TMNT (සමහරක් රටවල Teenage Mutant Ninja Turtles ලෙස දන්නා) යනු Teenage Mutant Ninja Turtles අධිකාරිය මත පදනම් වූ 2007 චිත්‍රපටියකි. එම චිත්‍රපටිය මඟින් ෂ්රෙඩර් ඉදිරියේ ඔවුන්ගේ පරාජයෙන් පසු මෙම සූර වීර ඉබ්බන් වෙන් වෙන්ව ජීවත් වන ආකාරය පෙන්නුම් කරයි. මේ අතරතුර නිව් යෝර්ක් නගරයේ යම් අසාමාන්‍ය දෙයක් සිදු වෙයි. පුරාතන සත්වයින්ගෙන් යුත් හමුදාවක් විසින් ලෝකය අකර්මන්‍ය කිරීමට සැරසෙන අතර එය බේරා ගැනීම සඳහා මෙම සූර වීර ඉබ්බන් නැවත එකතු විය යුතුය.

ගොනුව:TMNTposterA.jpg
TMNT පෝස්ටරයක්
අධ්‍යක්‍ෂණය කෙවින් මුන් රෝ
නිෂ්පාදනය තෝමස් කේ. ග්රේ, ගැලන් වෝකර්
රචනය හාස්ය
ග්‍රන්ථය කෙවින් ඊස්ට්මන්, පීටර් ලෙයාර්ඩ්
තිර රචනය කෙවින් මුන් රෝ
කථනය ලොරන්ස් ෆිෂ් බර්න්
රඟපෑම
ක්‍රිස් ඉවාන්ස්
සාරා මිචෙල් ජෙලර්
මකෝ ඉවමට්සු
කෙවින්ස්මිත්
පැට්රික් ස්ටුවර්ට්
ෂැංග් ෂීයි
මිචෙල් වයිට් ෆීල්ඩ්
ජේම්ස් ආනෝල්ඩ් ටේලර්
මයිකි කෙලී
නෝලන් නෝර්ත්
සංගීතය කලවුස් බැඩෙල්ට්
සංස්කරණය ජෝන් ඩේමියන් රයන්
බෙදා හැරීම WarnerBros, වීන්ස්ටේන් සමාගම
නිකුත් කළ දින
මාර්තු 23,2007
අප්‍රේල් 5, 2007
අප්‍රේල් 25, 2007
අප්‍රේල් 18, 2007
සැප්තැම්බර් 28, 2007
ජුනි1, 2007
ධාවන කාලය විනාඩි 86
රට එක්සත් ජනපදය
භාෂාව ඉංග්‍රීසි
අයවැය ඩොලර් මිලියන 34
දළ ආදායම $95,004,670
පූර්ව ගමනය Teenage Mutant Ninja Turtles III
පසු ගමනය Teenage Mutant Ninja Turtles V
ශ්‍රේණිගත කිරීම කැනඩාව : PG, එක්සත් රාජධානිය: PG, එක්සත් ජනපදය : PG

මෙය පරිගණකය මඟින් නිෂ්පාදනය කරන ලද රූපවලින් යුත් (Imagi සජීවීකරණ ස්ටුඩියෝව මඟින්) ප්‍රථම Teenage Mutant Ninja Turtles චිත්‍රපටිය විය. මීට පෙර චිත්‍රපටි සජීවී ක්රියාදාම්වලින් යුක්ත විය. මෙය මෙම කාණ්ඩයේ 4 වන චිත්‍රපටිය වූ අතර වසර 14 කට පසු ආ පළමුවැන්න විය. මීට පෙර චිත්‍රපටිය නිදහස් වූයේ 1993 දීය. කාලානුක්රමිකව චිත්‍රපටිය ප්රදර්ශනය වූයේ මුල් චිත්‍රපටිවලට පසුවය. මෙම චිත්‍රපටිය 2007 මාර්තු 23 වනදා නැඟෙනහිර යුරෝපානු රටවල් ගණනක හා ආසියානු රටවල්වල, 2007 මාර්තු 23 වනදා එක්සත් ජනපදයේ, කැනඩාවේ හා එක්සත් රාජධානියේ හා 2007 අප්රේල් 5 වනදා ඔස්ට්‍රලියාවේ දී නිකුත් කරන ලද අතර ඉන් පසුව අනෙකුත් රටවල් විශාල ප්රමාණයක ද නිකුත් කිරීම ද සිදු විය. එහි විවෘත කිරීමේ දී සති අන්තයේ දී එය එක්සත් ජනපදයේ #1 චිත්රපටිය විය. එමඟින් ගෙන එන ලද ආදායම ඩොලර් මිලියන 25.45ක් විය.

එම චිත්‍රපටියේ ඉබ්බන් 4 දෙනා (ලියනාඩෝ, ඩොනටෙලෝ, රෆායෙල් හා මයිකල් ඇන්ජෙලෝ මෙන්ම ස්ප්ලිටර්, සැසී ජෝන්ස් හා ඒප්රිල් ඕනීල් පෙනී සිටී) එහි ප්‍රධාන දුෂ්ටයන් වන්නේ මැක්ස් වින්ටර්ස්, කරයි හා ෆුට් ක්ලෑන්ය. මෙහි කටහඬවල් ක්රිස් ඉවාන්ස්, සාරා මිචෙල් ජෙලර්, ෆ්රැට්රික් ස්ටූවර්ට් හා සිං ෂියි විසින් සපයනු ලැබේ. මෙය මාර්කෝ ඉවමට්සුගේ අවසාන චිත්රපටිය ද විය.

"https://si.wikipedia.org/w/index.php?title=TMNT_(චිත්‍රපටිය)&oldid=464458" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි