සිමියොන්ගේ ගෝත්‍රය

හෙබ්‍රෙව් බයිබලය ප්‍රකාර, සිමියොන්ගේ ගෝත්‍රය (හෙබ්‍රෙව්: שִׁמְעוֹן, සම්මතය ෂිමොන් ටයිබේරියානු Šimʻôn ; "ඕනෑකමින් සවන් දෙන; සවන් දෙන") යනු ඊශ්‍රායෙලයේ ගෝත්‍ර අතුරින් එකක් විය.

ඊශ්‍රායෙල ගෝත්‍ර විසින් ක්‍රිපූ 1200 දී පමණ, කානාන් යටත් කර ගැනීමෙන් පසුව[1] ජොෂුවා විසින් ගෝත්‍ර දොළස අතරේ භූමිය බෙදා දෙන ලදි.

මෙම අවධිය වන විට, සිමියොන්ගේ ගෝත්‍රය විසින් අධිවසනය කල භූමිප්‍රදේශය පිහිටා තිබුණේ කානාන් වෙතින් නිරිත දිගින් වන අතර, නැගෙනහිරින් සහ දකුණෙන් ජුදාගේ ගෝත්‍රය වෙතින් මායිම්ව පිහිටියේය; ජුදාගේ ගෝත්‍රය හා සමග මායිම් අපැහැදිලි වූ අතර, ජුදාගේ ගෝත්‍රයෙහි භූමිප්‍රදේශයෙහි බටහිර කොටස තුල එයින් වටවී, සිමියොන්ගේ ගෝත්‍රයෙහි භූමිය පිහිටා තිබුණු බවක් පෙනෙයි. (Joshua 19:1-9) සිමියොන්ගේ ගෝත්‍රය, ජුදා රාජධානිය තුල එතරම් සැලකිය යුතු නොවන ගෝත්‍ර අතුරින් එකක් විය.

සම්භවය සංස්කරණය

 
ඊශ්‍රායෙල‍යේ ගෝත්‍ර දොළස දැක්වෙන සිතියමක්

ටෝරා ග්‍රන්ථය ප්‍රකාර, මෙම ගෝත්‍රය සමන්විත වන්නේ, ලෙයාගෙන් උපන් ජාකොබ්ගේ දෙවන පුත්‍රයා වූ සිමියොන් වෙතින් පැවතෙන්නන්ගෙන් වන අතර, මෙම ගෝත්‍රය එහි නම ලබාගෙන ඇත්තේ ඔහු අනුව යමිනි; කෙසේවෙතත්, සමහරක් බයිබලය ප්‍රාඥයින්ගේ අදහස වන්නේ මෙය අපරකථනයක් වන අතර, ඊශ්‍රායෙල සහසන්ධියනයේ අනෙකුන් හට ගෝත්‍රයෙහි නිවරදභාවය පිළිබඳ හේතුවක් සැපයීමට ඉදිරිපත් නෙරුණු අපිනාමික රූපකයක් බවයි.

ආශ්‍රිත සංස්කරණය

  1. කිචන්, කෙනත් ඒ. (2003), "ඔන් ස රිලයබිලිටි ඔෆ් ද ඕල්ඩ් ටෙස්ටමන්ට්" (ග්‍රෑන්ඩ් රැපිඩ්ස්, මිචිගන්. විලියම් බී. ඉයර්ඩ්මන්ස් ප්‍රකාශන සමාගම)(ISBN 0-8028-4960-1)
"https://si.wikipedia.org/w/index.php?title=සිමියොන්ගේ_ගෝත්‍රය&oldid=264883" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි