බිඟුවා සාකච්ඡාව 16:13, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply
අමරණීය ලෙස මෙහි අරුත්ගන්වා ඇත්තේ 'මරණයෙන් තොර' යන්න නොව 'අමතක නොවන' වැනි අදහසකි. මෙය බහුලව භාවිතා වන්නකි. පිටු ආරම්භක පරිශීලකයාගේ වරදක් නොදකිමි.--තඹරු විජේසේකර සාකච්ඡාව 16:35, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply
අමරණීය මතකය, අමරණීය සේවාව, ආදී වචන විශේෂයෙන් දේශපාලනඥයෝ භාවිතා කරති. එහෙත්, අමරණීය පුද්ගලයන් නම් නොමැත. කලකට පෙර රූපවාහිනියේ විකාශයවූ හයිලෑන්ඩර් නම් කතාවේ නම් එවැනි අයෙක් ප්‍රධාන චරිතය නිරූපණය කරයි. මාතෘකාව වෙනස් කල යුතුය. ---Srimalpunchi (talk) 23:55, 19 අගෝස්තු 2010 (යූටීසී)Reply

අනාථ ලිපියක් ලෙස නම් කිරීම සංස්කරණය

මෙම ලිපියට වෙනත් කිසිදු ලිපියක් වෙතින් පැමිණීමට නොහැකි විට එය අනාථ ලිපියක් නොවන්නේද? -- ශ්වෙත (talk) 02:33, 1 ජූලි 2013 (යූටීසී)Reply

Return to "ලොව අමරණීය පුද්ගලයෝ" page.