වෙබ් ප්‍රවේශ්‍යතාව යනු හැකියාවන් ඇති හා නොමැති සියලු පුද්ගලයන් සදහා වෙබ් අඩවි භාවිතයට ඉඩ සැලැස් වීමයි. අඩවි නිවැරදි ලෙස නිර්මාණය කර ගොඩ නංවා සංස්කරණය කළ විට සියලු පරීශිලකයන්ට තොරතුරු හා ක්‍රියාකාරීත්වය සදහා සමාන ප්‍රවේශ නිර්මාණය වේ. උදාහරණයක් ලෙස අඩවියක් අර්ථ විචාරයෙන් තේරුමක් ඇති HTML මගින් කේතනය කර අනුරූ සඳහා පාඨමය අතින් එමදේ සපයා තේරුමකින් යුත් නම් වලින් සැබඳි නම් කර ඇති විට එය අන්ධ පරිශීලකයන් හට පාඨ වාක්‍යයට (text-to-speech) මෘදුකාංග හා/හෝ හයි-බ්‍රේල් (Lent-to-braille) දෘඩාංග භාවිතයට පහසුවක් වේ. අනුරූ හා වාක්‍ය විශාල හා /හෝ විහාලනය කළ හැකි නම් දුර්වල පෙනීමක් ඇති පරිශීලකයන්ට අන්තර්ගතය වටහා ගැනීමට පහසු වේ. සබැඳි යටින් ඉරි ඇඳ ඇති අතරම වර්ණ ගන්වා ඇති විට වර්ණ අන්ධතාවකින් යුත් පරිශීලකයන්ට ඒවා පහසුවෙන් නිරික්ෂණය වේ. ක්ලික් කල හැකි සබැදී හා ප්‍ර‍ෙද්ශ විශාල වීම මුසිකය නිසි පරිදි හැසිර විය නොහැකි පරිශීලකයන්ට පහසුවකි. පිටු කේතනය කර ඇති විට පරිශීලකයන්ට යතුරු පුවරුවක් මගින් හෝ තනි ස්විච් ප්‍රවේශ උපකරණයක් මගින් මග පෙන්වීම සිදුකල හැක. මෙය මුසිකයක් හෝ සම්මත යතුරු පුවරුවක් භාවිතා කළ නොහැකි පරිශීලකයන්ට උදව්වකි. විඩියෝ ගත කර ඇති විට හෝ සංඥා භාෂා සංස්කරණ ඇති විට බාහිර හා ශ්‍රවණය අඩු පුද්ගලයන්ටද වීඩියෝ වටහා ගැනිමේ හැකියාව ලැබේ. අන්තර්ගතය සරල භාෂාවෙන් ලියා ඇති විට හා උපදේශන රූප සටහන් හා සජීවන මගින් හෝ ඉගෙනීමේ දුර්වලතා වලින් පෙලෙන පරිශීලකයන්ට අන්තර්ගතය පහසුවෙන් තේරුම් ගත හැකි වේ. අඩවි නිවැරදි ලෙස ගොඩ නංවා පවත්වා ගෙන යන විට අනෙකුත් ආබාධිත නොවන පරිශීලකයන්ට බාධා නොවන පරිදි ආබාධ සහිත සියලු පරිශීලකයන්ට සේවා සැලසිය හැක.

වෙබ් ප්‍රවේශතාව පිලිතුරු සෙවීමට බලාපොරොත්තු වන අවශ්‍යතා අතරට පහත දෑ ඇතුලත් වේ.

  • දෘශ්‍ය - අන්ධබව ඇතුලුව දෘශ්‍ය දුබලතා, විවිධ දුබල වර්ග වල දුර්වල දර්ශනය හා දුර්වල ඇස්පෙනීම විවිධ වර්ග වල වර්ණ අන්ධතා
  • චාලක / සචලතාව - උදා - පාර්කින්සන්ගේ රෝගය, පේශී දුෂ්පෝෂණය, මස්තිශ්ක අංශ භාගය, අසානය වැනි තත්ත්ව නිසා ඇතිවන දෑත් පාවිච්චි කිරීමේ අපහසුතාව හෝ නොහැකියාව, කම්පනය ඇතුලත්ව, මස්පිඩු මන්ද චලනය, නියමාකාර මස්පිඩු පාලනය නැතිවීම , වැනි තවත් ලක්ෂණ.
  • ශ්‍රවණ - බිහිරි බව හෝ ශ්‍රවණ දුබලතා, ඇසීම දුර්වල පුද්ගලයන්ද ඇතුලුව
  • අපස්මාරය - දාශ්‍ය හෝ සැනෙලි ආචරණ නිසා ඇතිවන ‍ෙෆාටෝඑපිලෙප්ටික් අපස්මාරය
  • ප්‍රජානන / බුද්ධිමය - වර්ධනය වීමේ ආබාධිතතා, ඉගෙනීමේ ආබාධිතතා (ඩිස්ලෙක්සියා, ඩිස්කැල්කියුලියා, වැනි තවත් ලක්ෂණ ) හා විවිධ ප්‍රභව වල ප්‍රජානන ආබාධිතතා, මතකයට ඇති බලපෑම්, අවධානය, ගැටළු නිරාකරණය හා තාර්කික හැකියා. ආදී තවත් ලක්ෂණ.
"https://si.wikipedia.org/w/index.php?title=වෙබ්_ප්‍රවේශතාව&oldid=470823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි