සොහොන් මංකොල්ලකෑම

සොහොන් මංකොල්ලකෑම යනු එතුළ වූ මානව කෘති සොරකම කිරීමට හෝ සම්පූර්ණ ශරීරයම සොරකම් කිරීම සඳහා හෝ එහි පුද්ගලික බලපෑම් සඳහා මල සිරුර පො‍ළවෙන් උඩට ගැනීම සඳහා සොහොනක් නිරාවරණය කිරීමේ ක්‍රියාවයි. මෙම ක්‍රියාවෙහි නිරත වන්නා සොහොන් මංකොල්ලකරුවා (tomb raider) ලෙස හඳුන්වයි.

සොහොන් මංකොල්ලකෑම කලා ඉතිහාසඥයින්ට හා පුරා විද්යායඥයින්ට වසංගතයකි. වටිනා සොහොන් බිම් විශාල ප්‍රමාණයක් ‍විශේෂඥයින් විසින් ඒවා පරීක්ෂා කිරීමට ප්‍රථම මංකොල්ල කා තිබුණි. ඒ හා සමානවම චීන ජේඩ් මිහිදන් කිරීමේ ඇඳුම් වසර කිහිපයක් පුරාවටම මිත්‍යාවක් ලෙස සලකනු ලැබූ අතර 1968 දී දෙකක් සොයා ගැනීමත් සමඟ එය දුරු වී ගියේය. දැන් ඔවුන් විශ්වාස කරන්නේ බොහෝමයක් ජේඩ් මිහිදන් කිරීමේ ඇඳුම් බොහෝ කලකට පෙර සොහොන් මංකොල්ලකරුවන් විසින් ඉවත් කර ඇති බවයි.

මධ්‍යතන හා පුනරුද යුරෝපයේ වෛද්‍ය විද්‍යා හා කලා ශිෂ්‍යයන් විසින් ඔවුන්ගේ අධ්‍යයනයන්ට සහාය වීම සඳහා මෝචරි, පුද්ගලික නිවාස හා සුසාන භූමිවලින් මල මිනී සොරකම් කළ බවට වාර්තා වී තිබුණි. පුනරුද සිත්තරෙකු හා මූර්තිකරුවෙකු වූ මයිකල් ඈන්ජෙලෝ ඔහු‍ගේ සිතුවම් පරිපූර්ණ කිරීම සඳහා මනුෂ්යෙ සැකිලි පද්ධතිය අධ්‍යයනය කිරීම සඳහා මෝචරිවලින් ශරීර සොරකම් කිරීමට ප්‍රසිද්ධ අයෙකු වේ. කෙසේ නමුත් මෙය සොහොන් මංකොල්ල කෑමකට වඩා මෘත දේහ ඩැහැ ගැනීමක් ලෙස සැලකේ. ඔහුගේ ප්‍රතිවාදියා වූ ලියනාඩෝ ඩාවින්චි ද මේ ක්‍රියාව සඳහා ප්‍රසිද්ධියක් ඉසිලීය.

ටුම්බ් රේඩර් (tomb raider) වීඩියෝ ක්‍රීඩා ‍ශ්‍රේණියේ වීරවරිය වූ ලාරා ක්‍රොමෆ්ට් සොහොන් මංකොල්ල කයි.

"https://si.wikipedia.org/w/index.php?title=සොහොන්_මංකොල්ලකෑම&oldid=558000" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි