ස්ත්‍රී දරිද්‍රතාවය

දිළිදුකමේ ස්ත්‍රීකරණය යන්න පුළුල් වශයෙන් ප්‍රචලිතව ඇත්තේ, දිළිදු ජනතාවගේ සංඛ්‍යාවේ, ඉහළ යන ප්‍රවණතාවයක් කාන්තාවන් විසින් නියෝජනය කිරිම වශයෙනි. එක්සත් ජාතින් එය දකින්නේ පසුගිය දශකය තුළ අඛණ්ඩව පවතින හා පුළුල් වු දිළිදු බවේ විෂම වක්‍රයට හසු වු පිරිමින් හා කාන්තාවන් අතර පරතරයේ ස්වභවය වශයෙනි (2000). දිනකට ඩොරලයක් හෝ ඊට අඩු ආදායමක් ලබමින් ජීවත්වන බිලියන 5ක ජනතාවගෙන් බහුතරයක් කාන්තාවන් යැයි ද එය සඳහන් කරයි. ස්ත්‍රී පුරුෂ භාවය අනුව නිශ්චිත උත්පාදනය, නිෂ්පාදනය, සහ හුවමාරුව යන කාරණාවල අසාර්ථක වීම්, කාන්තාවන් දිළිදු අය අතර දිළිදුම කොටස් බවට පත් වීමටත්, පිරිමින්ට වඩා වෙනස් ආකාරයකට දිළිදුකම අත් විදිමටත් හේතු වෙයි. ජනවාර්ගික සුළු ජන කොටස්වල කාන්තාවෝ ස්වදේශිය කණ්ඩායම්වල සහ සරණාගත කණ්ඩායම් වල කාන්තාවෝ, අවිවාහක කාන්තාවෝ, ආබාධිත කාන්තාවෝ, සිය පිරිමි සමපාර්ශවිකයන්ට වඩා දිළිදුකමින් පෙළෙන්නෝය.

දරිද්‍රතාවයේ ස්ත්‍රීකරණය ජගත් ප්‍රපංචයක් බවට පත්ව තිබේ. උතුරු දකුණු ප්‍රදේශවලට මෙන්ම සංවර්ධිත හා සංවර්ධනය වන රටවල සියල්ලටම මෙය පොදුය. මේ කාණ්ඩ රාශියටම කාන්තාවන්, පිරිමින් උපයන ප්‍රමාණයට වඩා අඩුවෙන් උපයයි. එමෙන්ම මුල්‍ය, ණය, භූමිය හා උරුමය වැනි සම්පත් වලට ඔවුන්ට බොහෝ විට ප්‍රවේශයක් නොලැබේ. ඔවුන්ගේ ශ්‍රමය, පුරුෂ ශ්‍රමය තරම් වටිනා එකක් වශයෙන් අගය කිරිමකට හෝ පිළිගැනිමකට ලක් නොවේ. එමෙන්ම ඔවුන්ගේ සෞඛ්‍යාරක්ෂණය සහ පෝෂණ අවශ්‍යතා වලට ප්‍රමුඛත්වය නොලැබෙන අතර, අධ්‍යාපනයට හා උපකාරක සේවා වලට ඔවුන්ට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොලැබේ. එසේම නිවසේදි හා සමාජයේදී තීරණ ගැනිමෙහිලා ඔවුන්ගේ සහභාගිත්වයද අවම මට්ටමක පවති. වඩා හොඳ රැකියා ඉඩ ප්‍රස්තා සදහා ඔවුන්ගේ ප්‍රවේශයද සීමාසහිතය. එපමනක් නොව ඔවුන් දිළිදුකමේ විෂම වක්‍රයට හසුවු පසු තත්වය වෙනස් කිරිම සදහා සම්පත් වලට සහ තොරතුරුවලට ප්‍රවේශවීමේ ඉඩ කඩද සීමා සහිත බවට පත් වේ (එ.ජා.2000) . කාන්තාවන්ට දෙවෙනි පන්තියේ පුරවැසි තත්වයක් තිබෙන විට ඔවුහු ආදායම් විරහිත භාවයට වඩා පහසුවෙන් ගොදුරු වෙති. යෙදවුම් වල සහ ව්‍යප්ති සේවා වලට ප්‍රමාණවත් ප්‍රවේශයක් නොතිබිමද, කාන්තාවන් අතර දිළිදුකම පිටු දැකිමේදී අවාසියක් වී තිබේ. දිළිදු බවින් පිඩා විදින කාන්තාවෝ අන් අයට වඩා, සමාජ ආයතන වලින්ද, කුටුම්භයන්ගෙන්ද, ප්‍රජාවෙන්ද, වෙළෙදපොළ වලින්ද, රාජ්‍ය හෝ ජගත් ආයතන වලින් බැහැර කෙරෙති.

ස්ත්‍රී මුලික ගෘහ කුටුම්භ

සංස්කරණය

එනම් කාන්තාවන් ප්‍රමුඛත්වය දරණ ගෘහ කුටුම්භයි. කාන්තාවන් ප්‍රමුඛ කුටුම්භයන් දිළිදුකමේ දුර්වල කණ්ඩායමක් වශයෙන් ලොව පුරා පිළිගනු ලබයි. 1999 දී කාන්තාවන් ප්‍රමුඛ කුටුම්භයන්ගෙන් 30% ක් ජාතික දරිද්‍රතා මට්ටමට පහලින් වු අතර ඔවුහු 19%ක දරිද්‍රතා මට්ටමක් නියෝජනය කළහ.(එ.ජ.ජනගහන කාර්යාංශය 2000). විශේෂයෙන් ස්ත්‍රී මුලික කුටුම්භටන්ගේ වැදගත් කරුණ නම් එම කුටුම්භය ස්ත්‍රී මුලික වන්නේ මන්ද යන්නයි. කුටුම්භයේ මුලිකයා අවිවාහක මවක් හෝ සැමියා හැර ගිය මවක් නම් බොහෝ විට එම කුටුම්භය දුප්පත්ය



ස්ත්‍රී මුලික ගෘහ කුටුම්භයන්


1981 1994 2000
17.4 20.4 18.6


 


ස්ත්‍රී දරිද්‍රතාවයට හේතු

සංස්කරණය

01.කාන්තාවන්ට සම්පත් උපයෝජනයට ඇති ඉඩකඩ අඩුය.

  • භුක්තිය පිළිබදවත් අයිතිකාරිත්වය පිළිබසවත් නීතිමය සංරෝධක තිබීම.

උදා:සමහර සමාජවල ඉඩම් අයිතිය කාන්තාවන්ට නැත.මුස්ලිම් සමාජ වල ඉඩම් අයිතිය සීමා වේ. පියාගෙන් පිරිමි පුතාට හිමි වේ.

  • සමාජීය චර්යා

උදා:මවු පිය නිවස බාල පිරිමි පුතාට දෙයි.

  • ආයතනික චර්යා-ඉඩම් වල ජනපද පිහිටවීමේදී අයිතිය වයස අවු :18ට අඩු පිරිමින්ට පවා නීතියෙන් පැවරීම.

උදා:සුනාමියෙන් අහිමි වු නිවාස වල මුල් අයිතිය ස්ත්‍රින්ට තිබුනත් නව නිවාස සාදා අයිතිට පැවරුවේ පිරිමින්ටය.

 


02. කාන්තාවන්ට සමාජ ආර්ථික ක්‍රියා පද්ධතියට ඇති අවකාශය අඩුය

  • ආර්ථික පද්ධතීන්(ජාල වල) ප්‍රමුඛස්ථානය(බලය) පැවරෙන්නේ පිරිමින්ටය.
  • බොහෝ විට මේ ආර්ථික ජාලය හැඩ ගැසෙන්නේ පිරිමින්ගේ චර්යා සම්බන්ධවය.
  • කාන්තාවන්ගේ සංචලනතාවය අඩුය.(ජාල තිබුනත් නොයයි.)
  • කාන්තාවන් නිෂ්පාදනය කලත් යෙදවුම් මිලදී ගැනිම සහ නිමැයුම් අලවිය පිරිමින් කරයි.

උදා: නාගේ ප්‍රදේශයේ කාන්තාවන් නිමැයුම් කලත් විකුණන්නට නොදනි.පිරිමියා අනතුරට ලක්වුවොත් කාන්තාව අසරණ වේ.ගෙදරින් පිට කොටස පිරිමියා කරයි.


03. ශ්‍රම වෙළෙදපළ තුල පවතින විභේදනය.

  • බදවා ගැනිමේ විභේදනය

බොහෝ රැකියා වලට ස්ත්‍රින් බදවා ගැනීමට අකමැතිය.මන්ද ඔවුන්ට ආරක්ෂාව හා පහසුකම් වැඩිවිය යුතුනිසා.

  • වැටුප් විෂමතා

එකම රැකියාව කළත් පිරිමින්ට වැඩි වැටුපක් ලබා දෙයි.

  • බොහෝ විට කාන්තාවන් කුඩා ගෘහස්ථ රැකියා වල පමනක් යෙදේ.
  • ශ්‍රම වෙළෙදපළ ආශ්‍රිත තීරණ

ස්ත්‍රිය රැකියාවට යවනවාද නැද්ද යන්න තීරනය කරන්නේ පිරිමියාය.


04. ප්‍රාග්ධන වෙළෙදපළ ආශ්‍රිත විභේදනය.

  • ඇප සදහා දීමට දේපල නැත.
  • සමාජීය ජාල හා සබදතා අඩුය.


05.කාන්තාවන් සමාජීයව බහිෂ්කරණට

.

 
thumb
  • වැන්දඹුවන්, දික්කසාද වුවන්, අවිවාහන මවුවරුන්, කොන්කිරිම.
  • කාන්තාවන් සියුමැලි කියා නායකත්වය නොදීම.
  • අධ්‍යපනය පහළ මට්ටමකය.
  • තාක්ෂණික හැකියා සීමිතය.
  • කාන්තාවන් පිරිමින් හා තරගයට බයයි.
  • කාන්තාවන්ගේ සමාජ භූමිකාව මාතෘත්වය හා ගෘහ පාලනය බව දැක්වීම.
  • ප්‍රතිපත්ති සම්පාදනයින් බොහෝ විට පිරිමින් වන අතර ප්‍රතිපත්ති සම්පාදනයේදී හා සැලසුම් කිරීමේදී,ඔවුන් කාන්තාවන් පිළිබද සැලකිලිමත් නොවිම.


06.කාලය පිළිබද සංරෝධනය.

  • ප්‍රජනන කාර්යය නිසා.
  • සමාජීය ප්‍රජනන කාර්යය නිසා.


ස්ත්‍රී දරිද්‍රතාව තුරන් කිරීමේ ප්‍රතිපත්ති

සංස්කරණය

01. සුක්ෂම මට්ටම.(කුටුම්භය තුල)

ශ්‍රම විභජනය ආදායම බෙදාහැරිම,පරිභෝජන තීරන ගැනීම, දරු සංඛ්‍යාව, වත්කම් රටාව,ආදිය පිළිබදව ස්ත්‍රී පුරුෂ විභේදනයක් ඇත.සාමාන්‍යයෙන් කුටුම්භයක් තුල සහයෝගීතාවය අපේක්ෂා වුවත් සමහර විටක ගැටුම්කාරී යන්ත්‍රනයක්ද පවතී.මෙහිදී රජයට මැදිහත් විය හැක්කේ,

  • අධ්‍යාපනය තුලින්
  • නීතිමය රාමුව තුලින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම.


02.ආයතනික මට්ටම.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව සමහර ආයතන වල ලැබෙන සේවා හා අවකාශ‍යන් වෙනස් විය හැක.එහිදී එය අවම කිරීමට එම ආයතනය හා රජය ක්‍රියා කල යුතුය.


03. සාර්ව ආර්ථික මට්ටම.

බොහෝ විට සාර්ව ආර්ථික ප්‍රතිපත්තිකරණය නිසා ස්ත්‍රී පුරුෂ සමාජභවි තත්වයන් වෙනස් විය හැක.මේ නිසා සාර්ව ආර්ථික මට්ටමේදි ප්‍රතිපත්තිකරණයේ යෙදෙන වි‍ට ස්ත්‍රි පුරුෂ සමාජභවි තත්වයන් සලකා බැලිය යුතුය.

උදා : 1977 විවෘත ආර්ථික ප්‍රතිපත්තිය නිසා කාන්තා සේවා වියුක්තිය පහළ ගියේය.විශේෂයෙන් ඇගළුම් කම්හල් නිසා.


වර්තමානයේ ඕනෑම මට්ටමකදී සැලසුම්කරණයේ යෙදිමේදිත් ප්‍රතිපත්තිකරණයේදිත් අත්‍යවශ්‍ය අංගය වන්නේ ස්ත්‍රී පුරුෂ සමාජභවයේ බලපෑම විශ්ලේෂණය කිරීමයි.


ආශ්‍රිත ලිපිලේඛන

සංස්කරණය
  • පෙරේරා මල්ලිකා-දරිද්‍රතාව ස්ත්‍රීකරණය වීම-ආර්ථික විමසුම 2000 නොවැ./දෙසැ.කලාපය

පින්තූර ගැලරිය

සංස්කරණය

මේ අඩවියත් බලන්න

සංස්කරණය
"https://si.wikipedia.org/w/index.php?title=ස්ත්‍රී_දරිද්‍රතාවය&oldid=379047" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි