සෙනෝබියා (ග්‍රීක: Ζηνοβία / Zēnobía; අරමයික: בת זבי / Bat-Zabbai; 240 – 275 ප.) යනු 3වන සිවසේ සිරියාවේ පැල්මයිරින් අධිරාජ්‍යයේ රැජිනකි. ඇය ප්‍රකට වූයේ රෝම අධිරාජ්‍යයට එරෙහිව ඇය දියත් කළ කැරැල්ල නිසායි. සෙප්ටිමියස් ඔඩේනැතස් රජුගේදෙවන බිසව වූ සෙනෝබියා පැල්මයිරින් අධිරාජ්‍යයේ රැජින බවට පත්වූයේ 267දී ඔ‍ඩේනැතස්ගේ මරණින් පසුවයි. 269දී සිය අධිරාජ්‍යය පුළුල් කළ සෙනෝබියා ඊජිප්තුව යටත් කරගත් අතර රෝම ප්‍රධානී ටෙනැජිනෝ ප්‍රෝබස්ව නෙරපා දැමුවා ය. සිය භූමිය නැවත ලබාගැනීමට උත්සාහ දැරූ හෙයින් ප්‍රෝබස්ගේ හිස ගසා දමන ලදී. 271 තෙක් ඇය ඊජිප්තුව පාලනය කළා ය. අනතුරුව ඇයව පරාජය කළ ඔරේලියන් අධිරාජයා ඇයව ප්‍රාණඇපකාරියක ලෙස රෝමයට රැගෙන ආවේ ය.

සෙනෝබියා
සෙනෝබියා ඇන්ටෝනිනියානස් කාසියක්; මෙහි ඇගේ ඔගස්ටා යන විරුද නාමයත්, ඇය කිරීටය පැළඳ සිටින අයුරුත් නිරූපිත ය. එහි පසුපස පෘෂ්ඨයේ පැටෙරාවක් දකුණතෙහි ද, වමතෙහි සෙංකෝලයක් ද දරා සිටින සිටගත් යූනෝ රෙජිනා රුවක් ද වේ. ඇගේ පාදය අසල මොනරකු ද, දකුණු පසින් දීප්තිමත් තරුවක් ද වේ.
පැල්මයිරින් අධිරාජ්‍යයේ රැජින
උපතපැල්මයිරා, සිරියාව
වල්ලභයාසෙප්ටිමියස් ඔඩේනැතස්
දරුවන්ලුෂියස් ජූලියස් ඔරේලියස් සෙප්ටිමියස් වැබලැතස් ඇතැනඩෝරස්
සම්පූර්ණ නාමය
ජූලියා ඔරේලියා සෙනෝබියා
වංශයඑමීසා

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

ග්‍රන්ථාවලිය සංස්කරණය

  • Ball, Warwick (2001). Rome in the East: The Transformation of an Empire (Illustrated, reprint ed.). Routledge. ISBN 9780415243575.
  • Choueiri, Youssef M. (2000). Arab Nationalism - a History: Nation and State in the Arab World (Illustrated ed.). Wiley-Blackwell. ISBN 9780631217299.
  • Stoneman, Richard (1995). Palmyra and its Empire: Zenobia's Revolt against Rome (Reprint, illustrated ed.). University of Michigan Press. ISBN 0472083155.
  • Wilden, Anthony (1987). Man and Woman, War and Peace: the Strategist's Companion (Illustrated ed.). Routledge. ISBN 9780710098672.

වැඩිදුර කියවීමට සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සෙනෝබියා&oldid=595065" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි