ශ්‍රී ලංකාව වටා දූපත් විශාල සංඛ්‍යාවක් ඇත. වඩාත් සුලභ දීපිකාවන් උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට නැගෙනහිරින් පිහිටා ඇත. මෙම දූපත් සමූහය ලන්දේසි පාලන සමයේදී ලන්දේසි නම් ශ්‍රී ලංකාව වටා දූපත් විශාල සංඛ්‍යාවක් ඇත. වඩාත් සුලබ දූපත් ඇත්තේ උතුරු පළාතේ යාපනය අර්ධද්වීපයට නැගෙනහිරින්ය. මෙම දූපත් සමූහය ලන්දේසි පාලන සමයේදී ලන්දේසි නම් වලින් ව්‍යවහාර විය. ඇතැම් ඒවා අද ද එම ව්‍යවහාරයේ පවතී.

පරෙවි දූපත්
ආදම්ගේ පාලම


යාපනය අර්ධද්වීපයසංස්කරණය

යාපනය අර්ධද්වීපය වටා සුලභව හඳුනාගත හැකි දූපත් වන්නේ අනලතිව් දූපත් වන අතර අදටත් දිය මංකඩක් හරහා ප්‍රධාන භූමියට සම්බන්ධ වී ඇත. එලුවැතිව් කුඩා ධීවර නැවතුම් පොළකි. කච්චතිව් දූපත 1974 දී ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සම්ප්‍රේෂණය වූ අතර ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තය අතර සම්බන්ධිත ලක්ෂ්‍යයක් ලෙස අදටත් ක්‍රියා කරයි. අතිතයේදී කච්චතිවු දූපත ලාංකික සහ ඉන්දීය ධීවරයන් විසින් හවුලේ භාවිතා කෙරුණි. මෙම දූපතේ ප්‍රසිද්ධ කතෝලික ආශ්‍රමයක් ඇත. වෙනත් හඳුනාගත හැකි දූපත් වන්නේ කරතිව්, මණ්ඩතිව්, හා නයිනතිව් වන අතර සිංහල භාෂාවෙන් නයිනතිව් නාගදීපය ලෙසද හැඳින්වේ. එහි බෞද්ධ හා හින්දු පූජනීය ස්ථාන ඇති අතර ද්‍රවිඩ හින්දූන්ට හා සිංහල බෞද්ධයන්ට කීර්තිමත් වන්දනා ස්ථානයක් වේ. නෙදින්තිව් ලන්දේසි භාෂාවෙන් ඩෙල්ෆ් වශයෙන් හැඳින්වෙන අතර එහි ආවේණික පෝනි අශ්වයන් සඳහා ප්‍රසිද්ධ වේ. පරාටිතිව් යනු දේශීය ධීවරයන් විවේක ගැනීමට භාවිතා කරන ජනාවාස නොවූ දුපතකි. දුපත් ජනගහනයෙන් වැඩි කොටසකට නිවෙස් වූ දුපත් දෙකක් වන්නේ පුන්ගඩිතිව් හා වෙලනායි (Leidel ලෙස ලන්දේසි භාෂාවෙන් හැඳින්වේ) යන විශාල දූපත් දෙකයි.


මන්නාරම් දිස්ත්‍රික්කයේ දූපත්සංස්කරණය

ශ්‍රී ලංකාවට අයත් තවත් දූපත් සමූහයක් ආදම්ගේ පාලම නැමති වැලිමය දූපත් දම්වැලක් සාදයි. මෙහි ශ්‍රී ලංකාව පැත්තේ කෙළවර පිහිටි දූපත අනෙක් දූපත්වලට සාපේක්ෂව විශාල වන අතර එය මන්නාරම් දූපත නම් වේ. ඉන්දීය හා අරාබියානු වෙළෙන්ඳන් සඳහා එය ඓතිහාසික වශයෙන් වැදගත් පිවිසුම් දොරටුවක් විය. එමෙන්ම ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට යන සරණාගතයින් සඳහා එය නාවුක තොටුපොළක් විය.එමෙන්ම ආරක්ෂක නාවුක ආරක්ෂක සහ සංචාරක අරමුණු සඳහා යොදා ගන්නා කුඩා ජනාවාස නොවූ දීපිකා රාශියක් ශ්‍රී ලංකාව වටා පවතී.


මේවාද බලන්නසංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රී_ලංකාවේ_දූපත්&oldid=367952" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි