සර්ජෝ මටරෙල්ලා (ඉතාලි භාෂාවෙන් ශබ්දකිරීම: [ˈsɛrdʒo mattaˈrɛlla]; උපත 1941 ජූලි 23) යනු, 12වන ඉතාලි ජනාධිපතිවරයා ලෙසින් 2015 ජනවාරි 31 දිනදී පාර්ලිමේන්තුව විසින් තෝරාගෙන, 2015 පෙබරවාරි 3 දිනදී දිවුරුම් දෙන ලද, ඉතාලියානු දේශපාලනඥයෙක් සහ නීතිඥයෙකි. 1983දී ඉතාලි පාර්ලිමේන්තුවට තේරී පත්වූ ඔහු, 2008 වන තුරු එහි මන්ත්‍රීවරයෙකු ලෙසින් කලේය. ඔහුගේ ධූර කාලය තුලදී, පළමුව අධ්‍යාපන ඇමතිවරයා ලෙසින් 1989 සිට 1990 දක්වා සේවය කල ඔහු, ඉන්පසුව ආරක්ෂක ඇමතිවරයා ලෙසින් 1999 සිට 2001 දක්වා සේවය කලේය. 2011 දී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ පාර්ලිමේන්තු නියෝජිතයෙකු ලෙසින් ඔහු තේරී පත් විය.[1] ජනාධිපතිවරයා ලෙසින් ඔහුගේ තේරී පත්වීම වෙතින් සනිටුහන් වන්නේ සිසිලියානුවෙකු මෙම තනතුර හොබවන පළමුවන වතාව ලෙසිනි.[2]

සර්ජෝ මටරෙල්ලා
12වන ඉතාලි ජනාධිපතිවරයා
තනතුර දරමින්
3 පෙබරවාරි 2015
අග්‍රාමාත්‍යවරයාමැට්ටේයෝ රෙන්සි
පූර්වප්‍රාප්තිකයාජෝර්ජියෝ නැපොලිටානෝ
ඉතාලියේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා
තනතුර දරමින්
21 ඔක්තොම්බර් 1998 – 21 දෙසැම්බර්1999
අග්‍රාමාත්‍යවරයාමැස්සිමෝ ඩලේමා
පූර්වප්‍රාප්තිකයාවෝල්ටර් වෙල්ට්‍රෝනි
අනුප්‍රාප්තිකයාගල්ෆ්‍රොන්කෝ ෆීනි
ආරක්ෂක ඇමතිවරයා
තනතුර දරමින්
22 දෙසැම්බර් 1999 – 11 ජූනි 2001
අග්‍රාමාත්‍යවරයාමැස්සිමෝ ඩලේමා
ජූලියානෝ අමාටෝ
පූර්වප්‍රාප්තිකයාකාර්ලෝ ස්කොඤ්ඤමිල්ලියෝ
අනුප්‍රාප්තිකයාඅන්ටෝනියෝ මාර්ටීනෝ
අධ්‍යාපන ඇමතිවරයා
තනතුර දරමින්
22 ජූලි 1989 – 27 ජූලි 1990
අග්‍රාමාත්‍යවරයාජූලියෝ අන්ඩ්‍රොයිටි
පූර්වප්‍රාප්තිකයාාජාවන්නි ගල්ලෝනි
අනුප්‍රාප්තිකයාාජරාර්ඩෝ බියන්කෝ
පාර්ලිමේන්තු සම්බන්ධතා පිළිබඳ ඇමතිවරයා
තනතුර දරමින්
28 ජූලි 1987 – 22 ජූලි 1989
අග්‍රාමාත්‍යවරයාජොවන්නි ගොරියා
චිරියාකෝ ඩෙ මීටා
පූර්වප්‍රාප්තිකයාගයිටානෝ ජීෆූනි
අනුප්‍රාප්තිකයාඑජීඩියෝ ස්ටර්පා
පුද්ගලික තොරතුරු
උපත23 ජූලි 1941 (1941-07-23) (වයස 82)
පලයාර්මෝ, ඉතාලිය
දේශපාලන පක්ෂයDC (1994ට පෙර)
PPI (1994–2002)
DL (2002–2007)
PD (2007–2009)
ස්වාධීන (2009–වර්තමානය)
කලත්‍රයාමරීසා Chiazzese († 2012)
Relationsබර්නාර්ඩෝ මටරෙල්ලා (පියා)
පියර්සන්ති මටරෙල්ලා (සහෝදරයා)
දරුවන්බර්නාර්ඩෝ ජෝර්ජෝ
ෆ්‍රැන්චේස්කෝ
ලවුරා
උගත් ශාස්ත්‍රාලයපලයාර්මෝ විශ්වවිද්‍යාලයය


ආශ්‍රිත සංස්කරණය

  1. "සර්ජෝ මටරෙල්ලා කි එ?". Il Post (ඉතාලියානු බසින්). 29 ජනවාරි 2015. සම්ප්‍රවේශය 31 ජනවාරි 2015.{{cite web}}: CS1 maint: unrecognized language (link)
  2. http://www.euronews.com/2015/01/31/73-ඉයර්-ඕල්ඩ්සිසිලියන-සර්ජෝ-මටරෙල්ලා-ඊස්-නිව්-ප්‍රසිඩන්ට්-ඔෆ්-ඉටලි/[permanent dead link]
"https://si.wikipedia.org/w/index.php?title=සර්ජෝ_මටරෙල්ලා&oldid=593659" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි