වෛද්‍යමය හදිසි තත්ත්ව

(වෛද්‍ය විද්‍යාවෙහි හදිසි අවස්ථා වෙතින් යළි-යොමු කරන ලදි)

වෛද්‍යමය හදිසි තත්ත්ව එසේත් නැත්නම් වෛද්‍ය විදාවේ හදිසි අවස්ථාවක් (ඉංග්‍රීසි:  Medical emergency) යනු පුද්ගලයෙකුගේ ජීවිතයට හෝ දිගුකාලීන සෞඛ්‍යයට ක්ෂණිකව තර්ජනයක් ඇති කරන අනතුරක් හෝ රෝගී තත්ත්වයකි. මෙම හදිසි අවස්ථාවන් සදහා එම අවස්ථාවන්හි ක්‍රියාකාරී වීමට ප්‍රමාණවත් තරම් සුදුසුකම් ලැබූ වෙනත් පුද්ගලයෙකුගෙන් උපකාර අවශ්‍ය වේ. කෙසේ නමුත් ඇතැම් හදිසි අවස්ථා සදහා අදාල රෝගියා විසින්ම ප්‍රතික්‍රියා දක්වනු ලබයි. හදිසි අනතුරු තත්ත්වයෙහි බැරෑරුම්කම අනුව ලබාදෙන ප්‍රතිකාර ක්‍රම ප්‍රථමාධාර ලබාදෙන්නන්ගේ සිට හදිසි අනතුරු සදහා ප්‍රතිකාර ලබාදෙන ශල්‍ය වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍යවරුන් දක්වා විවිධ වේ.

ඕනෑම හිදිසි අනතුරු අවස්ථාවකදී ඒ සදහා දක්වන ප්‍රතිචාර එම අවස්ථාව, අදාල රෝගියා සහ ඔහුට උපකාර කිරීම පිණිස ඇති සම්පත් ප්‍රභවයන් අනුව විවිධ වේ. තවද අදාල හදිසි අවස්ථාව ඇති වූයේ රෝහලක් තුළද ඉන් පිටතදීද යන්න මත දක්වන ප්‍රතිචාර විවිධ වේ.


ප්‍රතිචාර සංස්කරණය

රෝහලකින් පිටතදී හදිසි අවස්ථාවන් ඇති වූ විට හදිසි වෛද්‍ය ප්‍රධධතිකාර ක්‍රම ලබාගැනීම පිණිස දේශිය වශයෙන් පවත්නා හදිසි දුරකථන අංක වන 999, 911, 112 හෝ 000 අමතා අදාල සේවය ලබාගත හැකිය. මෙලෙස දුරකථන ඇමතුම් ලැබෙන අවස්ථාවන්හිදී AMPDS වැනි ප්‍රශ්නාවලියකට ලක්කිරීමෙන් ඇමතුම් ලබාදෙන්නාගේ නම හා ස්ථානය අනුව ඔවුන් ප්‍රමුඛතා පිළිවෙලකට ලක් කෙරේ.

ප්‍රථමාධාර ලබාදීම සදහා පුහුණුව ලැබූ පුද්ගලයන්ට ඊළග මට්ටමේ නිත්‍ය ප්‍රතිකාර ලැබෙන තෙක් රෝගියා සදහා සීමිත මට්ටමකට ප්‍රථමාධ‍ාර ලබාදිය හැකිය. ප්‍රථමාධාර ලබාදීමට හැකියාව නොමැති අයටද සංසුන්ව සිටීමෙන් හා අනතුරට ලක්වූ පුද්ගලයා සමග රැදිසිටීමෙන් ප්‍රථමාධාර ලබාගැනීමට උපකාර කළ හැකිය. හදිසි අනතුරු අවස්ථාවලදී සේවාවන් ලබාදෙන පුද්ගලයන් විසින් කරනු ලබන පොදු පැමිණිල්ලක් වනුයේ අනතුරට ලක්වූ ස්ථානය අවට සිටින පුද්ගලයන් එක් රැස්වීමෙන් රෝගියාට ඇතිවන අපහසුතාවය වැඩිවීම සහ ඔවුනට අදාල සේවාව නිසි පරිදි ලබාදීමට නොහැකි වීමයි. හැකිනම් හදිසි අනතුරු අංශයකට දැනුම් දී ඇත්දැයි තහවුරු කර ගැනීම මුලින්ම සිදු කළ යුතුය. තවත් පුද්ගලයෙකු විසින් හදිසි අනතුරු අංශයෙන් පැමිණේදැයි සොයාබැලීම සහ ඔවුන් අදාල ස්ථානයට රැගෙන ඒම සදහා යෙදිය යුතුය. අමතරව ඇති පුද්ගලයින් අනතුරට ලක්වූ රෝගියාගෙන් ඉවතට අවට ඇති ජනතාව ඉවත් කිරීමට යෙදවිය හැකිය. එමගින් ප්‍රතිකාර ලබාදෙන්නන්ට ප්‍රමාණවත් තරම් ඉඩ ලබාගත හැකිය.

ඇතැම් රටවල හිදිසි අවස්ථාවකදී උපකාර කිරීමට ඉදිරිපත් වන සිවිල් ජනතාව ආරක්ෂා කිරීම සදහා හොද නීති පද්ධතියක් ඇත. තමාගේ දැනුම මට්ටම සහ පුහුණුවට අනුව සාධාරණීකරණය කළ හැකි අන්දමට ක්‍රියාකාරීවන පුද්ගලයෙකුට හදිසි අවස්ථාවකදී නිසි පරිදි ක්‍රියාත්මක විය හැකිය. ප්‍රතිකාර ලබාදීම ආරම්භ කළ පසුව ප්‍රථමාධාර ලබාදෙන්නා‍ අදාල රෝගියාට වඩාත් ඉහළ මට්ටමේ ප්‍රතිකාර ක්‍රම ලැබෙන තුරු රෝගියාගෙන් හෝ අදාල ස්ථානයෙන් බැහැර නොයා යුතුය. මෙමගින් රෝගියා අතර මැදදී අත්හැර දැමීමක් සිදු නොවන අතර එසේ සිදු කළ හොත් ප්‍රථමාධාර ලබාදෙන්නාට එරෙහිව නීතිමය ක්‍රියාකාරකම් සිදු කළ හැකිය. මෙලෙස රෝගියා ඉහළ මට්ටමේ සෞඛ්‍ය ආයතනයකට යවන තුරු හෝ තවදුරටත් ප්‍රථමාධාර ලබාදීම ආරක්ෂාකාරී නොවන්නේ නම් හෝ ප්‍රථමාධාර ලබාදෙන්නා ඔහුට එල්ල වන අනතුරුවලින් හෝ විඩාව නිසා පීඩාවට පත්වන්නේ නම් හෝ පමණක් ප්‍රථමාධාර ලබාදෙන්නා හට තමාගේ ප්‍රතිකාර ලබාදීම නැවැත්විය හැකිය.

රෝගීන් හ‍ට ශ්වසනය නොමැති වීම හා හෘද ස්පන්ධනය නතර වූ අවස්ථාවන් වලදී අවධි හතරකින් යුත් මුළධර්මයන් සිදු කරනු ලබයි. ඒවා නම් ඉක්මනින් අදාල ස්ථානයට ලගා වීම, ඉක්මනින් කෘතීම ශ්වසනය ලබාදීම, වහා හෘදයට විද්‍යුත් කම්පන ලබාදීම සහ ඉක්මනින් ජිවිත ආරක්ෂක ක්‍රම ක්‍රියාත්මක කිරීම.

අදාල අවස්ථාව හානිකර නම් සහ එමගින් රෝගියා තවදුරටත් අනතුරට ලක්කරයි නම් අදාල ප්‍රදේශයෙන් තුවාල ලැබූවන් ඉවත් කිරීම සදහා විශේෂ දැනුමක් අවශ්‍ය වේ. එය හදිසි වෛද්‍ය සහ ගිනි නිවන සේවාවන්හි වෘත්තිකයන් මගින් සිදු කළ යුතුය.

සායනික ප්‍රතිචාර සංස්කරණය

රෝහල් මට්ටමේදී ප්‍රමාණවත් තරම් සේවක මණ්ඩලයක් හදිසි අවස්ථාවක් සදහා ක්‍රියාකාරී වීම පිණිස සිටිය යුතුය. බොහෝ හදිසි අනතුරු වෛද්‍යවරුන් හදිසි අනතුරු අවස්ථා, කෘතිම ශ්වසනය ලබාදීම සහ ACLS සහතික කරණය ලබාදීම සදහා පුහුණු වී ඇත. විනාශකාරී සහ සංකිර්ණ හදිසි අවස්ථාවලදී බොහෝ රෝහල් සදහා අදාල ස්ථානය තුළ හා ඉන් පිටත තම සේවකයින් ක්ෂණිකව බෙදා හැරීම සදහා කෙටුම්පත් ඇත.

හදිසි අනතරු අංශවලදී සහ නේවාසික රෝගීන්ගේ හදිසි අවස්ථාවලදී ක්‍රියාකාරී වීම සදහා මූලික වැඩි දියුණු කරන ලද ජීවිතාරක්ෂක ක්‍රම පිළිබද මූලික කෙටුම්පත් පවතී. හදිසි අවස්ථාවන් ඇති වීම සදහා හේතුව බැහැර කිරීමට ප්‍රථම ප්‍රමාණවත් තරම් රුධිර පීඩනයක් සහ ඔක්සිජන් සැපයීමක් රෝගියාට තිබේදැයි සොයා බැලීම වැදගත්ය. දරුණු රුධිර වහණියකදී රුධිරවාහිණී කලම්ප කිරීම මගින් ලේ ගමනය වැළැක්වීම සිදු කළ හැකිය.

ආශ්‍රිත ලිපි සංස්කරණය

මූලාශ්‍ර සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=වෛද්‍යමය_හදිසි_තත්ත්ව&oldid=605504" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි