ෆෙස්බුක් එකෙත් ලොකු විරෝධතා ප්‍රචාරයක් මෙම විකිපීඩියා මාතෘකාව ගැන එකපාරටම ඇතිවෙලා තියෙනවා. අද මෙහි ඉංග්‍රීසි පිටුව වන්ද්‍යලනයට ලක්වෙලා. පෙනන විදිහට මෙම පිටුවටත් වන්ද්‍යලන සිදුවුවහොත් සුදුසු පරිදි ආරක්ෂණයකට ලක් කල යුතු වේවි යැයි සිතමි.--L Manju (talk) 08:53, 5 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

පරිවර්තනයේ දෝෂයක් ද?--Ravindu Navin (talk) 01:37, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

මකා දැමීමට අදාළ නිර්ණායක වලංගු වන්නේ කෙසේදැයි දක්වන්න​. මෙම යෝජනාවේ පදනම පහදන්න​.    | අනංගයා | සංවාදය​ | 06:44, 8 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
පේන විදිහට යෝජකයාට පදනමක් නැහැ වගේ.--L Manju (talk) 09:11, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
මිට විරදත්වය ප්‍රකාශ කරනවා , දෙමළ ඊලම් පිටුවේ අවශය මුලාශ්‍ර ඉදිරිපත් කර ඇත, මේ සාවධ්‍ය පිටුව හැකිතාක් ඉක්මනින් මකා දැමිය යුතුය --112.135.0.227 11
13, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)--112.135.0.227 11
13, 9 ඔක්තෝබර් 2016 (යූටීසී)
කරුණාකර යෝජකයා වන මාගේ (User:Rsekanayake ) "ඊනියා දෙමළ ඊළම පිටුව" නමැති උප මාතෘකාව යටතේ ඇති මෙම සටහන බලන්න.--RsEkanayake 02:15, 11 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
ඉක්මන් මකා දැමීමට යෝජනා කළා නම් එහි පදනම ද ඉක්මනින් පැහැදිලි කළ යුතුය​. එවැන්නක් සිදු නොවන නිසා ටෑගය අයින් කරමි.    | අනංගයා | සංවාදය​ | 16:35, 13 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි. ----Shwetha (talk)

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි. ----Shwetha (talk) 15:46, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම සංස්කරණය

G11 යටතේ මෙම ලිපිය මකා දැමුමට යෝජනා කිරීමද එහි අන්තර්ගතය විශ්වකෝෂීය නොවන බව පැවසීමද පිළිගත නොහැක. එබැවින් මකා දැමුමෙහි ටැගය ඉවත් කරමි.----Shwetha (talk) 15:50, 14 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

ඊනියා දෙමළ ඊළාම් පිටුව ඉක්මනින් මකාදැමීමේ යෝජනාව සංස්කරණය

  1. සම්පුර්ණයෙන්ම මෙම ලිපිය විකිපීඩියා පදනමේ controversial content මතභේධාත්මක මිනුමට යටත් වන කරුණු අඩංගු වූ ලිපියකි. Highly charged emotional issues with regard to the majority people in SriLanka. study.මෙය ඒකපාර්ශිකව ලියන ලද ලිපියකි . ලිපිය සංවිධානාත්මකව සංස්කරණය කල නොහැකි ලෙස අවහිර කර ඇත. මෙම ලිපිය මගින් බොහොමයක් විකිපීඩියා ප්‍රතිපත්ති බිද දමා ඇත. එනම් WP:5P2 , (WP:5P3) සහ WP:5P1 ය. Wikipedia is an encyclopedia, not a tabloid, it is not Wikipedia's job to be sensationalist, or to be the primary vehicle for the spread of titillating claims about people's lives; the possibility of harm to living subjects must always be considered when exercising editorial judgment. Under [[WP:BLP] , “Editors must take particular care when adding information about living persons to any Wikipedia page. Such material requires a high degree of sensitivity, and must adhere strictly to all applicable laws in the United States, to this policy, and to Wikipedia's three core content policies: Neutral point of view (NPOV),Verifiability (V) and No original research (NOR).if such content is there it should be removed immediately without waiting for discussion. Users who persistently or egregiously violate this policy may be blocked from editing. සිංහල ව්කිපීඩියාවට පරිවර්තනයට වන මෙම ලිපිය සහ එහි අඩංගු කරුණු මගින් ව්කිපීඩියාව මහත් සේ ගරු කරන එහි පදනමද වන පන්චස්තම්බයේ 2 වන ස්තම්බය ( WP:5P2 ) මුලිකවම විනාශවෙලා කඩා වැටිලා , තුන්වෙනි ස්තම්බය (WP:5P3) ය ඇදගෙන වැටිලා . දෙවන ස්තම්බය සහ තුන්වන ස්තම්බය මුල් අවස්ථාවේදීම කඩා වැටී ඇති බැවින් පළමු ස්තම්බයත් (WP:5P1 ) ඉන් අනතුරුව අවසානයේදී ස්වයන්ක්‍රිරි්යවම වැටිලා. අන්තිමේ විකිපීඩියාව අධ්‍යාපනය දෙන විශ්ව කොෂයකට වඩා කීපදෙනෙකුගේ මතවාද ප්‍රවර්දනයට යොදාගන්නා උපකරණයක් වෙලා.විකිපීඩියාව යුද පිටියක් නොවේ.හුදු පහර දීමක් හැර සිංහල කියවන ජනතාවට මෙහි ඇති අධ්‍යාපනික වටිනාකම කුමක්ද? සමහර විට පස්වෙනි ස්තම්බයේ “ Wikipedia has policies and guidelines, but they are not carved in stone.” ලෙස තිබීම හෝ WP:IAR Ignore All Rules තිබීම සිංහල විකිපීඩියාව අවභාවිතාවට හේතුවුවා විය හැක.
  2. 2014 මාර්තු මස 21 වැනි සිකුරාදා එල්.ටී.ටී ත්‍රරස්තවාදී සංවිදානය සහ එම මතවාදයන් පරාජය කිරීම සදහා එක්සත් ජාතීන්ගේ 1373 පනත යටතේ (UN Resolution 1373)ශ්‍රී ලංකාව පුද්ගලයින්, කණ්ඩායමි 424 සමග සංවිධාන 16ක් තහනමට ලක් කර නිවේදනය කර ඇත. ( Sri Lanka Proscribes 16 Suspected LTTE Organizations Under UN Resolution 1373.) එහිදී එල්.ටී.ටී සමග අනුබද්ද ත්‍රස්තවාදී සංවිධාන 15 තහනම් කර ඇත. එම ගැසට් නිවේදනය .( සිංහල ),(English). පසුව 2015 නොවැ 20 දින දැනට පවතින නව රජය මගින් සංවිධාන ගණන 424 සිට 155 දක්වා එය අඩුකර ඇත.( එම ගැසට් නිවේදනය සදහා මෙය බලන්න ). තවද 2015 March 26 නිකුත් කල යුරෝපිය යුනියන් නියෝග අංක 2015/521 යටතේ යුරෝපියන් යුනියන් ඒක තුල පිහිටි සියලුම රටවල් තුල LTTE ය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනමට ලක්වී ඇත . යුරෝපියන් යුනියන් එක විසින් තහනම් කල සංවිදාන 23 අතර LTTE ය 14 වැනි ස්ථානයේ පසුවෙයි. එය සනාත කරගැනීමට මෙහි අංක 14 බලන්න. යුරෝපියන් යුනියන් එකෙහි මෙලෙස තහනම් කර ඇති අයුරු බලන්න මෙතනට යන්න . මෙම ත්‍රස්තවාදී සංවිධානයඉන්දියාව විසින්ද තහනමට ලක්කර ඇත. මෙම පුවත ගෙන එන හින්දු පුවත්පත මෙසේ පවසයි ““The LTTE, even after its military defeat in May 2009 in Sri Lanka, has not abandoned the concept of ‘Eelam’ and has been clandestinely working towards the ‘Eelam’. LTTE සංවිධානය (FBI) විසින්ද ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත. එහි මෙසේද සදහන්වේ Its ultimate goal to seize control of the country from the Sinhalese ethnic majority and create an independent Tamil state. මෙම තහනම් සංවිධානයේ ප්‍රධාන ඊනියා ඊළාම් බෙදුම්වාදී මතවාදය ශ්‍රීලංකා ජනතාවට එරෙහිව විකිපීඩියා විශ්වකොෂ ප්‍රතිපත්ති අව භාවිතා කර නිර්මාණය කර ඇත. මෙම ලිපිය සහ එහි අන්තර්ගත කරුණු ශ්‍රී ලංකාවේ භුව්මික අඛන්ඩතාවයට සහ එහි ජනතාව කෙරෙහි සෘජුවම බලපාන කරුණකි. තහනම් සංවිධානයක ප්‍රධානතම බෙදුම්වාදී මතවාදය ඊට සෘජුවම සම්භන්ධ රටෙහි ජනතාවගේ භාෂාවට ඒක පාර්ශිකව ප්‍රවර්ධනය කිරීම පිණිස පරිවර්තනය කර ජනතාවට විරුද්ධව යොදා ගැනීම සම්භන්ධයෙන් විකිපීඩියාව සෘජුවම වග කිව යුතුය(Wikipedia foundation is directly answerable).මෙම ලිපිය මගින් නීති WP:LEGAL ගැටළු පැනනැගීමේ අවධානමක්‌ ඇත . එවැනි අවදානමකට විකිපෙදියාව ඇද නොදැමිය යුතුය.මෙහිදී එහි නීති උල්ලංගනය කරන්නන් එයට වග කිව යුතුය.Therefore Please Do not make legal threats on Wikipedia.The Legal threats should be reported to Administrators' noticeboard/Incidents . මෙම ලිපිය මකා නොදමන්නේ නම් හෝ එහි මද්යස්ථ භාවය (NPOV) පවත්වාගෙන නොයන්නේ නම්( සියලුදෙනාට සංස්කරණයට ඉඩ ප්‍රස්තා සපයන ඊනියා දෙමළ ඊළම ලෙස වෙනත් නව ලිපියක් නිර්මාණයෙන් ), විකිපීඩියාවේ සපයා ඇති ප්‍රතිපාදන මත මෙම ලිපියේ අන්තර්ගතය අභියෝග කොට පාලක විකිපීඩියා මණ්ඩලයන් වෙත පැමිණිලි කල යුතුය.පැමිණිලි කරන අයුරු දැනගැනීමට මෙතන බලන්න.මෙහිදී අසාධාරණයට ලක්වන ජනතාව එයින්ද සෑහීමකට පත් නොවන්නේ නම් මේ අව භාවිතය පිලිබද යම් අධිකාරිත්වයක් තුල කරුණු ගොනු කල යුතුය.එයින්ද සෑහීමකට පත් නොවන්නේනම් බහුතර ශ්‍රී ලාංකික ජනතාව(සිංහල විකිපීඩියා ප්‍රජාව ) විසින්ම එය වග බලාගත යුතුය.
  3. මෙහිදී තවත් එක් කාරණයක් මතක් කල යුතුය.මෙම ලිපිය පර්වර්තනයේදීම එක්තරා පුද්ගලයෙකු මෙම සාකච්චා පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මෙම පිටුව වෙන අයට සංස්කරණය කල නොහැකි වන සේ ඉබි යතුරු දැමිය යුතු බවකි. එය පුදුම සහගත දෙයකි, එතනම් එය විකිපීඩියා ප්‍රතිපත්තිය අමු අමුවේ උල්ලංගනය කිරීමකි.සංස්කරණ වැඩියෙන් කිරීම නීති උල්ලංගනය හෝ නිදහසට කාරණයක් නොවේ ,මේ සම්බන්දයෙන් පරිපාලකයින් විසින් සොයා බැලිය යුතු බව මාගේ හැගීමයි. මෙය සැලසුම් සහගතව ප්‍රවර්ධන කටයුතු සදහා සිංහල විකිපීඩියාව යොදාගන්නා බවට හොදම ෂාක්ෂියයි . මෙය හොරාට කලින් කෙහෙල්කැන වැට පැනීමකි.ඔවුන් ඉන් නොනැවතී එය ඉක්මනින් කරවා ගැනීම පිණිස(එනම් ඉබියතුරු දමා සංස්කරණය කල නොහැකි සේ පොදු ජනතාවට අවහිර කිරීම පිණිස ) මෙම පිටුව සම්භන්ධයෙන් කඩාකප්පල් කාරී ලෙස හැසිරෙන පිරිසක් සිටින බව ඇගවීමට පුද්ගලයින් කීප දෙනෙක් විසින් මෙය සංස්කරණය කිරීමට දරන උත්සාහයකුත් ඔවුන් අතර සිදුවන උණුසුම් වචන හුවමාරුවකුත් පෙන්නුම් කරයි.මෙහි සංස්කරණ ඉතිහාසය නැරබීමෙදී එය පෙනේ.හොදම කාරණය වන්නේ එයින් එක් පරිශීලකයෙකු “ජාතික වාදී පක්ෂයකට” අයිති බව ඇගවීමට දරන ප්‍රන්තයකුයි .මෙම තත්වය සෘජුවම විකියේ WP:PUPPET පපට් ෂෝ (sockpuppet ) පෙන්වීමකි. සිංහල විකියේ පහුගිය වකවානුවේදී දිගට හරහට Strawman sockpuppet පෙන්නමින් සිට දැන් දැන් ඔවුන් මෙම තත්වයට පත්වී ඇත.මෙහිදී නොදැනුවත් කමින් පෙරගමන් නැට්ටුවා වටා රොක්වන දේශීය ලී කෙලි කණ්ඩායමක් ද අපට දැක ගත හැක.ඔවුන් යතාර්ථය(reality) ලෙස දකින්නේ දෘශ්‍ය යතාර්තය යි(Magical Reality ).අප හිතවත් මිතුරන් කල යුතුව තිබුනේ සංවාදයට අවතීර්ණ නොවී මකා දැමීමේ ටැගය විටින් විට ඉවත් කිරීම නොව , එම ටැගය ට යටත් කල කරුණු දෙමළ ඊලාම් ඉංග්‍රීසි ලිපියේද වූ අදාළ කරුණු සමග එකිනෙක හා සංසන්දනය කොට විමර්ශනය කර තම මත දැක්වීමයි. එය එසේ නොකර, පැහැදිලි කිරීම වෙනුවෙන් කිසිම වෙහෙසක් නොදරා,භාවික හැගීම් හා චිතාවේග මත තම තම නැණ පමණින් තම තමන්ගේ බලය පෙන්වීමට දරන ප්‍රයන්තයකි. කෙතරම් නීති තිබුනත් අවසානයේ විකිපීඩියාවේ නීතිය වන්නේ සාමාන්ය දැනුමයි. මෙය සාමාන්‍ය දැනුමට නමැති නීතියෙන් විසදා ගත යුතුයි.මතභේදයට තුඩු ඩී ඇති මකා දැමීමට යෝජිත මෙම ලිපිය ඉහලින් දමා ඇති ටැගය ලිපිය සාකච්චාවට බදුන් නොකරඉවත් කිරීමට තනි පරිශීලකයෙකුට කිසිසේත්ම හිමිකමක් නැත. සංස්කරණය කිරීමද නොකළ යුතුය. ටැගය පරිවර්තකට(කණ්ඩායමට) ඉවත් කල නොහැක.මෙය සෘජුවම ශ්‍රීලංකා ජනතාවට බලපාන කරුණක් බැවින් ලිපිය මකා නොදමන්නේනම් මෙම අන්තර්ගතය දීර්ග සාකච්චාවට බදුන් කල යුතුය. එය වසරක් හෝ දෙකක් විය හැක. සිංහල විකිපීඩියා ප්‍රජාවා යනු කීප දෙනෙකුගෙන් යුත් කල්ලියක් නොවේ.මතභේද නිරාකරණය කරන තෙක් සංස්කරණය කිරීමද නොකළ යුතුය.සාමාන්‍යයෙන් නීතිය දෙයාකාරයකින් ක්‍රියාත්මක කල හැකිය. එකක් වන්නේ චෝදනාව ගොනු කරන්නා එය ඔප්පු කර පෙන්වීමයි.අනෙක වන්නේ චුදිතියා විසින් තමන් නිවැරදියි කියා ඔප්පු කර නිදහස් වීමයි. මෙහිදී මෙම ක්‍රම වේද දෙකම භාවිතා කල හැක. පොදුවේ භාවික හැගීම්තුල මත දැක්වීමකින් තොරව, එකිනෙක කරුණු වෙන වෙනම ගෙන දීර්ඝව සාකච්චා කල යුතුය.--RsEkanayake 01:20, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
දැන් ස්වේත කියාවි, "ඔබ වැන්නවුන් මෙහි සිටීම ගැනද සිතා බැලිය යුතුයි." කියා... සිංහල අවුල් නේ. (මගේ විතරක් නෙවෙයි නේ සිංහල අවුල්)--Ravindu Navin (talk) 09:25, 19 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply
@Ravindu Navinකොහෙද යන්නේ මල්ලේ පොල් උත්තර වලින් මෙතනට වැඩක් නැත .මෙය සාකච්චා පිටුවයි.කාරණයට අදාලව පමණක් කතාකරන්න. "ඊනියා දෙමළ ඊළාම් ඉංග්‍රීසි පිටුවේ" ඇති කාරණයක් එලියට ඇදලා ගන්න. එවිට මා විවේක තියෙන විට එන්නම්. ඔබගේ මනෝවිකාරයට පිළිතුරක් ඔබගේ සාකච්චා පිටුවේ ඇත .--RsEkanayake 19:12, 20 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply


Rsekanayake විසින් ඉදිරිපත් කල තර්ක වලට පිළිතුරු,
  1. එම පරිශීලකයා විසින් මෙම ලිපිය විකිපීඩියා පදනමේ මතභේධාත්මක මිනුමට යටත් වන කරුණු අඩංගු වූ ලිපියක් යන්න දක්වමින් මෙම controversial content නම් මෙම සබැදිය දක්වා ඇත. සබැදිය දක්වා තිබුනත් මෙම ලිපියට අදාලව එහි තර්කය යෙදෙන්නේ කොතැනටද යන්න දැක්වීමට ඔහු අසමත්ය. පරිපාලකවරයෙකු විසින් මෙහි කොටස් ඉවත් කිරිමට පෙර සංස්කරණය මෙහි දැක්වේ. එම සංස්කරණයෙහි අඩංගු කරුණු අනූව ලිපිය ආරම්භ වන්නේ දෙමළ ඊළම යන්න මනකල්පත රාජ්‍යයක් යැයි දක්වමිනි. ලිපියේ පවතින්නේද ඡේද 4ක් හෝ පහකි. එම ඡේදයන්ගේද දැක්වෙන්නේ ඊළම යනු ඇතැම් දෙමළ ජනයා හා ශ්‍රී ලාංකික දෙමළ ඩයස්පෝරාව අපේක්ෂා කරණ මනකල්පත රාජ්‍යයක් බවත්, 2000 දශකයේ බහුතර කාලයක එහි සමහර කොටස්හී පාලනය (LTTE) සංවිධානය සතුව පැවතුනු බවත්ය. එසේම දෙමළ ඊළමට ලොව පිළිගැනීමක් නැති බවත්, නාමයට යොදාගෙන ඇත්තේ ලංකාව අතීතයේ හැදින්වීමට දෙමළ ජනයා විසින් භාවිත කල නමක් යන්නයි. මෙ සියළු කරුණු මතබේදයකින් තොරව සත්‍ය වේ. මේ නිසා Rsekanayake නම් පරිශීලකයා විසින් පුම්බා පෙන්වන්නට තනන්නේ මොන කරුණු යන්නදැයි අපට තියා ඔහුටවත් තේරෙනවාද යන්න මා නොදනිමි. මේ නිසා ඔහු විසින් පළමුව මෙම ලිපිය කියවා ඇතිදැයි යන්නවත් සැක සහිත වේ. ලිපියෙහි තොරතුරු කොටුවේ දැක්වෙන්නේ එල්ටීටීඊ සංවිධානය, සමහර දෙමළ දේශපාලන සංවිධාන/පක්ෂ සහ සමහර දමිළ නායකයින් අපේක්ෂාකල දෙමළ ඊළමෙහි භූමිය දැක්වෙන සිතියම වේ. එහි දිවයිනෙහි උතුරු, නැගෙනහිර හා වයඹ පළාතෙහි කොටසක් දැක්වේ. එම සිතියම යෝජිත දෙමළ ඊළමෙහි සිතියමකි. ඉන්පසුව තොරතුරු කොටුවෙහි එම ප්‍රදේශවලට අයත් සාමාන්‍ය සංඛ්‍යාලේඛන දක්වා අැත. (ජන ප්‍රමාණය, භූමි වර්ගඵලය වැනි) ඉන්පසුව එම පරිශීලකයා විසින් මෙවැනි ප්‍රතිපත්ති පිටු රැසක නම් දක්වා තිබෙයි. ඒවා කාට කියැවීමටද නැතිනම් මේ ලිපියට අදාලවන්නේ කෙසේද යන්න දැක්වීමට යෝජකයා පෙරපරිදිම අසමත්ය.එම පිටු වන්නේ WP:5P2 , WP:5P3, WP:5P1, WP:BLP, NPOV, WP:5P2, (WP:5P3,WP:5P1, WP:IAR Ignore All Rules. මේවා මෙම ලිපියේ අඩංගු කරුණු ස්වල්පයට අදාලවන්නේ/ගැලපෙන්නේ කෙසේද යන්න ඔහුට දක්වා ගැනීමට නොහැකිව ඇත. ලිපිය ආරම්භයේම පවතින මනකල්පත රාජ්‍යයක් යන්න යෝජකයා විසින් කියවා තිබුනේනම් මෙවැනි තර්ක හිස් හා නිශ්ඵල යන්න යෝජකයාට අවබෝධවිය යුතුය. එසේ වීද නොමැත. මෙම ලිපියෙහි අඩංගු කරුණුවලින් සිංහල කියවන ජනතාවට මෙහි ලබාගත හැකි අධ්‍යාපනික වටිනාකම වන්නේ, ශ්‍රී ලංකාවේ ජනවාර්ගික කණ්ඩායමක් විසින් (දෙමළ ඊළම ඉල්ලා සිටියේ එල්ටීටීඊ සංවිධානය පමණක් නොවේ) දෙමළ ඊළම නම් රාජ්‍යයක් යෝජනා කොට ඉල්ලා සිටි බවත්, එහි සීමා මායිම් මොනවාද යන්නත් වේ. ලිපියෙහි නොතිබුනත් එයට තවදුරටත් ඇතුලත් විය යුතු කරුණු වන්නේ, දෙමළ ඊළම නම් එම ඉල්ලීම පදනම් කරගනිමින් රටතුල බෙදුම්වාදයක් ඇරඹී බවත් එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමට කෙසේ හේතුකාරක වූවේද යන්නත් වේ.
  2. දෙවන අංකය යටතේ යෝජකයා විසින් එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් යන්න පුන පුනා පවසා තිබේ. එල්ටීටීඊ සංවිධානය ගැන පමණක් එසේ දක්වා ඇත්තේ ඇයිදැයි යන්න ඔහු දක්වා නැත. දෙමළ ඊළම අපේක්ෂාකලේ එල්ටීටීඊ සංවිධානය පමණක් නොවන බව ඔහු දැනගෙන සිටිය යුතුය.
  3. තුන්වන අංකයෙන් Rsekanayake නම් යෝජකයා විකියේ ප්‍රතිපත්ති අමුඅමුවේ කඩකොට සිය නිර්ලජ්ජා සහ අශ්ලීලත්වය මොනවට ප්‍රදක්ෂිණා කරමින් පරිශීලකයන් වෙත අපහාස රැසක් කොට ඇත. එය මෙම ලිපියට අදාලවන්නේ කෙසේද යන්න මට නොතේරේ. එම අංකයේ වූ කොමෙන්ටුව පටන් ගන්නේද යෝජකයා විසින් මුසාවක් තෙපලමිනි. එය මෙසෙයි මෙහිදී තවත් එක් කාරණයක් මතක් කල යුතුය.මෙම ලිපිය පර්වර්තනයේදීම එක්තරා පුද්ගලයෙකු මෙම සාකච්චා පිටුවේ සටහනක් තබමින් කියා සිටින්නේ මෙම පිටුව වෙන අයට සංස්කරණය කල නොහැකි වන සේ ඉබි යතුරු දැමිය යුතු බවකි. එය පුදුම සහගත දෙයකි මෙම ලිපිය පරිවර්තනය කොට ඇත්තේ 2016 අප්‍රේල් 5වනදායි. සාකච්ඡා පිටුවේ සංවාදය ඇරඹී ඇත්තේ 2016 ඔක්තෝබර් 5වනදායි. මාස 6ක පරතරයක් එහි තිබේ. යෝජකයා සිය හිතළු වගකීමක් රහිතව වචන බවට පෙරලන බව ඉන් පෙනේ.
කෙසේ වූවද පිටුව මකා දැමීමට යෝජනා කොට ඇත්තේ Rsekanayake නම් යෝජකයා පමණි. වෙනත් කිසිදු පරිශීලකයෙකු එහ යෝජනාවට සහය දක්වා නැත. මේ පිටුව සංස්කරණයට දායක වූ අනෙක් තහවුරු වූ පරිශීලකයන් කිහිපදෙනෙකු විසින් Rsekanayake නම් යෝජකයා පදනම් රහිතව ලිපිය මත යෙදූ යෝජනා ටැගය ඉවත් කිරීමට කටයුතු කොට තිබීමෙන් ඔප්පු වන්නේ ඔවුන්ද මෙම ලිපිය මකාදැමීමේ උපමානයට එකග නොවන බවයි. කෙසේ නමුදු තහවුරු නොවූ නිර්නාමික පරිශීලකයෙකු හෝ කිහිපදෙනෙකු සිය මතය මෙහි පලකල තිබුනත් ඒවා වැදගත් කොමෙන්ටු ලෙස සැළකිය නොහැකියි. (සමහර විට මේ නිර්නාමික අංක සහිත කොමෙන්ටු එකම පරිශීලකයෙකු විසින් ඉදිරිපත් කල හැකි ඒවා යන්න කෙනෙකුට යෝජනා කල හැකි නිසා වේ) --L Manju (talk) 15:08, 2 නොවැම්බර් 2016 (යූටීසී)Reply



මෙවන් විකී පීඩියවක අවශ්‍යතාවය පැන නැගීම ගැන සොයා බැලිය යුතුය..ආචාර්ය රාජ් සෝම දේවයන් විසින් තහවුරු කරමින් පවතින ,දැනට ඇමරිකාව මගින් වසර 125,000ක් බව කාබන් පර්යේෂණ වලින් සනාථ කල හෙළ යක්ෂ ගෝත්‍රය මෙහිදී මගේ බාවිතයට ගනිමි.ලෝකයේ සියලු ජනා වාස වල අතීත කතාව වසර 6000කින් අවසන් වුවද හෙළ ඉතිහාසයට අබියෝග කල හැකි කිසිවක් දැනට මිහිපිට නොමැත.ශ්‍රී ලංකාවේ හෙළ උරුමය කීමට ඇති තරම් සාක්ෂි සාධක ඉදිරිපත් කල හැක.ඒ නිසා කොපමණ අය කොපමණ කෑ ගැහුවත් මේ රට ශ්‍රී සිංහල රට මිසක් (1815 බ්‍රිතාන්‍ය පැවරුම් ගිවිසුම බලන්න) දෙමල ඊළාම් කතන්දරයක් නොමැත.දකුණු ඉන්දියාවෙන් පැමිණි පිරිසක් මෙහි පැමිණ බලහත් කාරයෙන් පදිංචි වී අයිතිවාසිකම් කීම අවශ්‍ය නැත.පොල් වත්තේ ගොටුකොල වැවුන පලියට එය පොල් වත්ත මිසක් ගොටුකොල වත්ත නොවනු ඇත.මේ රට ෆෙඩරල් කිරීමට අවශ්‍ය නැත.මෙහි පවතින ආකාරයෙන් ජීවත් වීමට නොහැකිනම් මෙරටට ආව විදිහටම කැමති රටකට යන්න.අපෙන් කෑලි ඉල්ලලා අමනාප නොවන්න.පඹයන් ඉදිරියේ ඔබලා වීරයන් වුවත් සිංහයන් ඉදිරියට පැමිණි විට ගොදුරු බවට පත් වනු නොඅනුමානය.

පදනම පෙන්වා ඇත .බොහෝ කල් ගතවී ඇත. කිසිවෙකු නැත .පදනම පිළිගෙන ඇත. සංස්කරණය

යෝජකයා විසින් පදනම පෙන්වා දී දැනට බොහෝ කල් ගතවී ඇත . එනමුත් මේ පිළිබද උනන්දුව දක්වන්නන් ඒ පිළිබද කරුණු දක්වා නැත.මෙම ලිපිය පරිවර්තනය පිණිස මහත් උනන්දුවක් දක්වන මා හිතවත් L Manju (talk) මහතාට මා අරාධනා කර සිටිනවා මා විසින් ගෙන හැර දැක්වූ කරුණු අභියෝගයට ලක්කරන ලෙස.ස්තුතියි !--RsEkanayake 15:02, 31 ඔක්තෝබර් 2016 (යූටීසී)Reply

ඉහත මෙතන Rsekanayake විසින් ඉදිරිපත් කල තර්ක වලට පිළිතුරු යටතේ L Manju මහත්මයා දොඩවා තිබු කරුණු සම්භන්ධයෙන් ප්‍රති පිළිතුරු දෙමි(කාර්ය බහුලය කාලය ඉඩදෙන පරිදි ). ඊට ප්‍රථම ඌනපුරකයක් ඇත සපුරාගැනීමට, එනම් , ඉහත ඇල් මංජු මහතාගේ පැහැදිලි කිරීමේ සදහන්ව තිබෙන දෙමල ඊලම යන ලිපිය ඉංග්‍රීසියෙන් සිංහලයට පරිවර්තනයට පක්ෂව කරුණු ඉදිර්පත්කල ලෙස ඇල් මංජු මහතා පවසා සිටින පරිශීලක Shwetha සහ පරිශීලක අනංගයා වෙතද මා අරාධනා කර සිටිනවා විරුද්ධව කරුණු ඇත්නම් පමණක් එය ඉදිරිපත් කරන ලෙස.ස්තුතියි !--RsEkanayake 16:21, 8 නොවැම්බර් 2016 (යූටීසී)Reply
"https://si.wikipedia.org/w/index.php?title=සාකච්ඡාව:දෙමළ_ඊළම&oldid=386132" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "දෙමළ ඊළම" page.