සාකච්ඡාව:ලංකා ඩොමීනියන් රාජ්‍යය

Latest comment: වසර 11කට පෙර by ශ්වෙත
Dominion state is a concept of UK. But in reality and theoretically it is a 100% independent state.
From UK/GB point of view there are many countries(see the list of some such) still they consider as as dominions (100% smiler to how SL between 1948 to 1972).
  • Canada
  • Australia
  • New Zeland
  • Papua New Ginia
  • Bahamas
  • etc
But from the point of view of those countries they are Sovering countries. So ලංකා රාජධානිය (or ලංකාව) is appropriate as the heading than ලංකා ඩොමීනියන් රාජ්‍යය.
Singhalawap (talk) 00:39, 21 අප්‍රේල් 2012 (යූටීසී)Reply
ලංකා රාජධානිය යන්න සුදුසු නොවේ. ලංකා සිංහාසනයෙහි රජෙක් නොසිටි කාලයකි එය. බ්‍රිතාන්‍යයන්, ලන්දේසින් හෝ ප්‍රතිකාලුන් ලංකාව පාලනය කල කාලයද ලංකා රාජධානිය යන්නට ගැනේද? ලංකාව යන්නද නුසුදුසු වන්නේ එය ශ්‍රී ලංකාවට යළි යොමු කොට ඇති බැවිනි. ලංකාව යන්න මෙම දිවයිනට භාවිතා වී ඇත්තේ 1948 සිට 1972 දක්වා පමණක් නොවේ. ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වන්නේ එංගලන්තයේ රජුය. නමුත් ඒවා යටත් විජිත නොවේ. එංගලන්ත පාර්ලිමේන්තුවේ පණතක් සම්මත කිරීමෙන් අපගේ ඊනියා නිදහස අවලංගු කල හැකි ව තිබුණි. අග්‍රාණ්ඩුකාරයා පත් කලේ එංගලන්ත රැජණ විසිනි. ඔහු රාජ්‍ය නායකයාය. ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති ගියේ රජ ගෙදරටය. ඔහු/ඇය දිවුරුම් දුන්නේ ලකිසුරු ඉදිරිපිටය. පාර්ලිමේන්තු සැසියක් ඇරඹෙන විට අග්‍රාණ්ඩුකාරයා පාර්ලිමේන්තුයට පැමිණ පැවැත්වුයේ Throne Speech හෙවත් රාජාසන කතාවය. එහිදී ඔහු විසින් කතාව පටන්ගත්තේ මාගේ ආණ්ඩුව ලෙස වන අතර අදහස් කලේ එංගලන්තයේ රජුගේ ආණ්ඩුව යන්නයි. එකල ඉහලම උසාවිය යූයේ එංගලන්තයේ උසාවියයි. රෝහණ විජේවීර ප්‍රමුඛ ජවිපෙ කැරලි ගැසුවේ ලංකාණ්ඩුවට හෝ සිරිමා බණ්ඩාරනායකට හෝ විලියම් ගොපල්ලවට විරුද්ධව නොවේ. චෝදනා පත්‍රය පරිදි කැරැල්ල එංගලන්තයේ මහා රාජණියට විරුද්ධව විය. 100% නිදහස් රාජ්‍යයක් වන්නේ කෙසේද? 1972 පසු 100% නිදහස් (දේශපාලනික වශයෙන්) විය හැක. එබැවින් මෙම වෙනස දැක්වීමට 1948 සිට 1972 දක්වා පැවති රට ඩොමීනියන් රාජ්‍යයක් ලෙස හැඳින්විය යුතුය. --ශ්වෙත (talk) 01:55, 21 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Dear ශ්වෙත
I agree with you that word ලංකා is not appropriate as that word as that word has been used to refer island of ලංකා in many different times in the history.
But ශ්වෙත, you have not understood the theory behind the dominion concept & what has really happened on 4th February 1948.
On 4th February 1948 Ceylon (ලංකා) became a severing & independent country 100%. Please read below for details.
1. ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වන්නේ එංගලන්තයේ රජුය is a wrong concept. All dominions have there own King/Queen.
ex1. Today (Some says its from 11th December 1931 , some says its from 17th April 1982 ) Canada is under the King/Queen of Canada
ex2. Today Australia is (from 9th October 1942 but backdated to 11th December 1931) is under the King/Queen of Austrailia.
2. Canada, Australia & about 15 other countries on this earth are giving the Post of King/Queen of there country to the same person. Today that post is with Queen Elizabeth II. So today HM is the holding post of Queen Of Canada, Queen of Australia (Queen post of about 15 other countries). H.M. Holds the positions at the same time but independent from each other.
3. On from 2nd March 1815 to 3th February 1948 Ceylon was a Colony and hence under the King/Queen of England. On 4th February 1948 the Kingdom abolished on 1915 was re established (but under the name of Ceylon in English & under the name of ලංකා in Sinhala) & the post of King of Ceylon was (re) established. (Though today we like it or not) Ceylonese on that day gave the Crown & Throne of their independent country to George VI and made him King George (VI) of Ceylon.
So අග්‍රාණ්ඩුකාරයා පත් කලේ එංගලන්ත රැජණ විසිනි is wrong. අග්‍රාණ්ඩුකාරයා පත් කලේ (එංගලන්තයේ වැඩිපුරම ජීවත්වන) ලංකාවේ රජු විසිනි.
ඔහු රාජ්‍ය නායකයාය is also wrong. ඔහු රාජ්‍ය නායකයාගේ නියෝජිතයාය.Any duty done by අග්‍රාණ්ඩුකාර was considered as done on behalf of the King of Ceylon. Hence මාගේ ආණ්ඩුව is Government of Ceylon.
4. As you are correctly mentioned according to 71 මහ නඩුව JVP has not rebelled against සිරිමා බණ්ඩාරනායක හෝ විලියම් ගොපල්ලව. They have rebelled against King of Ceylon Her Majesties Government. (ශ්වෙත, Plese contact me in person, I will tell much more about this 71 මහ නඩුව).
5. What happened in 1972 is the Dominion/Kingdom of Ceylon becoming a Republic. In theory on 1972 then Sirimavo Bandaranayaka (then Hon Prime minister of Ceylon) did a bloodless revolution. In that revolution she terminated the post of King of Ceylon. While she continued to hold the prime-minister position as the Head of the state states were given to a newly created post called ජනාධිපති.
Singhalawap (talk) 04:06, 21 අප්‍රේල් 2012 (යූටීසී)Reply


About 30 countries including Australia, Canada, Ceylon

ඔක්කොම පටලවගන්නේ නැතුව අපි එකින් එක විසඳගමු.
  1. ඔබ කියන්නේ ලංකාව, බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක්ව සිටි කාලයේ (1815 -1948) එහි රජු වූයේ එංගලන්තයේ රජු බවත් 1948-1972 කාලය තුල එංගලන්තයේ රජ තනතුරු දැරූ පුද්ගලයාම ලංකාවේ රජු වූ බවයි. 1796දී බ්‍රිතාන්‍යයන් විසින් ලන්දේසීන් වෙතින් ලංකාවේ මුහුදුබඩ පළාත් අත්පත් කර ගත් අතර, 1815 දී මුළු දිවයින අත්පත් කර ගත්හ. 1815 උඩරට ගිවිසුම ප්‍රකාර එංගලන්තයේ රජ තනතුර දරන්නා උඩරට රජු ලෙසින් පිළිගැනුනු නිසා එබැවින් 1796 සිට 1948 දක්වා බ්‍රිතාන්‍ය රජුන් ලංකාවේ රජුන් විය. එනමුදු මෙම කාලය තුල බ්‍රිතාන්‍ය රජුන්ගේ අභිධානයෙහි ලංකාවේ රජු යන්න විශේෂිත ලෙසින් සඳහන් නොවේ. 1953-1972 දක්වා ලංකාව වෙනුවෙන් දෙවන එලිසබෙත් රැජනගේ අභිධානය වූයේ දෙවන එලිසබෙත් උත්තමාවිය, ලංකාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව යන්නවූ අතර 1952 - 1953 දක්වා එය මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රෑජින, ඇදහිල්ලේ ආරක්ෂක විය. ඇයගේ පියා වූ හයවන ජෝර්ජ් රජගේ අභිධානය මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රජ, ඇදහිල්ලේ ආරක්ෂක, විය. මේ අනුව 1948-1972 දක්වා කාලය තුල බ්‍රිතාන්‍ය රජුන් විසින් ලංකාවේ රජ/රැජන යන අභිධානය භාවිතා කලේ 1953-1972 කාලය තුලදී පමණි. මෙම මුළු කාලය තුලදීම ලංකාවේ රජු වූයේ බ්‍රිතාන්‍ය රජු වුවද ලංකාවේ රජ යන අභිධානය භාවිත කලේ 1953 - 1972 කාලය තුලදී පමණි. මේ අනුව බලන කල සියළු ඩොමීනියන් රාජ්‍යයන්ට තමන්ගේම රජකෙනෙකු/රැජිනක වූ බවට ඔබ කියන්න වැරැදිය. ඕස්ට්‍රේලියාව විෂයයෙහි වුවද 1952 සිට 1953 දක්වා දෙවන එලිසබෙත් රැජන විසින් භාවිතා කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ, අයර්ලන්තයේ, මුහුදෙන් එතෙර බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රැජන, ඇදහිල්ලේ ආරක්ෂක, යන්නයි. 1953 සිට 1973 දක්වා ඇය විසින් දෙවන එලිසබෙත් උත්තමාවිය, දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන් එක්සත් රාජධානියේ, ඕස්ට්‍රේලියාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව, ඇදහිල්ලේ ආරක්ෂක යන්නද 1972 සිට මේ දක්වා දෙවන එලිසබෙත් උත්තමාවිය, දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන් ඕස්ට්‍රේලියාවේ සහ ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී රාජණිය, පොදු රාජ්‍ය මණ්ඩලයෙහි නායිකාව යන්නද භාවිතා කරයි. පකිස්තානය අරභයා ඇය විසින් 1953 සිට 1956 දක්වා භාවිතා කර ඇත්තේ මහා බ්‍රිතාන්‍යයේ, උතුරු අයර්ලන්තයේ, ඕතුමන්ගේ අනෙකුත් රාජ්‍යයන් හා භූමි ප්‍රදේශයන්හී දෙවිහහොත්තමයාණන්ගේ වරප්‍රසාදයෙන්, රැජන, ඇදහිල්ලේ ආරක්ෂක යන්නයි. මේ අනුව ලෝකයේ රටවල් බ්‍රිතාන්‍යෙයන් නිදහස ලැබ ඩොමීනියන් රාජ්‍යයන් වශයෙන් පැවති සියලු කාලය තුල ස්වීය රජ/රැජින ලෙස බ්‍රිතාන්‍ය රජ/රැජන යොදාගෙන නොමැත. මෙම කාලසීමා වලින් සමහර කාලයන්හීදි එම රටවල රජ/රැජන යන අභිධානය බ්‍රිතාන්‍ය රජ/රැජන විසින් දරා ඇති නමුදු සමහර කාල වලදී බ්‍රිතාන්‍ය රජ/රැජන විසින් එම රටවල් විෂයයෙහි භාවිතා කල අභිධානයෙහි එම රටේ රජ/රැජන යන අභිධානය භාවිතා නොවේ. මේ අනුව ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වූයේ/වන්නේ බ්‍රිතාන්‍ය රජු/රැජන යන්න සත්‍ය වන අතර ගැටළුව වන්නේ එම ඩොමීනියන් රාජ්‍යයන් විෂයයෙහි භාවිතා කල අභිධානයන්හී එම රටෙහි රජ/රැජන යන්න භාවිතා කර ඇත්තේ ඩොමීනියන් රාජ්‍යය ලෙස පැවති කාලසීමාව තුල සමහර කාලවලදී පමණක් වීමයි. එම නිසා සියලු ඩොමීනියන් රාජ්‍යයන්ට තමන්ගේ රජෙක්/රැජනක් වූ බවට කීම මුසාවකි. මෙම ප්‍රශ්නය විසඳාගත් පසු ඔබගේ පිළිතුරෙහි දෙවන කරුණට යමු. -- ශ්වෙත (talk) 06:27, 21 අප්‍රේල් 2012 (යූටීසී)Reply
All you said here is from the UK point of view. That is because you are referring to UK documents.
The problem of the King's title between 1948 to 1952 is purely due to a technical problem. George_VI became a King in year 1936 that is before creating the post of "King of Ceylon". H.M. the king passed away in 1952. When Princess Elizabeth became the queen, she automatically became the King of Ceylon too.
This is a complex situation. H.M the Queen Elizabeth II has been The Queen of 32 Sovereign & Independent state so far. (Even today she is the Queen for about 15 such). Hence it is not practical to use all the titles. Hence H.M. is using the title "Queen of the Commonwealth realms".
But each country use the word "Queen of XXX" officially.
I accept that this is a complex situation. This much of Sovereign countries were newer under one person on this earth.
Deceleration of Ceylon was practically done by Parliament of Ceylon by an Act. But formal & theoretical part was done by the Court of Buckingham Palace. Please read the 2 links below.
  1. CEYLON INDEPENDENCE ACT
  2. CEYLON INDEPENDENCE ORDER IN COUNCIL
Singhalawap (talk) 18:01, 21 අප්‍රේල් 2012 (යූටීසී)Reply
මෙම ඩොමීනියන් රාජ්‍යයක් ලෙස අප හට නිදහස දුන්නේ බ්‍රිතාන්‍යයන් (UK) විසිනි. අප විසින් තෝරාගත් දෙයක් නොවේ. ඩොමීනියන් රාජ්‍යයන් ලෙසින් සමහර බ්‍රිතාන්‍ය යටත්විජීත 1948 ට පෙර වුනත් හැඳින්වුනා. ඔවුන්ට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සලකපු ආකාරය පොඩ්ඩක් තනුක කරල තමයි 1948 ට පස්සේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් අළුතින් නිදහස ලැබූ (බොහෝ රටවල් නිදහස ලබන්න පටන් ගත්තේ 1948 දී) රටවල් වෙනුවෙන් ඩොමීනියන් සංකල්පය භාවිතා කලේ. මේ ගැන කතා කරන කොට UK ලේඛන පරිශීලනය කරනවා හැර වෙන විකල්පයක් නැහැ. මොකද LK ලේඛන නැහැ. ඔබ කියන විදිහට බ්‍රිතාන්‍ය රජුගේ අභිධානයෙහි කිසියම් රටක රජු ලෙස සඳහන් නොවීම තාක්ෂණික ප්‍රශ්නයක් නොවේ. ඒක හිතල කරපු එකක්. ඇමරිකාවේ, අප්‍රිකාවේ, ආසියාවේ සහ ඕෂනියාවේ ප්‍රශ්නයට තුඩු දෙන රටවල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට නතුව නිදහස ලැබීමට පෙර පැවති කල එම රටවල් අරභයා බ්‍රිතාන්‍ය රජු/රැජන භාවිතා කලේ බ්‍රිතාන්‍ය එක් පොදු අභිධානයක්. බ්‍රිතාන්‍යය වෙනුවෙන්ද භාවිතා කලේ එම අභිධානයයි. 1948 ගණන් වලදී ඩොමීනියන් රාජ්‍යයන් ලෙස නිදහස ලබාදුන්නට පස්සේ එකල බ්‍රිතාන්‍යයේ රජ වූ හයවන ජෝර්ජ් රාජෝත්තමයාණන් භාවිතා කල අභිධානයන් පහත දක්වමි.
11 දෙසැම්බර් 1936 – 14 අගෝස්තු 1947 දක්වා: His Majesty George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith, Emperor of India
15 August 1947 - 6 February 1952 දක්වා: George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith
මෙය උපුටා ගත්තේ en:List of titles and honours of King George VI ලිපියෙන් වන අතර උපුටා ගැනුමේ නිරවදතාවය ඔබට පරික්ෂා කල හැක. එම ලිපියෙහිම දැක්වෙන පරිදී Although George acceeded to the thrones of seven countries in 1936 (Australia, Canada, India, the Irish Free State, New Zealand, South Africa, and the United Kingdom), he was only accorded a title by law in the UK. ජොර්ජ් රජු බොහෝ රටවල සිංහාසනාරූඪ ව සිටි මුත් එක්සත් රාජධානියේ නීතිය ප්‍රකාර ඔහුට දැරිය හැකි වූයේ His Majesty George the Sixth, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas King, Defender of the Faith, Emperor of India යන අභිධානය පමණි. 1936 දී සිංහාසනාරූඨ ව සිටි විදේශ රටවල් දැක්වීමේදී ලංකාව නොදැක්වීමට තරම් සුළු ව තකා ඇති බවද නිරික්ෂණය කළෙමි. ලංකාවේ රජ යන තනතුර නිමැවීමට පෙර ජෝර්ජ් රජු වූ නිසා එම පදය ඔහුගේ අභිධානය තුල නොපැවතිනිය යන්න බොළඳ තර්කයකි. ඔහු ක්‍රියාකළේ එක්සත් රාජධානියේ නීතිය ප්‍රකාරය. එම නීතිය ප්‍රකාර ලංකාවේ රජ යන තනතුරක් නොවූ අතර එය ඔහුගේ අභිධානයෙහි නොවීය. 1952 දී ජෝර්ජ් රජු මිය ගියේය.
දෙවන එලිසබෙත් රැජන බ්‍රිතාන්‍ය කීරිටය දැරූ සැණින් ඕ තොමෝ ස්වයංක්‍රීය ලෙසින් ලංකාවේ රජු වූ බව පැවසීම මුසාවකි. මෙම උත්තමාවිය බ්‍රිතාන්‍ය රැජන ලෙසින් සිංහාසනාරූඨ වන්නේ 1952 පෙබරවාරි මසෙහිය. en:List of titles and honours of Queen Elizabeth II යන ලිපිය ප්‍රකාර 1953 වන තුරු ඇය දැරූ අභිධානය වූයේ
Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith.
(Until 1953, her official style and title in full was Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith.) 1953දී පොදුරාජ්‍යමණ්ඩල අග්‍රාමාත්‍යවරුන්ගේ සම්මලෙනයේදී ඇයගේ අග්‍රාමාත්‍යවරුන් විසින් තීරණය කරන ලද්දේ ඇය යටතේවූ විවිධ රටවල් හා භූමි ප්‍රදේශ සඳහා ඇය වෙනස් අභිධානයන් දැරිය යුතු බවයි. (A decision was reached by Elizabeth's prime ministers at the Commonwealth Prime Ministers' Conference of 1953, whereby the Queen would accord herself different styles and titles in each of her realms, reflecting that in each state she acted as ඡmonarch of that particular country, regardless of her other roles. ) මේ අනුව ඇය විසින් ඇය යටතේ වූ වෙනස් රටවල් සඳහා එම රටවල් වල රැජන ලෙසින් අභිධානය දැරීමට අවසර ලද්දේ 1953 වසරෙහිදීය. එබැවින් දෙවන එලිසබෙත් රැජන බ්‍රිතාන්‍ය කීරිටය දැරූ සැණින් ඕ තොමෝ ස්වයංක්‍රීය ලෙසින් ලංකාවේ රජු වූ බව පැවසීම සත්‍ය නොවේ.
මම දැන් යළිත් පවසන්නේ 1948-1972 කාලය සමස්ත කාලය තුලදී ලංකාවේ රජු/රැජන යයි තනතුරක් නොවූ බවයි. එම තනතුර වූයේ 1953-1972 දක්වා පමණි. මෙයට ඔබ එකඟද යන්න දක්වන්න. අනෙක් කරුණු පිළිවෙලින් සාකච්ඡා කරමු. --- ශ්වෙත (talk) 06:15, 22 අප්‍රේල් 2012 (යූටීසී)Reply
එකඟ නොවෙමි. සෛද්ධාන්තිකව 1948-1972 කාලය සමස්ත කාලය තුලදී ලංකාවේ රජු/රැජන තනතුර තිබුනි. ගැටළුව වූවේ අභිධානයේ පමණි. සිය පිය රජුගේ කාලයේ නොවිසඳුනු මෙම අභිධාන ගැටළුව අප මහරාජෝත්මිය විසින් 1953දී විසඳන ලදී.
තවද (අප කථිකාවට අදාල නෙවූවද) 1954 අප්‍රේල් 12 දින ලංකා පාර්ලිමේනතුවේ මහරාජෝත්මිය රාජාසනාරූඩව රාජාසන දේශනය පැවත්වූ පසු පාර්ලිමේනතුව විසින් ලංකාවේ (IIවන එලිසzබෙත්) රැජින සිංහල ජාතියට කුල වද්දවා සිංහල රාජාවලියට ඇතුලකරගන්නා ලදී. උත්තමාවිය ඊට විරුද්ධ නොවූ අතර කිසිදු මන්ත්‍රීවරයෙකුහෝ විරුදීධ නොවීය. එවක් පටන් ලංකා මහරාජෝත්මිය ස්වාධීන සිංහල රැජිනක් සේ පිලිගන්නා බවද මහරාජෝත්මියට දන්වා ඇත.
Singhalawap (talk) 17:52, 22 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Dear ශ්වෙත
Please see following en.wiki articles too
1. Monarchy_of_Canada
2. Monarchy of Australia
3. Monarchy of Papua New Guinea]
Singhalawap (talk) 18:13, 22 අප්‍රේල් 2012 (යූටීසී)Reply
කැනබාව සම්බන්ධයෙන් තත්ත්වය:
 Canada
  • 6 February 1952 – 29 May 1953: Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith
  • 29 May 1953 – :
In English: Her Majesty Elizabeth the Second, by the Grace of God of the United Kingdom, Canada and Her other Realms and Territories Queen, Head of the Commonwealth, Defender of the Faith
In French: Sa Majesté Elizabeth Deux, par la grâce de Dieu Reine du Royaume-Uni, du Canada et de ses autres royaumes et territoires, Chef du Commonwealth, Défenseur de la Foi
ඕස්ට්‍රේලියාව සම්බන්ධයෙන් තත්ත්වය:
 Australia
  • 6 February 1952 – 1953: Her Majesty Elizabeth the Second, by the Grace of God, of Great Britain, Ireland and the British Dominions beyond the Seas Queen, Defender of the Faith
  • 1953 – 1973: Her Majesty Elizabeth the Second, by the Grace of God of the United Kingdom, Australia and Her other Realms and Territories Queen, Head of the Commonwealth, Defender of the Faith
  • 1973 – : Her Majesty Elizabeth the Second, by the Grace of God, Queen of Australia and Her other Realms and Territories, Head of the Commonwealth
පපුවා නව ගිනිය සම්බන්ධයෙන් තත්ත්වය:
 පපුවා නව ගිනිය
  • 1975 – : Her Majesty Elizabeth the Second, Queen of Papua New Guinea and of Her other Realms and Territories, Head of the Commonwealth
මේවායින්ද පැහැදිලි වන්නේ මෙම රටවල රැජන ලෙස අපගේ මහෝත්තමාවියට භාවිතා කිරීමට අවසර ලැබුනේ 1953න් පසුව බවයි.
බ්‍රිතාන්‍ය රැජනට එක් එක් රටවලදී නම්බු නාම පනවා ඇත. ඔබ කියන කුල වැද්දීමද ඒ වැනි එකකි. එනමුදු එය බ්‍රිතාන්‍ය රැජනගේ අභිධානයේ ඇතුලත්ව නැත. ඒවා රජුගේ/රැජිනගේ නිල නාමයන්ද නොවේ. රජුට/රැජනට භාවිතා කල හැක්කේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කර බ්‍රිතාන්‍ය නීතියට යටත් තනතුරු පමණි. සමාන්තරයක් ලෙසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකුට රජරට සිංහයා හෝ බුද්ධාගමේ පරමාරක්ෂක හෝ ජාතිය සතුරන්ගේ ගලවාගත් අභීත නායක හෝ යන පට්ටම් ජාතිය විසින් හෝ මහා සංඝයා විසින් හෝ ප්‍රදානය කලත් ඒවා පාර්ලිමේන්තු පණතකින් සම්මත වන තුරු නිල නාමයන් නොවේ. ඔබ කියන රැස්වීම අඩුම වශයෙන් ලංකාවේ පාර්ලිමේන්තු රැස්වීමක්වක් නොවේ. ඒ වුවත් ලංකාවේ පාර්ලිමේන්තුවක් සම්මත කරන තනතුරක් බ්‍රිතාන්‍ය රැජනකට නිල ලෙසින් භාවිතා කල නොහැක.
වෙනත් රටවල් රැජනට දුන් පට්ටම් වලින් එක් නිදසුනක් ලෙසින්:
===Other Commonwealth countries===
Appointments
Country Date Appointment Post-nominal letters
 පකිස්තානය 1960 – Nishan-e-Pakistan
 නයිජීරියාව 1969 – Grand Commander of the Order of the Niger
 සිංගප්පූරුව 1972 – Order of Temasek
 මලයාසියාව 1972 – Darjah Utama Seri Mahkota Negara
 මාල දිවයින් 1972 – Insignia of the Most Distinguished Order of Ghazi Nishan Ghaazeege 'Izzaitheri Veriyaa
 බෲනයි 1972 – Member First Class of the Most Esteemed Royal Family Order
 කෙන්යාව 1972 – Order of the Golden Heart
 ගැම්බියාව 1974 – Grand Commander of the Order of the Republic of Gambia
 මලාවි 1979 – Member First Class of the Order of the Lion
 බොට්ස්වානා 1979 – Member of the Presidential Order
 නයිජීරියාව 1989 – Member of the Order of the Grand Star
 මෝල්ටාව 28 May 1992 – Honorary Companion of Honour of the National Order of Merit KUOM
 බෲනයි 1992 – Royal Family Order of the Sultan of Brunei
 දකුණු අප්‍රිකාව 1995 – Grand Cross in Gold of the Order of Good Hope
 මෝල්ටාව 23 October 2000 – Honorary Companion of Honour with Collar of the National Order of Merit
 මෝල්ටාව 24 November 2005 – Honorary Member of the Xirka Ġieħ ir-Repubblika SG
බ්‍රිතාන්‍ය රැජන බ්‍රිතාන්‍ය නීතියට යටත්ය. එම නීතියට අනුව 1953 දක්වා ඇය දැරූ තනතුරත් 1953ට පසුව ඇය දැරූ තනතුරත් ඉහත සංවාද වලදී ඉදිරිපත් කල කරුණු වලින් පැහැදිලිය.
1953දී මෙම අභිධානයේ වෙනසක් කර ඇයට එක් එක් රටවල රැජන ලෙප පෙනී සිටීමට අවසර දුන්නේ ඇයගේ අගමැතිවරුන්ගේ සම්මේලනය විසිනි. එය ඇයගේ තීරණයක් නොවේ. ----ශ්වෙත (talk) 02:45, 23 අප්‍රේල් 2012 (යූටීසී)Reply
ශ්වෙත
The parliamentary session (12th April 1954) I mentioned is a fully powered regular session.
You are free to confirm by Gazzet.
This confusions are because of inaccuracy in one single concept of you. You always consider HM as King of UK & only what UK parliament pass is legal. But our majesty is/was the queen of many countries independently (though HM holds the post at the same time.)
She used a separate crown & throne (not the crown & throne of UK or England) in her visits to Ceylon.
As far as I know, that crown is a private property at the moment & being displayed in a personal museum in Colombo.
Singhalawap (talk) 02:54, 28 අප්‍රේල් 2012 (යූටීසී)Reply
  1. Singhalawap පවසන 1954 අප්‍රේල් 12 වන දිනදී සිදුවී ඇත්තේ මහා රාජණිය විසින් කොළඹ ටොරිංටන් චතුරසුයෙහි නිදහස් මන්දිරයෙහිදී ලංකාවෙහි දෙවන පාර්ලිමේන්තුවෙහි තෙවන සැසිය විවෘත කිරීමයි. ලංකාවෙහි පළමු පාර්ලිමේන්තුව 1948 සිට 1952 දක්වා වූ අතර 1952 මැතිවරණයට පසුව දෙවන පාර්ලිමේන්තුවෙහි පළමු සැසිය 1952දීද දෙවන සැසිය 1953දීද තෙවන සැසිය ඉහත පරිදී 1954දීද ආරම්භ විය. සාම්ප්‍රදායිකව සැසිය විවෘත කිරීමේදි අග්‍රාණ්ඩුකාර විසින් පවත්වනු ලබන රාජාසන කතාව මහෝත්තමිය විසින්ම පවත්වන ලදි. පිළිතුරු කතාව ජේ. ආර්. ජයවර්ධන විසින් පවත්වා ඇත්තේ සභා නායක වශයෙනි. මේ හැර මෙහිදී සිදුවූයේ යැයි Singhalawap පවසන කුලවැද්දීම පිළිබඳ කරුණු ස්පුට කරගැනුමට ප්‍රමාණවත් සාක්ෂ්‍ය මා හට සොයා ගත නොහැකි විය. මේ පිළිබඳ කිසියම් මූලාශ්‍ර සපයන්නේ නම් කෘතඥ වන අතර එය අනුගමනය කිරීමෙන් මෙම සංවාදයට කිසියම් උසස් තලයක සත්‍යේක්ෂ්‍යතාවයක් ලඟා කර ගැනුමෙන් විකිපීඩියාවෙහි සම්මතයන්ට අනුගත වීමක් සිදුවනු ඇත.
  2. මහා රාජණිය විසින් මෙම උත්සවයෙහිදී බ්‍රිතාන්‍ය සිංහාසනය හා කිරුළ නොව වෙනත් සිංහාසනයක් හා කිරුළක් භාවිතා කල බවද එම කිරුළ කොළඹ නගරය තුල කිසියම් පුද්ගලික කෞතුක භාණ්ඩ එකතුවක ඇති බවද Singhalawap පවසන මුත් එම කරුණු පිළිබඳවද මූලාශ්‍ර සපයාගැනුමට මා අපොහොසත් වූ බැවින් එම කරුණු වල නිරවද්‍යතාවය ගැන කුකුසක් පහළ වී ඇති බව පවසමි. එම කරුණු පිළිබඳවද කිසියම් මූලාශ්‍ර සපයන්නේ නම් උසස් තලයක සත්‍යේක්ෂ්‍යතාවයක් ලඟා කර ගැනුමෙන් විකිපීඩියාවෙහි සම්මතයන්ට අනුගත වීමක් සිදුවනු ඇත. අනෙක් අතට Singhalawap විසින් පවසන පරිදී මහා රාජණිය කුලවැද්දීමක් මගින් ලංකා රාජිණිය බවට පත් කිරීමට භාවිතා කල සිංහාසනය හා කිරුළ ලංකාණ්ඩුවට හා ජාතියට ඉමහත් වැදගත් වස්තූන් වන බැවින් ඒවා පුද්ගලික භාණ්ඩ එකතුවක නොතිබිය යුතු බවද පවසමි. මෙම උත්සවය පිළිබඳ මා කියවූ කරුණු අනුව මහා රාජණිය විසින් කොළඹ අධික උනුසුමද නොතකමින් සිය රාජකීය සාටකය පැලඳි බවක් පැවසෙන අතර මෙම සාටකයද විශේෂවූ සාටකයක්ද යන්න Singhalawap විසින් පවසන්නේ නම් කෘතඥ වෙමි.
  3. මෙම සංවාදය තුලදී මා විසින් හා Singhalawap විසින් ඉදිරිපත් කොට ඇති කරුණු සාරාංශ කොට දැක්වීමෙන් මෙම සංවාදය වල්මත් වීම වැලැක්වීමට ඉවහල් වෙතැයි හඟින බැවින් පහත එලෙස කරමි.
  • ලිපියෙහි මාතෘකාව ලෙස ලංකා රාජධානිය (හෝ ලංකාව) සුදුසු බව Singhalawap පැවසීය. මෙම තර්කයට පදනම් වූයේ ඩොමීනියන් රාජ්‍යය යනු බ්‍රිතාන්‍ය සංකල්පයක් වන අතර එම තත්ත්වය තුල රට 100% ස්වාධීන වන බව හා සමහර රටවල් දැනටද 1948-1972 දක්වා ලංකාව පැවති තත්ත්වයට 100% සමාන තත්ත්වයක ඩොමීනියන් රාජ්‍යයන් ලෙස පවතින නමුදු ඒවා ස්වෛරී රාජ්‍යයන් ලෙස ඒවා විසින් පිළිගැනෙන බවත් යන්නයි.
    (100% ස්වාධීන වීම හා/හෝ ස්වෛරී රාජ්‍යයක් වීම හා රාජධානියක් ලෙස නම් කිරීම අතර සම්බන්ධය පැහැදිලි නොවීය)
  • ලංකාව යන යෙදුමට මා විරුද්ධ වූයේ එය ඉතිහාසයේ වෙනත් කාලවලදීද පෘතුගීසි ලංකාව, ලන්දේසි ලංකාව, බ්‍රිතාන්‍ය ලංකාව ආදි ලෙසින් භාවිතා කරන බැවින් 1948-1972 කාල සීමාවට එම යෙදුම භාවිතා කල විට පරස්පර විරෝධි බවක් ඇති වන බැවිනි. ලංකා රාජධානියට මා විරුද්ධ වූයේ ලංකා සිංහාසනය මත ස්වෛරී රජෙකු මෙම කාලය තුල හිඳගනිමින් රජ නොකල වැවිනි. විදේශ රජෙකු මෙහි රජ ලෙස සිටි පමණින් මෙය ලංකා රාජධානිය වන්නේ නම් පෘතුගීසි, ලන්දේසි කාලයන්හී කෙසේවෙතත් 1815-1948 දක්වා සමස්ත රටම බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වූ කාලයේද මෙම රට ලංකා රාජධානිය විය යුතු විය. 1948-1972 කාල සීමාව තල ලංකාව 100% දේශපාලන නිදහස් ලෙස නොසිටි බවද බ්‍රිතාන්‍ය කිරීටයට යටත්ව සිටි බවද මගේ තර්තය විය.
  • ලංකාව යන යෙදුම නුසුදුසු බව Singhalawap පිළිගත්තේය. එහෙත් ඔහු පැවසුවෙහි 1948 දී ලංකාව 100% ස්වාධීන ස්වෛරී රටක් වූ බවයි. (එහෙත් මෙම නිදහස් හා/හෝ ස්වෛරී බව හා රාජධානි යෙදුම අතර සම්බන්ධය පැහැදිලි නොවීය) ඩොමීනියන් රාජ්‍යයන්හී රජු වූයේ එංගලන්තයේ රජු නොවන බවත් ඩොමීනියන් රාජ්‍යයන්ට වෙනම රජුන් සිටි බවත් Singhalawap තර්ක කලේය. එය සඳහා ඔහු සාක්ෂි ලෙස ගෙනපෑවේ සමහරක් ඩොමීනියන් රාජ්‍යයන්හී දැනට පවතින තත්ත්වයයි. Singhalawap තවදුරටත් තර්ක කලේ 1815දී ලංකා සිංහාසනය හිස්වී කිරුළ පැළඳීමටද අයෙක් නොවූ අතර ලංකාවේ රජු යන්න 1948දී නැවත ලංකා සිංහාසනය හා කිරුළ එංගලන්තයේ ජෝර්ජ් රජුට පැවරූ බවත් ලංකාවේ රජු යන්න යලි පිහිටවු බවත්ය. (ලංකාවේ රජු යන්න 1948දී පිහිටුවා එංගලන්ත රජුට ලංකා සිංහාසනය හා කිරුළ පිළිගැන්වූවා නම් රට 100% ස්වාධීන හා ස්වෛරී වන්නේ කෙසේදැයි පැහැදිලි නොවීය) 1972 දී සිදුවූයේ ලංකාවේ රජු යන තනතුර අහෝසි කිරීමෙන් ලේ නොසෙල්වූ විප්ලවයක් බව Singhalawap ගේ තර්කය විය.
  • සියළු ඩොමීනියන් රාජ්‍යයන්ට තමන්ගේම රජකෙනෙකු/රැජිනක වූ බවට Singhalawap ගේ තර්කය පළමුව විසඳාගැනීමට අදහස් කලෙමි. 1948-1972 දක්වා කාලය තුල බ්‍රිතාන්‍ය රජුන් විසින් ලංකාවේ රජ/රැජන යන අභිධානය භාවිතා කලේ 1953-1972 කාලය තුලදී පමණක් බව පෙන්වා දුන්නෙමි. (1948-1972 සමස්ත කාලය තුල ලංකාවේ රජු යන තනතුරක් තිබුනේ යැයි කියමින් ලංකා රාජධානිය යන යෙදුම භාවිතා කිරීමට යත්න දැරීම වැරදි බව පෙන්වීමට උත්සාහ කළෙමි)
  • Singhalawap ගේ තර්කය වූයේ ජෝර්ජ් රජ බවට පත්වන විට ලංකාවට නිදහස නොලැබී තිබූ නිසා ඔහුගේ අභිධානයේ ලංකාවේ රජු යන්න නොතිබූ බව තාක්ෂණික ප්‍රශ්නයක් පමණක් බවත් අභිධානයේ නොවුනද ඔහු ඇත්ත වශයෙන්ම ලංකාවේ රජු වූ බවයි. දෙවන එලිසබෙක් රැජන වූ විගස පියාගේ අමතක වීම නිවරද කල බව Singhalawap තර්ක කලේය.
  • 11 දෙසැම්බර් 1936 – 14 අගෝස්තු 1947 දක්වා සහ 15 August 1947 - 6 February 1952 දක්වා ජෝර්ජ් රජුගේ අභිධානයන්ද 1952 සිට 1953 දක්වා සහ 1953 සිට 1972 දක්වා දෙවන එලිසබෙත්ගේ අභිධානයන්ද මූලාශ්‍ර සහිතය ඉදිරිපත් කළෙමි. 1948-1972 සමස්ත කාලය තුල ලංකාවේ රජ යන අභිධානය දැරූ තැනැත්තෙක් නොවූ බවත් 1953-1972 දක්වා පමණක් එවැන්නියක සිටි බවත් පැහැදිලි කලෙමි.
  • Singhalawap මෙය පිළිනොගත්තේය. අභිධානයේ ගැටළුවක් තිබුණද සෛද්ධාන්තික වශයෙන් 1948-1972 දක්වා සමස්ත කාලය පුරාම ලංකාවේ රජු/රැජන තනතුර පැවති බව Singhalawap ගේ තර්තය විය. 1954දී දෙවන එලිසබෙත් ස්වාධීන සිංහල රැජනක් බවට කුලවැද්දූ බවද Singhalawap සඳහන් කලේය. කැනඩාව, ඕස්ට්‍රේලියාව හා පපුවා නිව් ගිනියාව උදාහරණ වශයෙන්ද Singhalawap දැක්වීය.
  • කැනඩාව, ඕස්ට්‍රේලියාව හා පපුවා නිව් ගිනියාව සම්බන්ධයෙන් අප රාජෝත්තමිය දැරූ අභිධානයන් උපුටා දැක්වීමි. මේවායින්ද පැහැදිලි වන්නේ මෙම රටවල රැජන ලෙසද අපගේ මහෝත්තමාවියට භාවිතා කිරීමට අවසර ලැබුනේ 1953න් පසුව බව පෙන්වා දුනිමි. කුලවැද්දීම සම්බන්ධයෙන් ලංකාවේ පාර්ලිමේන්තුවක් සම්මත කරන තනතුරක් බ්‍රිතාන්‍ය රැජනකට නිල ලෙසින් භාවිතා කල නොහැකි බවත් බ්‍රිතාන්‍ය රජුට/රැජනට භාවිතා කල හැක්කේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අනුමත කර බ්‍රිතාන්‍ය නීතියට යටත් තනතුරු පමණක් බවත් පෙන්වා දුනිමි.1953දී අභිධානයේ වෙනසක් කර දෙවන එලිසබෙත් හට එක් එක් රටවල රැජන ලෙප පෙනී සිටීමට අවසර දුන්නේ ඇයගේ අගමැතිවරුන්ගේ සම්මේලනය විසින් මිස එය ඇයගේ තීරණයක් නොවන බවත් පෙන්වා දුනිමි.
  • 1954දී කුලවැද්දීම සිදු කලේ ලංකා පාර්ලිමේන්තු රැස්වීමකදී බව Singhalawap පවසයි. Singhalawap යළි පවසන්නේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සම්මත කරගත් නීති පමණක් බ්‍රිතාන්‍ය රජ/රැජන පිළිපැදිය යුතු යන්න වැරදි බවයි. 1954 දී උත්තමාවිය බ්‍රිතාන්‍ය සිංහාසනය හෝ කිරුළ නොව වෙනත් සිංහාසනයක් හා කිරුළක් භාවිතා කල බවත් මෙම කිරුළ කොළඹ පුද්ගලික එකතුවක ඇති බවත් Singhalawap පවසයි.
  1. මට ගම්‍ය වන ආකාරයට 1948-1972 දක්වා මෙම රට වෙනුවෙන් ලංකා රාජධානිය යන නම භාවිතා කල යුතු බවට Singhalawap තර්ක කරයි. එය සනාථ කිරීමට ඔහු විසින් 100% ස්වාධීන 100% ස්වෛරී ආදිය භාවිතා කිරීමට උත්සාහ කලත් දැනට උත්සාහ දරන්නේ 1948-1972 කාලය තුලදී 1948-1952 දක්වා ජෝර්ජ් රජු ලංකාවේ රජු ලෙසින්ද 1952 සිට 1972 දක්වා දෙවන එලිසබෙත් ලංකාවේ රැජන ලෙසද සිටි බවයි. මෙම රජ හා රැජනගේ අභිධානය සැලකූ කල ඔහුගේ තර්කය හා නොගැලපීමක් ඇති බව Singhalawap පිළිගත්තද සෛද්ධාන්තික ලෙසින් ලංකාවේ රජු/රැජන වූ බව පවසයි. සෛද්ධාන්තික යනු theoretical වන අතර එය practical හෙවත් ප්‍රායෝගික නොවේ. මූලාශ්‍රයන්ට නතුද නොවේ. 1954දී කුලවැද්දීමක් ගැන පවසන Singhalawap එයින් ඔප්පු කිරීමට උත්සාහ කරන දෙය පැහැදිලි නොවේ.
  2. Singhalawap පවසන ලංකාවේ රජු තර්කය මූලාශ්‍ර ඇසුරෙන් ඔප්පු කිරීමට ඔහු සමත් වුවද, එය භාවිතයෙන් ලංකා රාජධානිය යන පදය භාවිතා විය යුතුය යන්න තර්ක කරන්නේ කෙසේද යන්න පැහැදිලි නැත. ----ශ්වෙත (talk) 20:55, 28 අප්‍රේල් 2012 (යූටීසී)Reply
Return to "ලංකා ඩොමීනියන් රාජ්‍යය" page.