සීඩික් (හෙවත් ඇතැම්විට සේඩික්, හෝ සීජික්, උච්චාරණය: [ˈsəədʑɪq]; චීන: 賽德克族) යනුවෙන් හැඳින්වෙන්නේ ප්‍රධාන වශයෙන්ම නැන්ටෞ ප්‍රාන්තය සහ හුවාලියෙන් ප්‍රාන්තයේ ජීවත්වන තායිවාන ආදිවාසී ජන කොට්ඨාසයකි. ඔවුන්ගේ භාෂාව ද සීඩික් නම් වේ.

සීඩික්
賽德克族
සේඩික්/සීජික්
මෝනා රුඩාඕ
මුළු ජනගහනය
20,000 (2008), 9,353 පමණ (2015 නොවැම්බර්)[1]
සැලකිය යුතු ජනගහනයක් සහිත ප්‍රදේශ
හුවාලියෙන් සහ නැන්ටෞ ප්‍රාන්තය (තායිවානය)
භාෂා
සීඩික්, මැන්ඩරින්
ආගම
ප්‍රාණවාදය, ක්‍රිස්තියානි ආගම
ආශ්‍රිත මිනිස් ජාතීන්
අතායල්, ටෘකු, කාවලන්, තායිවාන ආදිවාසීන්

2008 අප්‍රේල් 23 දින ඔවුන්ව නිල වශයෙන් තායිවානයේ 14වන ස්වදේශික ජන කොට්ඨාසය ලෙස පිළිගන්නා ලදී. මුලින් සීඩික් ජනයා හා ඔවුන්‍ගේ සමීපතමයන් වන ටෘකු ජනයා වර්ගීකරණය කරන ලද්දේ අතායල් නම් ජන කොට්ඨාසය ය‍ටතේ ය.[2]

ප්‍රධාන සිදුවීම් සංස්කරණය

වුෂේ සිදුවීම් (霧社事件) සංස්කරණය

1897 සිට, ජපන් ජාතිකයන් විසින් මාර්ග ඉදිකිරීම් වැඩසටහනක් ආරම්භ කළ අතර, එමගින් ඔවුන්ව ස්වදේශික ජනයාගේ භූමිය වෙත යොමු කරන ලදී. මෙය ආක්‍රමණයක් ලෙස දිස් විය. සබඳතා සහ මතභේද උග්‍ර වූ අතර, ස්වදේශික ජනයා කිහිප දෙනකු මරාදැමිණි. 1901දී ජපනුන් සමග සටනක දී ස්වදේශික ජනයා විසින් ජපන් සෙබලුන් 670 දෙනකු පරාජය කරන ලදී. මෙහි ප්‍රතිඵලයක් ලෙස, 1902දී ජපනුන් විසින් වුෂේ හුදකලා කරන ලදී.

1914 සහ 1917 අතර කාලයේ, ජජන් හමුදා ආක්‍රමණකාරී 'සමාදාන' වැඩ පිළිවෙලක් ගෙනගමින් ‍විරෝධය පෑ බොහෝ ජනයා මරාදැමූහ. මේ කාලයේ 馬赫坡社හි නායකයා වූ මෝනා රුඩාඕ ජපන් පාලනයට විරෝධය පලකළේ ය. ඔහුගේ ප්‍රයත්නයන් දෙවරක්ම අසාර්ථක වූයේ ඔහුගේ සැලසුම් සතුරන්ට අනාවරණය වූ නිසායි. සිය තෙවන ප්‍රත්නයේ දී කණ්ඩායම් දොළහකින් කණ්ඩායම් හතක්ම ජපන් හමුදාවන්ට එරෙහිව සටන් වැදීමට සංවිධානය කරවන ලදී.

ෂින් චෙං සිදුවීම් (新城事件) සංස්කරණය

ජපනුන් විසින් ස්වදේශික කාන්තාවන් කිහිප දෙනකු දූෂණය කරන ලදී. එනිසා ස්වදේශික නායකයන් දෙදෙනකු සහ මිනිසුන් විසිදෙනකු එක්වී ජපන් සෙබලුන් දහතුන් දෙනකු ඝාතනය කළහ.[3][4][5][6][7][8][9][10]

ටෘකු යුද්ධය (太魯閣之役) සංස්කරණය

ජපනුන්ට ටෘකු ගෝත්‍රය යටත් කරගැනීමට අවශ්‍ය විය. මෙම ප්‍රදේශය වටලා වර්ෂ අටකට පසුව ඔවුහු ප්‍රහාර එල්ල කළහ. එය හි දී ස්වදේශික ජනයා දෙදහසක් විරෝධය පෑහ.[11][12][13][14][15][16][17][18][19] ජපනුන් ආදිවාසීන්ට එරෙහිව සටන් කිරීමට මැෂින් තුවක්කු 200ක් සහ සෙබලුන් 10,000ක් යොදා ගත් නමුත්, ජපන් ආණ්ඩුකාර-ජනරාල්වරයා වූ සකුමා සමාටා හට ද මෙම යුද්ධයේ දී දරුණු තුවාල ඇතිවූ අතර, අනතුරුව ඔහු මියගියේ ය.[20][21]

රෙන්චිගුවාන් සිදුවීම් (人止關事件) 1902 සංස්කරණය

තැනිතලාව යටත් කරගැනීමෙන් පසුව, ජපන්නු වූෂේහි පාලනය සියතට ගැනීමට සමත් වූහ. ජපනුන්ට විරෝධය පෑ ඇතැම් තග්ඩායා ජනයාට වෙඩි තබා මරාදමන ලදී. මේ හේතුවෙන් නැවතත් සටන් උග්‍ර විය.[22][23][24] මෙය වුෂේ සිද්ධියට හේතු විය.

සිමෙයියුවෑන් සිද්ධිය (姊妹原事件) 1903 සංස්කරණය

රෙන්චිගුවාන්හි දී ලද හානියට පළිගැනීමක් ලෙස 1903දී ජපනුන් විසින් දඬුවම් දීමේ ප්‍රයාණයක් දියත් කරන ලදී.[25][26][27][28][29]

මාධ්‍ය තුළ සංස්කරණය

2011 තායිවාන ඓතිහාසික නාට්‍යයක් වූ සීඩික් බාලේ තුළ ප්‍රධාන වශයෙන්ම සීඩික් ජනයා නිරූපණය කෙරිණි. මෙමගින් 1930 වුෂේ සිද්ධිය සමග මුල් කාලීන 1902 人止關 සහ 1903 姊妹原 සිදුවීම් ද නිරූපණය කෙරිණි.[30] වුෂේ සිද්ධිය චිත්‍රපට තුළ තෙවරක්ම නිරූපණය කොට ඇත. මේ අතරට 1957 චිත්‍රපටයක් වූ ක්විං ෂැන් ජි ෂුවේ (青山碧血) යන චිත්‍රපටය ද අයත් වේ.[31] මෙය 2003 රූපවාහිනී කතාමාලාවක් වූ ඩනා සකුරා (zh) තුළ ද නිරූපණය කොට ති‍බේ.

වැදගත් ජනයා සංස්කරණය

මේවාත් බලන්න සංස්කරණය

ආශ්‍රේයයන් සංස්කරණය

  1. "賽德克族" සංරක්ෂණය කළ පිටපත 2017-10-01 at the Wayback Machine, 行政院原住民族委員會,2015年/12月10日查閱.
  2. Shih, Hsiu-chuan; Loa, Iok-sin (24 April 2008). "Sediq recognized as 14th tribe". Taipei Times. සම්ප්‍රවේශය 12 June 2016.
  3. 新城事件 - 臺灣原住民歷史語言文化大辭典網路版, http://210.240.125.35/citing/citing_content.asp?id=2168&keyword=%ABn%B6%D5%AA%FC%AC%FC, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  4. 新城事件歷史現場變遷, http://www.ntl.edu.tw/public/Attachment/4711957159.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  5. 新城事件, http://203.64.138.6/~cksh114/course1.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  6. 新城天主堂 - 花蓮觀光資訊網> 太魯閣地區> 熱門景點, http://tour-hualien.hl.gov.tw/Portal/Content.aspx?lang=0&p=005020001&area=2&id=28, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  7. 花蓮縣文化局> 文化資產
  8. 文化視野:太魯閣事件的開端:新城事件- 台灣立報
  9. 太魯閣族抗日戰役史- 和平國小台灣母語日暨原住民資源網, https://sites.google.com/site/hpmotherlanguage/truku, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  10. 104年台灣原住民族史(含概要、大意)-看這本就夠了
  11. 臺灣原住民族文化知識網 歷史事件, http://www.knowlegde.ipc.gov.taipei/ct.asp?xItem=660048&CtNode=7436&mp=cb01, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  12. 太魯閣戰爭百年回顧, http://www.ntl.edu.tw/public/Attachment/47111003516.pdf, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  13. 被遺忘的戰役_太魯閣戰役.mpg - YouTube
  14. 太魯閣戰役(電影粉絲團) - 【影片】百年血淚!被 ...
  15. 太魯閣事件 - 臺灣原住民歷史語言文化大辭典網路版, http://210.240.125.35/citing/citing_content.asp?id=3018&keyword=%A4%D3%BE%7C%BB%D5%A8%C6%A5%F3, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  16. 太魯閣戰爭 - 臺灣原住民歷史語言文化大辭典網路版, http://210.240.125.35/citing/citing_content.asp?id=1806&keyword=%A4%D3%BE%7C%BB%D5%BE%D4%AA%A7, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  17. 太魯閣 - 臺灣原住民數位博物館, http://www.dmtip.gov.tw/Aborigines/Article.aspx?CategoryID=7&ClassID=25&RaceID=10, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  18. 2014年「太魯閣族抗日戰爭紀念系列活動」官方網站- 本站消息, http://war.truku.tw/modules/tadnews/page.php?nsn=21, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  19. 2014年「太魯閣族抗日戰爭紀念系列活動」官方網站- Dxgal o ..., http://war.truku.tw/, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  20. Tsai 2005, p. 12.
  21. Tsai 2009, p. 134.
  22. 國立自然科學博物館-> 賽德克-巴萊特展-> 事件-> 人止關, http://www.nmns.edu.tw/public/exhibit/2011/seediq-bale/event.htm/p-j-s.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  23. 人止關事件 - 臺灣原住民歷史語言文化大辭典網路版, http://210.240.125.35/citing/citing_content.asp?id=3741&keyword=%A4H%A4%EE%C3%F6%A8%C6%A5%F3, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  24. 寫真霧社事件台灣多樣性知識網焦點特展, http://knowledge.teldap.tw/focus/001005/ws4.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  25. 國立自然科學博物館-> 賽德克-巴萊特展-> 事件-> 姊妹原事件, http://www.nmns.edu.tw/public/exhibit/2011/seediq-bale/event.htm/s-o-t-o-e.htm, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  26. 姐妹原事件 - 臺灣原住民歷史語言文化大辭典網路版, http://210.240.125.35/citing/citing_content.asp?id=3745&keyword=%A9j%A9f%AD%EC%A8%C6%A5%F3, ප්‍රතිෂ්ඨාපනය 2017-11-23 
  27. 眉溪部落姜仁和耆老-姊妹原事件-數位典藏與學習聯合目錄
  28. 姊妹原事件 - VCenter - 您的影音中心- 數位典藏國家型計畫
  29. 真相.巴萊: 《賽德克・巴萊》的歷史真相與隨拍札記 (Seediq Bale 5)
  30. Darryl (January 4, 2012). "Subjective, objective and indigenous history: Seediq Bale's take on the Wushe Incident". Savage Minds.
  31. Lee 2012, p. 395.

බාහිර සබැඳි සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සීඩික්_ජනයා&oldid=597723" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි