සංචාරය කිරීම සංස්කරණය

 
ද ලයන් කින්ග්, නිව් ඇමස්ට්ඩම් රංගශාලාවේදි ප්‍රදර්ශනය වෙමින්, 2003

සංචාරක වේදිකාවන්හි පෙන්වන දීර්ඝ නාට්‍යවලට අමතරව, රට වටා ප‍්‍රධාන නගරවල සංචාරය කිරීම සඳහා නිෂ්පාදකයෝ නව නළුනිළි කණ්ඩායමක් යොදවා නාට්‍ය යළි නිෂ්පාදනය කරති. වඩා සාර්ථක හා විශාල නාට්‍ය සඳහා සංචාරක කණ්ඩායම් කීපයක් සිටිය හැකිය. කුඩා නගරවලට යන නාට්‍ය කණ්ඩායම් බස් රථවලින් ගමන් කරන අතර, ඔවුන්ගේ බඩු බාහිරාදිය ට‍්‍රක් රථ මගින් රැුගෙන යනු ලැබේ. ( මේ නිසා ඔවුන්ිඊමි * ඔරමජන ඔදමරි’ ලෙස හඳුන්වයි.* විශාල සංචාරක නාට්‍ය කණ්ඩායම් එක් නගරයක අවම වශයෙන් සතියක් හෝ දෙකක් ගත කරන අතර, කුඩා නාට්‍ය කණ්ඩායම් සමහර විට එක් සතියක් තුළ නගර දෙකක නාට්‍යය පෙන්වයි. මේවා ‘සති, කොටස්’ හෝ එක්දින’ විය හැකිය. සංචාරක නාට්‍ය මණ්ඩල මගින් මෙම නාට්‍යවලට ගරු කිරීම සඳහා සංචාරක නාට්‍ය සම්මාන ප‍්‍රදානය කරනු ලැබේ.

පේ‍්‍රක්ෂකයින් සංස්කරණය

නිව්යෝර්ක් නගරය තුළ සංචාරක නාට්‍ය නැරඹීම ඉතා සුලබ වන අතර, වාර්ෂිකව එමගින් ඩෝලර් බිලියන ගණනක් උපයනු ලැබේ. ඩෆි චතුරස‍්‍රයේ සහ පහළ මෑන්හැට්න් හි ඇති ප‍්‍රවේශ පත‍්‍ර විකුණන යන්ත‍්‍ර 25%, 35% හෝ 50% වට්ටම් සහිත ටිකට්පත් විකුණනු ලැබේ. මෙමගින් හිස් ආසන පිරවීම පහසු වන අතරම, වීදි නාට්‍ය නැරඹීම දැරිය හැකි මට්ටමට ගෙන එයි. බොහෝ නාට්‍ය විශේෂිත ශිෂ්‍ය ප‍්‍රවේශපත් හෝ ක්ෂණික හෝ ලොතරැුයි ක‍්‍රමයේ, එසේත් නැතිනම් අසුන් රහිත ප‍්‍රවේශ පත‍්‍ර අඩු මිලට විකුණති. එමගින් ශාලාව සම්පූර්ණයෙන් පිරවීමට ඉඩ සැලසෙති.

සමහර නරඹන්නන් වඩාත් පර්යේෂණාත්මක, අභියෝගාත්මක හා සමීප රංගනයන් අපේක්ෂා කරති. මීට නිදසුනක් ලෙස ‘වසන්ත උදානය’ :ීචරසබට ්අ්නැබසබට* නාට්‍යය හැඳින්විය හැකිය. මෙය ඉතා කුඩා, සමීප නාට්‍යයක් ලෙස ආරම්භ වූ අතර, සංචාරක නාට්‍යයක් ලෙස විකාශනය වූ පසුව ද, එම සමීප අත්දැකීම ලබා දීමට සමත් විය. මෙම නාට්‍ය වර්ගීකරණය කරනු ලබන්නේ ‘රංගන ශිල්පීන්ගේ සාධාරණත්ව සංගමය’ මගිනි. සංචාරක නාට්‍යයක් සඳහා සුදුස්සකු වීමට නම් නිෂ්පාදනය ආසන 500ක් සහිත නාට්‍යගාරයක නිෂ්පාදනය කළ යුතුය.

2006- 2007 වසර තුළ සම්පූර්ණ නරඹන්නන් සංඛ්‍යාව මිලියන් 12කට අධික විය. මෙය දළ වශයෙන් ‘වෙස්ට් එන්ඞ් නාට්‍ය ශාලාව’ ට සමාන විය. (2006 දී ලන්ඩන් නගරයේ ප‍්‍රධාන වාණිඡු නාට්‍ය ශාලාවක් වූ මෙහි පැමිණීම මිලියන් 12,357 ක් විය.* 2005 - 2006 වසරේ දී මිලියන 12ක් වූ නරඹන්නන් සංඛ්‍යාව තරමක් වැඩි වී තිබේ.


සටහන් සංස්කරණය

|Broadway_theatre - Touring |}

"https://si.wikipedia.org/w/index.php?title=සංචාරක_නාට්‍ය&oldid=472543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි