එක්සත්වීමේ පණත (යුක්‍රේනියානු: Акт Злуки, ස්ලූකි පණත) යනු, 1919 ජනවාරි 22 දිනදී යුක්රේනියානු මහජන ජනරජය සහ බටහිර යුක්රේනියානු මහජන ජනරජය අතර, කියව් හී ශාන්ත සොෆියා චතුරස්‍රයෙහිදී අත්සන් තැබුණු සම්මුතියකි. මෙම සම්මුතිය අත්සන්කිරීම සිහිකරමින් සෑම වසරකම ජනවාරි 22 දින සැමරෙන යුක්රේනයේ එක්සත් වීමේ දිනය, 1999 සිට, රාජ්‍ය නිවාඩු දිනයකි;[1][2] එය රජයේ නිවාඩු දිනයක් නොවේ.[3]

යුක්රේනයේ එක්සත් වීමේ දිනය
Date22 ජනවාරි
Frequencyවාර්ෂික
කියව් හී ශාන්ත සොෆියා චතුරස්‍රයෙහිදී ස්ලූකි පණතට අත්සන් තැබීම.
1919, ජනවාරි 22 දිනදී අත්සන් තැබුනු ස්ලූකි පණතෙහි පිටපතක්.

ඉතිහාසය සංස්කරණය

දෙපාර්ශ්වයේම බුද්ධිමත් ගණයෙහි බොහෝ කල් සිට පැතූ අභිප්‍රායක්වූ එක්සත් යුක්රේනියානු රාජ්‍යයක් බිහිකිරීම මෙම සම්මුත්යෙහි ඉලක්කය විය. [4] කෙසේවෙතත්, ස්ලූකි පණත හුදු සංකේතාත්මක සම්මුතියක් බවට සැලකුනේ, රජයන් දෙකම ඉන් පසුව වුවද වෙනස් හා ඔවුන්ගේම යුද්ධ හමුදාවන්, පරිපාලනයන් සහ රජයේ ව්‍යුහයන් පවත්වාගෙන ගිය බැවිනි.[4]

යුක්රේන ජනතා ජනරජයේ නියාමක සභාව විසින් තැනුනු සාර්වත්‍රයෙහි පෙළ:

සියවස් ගණනාවක් පුරා බෙදී පැවතුණු, ගලීසියාව, බුකවයිනා, කාර්පේතියානු රුතේනියාව, සහ නියේපර් යුක්රේනය අඩංගු යුක්රේනයේ බලප්‍රදේශය, දැන් මහා එක්සත් යුක්රේනය බවට පත් වෙයි. යුක්රේනයේ ශ්‍රේෂ්ඨ පුතුන් යුද්ධ කොට හා දිවි පුදා මැවූ සිහින දැන් සත්‍ය බවට පත් වී ඇත.[5]

සම්මුතිය ප්‍රකාර, ගලීසියාව, යුක්රේනය තුල ස්වතන්ත්‍ර කොටසක් බවට පත් විය.[6]

කෙසේවෙතත් නිදහස දිනා ගැනීමට යුක්රේනය අසමත් වූ අතර, 1920 දෙසැම්බර් මසදී, යුක්රේනියානු මහජන ජනරජයේ බල ප්‍රදේශයෙන් බොහෝ කොටසකින් සමන්විතවූ, සෝවියට් සංගමයේ යුක්රේනියානු සෝසස පිහිටුවන ලදි .[7] බටහිර යුක්රේනියානු මහජන ජනරජයේ බල ප්‍රදේශ වලින් බොහෝමයක් පෝලන්තයේ කොටස් බවට පත්විය.[7] 1939 වසරෙහිදී දෙකෙහිම බල ප්‍රදේශ, යුක්රේනියානු සෝසස හි කොටස් බවට පත්විය.[7]

 
1990, ජනවාරි 21 දිනදී යුක්රේනියානුවෝ 300,000 ‍ට වැඩියෙන් මිනිස් දම්වැලකට සහභාගිත්වය සැපයූහ.

ආශ්‍රිත සංස්කරණය

  1. යනුකොවිච් කන්ඩෙම්න්ස් අටෙම්ප්ට්ස් ටු අන්ඩර්මයින් යුනිටි, කියව් පෝස්ට් (21 ජනවාරි 2011)
  2. ද ඩේ ඔෆ් යුනිටි[permanent dead link], opinion-times.com
  3. ඇනා සෙෆ්චෙන්කෝ විසින් කල්චර් ස්මාර්ට්! යුක්රේන්, කුපරාර්ඩ්, 2006, ISBN 978-1-85733-327-5
  4. 4.0 4.1 සබ්ටෙල්නි, ඔරෙස්ට් (2000). යුක්රේන්: අ හිස්ට්‍රි. ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය. p. 362. ISBN 0-8020-8390-0.
  5. “Віднині на всіх українських землях, розділених віками, Галичині, Буковині, Закарпатській Русі й Наддніпрянщині буде єдина велика Україна. Мрії, задля запровадження яких найкращі сини України боролися і вмирали, стали дійсністю.” "Акт Злуки". යුක්රේනියානු විකිපීඩියාව (යුක්රේනියානු බසින්). සම්ප්‍රවේශය 2007-08-20.
  6. ද මෝල්ඩිංඔෆ් යුක්රේන්:ද කන්ස්ටිට්‍යුෂනල් පොලිටික්ස් ඔෆ් ස්ටට්ට් ෆෝර්මේෂන් කටරයිනා වොල්ක්සුක් විසින්, මධ්‍යම යුරෝපියානු විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2001, ISBN 978-963-9241-25-1 (පිටුව 44)
  7. 7.0 7.1 7.2 යුරෝපා වර්ල්ඩ් ඉයර් බුක් 2-2004 ප්‍රකාශය, රූට්ලෙජ්, 2004, ISBN 978-1-85743-255-8 (page 4292)
"https://si.wikipedia.org/w/index.php?title=ස්ලූකි_පණත&oldid=593688" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි