2016 ගිම්හාන පැරාලිම්පික්

2016 ගිම්හාන පැරාලිම්පික් යනු අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුවේ අධීක්ෂණය යටතේ ආබාධිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් පැවැත්වෙන අන්තර්ජාතික බහු-ක්‍රීඩා තරගාවලියකි. එය 15 වන ගිම්හාන පැරාලිම්පික් තරගාවලියයි. 2016 සැප්තැම්බර් මස 7 සිට 18 දක්වා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ හි දී තරගාවලිය පැවැත්වෙනු ඇත. ලතින් ඇමෙරිකානු හෝ දකුණු ඇමෙරිකානු රටක පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර දක්ෂිණ අර්ධ ගෝලයේ රටක - 2000 සිඩ්නි පැරාලිම්පික් වලට පසු - පැරාලිම්පික් තරගාවලියක් පැවැත්වෙන දෙවැනි අවස්ථාවද වෙයි. පැරා ඔරු පැදීම සහ පැරාතුන්ප්‍රයාමය යන ක්‍රීඩා යුගලය මෙම තරගාවලියට අළුතින් එක් වීමට නියමිතය.

XV Paralympic Games
The Official Paralympic emblem/logo was launched on 26 November 2011.[1]
සත්කාරක නගරයරියෝ ද ජැනෙයිරෝ, බ්‍රසීලය
තේමාවA new world
(පෘතුගීසි: Um mundo novo)
ජාතින් සහභාගී වන176 [2]
සහභාගී වන ක්‍රීඩකයන්4500 [2]
ඉසව්528 ක්, ක්‍රීඩා 23 කින් [2][3]
සමාරම්භක උත්සවය7 සැප්තැම්බර්
අවසන් දින උත්සවය18 සැප්තැම්බර්
පැරාලිම්පික් ක්‍රීඩාගාරයමරකානා ක්‍රීඩාංගණය
ගිම්හාන:
ලන්ඩන් 2012 ටෝකියෝ 2020  >
ශීත ඍතු:
සෝචි 2014 ප්යොන්ග්චැන්ග් 2018  >

අන්තර්ජාතික පැරාලිම්පික් කමිටුව සහ අන්තර්ජාතික ඔලිම්පික් කමිටුව අතර 2001 වසරේදී ඇතිකරගත් එකඟතාවයකට අනුව ගිම්හාන ඔලිම්පික් තරගාවලිය සඳහා සත්කාරකත්වය සපයනු ලබන නගරය විසින්ම එම වසරේ ගිම්හාන පැරාලිම්පික් තරගාවලිය සඳහා ද සත්කාරකත්වය සපයනු ලබයි. මේ අනුව 2009 ඔක්තෝබර් 2 දින කෝපන්හේගන් හි පැවති 121 වන IOC සැසිවාරයේදී, 2016 ගිම්හාන ඔලිම්පික් සහ පැරාලිම්පික් තරගාවලි වල සත්කාරකත්වය සඳහා බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නගරය තෝරා ගන්නා ලදී.

2016 ගිම්හාන පැරාලිම්පික් උලෙළට සහභාගීවන රටවල් සංස්කරණය

සහභාගීවන ජාතික පැරාලිම්පික් කමිටු
  1. "Rio 2016 Paralympic Games Emblem To Be Revealed". Paralympic.org. 2011-11-24. සම්ප්‍රවේශය 2016-05-15.
  2. 2.0 2.1 2.2 "Rio 2016 vende ingressos dos Jogos Paralímpicos para colégios e grupos". Globo.com. 2016-08-20.
  3. "Olympic News - Latest News on the Rio 2016 Olympics". සම්ප්‍රවේශය 24 August 2016.