සීතා අම්මාන් කෝවිල

සීතා අම්මාන් කෝවිල මේ නුවරඑලිය කෝවිලේ තියෙන විශේෂත්වය තමයි සීතා දේවිය වෙනුවෙන් ලෝකයේ ඇති එකම කෝවිල මෙය විදියට තමයි හදුනාගැන් වන්නේ. ඉස්සර මෙතන කෝවිලක් නොතිබූ බව අපට දැනගන්න ලැබුනා. නමුත් අතීතයේ  මේ ස්ථානයේ පොල් ගැසීම හා  පුද පුජා සිදුකොට තිබෙනවා. පසුව කාලයක් යනවිට මෙතැන කෝවිලක් තරමටම දියුණු වෙලා තියෙනවා. දැන් මේ කෝවිල හඳුන්වන්නේ සීතා අම්මාන් කෝවිල කියලයි. කෝවිල තියෙන්නේ සීතා එළියේ. ඒ කියන්නේ නුවරඑළිය බදුල්ල පාරේ කිලෝමීටර් 7 ක් පමණ දුරින්. නුවරඑළිය බදුල්ල පාරේ ගමන් කරනකොට මේ කෝවිල ඔබ අනිවාර්යෙන්ම දැකලා ඇති. රාමායනයේ සදහන් වෙන විදියට රාමා විසින් සීතාව හංගාගෙන ඉඳලා හිරු එළිය දකින්න අරං එන්නේ මෙතනට කියලා තමයි කියන්නේ. ඒ වගේම සීතාව හොයන්න ලංකාවට ආපු හනුමාට සීතාව දකින්න ගැබුනේ මෙතනදී කියලාත් කියනවා. ඒ ආපු හනුමාගේ පා සළකුණු කියලා විශ්වාස කරන අමුතු සළකුණූ කිහිපයකුත් මේ කෝවිල ආශ්‍රිත ගල් තලාවක දකින්න පුළුවන්. අදටත් ඉන්දියානු ජාතිකයන් විශාල වශයෙන් මේ කෝවිල වැද පුදාගන්න පැමිණෙනවා. විවාහ වී ළමයි නොමැති අය ඇවිත් තමන්ට දරුවන් ප්‍රාර්ථනා කරලා මේ කෝවිලට බාරහාර වෙනවා. ඒවාගේම විවාහ හරියන්නේ නැත්නම් ඒවාත් සාර්ථක වෙන්න කියලා මෙතැනට බාර වෙනවා. මිනිසුන් අතර පවතින එක කතාවක් ‍තමයි සීතා දේවිය මෙහි සඟවා සිටියදි ඇය රාම රාම හමුවෙන්න කිය කියා මේ ඇළට මල් දානවලු. ඒ මල් දැමූ තැන සිට නොපෙනි ගිහිල්ලා ඊට මීටර් ගණනක් එහා දුරින් මතුවෙනවලු. ඊට පසු කාලීනව මෙතැනට ආපු බැතිමතුන් තමන්ගේ ප්‍රාර්ථනා ඉටුවෙන්න කියලා මේ දිය පාරට රතු සහ සුදු මල් දානවා. සුදුමල් මතු වුණොත් ප්‍රාර්ථනාව ඉටුවන බව ඔවුන්ගේ විශ්වාසයයි. මේ ප්‍රදේශයේ අය විශ්වාස කරන තවත් දෙයක් තමයි නුවරඑළියට ඇවිත් කිසිම වැරැදි වැඩක් කරලා මේ කෝවිල පසුකර යාමට පෙර  දඬුවම් ලැබෙනවා කියන එක. ඔබ මීලග සංචාරයට නුවරඑළියේ යන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යෙන්ම සීතා අම්මාන් කෝවිලට යන්න අමතක කරන්න එපා. යන්නත් අමාරු නැහැ නුවරඑළිය බදුල්ල පාරෙ අයිනෙම තමයි මේ කෝවිල පිහිටලා තියෙන්නේ . හක්ගල ඉදන් දුර කිලෝමීටර් එකක් විතර . නුවරඑළිය පැත්තට වෙන්න..

ආශ්‍රිත සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සීතා_අම්මාන්_කෝවිල&oldid=545148" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි