දොළොස්වන රාත්‍රිය (Twelfth Night) යනු විලියම් ෂේක්ස්පියර්ගේ සුඛාන්ත නාට්‍යයකි. මෙම නාට්‍යය 1599 දී හෝ 1600 දී ප්‍රථම වරට වේදිකා ගත වන්නට ඇතැයි සළකනු ලැබේ. එය පළමුවන එළිසබෙත් රැජිනගේ අණට අනුව ෂේක්ස්පියර් රචනා කළ නාට්‍ය දෙකෙන් එකක් ලෙස ද සඳහන් වේ. අනෙක් නාට්‍යය වන්නේ The Merry Wives of Windsor නාට්‍යය යි. මෙම නාට්‍යය Twelfth Night or What you will ලෙසද හැඳින්වේ.

Malvolio courts a bemused Olivia, while Maria covers her amusement, in an engraving by R. Staines after a painting by Daniel Maclise.

කතා සාරාංශය සංස්කරණය

සෙබස්ටියන් සහ වයලා නිවුන් සහෝදර සහෝදරියන් වෙති. ඔවුන් ගමන් කරන නැව මුහුදුබත් වී දෙදෙනා ඉලිරියාවේ ස්ථාන දෙකකට ගොඩ වී දිවි ගලවා ගනී. වයලා පිරිමි වෙස්ගෙන ඕසිනෝ නම් ආදිපාදවරයෙක් ළඟ සිසාරියෝ යන නමින් සේවය කිරීමට පටන් ගනී. ඕසිනෝ ඉලිරියාවේ ඔලිවියා නම් සිටු දේවියකට පෙම් කරයි. නමුත් ඔලිවියා ඔහුට අකමැති වෙයි. ඔලිවියා තමාට කැමති කරගනු පිණිස ඕසිනෝ සිසාරියෝව ඔලිවියා වෙත යවයි. ඔලිවියා ඕසිනෝට කැමති වනු කෙසේ වෙතත් දුටුවනම සිසාරියෝට ප්‍රේම කරන්නට පටන් ගනී.

මුහුදේ ගසාගෙන යමින් සිටි සෙබස්ටියන්ව බේරා ගන්නේ ඇන්ටෝනියෝ විසිනි. හේ සෙබස්ටියන් රැක බලා ගනිමින් නිරතුරුව ඔහු පසුපස රැඳී සිටී. සෙබස්ටියන් ඔලිවියාගේ මාලිගය වෙත ගිය අවස්ථාවක ඔහු සිසාරියෝ යැයි සිතන ඔලිවියා, තමා සමඟ විවාහ ගිවිස ගැනීමට ඔහු කැමති කරවා ගනී. වයලා (සිසාරියෝ ලෙස පෙනී සිටින) ද ඕසිනෝ ට පෙම් කරයි.

මෙසේ නිවුන් සහෝදර සහෝදරියන් නිසා ඇතිවන පටලැවීම් සහ ආරවුල් මැද කතාව දිව යයි. තවද ෆෙස්ටේ, සර් ටෝබි, සර් ඇන්ඩ්රූ, මරියා, මැල්වෝලියෝ යනාදී සෙසු චරිතද වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=Twelfth_Night&oldid=419855" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි