ස්‍වකීය ප්‍රදේශ ජාලය

ස්වකීය ප්‍රදේශ ජාලයක් ( En=Personal area network) යනු පරිඝණක උපාංග , දුරකථන සහ පුද්ගල සංඛ්‍යාංක උදවු කරුවන් ඇතුලත් සන්නිවේදනය සඳහා භාවිතා කරන, පුද්ගලයකුට ඉතාමත් සමීප පරිඝණක ජාල ගතකරණයකි. මෙම උපාංග සමහර විට පුද්ගලයාට අයිති වීම හෝ නොවීම සිදු විය හැකිය.ස්වකීය ප්‍රදේශ ජාල ගත කරණයෙහි දුර සාමාන්‍යයෙන් මීටර් කිහිපයක් දක්වා වේ.පුද්ගල ප්‍රදේශ ජාල ගත කරණය, පුද්ගල උපකරණ, ඒවා අතර සන්නිවේදනයකිරීම සඳහා (ජලයේ ඇති උපකරණ අතර සන්නිවේදනය )හෝ ඉහල තත්වයේ ජාල සහ අන්තර්ජාලය සමඟ සම්බන්ද විම සඳහා යොදා ගත කළ හැකිය.

ස්වකීය ප්‍රදේශ ජාල ගත කිරීම සමහරවිට USB ,FireWire යනාදී රැහැන් සහිත computer bus සමඟ ඇත. රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාල සඳහා IrDA, Bluetooth, UWB, Z-Wave and ZigBee. යනාදී රැහැන් රහිත තක්ෂණය යොදා ගැනීමේ හැකියාවක් පවතී.

තාක්ෂණය සංස්කරණය

මෙම ලිපිය මෙහි මුල් පර්යේෂණ පිටපතෙහි ද අඩංගු විය හැකිය. කරුණාකර එය සාදන ලද හිමිකම් සහ යොමුව එකතු කිරීම සථ්‍යාපනය කරමින් දියුණු කරන්න. මෙහි ඇත්තේ මුල් පිටපතෙහි අඩංගු ප්‍රකාශන පමණක් වන අතර සමහර ඒවා ඉවත්කර ඇත. ඇඩි විස්තර ආමන්ත්‍රණ පිටුවෙහි අන්තර් ගත විය හැකිය. සැප්තැම්බර් -2007

බ්ලු ටූත් ස්වකීය ප්‍රදේශ ජාලයක ක්‍රියාකාරී උපකරණ 8 ක් දක්වා master, slave සම්බන්ඳතාවයන් සහිතව තනා තිබේ, එය piconet ලෙස හඳුන්වනු ලැබේ.(ඉතා විශාල උපකරණ ප්‍රමානයක් "parked"ආකාරයට එකිනෙකට සම්බන්ඳ කිරීමට හැකිය ) piconet හි මුල්ම බ්ලු ටූත් උපකරණය master ආකාරයට සහ අනෙකුත් සියළු උපකරණ slave ආකාරයට master උපකරණය සමඟ තොරතුරු හුවමාරු කරයි.piconet එක සාමාන්‍යයෙන් මීටර් 10 පමණ වුවත් එය ආදර්ශීය හේතූන් නිසා මීටර් 100 දක්වා වැඩි කල හැකිය.

මෑත කාලීන නව්‍යතා ලෙස නියම ආකාරයෙන් නිපදවා ඇති මෙම උපකරණය සඳහා දැනට ඇති පරාස බොහෝ සෙයින් ඉක්මවා යෑම සඳහා බ්ලු ටූත් ඇන්ටනා ඉඩ ලබා දේ."flexilis" ලෙස හඳුන්වන පරිඝනක අනවසරයෙන් භාවිතා කරන්නන් කණ්ඩායමක් DEF CON 12 හිදී සාර්ථක ලෙස බ්ලු ටූත් උපකරණ දෙකක් සැතපුම් භාගයක් දුරින් එකිනෙක සම්බන්ධ කරතිබෙනවා.ඔවුන් ඉඩ ඇති සහ Yagi Antena සහිත ඇන්ටනාවක් භාවිත කළා, මේ සියල්ල රයිපල් අල්ලුවකට සම්බන්ඳ කර තිබෙනවා. ඇන්ටනාවේ කේබලය පරිඝණකයේ බ්ලුටූත් කාඩ් පතට අමුණා ඇත. පසු කාලීනව මෙය The BlueSniper ලෙස නම් කර ඇත.

අනෙක් ස්වකීය ප්‍රදේශ ජාල කරණය වන්නේSkinplex ය. මිනිස් සමට ආසන්න ක්ෂේත්‍රයක් හරහා සම්ප්‍රේෂණය කරයි. මිනිස් සිරුරේ සිට මීටර් 1ක් දක්වා ආවරනය කර ගැනීමට සහ අදහස් හුවමාරු කර ගැනීමට Skinplex ට හැකියාව ඇත. මෙය දොරවල් ඇරීම හා වැසීම පාලනය කිරීම සඳහා සහ කාර් වල වෙනස් කල හැකි වහලයන්හිර වීම වැලැක්වීමට දැනටමත් යොදා ගනී.

රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාලය. සංස්කරණය

රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාල යනු ස්වකීය ප්‍රදේශ ජාලයකි.මෙය පුද්ගලයකු වැඩ කරන ප්‍රදේශය වටා ඇති උපකරණ එකිනෙක සම්බන්ධ කර ඇති මධ්‍යස්ථානයක ජාලයක් ලෙස හැඳින් වේ.ඒවා රැහැන් රහිත සම්බන්ධතා වේ.රැහැන් රහිත පුද්ගල ප්‍රදේශ ජාලයක් මීටර් 10 ක් පමණ ඇතුලත සාර්ථකව සන්නිවේදනය කිරීමට සමහර තාක්ෂණයන් යොදා ගනී.වෙනත් ලෙස සඳහන් කරන්නේ නම් ඉතා කුඩා පරාසයක් තුල සාදන ජාලයකි. බ්ලු ටූත් යනු එවැනි ඓ IEEE 802.15 සම්මත තත්වයට අනුව භාවිතා කරන තාක්ෂණයකි.

මිනිසුන්ට ඔවුන්ගේ ලියන මේසය මත හෝ කුඩා දුර ප්‍රදේශයකට උපකරණ ගෙන යාමට අවශ්‍ය උණා, රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාලයකට සාමාන්‍ය පරිඝණක උපකරන හා සන්නිවේදන උපකරණ එකිනෙක සම්බන්ධ කර සේවා ඉටු කිරීමට හැකි වුණා.මෙම ජාලය, ශල්‍ය වෛද්‍ය වරයෙකුට සැත්කමක් අතරතුරේදි කන්ඩායමේ අනෙකුත් සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කර ගැනීමට වැනි විශේෂිත අරමුණු ඉටු කර ගැනීමට යොදා ගනී.

රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාල ගත කිරීමේ තක්ෂණයේ ප්‍රධාන සංකල්පය "plugging in" ලෙස හැඳින්වේ. ආදර්ශ ක්‍රමයට අනුව සැකසීමේ දී රැහැන් රහිත ස්වකීයප්‍රදේශ උපකරණය සහිත උපාංග දෙකක් ඉතා ආසන්නයට පැමිණි විටදී හෝ ප්‍රධාන server ට ඉතා කිට්ටු කිලෝමීටර් ගණනක් ආසන්නයට පැමිණිය හොත් ඒවාට රැහැන් මගින් සම්බන්ධ වී ඇති ආකාරයටම සන්නිවේදන කිරීමේ හැකියාවක් පවතී.අනෙක් වැදගත් ලක්ෂණය නම් එක් එක් උපකරණයට අනෙක් තෝරා ගත් උපකරණ ලොක් කිරීමේ හැකියාව හා අනවශ්‍ය බාධක වලින් හෝ තොරතුරු වලට අනවසරයෙන් ඇතුල්වීම් වැලැක් වීමේ හැකියාවයි.

රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාල සඳහා වන තාක්ෂණ එහි මුල් අවදියේ සහ දැනට එය ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙමින් පවතී.සංඛ්‍යාංක ආකාරයේ යෝජිත යෙදීම් සංඛ්‍යාතයන් වන්නේ ගිගා හර්ට්ස් 2.4 ක් පමණ.මෙහි මූලික අරමුණ වන්නේ නිවසක හෝ ව්‍යාපාර උපකරණ හා පද්ධති සඳහා සීමා රහිත ක්‍රියාවන් ඉටු කිරීමට පහසුකම් සැලසීමයි.එක් රැහැන් රහිත පුද්ගල ප්‍රදේශ ජාලයක් තුල සෑම උපකරනයකටම එම රැහැන් රහිත ස්වකීයප්‍රදේශ ජාලය තුල ම ඇති වෙනත් උපකරණ සමඟ එකට සවි වීමේ හැකියාවක් පවතී.ඒවා එක් උපකරණයක් අනෙක් උපකරණයට එහි භෞතික පරාසය සපයයි.මීට අමතරව රැහැන් රහිත ස්වකීය ප්‍රදේශ ජාල එකිනෙක සම්බන්ධ ලෝක ව්‍යාප්ත ජාලයක් වෙයි.උදාහරණයක් ලෙස මින්නේපොලිස් හි ඇති මින්නෙසොට විශ්ව විද්‍යාලයේ ගණකාධිවරුන් ඔවුන් සොයා ගන්නා දේවල් පරිඝණක දත්ත ගබඩාවට යැවීමට, එහි දත්ත සෘජුවම පරිශීලනය කිරීමටත් PDA යොදා ගනී.

මේවත් බලන්න සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය


අමතර පිටුs සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ස්‍වකීය_ප්‍රදේශ_ජාලය&oldid=593701" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි