2014 යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ හමුදා මැදිහත්වීම

2014 පෙබරවාරි මස 27 දිනයෙන් අරඹමින්, රුසියානු හමුදා විසින්, යුක්‍රේනයේ අග්නිදිග ප්‍රදේශයේ ක්‍රිමියානු අර්ධද්වීපයේ බොහෝ කොටසක පාලනය නතු කර ගත්හ. යුක්‍රේනියානු විප්ලවයේ ප්‍රතිඵලයක් ලෙසින් ප්‍රදේශයේ පැන නැගෙමින් පැවති අවිනිශ්චිතභාවය මධ්‍යයෙහි— සහ යුක්‍රේනයේ අළුතින් පිහිටුවනු ලැබූ රජය විසින් රුසියාව වෙතින් ඈත්වීම ඇරඹීම නිසාවෙන් — රුසියාව විසින් ක්‍රිමියාව වෙත තම හමුදා යවනු ලැබුවේ, ප්‍ර‍දේශය තුල තම භූදේශපාලන අයිතිවාසිකම් රැක ගැනීමටය. [lower-alpha 1]වික්ටර් යනුකොවිච්ගේ රජය නීත්‍යානුකූල ලෙස පිළිගන්නා සහ ඔහුගේ බලයෙන් පහකිරීමෙන් අනතුරුව පිහිටවුනු නව රජය පිළිනොගන්නා රුසියාව, යුක්‍රේනයේ රුසියානු හමුදා කිසිවන් ඇතිබව නිල වශයෙන් ප්‍රතික්ෂේප කළහ. ජනාධිපති ව්ලැඩිමියර් පූටින් තදින්ම කියාසිටින්නේ රුසියානු හමුදා ක්‍රියාන්විත ගැන්වීම වනාහී, යුරෝපියානු සංගම්-හිතැති කියව්හී පිහිටවුනු රජයෙන් තර්ජනයට ලක්වී සිටි රුසියානු-බස කතා කරන යුක්‍රේනියානුවන් රැක ගැනුම සඳහා පමණක් බවයි.[7]

යුක්‍රේනයේ රුසියානු සන්නද්ධ එමුදා මැදිහත්වීම
2014 ක්‍රිමියානු අර්බුදයෙ හි කොටසකි

   යුක්‍රේනයේ ඉතිරිය
දිනය27 පෙබරවාරි 2014 (තත්වාකාර)[2] – 4 මාර්තු 2014 [3]
පිහිටුම
ක්‍රිමියානු අර්ධද්වීපය, යුක්‍රේනය
Status

සිදුවෙමින් පවතියි

  • රුසියාව විසින් ක්‍රිමියාවේ සාධනීය පාලනය නතුකර ගනියි [4]
  • රුසියානු විශේෂ බලකායන් විසින් රහස් මෙහෙයුම් සිදු කරනු ලබයි [5]
යුද්ධාවතීරයන්
 රුසියාව  යුක්‍රේනය[1]
ආඥාපතියන් සහ නායකයන්
රුසියාව ව්ලැඩිමියර් පූටින්
රුසියාව සර්ගී ෂොයිගූ
රුසියාව වැලරි ගෙරාසිමෝ
රුසියාව ඊගර් සර්ගන්
රුසියාව ඇලෙක්සාන්ද්‍ර විට්කෝ
යුක්‍රේනය ඔලෙක්සාන්ද්‍ර ටර්චිනොව්
යුක්‍රේනය ඊහෝර් ටෙනියුක්
යුක්‍රේනය මකයිලෝ කුට්සින්
යුක්‍රේනය සර්හී හේඩුක්

යුක්‍රේනියානු ප්‍රතිචාරය නිශ්ශබ්ද එකක් වී ඇත්තේ, එහි නායකයන් විසින්, මෙතෙක් දුරට ඔවුන් වෙතින් හමුදාමය ප්‍රතික්‍රියාව යුක්‍රේනයේ සන්නද්ධ හමුදා සහ උප සේවා හමුදාක්‍රියාන්වික කිරීමකට පමණක් සීමාකොට, රාජ්‍යතාන්ත්‍රික විසඳුමක් සෙවීමට යුහුසුළු වන නිසාවෙනි. රුසියාව කෙසේවෙතත්, සපථ කර සිටියේ, දේශපාලන තත්ත්වය "සාමාන්‍යකරණය" වන තුරු එහි සේනාංකයන් රැඳී සිටින බවයි. දේශපාලන වශයෙන්, ක්‍රිමියාව විසින් 2014 මාර්තු 30 දිනදී ජනමතවිචාරණයක් පැවැත්වීමක් මගින්, "එකඟතා සහ සම්මුති පදනම් කොට ගෙන" යුක්‍රේනයෙහි කොටසක්ව පවතිිමින්, වැඩි ස්වයං-පාලනයක් ක්‍රිමියාව විසින් අත් කර ගන්නේද යන්න තීරණය කරනු ඇත.[පැහැදීම ඇවැසිය][8] ජාත්‍යන්තර තලයෙහිදී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය සහ යුරෝපියානු සංගමය විසින් රුසියාව හෙළාදකිමින්, එය විසින් ජාත්‍යන්තර නීතිය කඩ කළ බවටත් යුක්‍රේනියානු ස්වෛරීත්වය උල්ලංඝනය කළ බවටත් චෝදනා කළහ.[9][10][11][12][13][14][15]


පසුබිම සංස්කරණය

මෙයද බලන්න: යුරෝමේඩන් සහ 2014 යුක්‍රේනියානු විප්ලවය

2014 පෙබරවාරි 22 දිනදී විරෝධතා කරුවන් විසින් ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ පරිපාලනය බලයෙන් පහකල අතර, විපක්ෂය විසින් අගනගරයෙහි සහ ජාතික රජයෙහි පාලනය නතු කර ගත්හ. යනුකොවිච් කියව් වෙතින් පලා ගිය විගස,[16] වර්කෝනා රාඩා (යුක්‍රේනියානු පාර්ලිමේන්තුව) ඡන්දයෙන් තීරණය කලේ, යුක්‍රේනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 2004 අනුවාදය යළි බලාත්මක කොට යනුකොවිච් දෝෂාභියෝගයකට ලක් කිරීමටය. පලා යන අතරතුරදී, යනුකොවිච් විසින් ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප කල අතර, ක්‍රිමියාවද ඇතුළුව, යුක්‍රේනයේ නැගෙනහිර සහ දකුණු ප්‍රදේශ වල සමහර දේශපාලනඥයින්, යනුකොවිච් හට පක්ෂපාතිත්වය ප්‍රකාශ කලහ.[17]

ආශ්‍රිත සංස්කරණය

  1. බයි: නෙට්වර්ක් රයිටර්ස්, ඒජන්සීස් (27 පෙබරවාරි 2014). "රෂියන් ටෲප්ස් ඉන්වේෂන් එන්සර්කල්ස් ක්‍රිමියාස් කැපිටල් ඈස් යුක්‍රේන් පීඑම් ඩික්ලෙයාර්ස් ද නේෂන් ටු බී ඔන් 'බ්‍රින්ක් ඔෆ් ඩිසාස්ටර්'". News.com.au. සම්ප්‍රවේශය 3 මාර්තු 2014.
  2. උපුටාදැක්වීම් දෝෂය: අනීතික <ref> ටැගය; guardian නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි
  3. යුක්‍රේන් රීවෝල්ට් වෝස් ඇන්ටි-කන්ස්ටිට්‍යුෂනල් කූ, පුටින් සේස් සීබීසී සම්ප්‍රවේශය මාර්තු 4, 2014 දිනදී
  4. "යුක්‍රේන් පුට්ස් ටෲප්ස් ඔන් හයි ඇලර්ට්, ත්‍රෙට්නිං වෝ", ද නිව්යෝක් ටයිම්ස්, 2 මාර්තු 2014
  5. "නේටෝ ස්‍ක්‍රෙටරි ජෙනරල් – ඩෝස්ටෙප් ස්ටේට්මන්ට් ටු ද මීඩියා". යුටියුබ්. සම්ප්‍රවේශය 3 මාර්තු 2014.
  6. රදියුහින්, ව්ලැඩිමිර් (1 මාර්තු 2014). "රසියන් පාර්ලිමන්ට් අපෲව්ස් යූස් ඔෆ් ආමි ඉන් යුක්‍රේන්". ද හින්දු. http://www.thehindu.com/news/international/world/russian-parliament-approves-use-of-force-in-crimea/article5739708.ece. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 මාර්තු 2014. 
  7. වෝල්කර්, ෂාවුන්(4 මාර්කු 2014). රෂියන් ටේක්ඕවර් ඔෆ් ක්‍රිමියා විල් නොට් ඩිසෙන්ඩ් ඉන්ටු වෝ, සේස් ව්ලැඩිමියර් පූටින්". ද ගාඩියන්.
  8. "යුක්‍රේන් ක්‍රයිසිස්: රෂියා වවුස් ටෲප්ස් විල් ස්ටේ". බීබීසී. 3 මාර්තු 2014. http://www.bbc.com/news/world-europe-26414600. සම්ප්‍රවේශය කෙරුණු දිනය 3 මාර්තු 2014. 
  9. "ඔබාමා: රෂියා 'ඔන් ද රෝන් සයිඩ් ඔෆ් හිස්ට්‍රි' ඔන් යුක්‍රේන්". හෆින්ටන් පෝස්ට්.
  10. "යුක්‍රේන් ක්‍රයිසිස්: රෂියා ෆේසර්ස් 'කොස්ට්ස් ඇන්ඩ් කන්සීක්වර්සර්ස්', වෝර්න්ස් විලියම් හේග්". ද ටෙලිග්‍රාෆ්. 3 මාර්තු 2014. http://www.telegraph.co.uk/news/worldnews/europe/ukraine/10672977/Ukraine-crisis-Russia-faces-costs-and-consequences-warns-William-Hague.html. 
  11. "යූකේ ඇන්ඩ් ෆ්‍රාන්ස් පුල් අවුට් ඔෆ් G8 ප්‍රෙපරටරි ටෝක්ස් ඕවර් යුක්‍රේන් ක්‍රයිසිස්". ද ගාර්ඩියන්. 2 මාර්තු 2014. http://www.theguardian.com/world/2014/mar/02/uk-france-pull-out-g8-preparatory-talks-ukraine-russia-military. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 මාර්තු 2014. 
  12. "යුක්‍රේන් ක්‍රයිසිස්: ව්ලැඩිමියර් පූටින් හෑස් ලොස්ට් ද ප්ලොට්, සේස් ජර්මන් චාන්සලර්". ද ගාර්ඩියන්. 3 මාර්තු 2014. http://www.theguardian.com/world/2014/mar/03/ukraine-vladimir-putin-angela-merkel-russian. 
  13. ජෝන්ස්, ගැවින් (2 මාර්තු2014). "ඉටලි එපීල්ස් ටු රෂියා ටු නෙගෝෂිටේ, නොට් ඉන්වේඩ් යුක්‍රේන්". රොයිටර්ස්. http://www.reuters.com/article/2014/03/02/us-ukraine-crisis-italy-idUSBREA210OP20140302. සම්ප්‍රවේශය කෙරුණු දිනය 4 මාර්තු 2014. 
  14. වෝටර්ෆීල්ඩ්, බෲනෝ (3 මාර්තු 2014). "යුක්‍රේන් ක්‍රයිසිස්: ඊ්‍යූ ගිව්ස් රෂියා 48-අවර් ඩේඩ්ලයින් ටු රිටර්න් ‍ටෲප්ස් ටු බැරැක්ස් ඉන් ක්‍රිමියා". ද ටෙල්ග්‍රාෆ්. http://www.telegraph.co.uk/news/worldnews/europe/ukraine/10674260/Ukraine-crisis-EU-gives-Russia-48-hour-deadline-to-return-troops-to-barracks-in-Crimea.html. 
  15. http://news.yahoo.com/eu-leaders-hold-summit-ukraine-thursday-175852481.html
  16. "යුක්‍රේන් ප්‍රොටෙස්ටර්ස් සීස් කියව් ඈස් ප්‍රසිඩන්ට් ෆ්ලීස්". ටයිම්. 22 පෙබරවාරි 2014. http://world.time.com/2014/02/22/ukraines-president-flees-protestors-capture-kiev/. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 මාර්තු 2014. 
  17. "යුක්‍රේන් ප්‍රසිඩන්ට් යනුකොවිච් ඉම්පීච්ඩ්". අල් ජසීරා. 22 පෙබරවාරි 2014. http://www.aljazeera.com/news/europe/2014/02/ukraine-parliament-ousts-president-yanukovich-2014222152035601620.html. සම්ප්‍රවේශය කෙරුණු දිනය 1 මාර්තු 2014. 

සටහන් සංස්කරණය

  1. රදියුහින් (2014) "President Vladimir Putin, who is Commander-in-Chief of the Russian armed forces, asked Parliament for permission to use the Russian armed forces to "protect" Russian civilians and military in Ukraine."[6]