හොකි පිත්ත යනු පිටිය හොකි, හිම හොකි එසෙ නැතිනම් රෝල හොකිහි පන්දුව චලනය කිරිමට යොදා ගන්නා උපකරනයකි.

පිට්ටනියෙදි භවිතා කරන හොකි පිත්ත

පිටියේ හොකි සංස්කරණය

 
කන්තාවක් පිට්ටනියෙදි භවිතා කරන හොකි පිත්තක් සමග

පිටිය හොකි පිත්තේ නොයෙකුත් හැඩ වලින් සම්න්විත කෙලවරවල් අති අතර එය ක්‍රිඩකයා ක්‍රිඩා කරන ස්ථානය අනුව වෙනස් වේ. සමාන්‍යයෙන් එහි හිසේ ප්‍රභේද හතරක් තිබේ.

'ෂෝටි' නමින් හදුන්වන හොකි පිත්ත උපරිම පන්දු පාලනයක් සහිතව ක්‍රිඩා කරන ක්‍රිඩකයන් භාවිතා කරන අතර එමගින් ඔවුන්ගේ උපාය සම්බන්ද චලනයන් ඉහල යවාගත හැක. මෙම විශේෂ වු හිස සහිත හොකි පිත්ත බොහෝ දුරට යෝග්‍ය වන්නේ මැද පෙළ ස්ථානයන්ටය.

'මිඩි' නමින් හදුන්වන හොකි පිත්ත බොහෝ විට පන්දුවට වෙගයෙන් පහර දෙන ක්‍රිඩකයන් භාවිතා කරන අතර ඔවුන්ගේ ආපිට හරවා එල්ල කරන පහරවල් වෙගවත් විය යුතුය. මෙහි ඇති විශෙෂ වු හිස සහිත හොකි පිත්ත බොහෝදුරට යෝග්‍ය වන්නේ ඉදිරිපෙළ ක්‍රිඩා කරන ක්‍රිඩකයන් නොහොත් ගෝල වර්තා කරන ක්‍රිඩකයන්ටය.

'මැක්සි' නමින් හදුන්වන හොකි පිත්ත 'මිඩි' හොකි පිත්තට බොහො දුරට සමාන වේ. මන්දයත් එහි උත්සන්න වු මතුපිට වර්ගඵලයක් සහිත ප්‍රදේෂයක් අති හෙයින් පන්දුවට පහර දීමේදි එය වඩා යෝග්‍ය වන බැවිනි. කෙසේ වෙතත් එහි සවිමත් බව පන්දුව නතර කිරිමෙදි ප්‍රබල ලෙස උපකාරි වේ. මෙම හිස සහිත හොකි පිති ගෝල අරක්ෂකයන් මෙන්ම ගෝල ප්‍රහරකයන්ද භාවිතා කරයි.

'ජේ හුක්' නමින් හදුන්වන හොකි පිත්තේද විශාල මතුපිට වර්ගඵලයක් ඇත. කෙසේ වෙතත් 'මිඩි' පිත්තේ පන්දුවට පහර දීමෙදි ඇති සඵලතාව එහි නොමති නමුත් එහි ඝනකම වඩි නිසා පන්දුව නතර කිරිමට වඩා යෝග්‍ය වේ. මෙහි ඇති හිස කොටස ගෝල අරක්ෂකයන් මගින් වඩිපුර ප්‍රයොජනයට ගනු ලබයි.

පිටියේ හොකි පිති දිගින් විශාල වන අතර 26" ත් 38.5" අතර පවති. ඔස්ට්‍රේලියනු ඩොලර් 30 ක් පමන වන මෙවා 'රේජ්', 'ග්‍රේස්', 'මේසන්', 'වූඩූ', 'ග්‍රීෆන්', 'සොප්පෝ', 'මෙරිකන්', 'මලික්', 'ඩිටා', 'ටි කෙ' සහා නෙඩ්ස්ටා යන වර්ගයන්ගෙන් සමන්විත වේ.

හොකි පිත්තේ ප්‍රමාණය ඉතාමත් වැදගත් වන අතර එය ක්‍රිඩකයගේ උස මත රදා පවති. වයස අවුරුදු 4 ට අඩු ක්‍රිඩකයන් 28" ට අඩු හොකි පිති වඩිපුර භාවිත කරන අතර, 38" පමන වන හොකි පිති උසින් 5' 10" ට වඩා වැඩි ක්‍රිඩකයන් භවිතා කරනු ලබයි. කෙසේ වෙතත් ගෝල ආරක්ෂකයන් ගෝල ප්‍රහරකයන් හා සසදන කල බොහෝ දුරට දිගින් වැඩි පිති වලට කැමැත්තක් දක්වයි. මන්දයත් එමගින් වැඩි පිටිය වර්ගඵලයක් ඔවුනට අවරනය කල හැකි බැවිනි. ගෝල ප්‍රහාරකයන් දිගින් අඩු හොකි පිති වලට වැඩි කැමැත්තක් දක්වන්නේ එමගින් ඔවුන්ගේ පන්දු පාලනයට උපකාර වන බැවිනි.

අයිස් හොකි සංස්කරණය

ආසන්න වශයෙන් සෙ. මි. 150 ක් 200 දිග, සුළු දණ්ඩක් සහිත, තලය නමින් හදුන්වන අග්‍රයේ පවතින පැතලි විස්ථාරයකින් සමන්විත වේ. තලය සහ දණ්ඩ සම්බන්ධ වන වක්‍රාකාර කොටස "ටෙපරය" නමින් හදුන්වයි. තලය , 'පක්' නමින් හදුන්වන කොටස නැතහොත් පන්දුව චලනය කිරිමට යොදාගන්නා අතර එහි විෂාලත්වය අගල් 10 ත් 15 ත් අතර අගයක් ගනි. උස ක්‍රිඩකයන් සාමන්‍යයෙන් දිගින් වැඩි පිති භාවිත කරයි. මන්දයත් ක්‍රිඩකයන්ගේ උස මත පවිච්චි කරන පිත්තේ දිග වෙනස් වන නිසාය. වේගවත් 'පක්' හැසිරවිමට හා පාලනයට දිගින් අඩු පිති භාවිතා කරන අතර ජවසම්පන්න ප්‍රහාර සදහා දිගින් වැඩි පිති භාවිතා කරයි. පිත්තේ අග කෙලවරෙහි තලයෙහි ආනතිය, පිත්තෙහි දිග මත රදා පවති. සාමන්‍යයෙන් එම අනතිය අංසක 45 පමන වේ. පිත්තෙහි තලයෙ අනතිය හා වක්‍රය 'පක්' එක ගෙන යනු ලබන දිශාවට පවතින්නේ, 'පක්' එක මනා ලෙස රදවා ගැනිමට හා හැසිරවිමටය. මෙම වක් හැඩය මගින් ක්‍රිඩකයාගේ පහරෙහි වෙගය වැඩි කරයි. වක් හැඩය වැඩිවන විට ඇතිවන අවාසි ඇත. පිටි අත් පහර ගැසිමට අසිරු වීම, නිවැරදිතාවය අඩුවීම, පහරෙහි සැර බව අඩු වීම ඉන් සමහරකි. පිත්තේ ඇති කද සමාන්‍යයෙන් දෘඩ වු නමුත් සමහර පහරවල් වලට උපකර වන නම්‍යෂීලී බවක් අහි පවති. ප්‍රසිද්ධ අයිස් හොකි පහරවල් : මැනික් කටු පහන, ඇතුල් පහර, අසක්තිය පහර සහා පිටි අත් පහර

සම්ප්‍රදානුකූලව පිති දැව මගින් නිම කරනු ලබූවද, මෑත අතිතයේ අධ්ක මිලෙන් යුතු 'ඇලුමීනිඅම්', 'ආමිඩ්', 'ෆඉබග්ලාස්', 'කාබන් ෆඉබ' වැනි අමුද්‍රව්‍යද, මෙම අමුද්‍රව්‍ය මිශ්‍රනද යොද ගැනිම සමාන්‍ය දෙයක්ව පවති. මෙවැනි මිශ්‍රිත අමුද්‍රව්‍ය මගින් තනා ඇති පිති, දැව මගින් නිමවු ඒවාට වඩා අඩු බරකින් යුක්ත විමට අමතරව එහි ඇති නම්‍යශිලී ස්වභාවය, දැව පිති වලට වඩා ඒකාකාරී බවක් පෙන්නුම් කරයි. තවද දැව පිති වලට අයත් ස්වභාවික වෙනස්වීම් මෙම මිශ්‍රිත අමුද්‍රව්‍ය වලින් තනා ඇති පිති සදහා නොමති හෙයින්, මෙවනි පිති සමූහයකගේ ක්‍රියාකාරිත්වය දළ වශයෙන් සමාන බවක් පෙන්නුම් කරයි. 'පෝල් සටැස්නි' වැනි වෘත්තීමය පිතිකරුවන් තවමත් දැව පිති භාවිතා කිරීමට වඩා කැමැත්තක් දක්වයි. සමහර පිති දැව හෝ මිශ්‍රිත අමුද්‍රව්‍ය වලින් තැනු මාරු කළ හැකි තල වලින් යුක්ත වේ. මිශ්‍රිත අමුද්‍රව්‍ය වලින් තැනු පිති අධික මිලෙන් යුක්ත වුවද 'තරුණ අයිස් හොකි' අතුළුව හොකි ක්‍රිඩාවේ සැම මට්ටමකම භාවිතා වේ. 'වොරිය', 'ඒස්ටන්', 'සී සී එම්', 'බොඅ', 'මිශන්' සහ 'ආර් බී කේ' මිශ්‍රිත අමුද්‍රව්‍ය වලින් තැනු පිති අතර නම් දැරු පිති කිහිපයකි. බොහෝ වෘත්තිමය ක්‍රිඩකයන් පැරණි දැව පිති භාවිතයට වඩා නව තාක්ෂණය යොදගෙන මිශ්‍රිත අමුද්‍රව්‍ය මගින් නිමවු පිති භාවිතයට ගනී. මෙම නව පිති සහැල්ලු වන අතර 'පක්' එක මුදාහැරිම වෙගවත් කරයි. එමගින් සැර පහරක් ගැසිය හැකිය. නව අමුද්‍රව්‍ය යොදාගැනීම නිසා වඩා තද පහරවල් එල්ල කිරීමට හැකි වුවද මෙහි ඇති වැඩි දියුනු වු කල්පැවත්මේ ස්වභාවය හා බරින් අඩු වීම නිසා පුහුණුව අඩු ක්‍රිඩකයන්ට දැව පිති භාවිතයේ සිට මෙම පිති වලට මාරු වීමෙදී අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුවේ. නව පිති වර්ගයට ඉතා ඉක්මනින් හුරුවීමෙ කෙටි ක්‍රමයක් ලෙස බොහො ක්‍රිඩකයන් 'ක්වික් හැන්ඩ්ස්'[1] වැනි බර වෙනසට හුරුවීමේ ක්‍රම භාවිතා කරයි. වඩා වැඩි මිලෙන් යුතු 'වේප එක්ස්60', 'සුප්‍රීම් වන්95', 'රීබොක් 8.0.8', 'රීබොක් 10කේ සික්කික්', 'ස්ටෙල්ත් එස්19', 'සිනජි එලඉට්', 'වොරිඅ ක්‍රෝනික්', 'වොරිය මැක් ඩැඩී', 'ආර්-11 ස්නඉප් ස්ටික්' සහා 'ටී පී එස් ආර් රෙස්පොන්ස් ආර්8 ලයිට්' වනි අයිස් හොකි පිති සමාන්‍යයෙන් වෙලදපොලේ දක්නට ඇති අඩුම බරකින් යුතු පිති වේ. මෙම මිශ්‍රිත අමුද්‍රව්‍ය ('කාබන් ෆඉබ', 'කෙව්ල' සහා 'මැග්නීසියම්') වලින් සැදු පිති සතුව අති වැඩිවු ඝූර්ණ හැකියවට අමතරව, මෙවා දැව පිති මෙන් ඇදවීමක් හෝ තෙතමනය උරාගැනීමක් සිදු නොකරයි.

රෝල හොකි සංස්කරණය

රෝල හොකි පිති සාමාන්‍යයෙන් අයිස් හොකි පිති වලට බොහෝදුරට සමන වේ. සමහර අවස්ථා වලදී සමහර වර්ග වල හොකි පිති (උදා: 'මිෂන්') ක්‍රිඩකයන් විසින් සිතාමතාම "රෝල හොකි පිති" නමින් හදුන්වයි.

සංස්කෘතිය තුළ සංස්කරණය

"චා චා" සහ "රම්බා" වැනි නර්තන වල "හොකි පිත්ත", කාන්තාවකගේ ඍජු ගමන් කිරිමක් සහ ගමන් කිරිම අවසනයේ කොණික හරිමක් මගින් නිරුපනය කරනු ලබයි.[2]

නිර්දේශන සංස්කරණය

  1. ඉම්පෘව්යූත්හොකි.කොම්, http://www.improveyourhockey.com/, ප්‍රතිෂ්ඨාපනය 2010-10-24 
  2. නර්තනක්‍රිඩා බිසි (බාගත කිරිම "විෂය නිර්දෙශය: ජාත්‍යන්තර ලතින් භාෂාවෙන්")

බාහිර යොමුව සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=හොකී_පිත්ත&oldid=658259" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි