නිල ලාංඡනය සංස්කරණය

 
A model of a සැල්යුට් 7 අභ්‍යවකාශ මධ්‍යස්ථානය, with a Soyuz spacecraft and a Progress resupply spacecraft docked at each end. The display is in front of one of the pavilions of the Exhibition of Soviet National Economic Achievement

සැල්යුට් වැඩසටහන යනු සෝවියට් සමූහාණ්ඩුව විසින් ගෙන ගිය ප්‍රථම අභ්‍යවකාශ මධ්‍යස්ථාන වැඩසටහනයි. 1971 සිට 1982 දක්වා වසර එකොලහක් තිස්සේ අභ්‍යවකාශ ගත කෙරුණු තනි ඒකකයකින් සමන්විත වූ අභ්‍යවකාශ මධ්‍යස්ථාන 9 කින් මෙය සමන්විතවේ. ජෛව විද්‍යාත්මක, භූ සම්පත් පර්යේෂණ, තාරකා විද්‍යා‍ත්මක යන අභ්‍යවකාශයේ ජීවත් වීමේ දී පැන නගින ගැටළු පිළිබදව දිගු කාලීන පර්යේෂණ සිදු කිරීමේ අරමුණින් මෙම ව්‍යාප්තිය ආරම්භ විය. මෙ‍ම වැඩසටහන ඉංජිනේරු විද්‍යාවේ වර්ධන අවධිය වන දිගු කාලීන අභ්‍යවකාශ නැවතුම්පොළවල් පිළිබද පර්යේෂණ කිරීම තෙක් වර්ධනය වීමට ඉඩ සැලසිහ. අවසාන වශයෙන් ගත්කළ සැල්යුට් මධ්‍යස්ථානයෙන් ලබාගත් අත්දැකීම් බහු පද්ධති අභ්‍යවකාශ මධ්‍යස්ථාන වන “මීර්” සහ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සෑදීමට අඩිතාලම දැමීමට ඉවහල් විය. එම මධ්‍යස්ථාන දෙකෙහිම හදවත ක්‍රියාත්මක වන්නේ සැල්යුට් වැඩසටහනෙන් ව්‍යුත්පන්න වූ මධ්‍ය පද්ධතියෙනි.

මෙම වැඩසටහන විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථාන (DOS මාදිලියේ) 6කින් සහ හමුදාමය පිරික්සුම් මධ්‍යස්ථාන (OPS මාදිලියේ) 3 කින් සමන්විත වේ. මෙම හමුදාමය පිරික්සුම් මධ්‍යස්ථාන අල්මාස් (Almaz) වැඩසටහන වැනි අතිශය රහස් 3 වැඩසටහන්වල කොටස් ලෙස ද ක්‍රියාත්මක විය. මෙය වැඩි දියුණු වීමේ දී සැලකිය යුතු ප්‍රමාණයක් වූ අභ්‍යවකාශ ගමන් වාර්තා බිද ‍වැටුණු අතර සමහර අභ්‍යවකාශ මෙහෙයුම් කාල වාර්තා ද ඇතුළත් වේ. පළමු වරට අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් එක් පිරිසකගෙන් තවත් පිරිසකට කක්ෂයකදී භාරදීම සහ අභ්‍යවකාශයේ ඇවිදීමේ විවිධ වාර්තා ද මීට ඇතුළත්ය. 1991 දී මෙම වැඩසටහන අවසාන වන විට එමගින් අභ්‍යවකාශ මධ්‍යස්ථාන තාක්ෂණය සරල තනි තටාකගත කිරීමේ දොරටු මධ්‍යස්ථානවල (Single – docking port Stations) සිට චමත්කාර ජනක විද්‍යාත්මක හැකියාවන්ගෙන් යුතු සංකීර්ණ බහු දොරටු කක්ෂීය වාසස්ථාන තෙක් ප්‍රගමනය වීම දක්නට ලැබුණු අතර එම තාක්ෂණික උරුමය අද වනවිට නොකඩවා ඉදිරියට පැමිණ ඇත.


"https://si.wikipedia.org/w/index.php?title=සැල්යුට්_වැඩසටහන&oldid=448170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි