සමලිංගිකත්වය යනු එකම ලිංගයේ හෝ ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ සාමාජිකයන් අතර ඇති ආදර ආකර්ෂණය, ලිංගික ආකර්ෂණය හෝ ලිංගික හැසිරීමයි. ලිංගික දිශානතියක් ලෙස, සමලිංගිකත්වය යනු එකම ලිංගයේ පුද්ගලයින් කෙරෙහි "චිත්තවේගීය, ආදර සහ / හෝ ලිංගික ආකර්ෂණයන්හි පවතින රටාවකි". එමෙන්ම එය "එම ආකර්ශන, ආශ්‍රිත හැසිරීම් සහ එම ආකර්ෂණයන් පවතින තවත් අය එකතුව ප්‍රජාවකට අයත්වීම මත පදනම් වූ පුද්ගලයෙකුගේ අනන්‍යතාව පිළිබඳ හැඟීමක් ද දක්වයි."[1][2]

ලිංගික පෙළගැස්ම
පෙළගැසුම්
අලිංගික • ද්විලිංගික • විෂමලිංගික • සමලිංගික
ලිංගභේදය-පදනම් වන විකල්ප සංකල්ප
මානව ස්ත්‍රී ලිංගිකතාව • මානව පුරුෂ ලිංගිකතාව • අන්තර්-ලිංගිකතාව • තෙවන ලිංගය • ද්වි-ස්වභාවය
පර්යේෂණ
ජීව විද්‍යාව • ජනවිකාශනය • පරිසරය • කිංසි පරිමාණය • ක්ලෙයින් ජාලකය • ස්නායුවිද්‍යාව • විෂමලිංගික-නොවන • මනෝවිද්‍යාව • අසාමාන්‍යතා අධ්‍යයන • ලිංග විද්‍යාව • ලිංගික පෙළගැස්ම හා වෛද්‍ය විද්‍යාව පිළිබඳ කාලානුරූපය
මානව-නොවන සත්ත්වයන්:
සත්ත්වයන් අතර සමලිංගික හැසිරීම (ලැයිස්තුව)
ප්‍රවර්ගය:ලිංගික පෙළගැස්ම
ලිංගිකත්වය ද්වාරය

ද්වීලිංගිකත්වය සහ විෂමලිංගිකත්වය මෙන්ම සමලිංගිකත්වයද විෂමලිංගික-සමලිංගික වර්ණාවලියේ ඇති ප්‍රධාන ලිංගික දිශානති වර්ගීකරණ තුනෙන් එකකි. එක් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය තීරණය වන්නේ කෙලෙසදැයි විද්‍යාඥයින් විසින් නිශ්චිතවම හඳුනාගෙන නැතත්, එයට ජානමය, හෝමෝනමය සහ පාරිසරික බලපෑම් අතර සංකීර්ණ අන්තර්ක්‍රියාවක් හේතුවන බව ඔවුන්ගේ විශ්වාසය වෙයි. තවද එය තෝරාගැනීමක් ලෙස නොසලකන විද්‍යාඥයින් විසින් මෙහි හේතු සාධක පැහැදිලි කිරීමට ජීව විද්‍යාත්මක සිද්ධාන්ත වලට,( එනම් ජානමය සාධක, පූර්ව කළල පරිසරය) හෝ  සමාජයීය සාධක යොදාගැනීමට නැඹුරුවක් දක්වති. එමෙන්ම දෙමාපියන් හෝ පූර්ව ළමා ඇත්දැකීම් ලිංගික දිශානතිය තීර්ණය කිරීමෙහිලා බලපාන බවට සැලකිය යුතු සාක්ෂි ලැබී නැත. සමලිංගිකත්වය අස්වාභාවික දෙයක් ලෙස සමහර පුද්ගලයින් විශ්වාස කරන නමුත් විද්‍යාත්මක පර්යේෂණ වලින් පෙන්වා දී ඇත්තේ සමලිංගිකත්වය සාමාන්‍ය සහ මානව ලිංගිකත්වයේ ස්වාභාවික විචලනයක් බවත් එමගින් සෘණාත්මක මානසික ප්‍රතිඵල ඇති නොවන බවත්ය. මනෝවිද්‍යාත්මක මැදිහත්වීම් මගින් ලිංගික දිශානතිය වෙනස් කළ හැකි බව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ලැබී නැත.

සමලිංගිකයන් සඳහා පොදු යෙදුම් ලෙස සමරිසි, සමකාමී යෙදුම් භාවිතා වේ. අගතියට හෝ වෙනස් කොට සැලකීම් වලට ලක් වීමට ඇති හැකියාව නිසා බොහෝ සමරිසි පුද්ගලයින් තමාගෙ ලිංගික දිශානතිය/අනන්‍යතාව විවෘතව හඳුනානොගැනීමෙන් සමලිංගික හෝ සමලිංගික පුද්ගලයින්ගේ ප්‍රතිශතය සහ සමලිංගික ප්‍රේම සම්බන්ධතා ඇති හෝ සමලිංගික ලිංගික අත්දැකීම් ඇති පුද්ගලයින්ගේ අනුපාතය පර්යේෂකයන්ට විශ්වාසදායක ලෙස තක්සේරු කිරීම දුෂ්කර ය. සමලිංගික වීම අගතිය හෝ වෙනස් කොට සැලකීම් වලට ලක් වීම හේතුවෙන් විවෘතව හඳුනා ගැනීම.

නිරුක්තිය සංස්කරණය

ඉංග්‍රීසි බසින් සමලිංගිකත්වය හදුන්වන homosexual යන වචනය ග්‍රීක භාෂාවේ ὁμός(same)සම වචනයත් ලතික් භාෂාවේ sexus යන වචනයත් එක්වීෙමන් සෑදී ඇති.සමාන ලිංගිකයන් අතර ඇතිවන ලිංගික සම්බන්ධතා මෙයින්ම අදහස් කරයි..මෙහිදී පුරුෂයන් පුරුෂයන් අතර ඇතිවන ලිංගික සබදතා මෙන්ම ස්ත්‍රීන් ස්ත්‍රීන් අතර ඇතිවන සබදතා(නාරිමෛථුන්‍ය) මෙයට අයත්ය.

ඉතිහාසය සංස්කරණය

 
1482දී සූරිච්වලින් පිටතදී සමලිංගිකයින් දෙදෙනෙකු (නයිට්වරයෙකු හා ඔහුගේ සේවකයෙකු) ගිනිතබා මරාදැමීම.

මානව ඉතිහාසයේ මූලාරම්අභයේ දී ප්‍රාථමික මානවයා තම ලිංගික ආශාවන් තමාට අවශ්‍යවූ මොහොතේම නිදහස්ව ඉටුකරගත්හ.මානවයා ක්‍රමයෙන් ශීෂ්ටාචාරයන් ගොඩනගාගැනීමත් සමග විරුද්ධ ලිංගිකයන් අතර ඇතිවන ලිංගික ක්‍රියාවලියට චාරිත්‍ර වාරිත්‍ර ගනාචාර ජනචාර නිතිරීති එක්කර ගනිමින් ලිංගික ක්‍රියාවලියට සීමා පනවාගැනීම සිදුවිය.මිනිසා මෙසේ සංස්කෘතික මිනිසකු බවට පත්වීමත් සමග ඇතිවූ සංස්කෘතික තහංචි මගින් සීමාකර ඇති ලිංගික ආවේගයන් පිටකර ගැනීමට විකල්ප ක්‍රමයක් ලෙස සමලිංගික ක්‍රියාකාරකම් වලට යොම්විය.වර්තමානයේ පවා විරුද්ධ ලිංගික චර්යා මගින් තම ආශාවන් තෘප්ත කරගැනීමට නොහැකිවූවිට සමලිංගික ක්‍රියාකාරකම් වලට යොමුවීම දක්නට ලැබේ.මෙයට හොද උදාහරණයක් ලෙස බන්ධනාගාර උප සංස්කෘතිය දැක්විය හැකිය.ඒ අනුව ආදී මානවයාද තම ලිංගික ආශාවන් තෘප්ත කරගැනීමට භාවිතකළ විකල්පයක් ලෙස සමලිංගිකත්වය බිහිවූ බව මානව විද්‍යාඥයන් විශ්වාස කරයි.ඇතැම් සතුන්සේ අතර පවා ලිංගික ආවේගයන් පිට කිරීමේ විකල්ප ක්‍රමයක් ලෙස සමලිංගික ඇසුර පවත්වයි.උදාහරණ ලෙස අලි ඇතුන් දැක්විය.කෙසේ වෙතත් මෙම සමලිංගික සම්බන්ධතා කෙරෙහිද ශිෂ්ට සම්පන්න මිනිසා තුල ඇතිවූයේ විරෝධී ආකල්පයකි. බොහෝ ආගම් හා දර්ශනයන් මගින් දක්වා ඇති ආකාරයට සමලිංගික සම්භන්ධතා යනු ස්වභාව ධර්මයේ කැමැත්තට එරෙහිව යාමක් හා දේව කැමැත්තට පිටුපෑමක් ලෙස සළකා ඇත.ඇතැම් සංස්කෘතීන්ට අනුව සමලිංගික චර්‍යවල නිරතවීම මරණ දණ්ඩනයට යටත්වීය හැකි බරපතල අපරාධයක් ලෙස සැළකූහ.

ඇතැම් ප්‍රාථමිත සමාජවල පැවති චාරිත්‍ර වාරිත්‍ර වීශ්වාසයන් නිසා සිදුවූ ස්ත්‍රී පුරුෂ අනුපාතය බරපතල ලෙස වෙනස්වීම පදනම් කරගෙන ලිංගික අවශ්‍යතා සපුරාගැනීමට සමලිංගික සේවනය භාවිතා කර ඇතිබව මානව විද්‍යාඥයන් පෙන්වාදෙයි.ගැහැණු දරුවකු ඉපදීම අශුභ සිදුවීමක් ලෙස සැළකූ ඇමරිකානු ස්වදේශික ආදිවාසීන් උපතේදීම ගැහැණු දරුවන් මරා දැමීය.ඇතැම් ආදිවාසීන් ගැහැණුන් බිළි පූජා සදහා භාවිත කළහ.මේ ආකාරයෙන් සිදුවූ ස්ත්‍රී පුරුෂ අසමතුලිතතාවයට පිළියමක් ලෙස ඇතැම් ප්‍රාථමික සමාජ සමලිංගිකත්වයට නැඹුරුවිය.ඇතැම් සමාජවල පවතින දැඩි අන්නවාදී ආකල්ප නිසා තම ගහනයෙන් පිට විවාහ සිදුකර ගැනීම අනුමත නොකරයි.එවන් සමාජවල ඇතිවන ස්ත්‍රී පුරුෂ ජනගහනයේ පරස්පරතා හේතුවෙන් තම ජනකොටසින්ම මනාලයෙකු හෝ මනාසියක් සොයා ගැනීමට නොහැකිවූ විට පහිර්ජන්‍ය විවාහයන් සිදු නොකර සමලිංගික සහකරුවකු සොයා ගැනීම සිදු කරයි.

අප්‍රිකාව සංස්කරණය

මුල් වරට සමලිංගික යුවලක් හමුවන්නේ ක්‍රිස්තු පූර්ව 2400 දී පමණ පුරාණ ඊජිත්තුවෙනි මානව විද්‍යාඥයින් පවසන ආකාරයට ලෙසොතෝ රාජ්‍ය යෙහි ගෝත්‍රික ස්ත්‍රීන් අතර සමලිංගික සබදතා අනුමතවී ඇතිබව පැවසේ එවන්ස් ප්‍රීව්චාඩ් දක්වන ආකාරයට අසාන්දේ පුරුෂයන් අතර සමලිංගික සබදතා පැවතිබව වාර්ථා කරයි.අසාන්දේ ගෝත්‍රික වැඩිහිටි පුරුෂයන් නව යොවුන් වියේ පසුවන වයස 12ත් 13 අතර පිරිඹි දරුවන් සමලිංගික චර්යා සදහා යොදාගැනීම සිරිතක් ලෙස සිදුකර ඇතිබව එවනස් ප්‍රීචාර්ඩ් සදහන් කරයි.ඒ අනුව අප්‍රිකානු සමාජවල සමලිංගික චර්යා අතීතයේ සිට පවතිනබව විශ්වාස කළ හැකි ආකාර සාක්ෂි ලැබී ඇත.නූවර් සමාජයේද එම ගොත්‍රිකයන් අතර සමලිංගික විවාහ ක්‍රමයක් පැවතී ඇත.එම විවාහයේදී ස්ත්‍රීන් දෙදෙනකු විවාහවීම සිදුවී ඇත.

ඇමරිකාව සංස්කරණය

ඇමරිකාවට යුරෝපා ජාතීන් පැමිණීමට පෙර සිටම ඇමරිකානු ස්වෙද්ශීක ආදිවාසීන් අතර සමලිංගික සම්බන්ධතා පැවතුනි.ඔවුන් තම ගෝත්‍රයට අයත් සමාජිකයන් සමග සමලිංගික වර්‍යා පැවැත්වීම සිරිතක් වශයෙන් සිදුවිය.ලතින් අමරිකානු ස්වදේශිකයන් වූ මායන් ඇස්ටෙක් න්වෙචාස් මෝචස් සැපොටික් යන ගෝත්‍රිකයන් අතර සමලිංගික සබධතා පැවතිබව මානව විද්‍යාඥයන් සදහන් කරයි.ස්පාංඥ්ඥ අධිරාජ්‍යවාදීන් විසින් මෙම ස්වදේශික ජනයා ප්‍රසිද්ධියේ සමලිංගික සේවනය කරනු දුටු විට ඔවුන්ට මරණීය දණ්ඩනය දීම පණපිටින් පුඵස්සා දැමීම හා සිරුර කැබලි වලට ඉරා සුනඛයන්ට කෑමට දීම වැනි දඩුවම් පමුණුවන ලදී.කතෝලිකයන් වූ යුරෝපා ජාතීන්ට අනුව සමලිංගිකත්වය බරපතල වරදක් කොට සැළකීය.1986 දී එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය මගින් පුරුෂ සමලිංගික සේවනය දණ්ඩන අපරාධයක් ලෙස නම් කළේය.එහෙත් එම තීරණය 2003 වසරේදී ඉවත්කරගන්නා ලදී.1998 වසරේදී සමලිංගික විවාහ වලට විරුද්ධව ව්‍යවස්ථා යොජනාවක් ගෙනඑනු ලැබුවද 2003 වසරේදී සමලිංගික අයිතිවාසිකම් පිළිගැනීමට එක්සත් ජනපද ශේෂ්ඨාධිකරණය තීන්දු කිරීමත් සමග සමලිංගික විවාහ සහදා නිත්‍යානුකූල අනුමැතිය ලැබිණි.

අග්නිදිග ආසියාව සංස්කරණය

චීන සාහිතය ග්‍රන්ථ තුල පුරුෂ සමලිංගිකත්වය පිළිබද සදහන් කර ඇත.විරුද්ධ ලිංගික සබදතා මෙන්ම සමලිංගික සබදතා 2 වන ශත වර්ෂෙය් දී චීනෙය් පැවතිබව චීන සාප්‍රධායික කවි වල දැක්වේ.කෙසේ නමුක් ඇතැම් බටහිර සංස්කෘතීන් හා ප්‍රාථමික සංස්කෘතීන්වල මෙන් සමලිංගික චර්යා චීනය තුල දක්නට නොලැබේ.

සිංගප්පූරුව සංස්කරණය

සිංගප්පූරුව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම එරට දණ්ඩ නීති සංග්‍රහයේ 377A වගන්තිය යටතේ වසර දෙකකට නොඅඩු සිර දඩුවමකට යටත් විය හැකි වරදකි.

ශ්‍රී ලංකාව සංස්කරණය

1886 දී සමපාදිත දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365Ą වගන්තීන්ට අනුව දඩුවම් ලැබියහැකි වරදකි.ඒ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය අනුව යම් පුද්ගලයතු ස්වකැමැත්තෙන් සම ලිංගික වර්‍යාවක හෝ එසෙත් නොමැතිනම් සතකු සමග හෝ අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික චර්යාවක යෙදේනම් වසර 10 සිර දඩුවමක් සහ දඩයකට යටත්විය යුතුය.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩසහිත වසර 10 නොඅඩු සිරදඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සමග දඩයකට යටත්විය යුතුය.එසෙම අපරාධයට යටත්වූ අයට අධිකරණයේ අභිමතය පරිදි නියමකල වන්දියක් ගෙවීමට සිදුවේ.

365A වගන්තිය අනුව යම් පිරිසක් ප්‍රසිද්ධ ස්ථානයක දී සමලිංගික වර්‍යාවල ස්ව කැමැත්තෙන් යෙදේනම් වසර 2 කට නොඅඩු සිර දඩුවමක් හා දඩයක් ගෙවීමට සිදුවේ.බාල වයස්කරුවකු සමග සමලිංගික ඇසුරක් නම් බරපතල වැඩ සහිත වසර 10 සිර දඩුවමක් හෝ වසර 20 සිර දඩුවමක් සහිත දඩයක් හා අධිකරණයේ අභිමතය පරිදි වන්දියක් ගෙවීමට සිදුවේ.

මේ අනුව ශ්‍රී ලංකාව තුල සමලිංගික වර්‍යාවකට තම අභිමතය පරිදි අනෙක් පාර්ශවයේ කැමැත්ත ඇතිව හෝ නැතිව සමලිංගික වර්‍යාවක යෙදීම දඩුවම් ලැබියහැකි වරදකි.

නමුත් ප්‍රසිද්ද ව හෝ අප්‍රසිද්දව ලංකාවේ ලංකාවේ සමලිංගික ආශ්‍රයන් පැවතී ඇත. අතීතයේ මෙන් නොව වර්ථමානයේ ලංකාවපුරා සමලිගික යුවල් ප්‍රසිද්ධියේ ජීවත් වීම දක්නට ලැබේ.


[3]

යුරෝපය සංස්කරණය

 
   සමලිංගික විවාහ සිදු කරන රටවල්
   වෙනත් තැනක සිදු කරන සමලිංගික විවාහ හඳුනාගන්නා රටවල්
   නීතියක් නැත
   සමලිංගිකයන් සිරගත කරන රටවල්
   මරණය

ග්‍රීක සාහිත්‍ය කෘතීන්ට අනුව සහ ජනප්‍රවාදයන්ට අනුව සමලිංගික සබදතා පැවතිබව විස්තරවෙයි.

ලිංගිකත්වය හා අනනයතාවය සංස්කරණය

ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු අනෙකාගේම ස්ත්‍රී පුරුෂ භාවයේ පෞද්ගලික හැඟීමයි. [1] ස්ත්‍රී පුරුෂ භාවය අනන්‍යතාවය උපතේදී පුද්ගලයෙකුගේ පවරන ලද ලිංගිකත්වය සමඟ සම්බන්ධ විය හැකිය, නැතහොත් එයින් වෙනස් විය හැකිය. [2] ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීම සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ලිංගික අනන්‍යතාවය පිළිබිඹු කරයි, නමුත් මෙය සැම විටම එසේ නොවේ. [3] [4] යම් පුද්ගලයෙක් යම් ස්ත්‍රී පුරුෂ භූමිකාවකට අනුකූලව හැසිරීම්, ආකල්ප සහ පෙනුම ප්‍රකාශ කළ හැකි නමුත්, එවැනි ප්‍රකාශනයන් තුළින් අනිවාර්යයෙන්ම ඔවුන්ගේ ලිංගික අනන්‍යතාවය පිළිබිඹු විය නොහැක. ස්ත්‍රී පුරුෂ අනන්‍යතාවය යන වචනය මුලින්ම භාවිතා කළේ 1964 දී රොබට් ජේ. ස්ටොලර් විසිනි. [5]

සමාජයේ අනෙකුත් සාමාජිකයින් සම්බන්ධයෙන් පුද්ගලයෙකුගේ ස්වයං අනන්‍යතාවයේ පදනම ලෙස ක්‍රියා කළ හැකි ලිංගික වර්‍ග සමූහයක් සෑම සමාජයකම තිබේ. [6]  බොහෝ සමාජ වල, පුරුෂයින්ට හා කාන්තාවන්ට පවරා ඇති ස්ත්‍රී පුරුෂ ලක්‍ෂණ අතර මූලික බෙදීමක් ඇත, [7] බොහෝ මිනිසුන් පිළිපදින සහ ලිංගිකත්වයේ සහ ස්ත්‍රී පුරුෂ භාවයේ සෑම අංශයකම පුරුෂභාවය හා ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ අපේක්ෂාවන් ඇතුළත් ලිංගික ද්විමය: ජීව විද්‍යාත්මක ලිංගිකත්වය, ස්ත්‍රී පුරුෂ සමාජභාවය  , සහ ස්ත්‍රී පුරුෂ භාවය ප්‍රකාශ කිරීම. [8]  සමහර පුද්ගලයින් තම ජීව විද්‍යාත්මක ලිංගිකත්වයට පැවරී ඇති ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සමහර අංශ හෝ සියල්ල හඳුනා නොගනිති;  සමහර සමාජ වල තුන්වන ලිංගික කාණ්ඩ ඇත.

ජනවිකාශනය සංස්කරණය

මනෝවිද්‍යාව සංස්කරණය

මනෝ විද්‍යාව තුල මුල් යුගයේ දී සමලිංගිකත්වය අසාමාන්‍ය මානසික තත්වයක් ලෙසත් මානසික රෝගයක් ලෙසත් සැළකීය.කෙසේ වෙතත් 1971 න් පසු ඇමරිකානු මනෝ විද්‍යාඥයන්ගේ සංගමය විසින් මෙය මනසික රෝග වර්ගීකරනයෙන් ඉවත් කිරීමට තීරණය කළහ.එයට හේතු වූයේ නව විද්‍යාත්මක සොයාගැනීම් සහ සාධක වේ.එය මානසික රෝගය නොවන බවට පිලිගෙන ඇත.

සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්‍යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්‍යාවක් ලෙස සැලකුනේ නැත​. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හිරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය​. රතු ඉන්දියානුවන් අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. ​පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියෙකු වූ වර්ජිල් සමරිසියන් අතර තිබූ ආදරය පිලිබඳ කවි ලියුවේය​.

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් ( කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කලේය​. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කල බැවිනි. ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි.ඒ සඳහා දඞුවම් කල යුතුය​. ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්ශේප කරයි.

ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම විරෝධයක් මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයෙකු වූ තෝමස් ඇක්වයිනාස් සම ලිංගිකතාව ස්වභාව ධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් ලෙස දේශනා කලේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි. ස්පාඤ්ඤ සංවික්‍ෂණ සමයේදී (Spanish Inquisition ) සමරිසියන් ලෙස සැක කල ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්සා මරා දමන ලදි.

එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුල සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට නියම විය​. 1871 දී එංගලන්තයේ වේදිකා නළුවන් දෙදෙනෙකු වූ තෝමස් බෝල්ටන් සහ විලියම් පාර්ක්ට එදිරිව සමලිංගික චෝදනා ගොනු කරන ලදි. කෙසේ නමුත් එම නඩුවේදී චෝදනා සනාත කිරීමට සාක්‍ෂි නොවූයෙන් ඔවුන් දෙදෙනා නිදහස් කරන ලදි. වික්ටෝ‍රියානු එංගලන්තය සමලිංගිකත්වය භයානක අපරාධයක් ලෙස නම් කරන ලදි.

බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය​. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය​. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය​.

අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල් යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක් විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී ඇත​. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. ​සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි.

ලිංගික දිශානතිය (Sexual Orientation) සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන , හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ව ලෝකයේද සමකාමීත්වය වාර්තා වී ඇත.

ජර්මානු මනෝ වෛද්‍යවරයෙකු වූ රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං 1840 දී සමලිංගිකත්වය සහ ස්වයං වින්දනය ලිංගික අපගාමී චර්‍යාවන් ලෙස නම් කලේය​. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිංගේ බලපෑම හේතු කාරක විය​.

1905 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman මගින් සමලිංගිකත්වය විග්‍රහ කලේය. වික්ටෝ‍රියානු සංස්කෘතිය තුල උපත ලබා එම සංස්කෘතිය තුල ජීවත් වූ ෆ්‍රොයිඩ් මනෝ වෛද්‍ය රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං අනුව යමින් සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවක් නිසා පැන නගින බව කීවේය.​එහෙත් සමකාමී බව මානසික ව්‍යාධියක් බව ෆ්‍රොයිඩ් කීවේ නැත​. එසේම යුරෝපයේ සමකාමීන් පෙළූ නීති වලට ෆ්‍රොයිඩ් එකඟ නොවීය​. සමකාමීත්වය මනෝ ලිංගික වර්ධනයේදී (Psycho-sexual Development) මතු වන අවහිරතාවක් නිසා පැන නගින බව ෆ්‍රොයිඩ් විශ්වාස කලේය​. එසේම ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු වූ මනෝ වෛද්‍ය හැරී ස්ටක් සුලිවන් සමකාමියෙකු විය​.

ලිංගිකත්වය පිළිබඳ පර්‍යේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් කිංසි 1943 – 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male / Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක් එළි දක්වන ලදි. කින්සිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමකාමියෙකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමටද කින්සි විරුද්ධ විය​. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස් විය හැකිය​. උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් පුරා සිරගත කරන ලද විශම ලිංගික සිරකරුවන් තුල ඇතැම් විට සමලිංක රුචිය වර්ධනය වූ අවස්ථාවන් ඔහු පෙන්වා දුන්නේය​. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පරියේෂණ ඉවහල් විය​.

1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ කාර්‍ය සංග්‍රහයේ (The Diagnostic and Statistical Manual of Mental Disorders -DSM ) සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් ලෙස නම් කරන ලදි. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙකු වූ රොනල්ඩ් බේයර් ගේ පරියේෂණ සහ පත්‍රිකා නිසා සමලිංගිකත්වය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව බැලීමට ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය යොමු විය​. මේ නිසා 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදි. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය​. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදි.

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ.

සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව ( lesbian, gay, bisexual or transgender -LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්‍යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ , යේමනයේ සමලිංගිකයන් මරණ දඞුවමට යටත් වෙති එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව ඇතුළු රටවල් 77 තුල (ශ්‍රී ලංකාවද ඇතුළුව​) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ.

සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia) ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී අවිඥානික සමකාමී ආශය පිළිබඳව සඳහන් කොට ඇත.​තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​.

නිදහස් මතධාරී ප්‍රන්ස කොමියුනිස්ට්වරියක මෙන්ම ලෙනින් ගේ හිතවතියකද වූ ඉනේසා අර්මාන්ඩ් සෝවියට් දේශයේ ලිංගික නිදහස පිලිබඳව ක්‍රියා කල නමුදු සමකාමීන් ගේ අයිතිවාසිකම් ගැන ඇය අමතක කලාය. සෝවියට් දේශය තුල සමරිසියන්ට නිදහසක් නොවීය​. ඔවුන් ගේ ජීවිත බොහෝ විට අවසන් වූයේ පුනරුත්ථාපන කඳවුරු වලය​. ස්ටාලින් යුගයේදී සමලිංගික චෝදනා සඳහා දඞුවම වූයේ වසර පහකට ශ්‍රම කඳවුරකට යැවීමයි. එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුරු වලට ගාල් කරන ලදි.

1791 දී ප්‍රන්ස විප්ලවයෙන් පසු සමලිංගිකයන්ට එරෙහිව තිබූ නීති ඉවත් කරන ලදි. එහෙත් නැපොලියානු යුද සමයේදී යලිත් වරක් සමලිංගිකයන්ට එරෙහිව නීති සම්පාදනය විය​. ෆැන්කෝගේ පාලන සමයේදී ස්පාඤ්ඤයේ සමරිසියන්ට දැඩි දඞුවම් පමුනුවන ලදි. යුරෝපයේ තිබූ සමරිසි විරෝධය අවසන් වීම සනිටුහන් වන්නේ 1989දී ඩෙන්මාර්කය විසින් සමලිංගික සබඳතා නීතිගත කිරීමෙන් පසුවය. මේ වන විට බොහෝ යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් විසින් සමලිංගිකත්වය නීතිගත කොට ඇත​.

දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම දඩුවම් ලැබියහැකි වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ 1886 දීය​. සමලිංගික සම්බන්ධතා “ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්” සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන මෙම නීතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද අතර මේ වන විට බ්‍රිතාන්‍ය සමලිංගික විවාහය නීතිගතකර තිබේ.

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකල යුතු බව ජාතික මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. මේ අතර සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව තමන් ඉවත දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ.

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියා සිතීමේ කාලය එලැඹී තිබේ.

හේතුව සංස්කරණය

ජීව විද්‍යාත්මක සහ පාරිසරික නිර්ණායක සංස්කරණය

ලිංගික දිශානතිය පිළිබඳව පැහැදිලි කිරීම සඳහා විද්‍යාඥයින්, ජීව විද්‍යාත්මක ආකෘතීන්ට කැමැත්තක් දැක්වුවද, ලිංගික දිශානතියේ වර්ධනය යම් එක් සාධකයක ප්‍රතිඵලයක් බව ඔවුහු විශ්වාස නොකරති. ඔවුන් සාමාන්‍යයෙන් විශ්වාස කරන්නේ එය ජීව විද්‍යාත්මක හා පාරිසරික සාධකවල සංකීර්ණ අන්තර් ක්‍රියාකාරීත්වයක් මගින් තීරණය වන බවත් එය කුඩා අවධියේදී හැඩගස්වීමට ලක්වන දෙයක් බවත් ය.

විශේෂයෙන්ම, පිරිමි පුද්ගලයන්ගේ ලිංගික දිශානතිය තිරණය කිරිමේදී සමාජයීය සාධක වලට වඩා, ජීව විද්‍යාත්මක සාධක හේතු වන බව පැහැදිලි කිරීමට සැලකිය යුතු තරම් සාක්ෂි වැඩි වශයෙන් පවතී. ලිංගික දිශානතිය සම්බන්ධයෙන් දෙමව්පියන් වෙතින් ලබන අත්දැකීම් හෝ ළමා වියේ අත්දැකීම් භූමිකාවක් ඉටු කරන බව පැහැදිලි කිරීම සඳහා ප්‍රමාණවත් සාධකයක් නොමැත. ලිංගික දිශානතිය තේරීමක් යැයි විද්‍යාඥයින් විශ්වාස නොකරයි.

"සමලිංගික ජාන" සංස්කරණය

බොහෝ උත්සාහයන් තිබියදීත්, "සමලිංගික ජානයක්" හඳුනා ගැනීමට තවමත් හැකි වී නොමැත. කෙසේ වෙතත්, සමලිංගිකත්වයේ ජානමය පදනමක් සඳහා සැලකිය යුතු තරම් සාක්ෂි පවතී. නිවුන් පුද්ගල අධ්යයනයන් මත පදනම්ව, විශේෂයෙන් පුරුෂයින් තුළ, 8 වන වර්ණදේහය, X වර්ණදේහයේ Xq28 පථය සහ අනෙක් වර්ණදේහයන්හි බොහෝ ස්ථාන මේ සමඟ සබඳතාවයක් පවතින බව පෙන්නුම් කරයි.

2010 දශකයේ සිට, විය හැකි යැයි සැලකෙන බහිර්-ප්‍රවේණික සාධක ලිංගික දිශානතිය පිළිබඳ ජාන පර්යේෂණවල වැඩි අවධානයක් යොමු වූ මාතෘකාවක් බවට පත්ව තිබේ. ASHG 2015 වාර්ෂික රැස්වීමේදී ඉදිරිපත් කරන ලද අධ්‍යයනයකින් හෙළි වූයේ මානව ජීනෝමයේ කලාප නවයක මෙතිල්කරණ රටාව ලිංගික දිශානතියට ඉතා සමීපව සම්බන්ධ වී ඇති බවයි.

සමලිංගිකත්වය සඳහා හේතු සාධක වන කරුණු පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීම දේශපාලන හා සමාජීය විවාදයන් වලට තුඩු දෙන හේතුවක් වන අතර එය ජානමය හැඩහුරු කැපීම සහ ප්‍රාග්ප්‍රසව පරීක්ෂාව පිළිබඳව සැලකිල්ලට භාජනය වීම වැඩි කිරීමට හේතු වී තිබේ.

සෞඛ්‍ය සංස්කරණය

 
ශ්‍රී ලංකාවේ පිරිමින්ගෙන් පිරිමින්ට HIV සම්ප්‍රේෂණය වූ ප්‍රතිශත ඉහළ ගොස් ඇති අයුරු.

විෂමලිංගික චර්යා නිසා මෙන්ම සමලිංගික චර්යා නිසා ද බොහෝ ලිංගිකව සංප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවෙයි.HPV,HIV,සුදුබිංදුම (ගොනෝරියාව),උපදංශය(සිෆිලික්ස්),හෙපටයිටිස් බී ,ක්ලැමෙඩියා වැනි රෝග උදාහරණ ලෙස දැක්විය හැක. මෙම හේතුව නිසා ඇතැම් යුරෝපා රටවල සමලිංගික චර්යාවල නිරතවන ස්ත්‍රීන් හෝ පුරුෂයන් ගෙන් රුධිර පාරවිලනය සදහා රුධිරය ලබාගැනීම තහනම් කර ඇත[4].ඒඩ්ස් රෝගය මුල් අවධියේ දී ද වැඩිවශයෙන් ව්‍යාප්තවී ඇත්තේ සමලිංගික වාර්‍යාවල නිරතවූ පුරුෂයන් අතරය.ඇතැම් රටවල විරුද්ධ ලිංගික සභදතා මගින් ව්‍යාප්තවනවාට වඩා බහුලව සමලිංගික වර්‍යා මගින් ඒඩ්ස් හා වෙනත් ලිංගිකව සම්ප්‍රේෂණයවන රෝග ව්‍යාප්තවී ඇත. මෙම තත්වය වැඩි වශයෙන් දකුණු ආසියාව අප්‍රිකාව ලතික් අමරිකා රටවල වාර්ථාවේ. මෙයට හේතුව ලිංගාශ්‍රීත රෝග ව්‍යාප්තිය පිළිබදව සාමාන්‍ය ජනයා අතර ඇති නො දැනුවත් බවයි.

වෙනත් සතුන් අතර සංස්කරණය

සමලිංගික චර්යාවල නිරතවන පිරිමි සිංහයන්

1999 සිදු කල පර්යේෂණයකට අනුව සත්ව විශේෂ 450 පමණ සත්ව විශේෂ අතර සමලිංගික චර්යා දක්නට ලැබෙන බව වර්ථා කරඇත.විශේෂයෙන් ප්‍රිමාටාවන් හා ඇකන්තොසෙප්ලා (Acanthocephala) පවුලට අයත් පණුවන් අතර සමලිංගික චර්යා පවතින බව සත්ව විද්‍යාඥයන් පෙන්වා දෙයි.මීට අමතරව ඇතැම් කුරුළු විශේෂ උදා:කලු හංසයින්,ලෙයිසන් ඇල්බටෝස්,ඉබිසස්,පෙන්ගුවින්,ගිජු ලිහිණියන්,පරෙවියන්,ඇතැම් ක්ෂීරපායින් උදා:ඇමසන් ඩොල්ෆින්,ඇමරිකානු බයිසන් ගවයා,වවුලන්,ඇතැම් වානර විශේෂ,බෝතල්නාසැති ඩොල්ෆින්,අලි ඇතුන්,ජිරාෆ්,මාමසේට් හා මකාකේ වදුරන්,සිංහයන් බැටළුවන් හයිනන්,කටුස්සන්,ඉබ්බන්,බත් කූරන්,පළතුරු මැස්සන් හා මකුණන් දැක්විය හැක.

මේවාත් බලන්න සංස්කරණය

සටහන් සංස්කරණය

"https://si.wikipedia.org/w/index.php?title=සමලිංගිකතාව&oldid=656152" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි