සන්නාහ යුධ වාහනයක් (AFV) යනු සන්නාහයකින් ආරක්ෂා වී ඇති අවි ආයුධවලින් යුක්ත යුධ වාහනයකි. බොහෝමයක් AFV රළු භූ විෂමතාවල ධාවනයට සුදුසු පරිදි සකසා ඇත.

ස්වීඩනයේ Combat Vehicle 90, නූතන IFV එකකි.

සන්නාහ යුධ රථ සටන් බිමේ දී ඒවායේ යෙදී ඇති කාර්ය භාරය අනුව වර්ගීකරණය කෙරේ. මෙම වර්ගීකරණය යම් කිසි නියත ආකාරයක් නොවේ. විවිධ කාලවලදී විවිධ රටවල් එකම වාහනය විවිධ කාර්යයන් සඳහා යොදවනු ලැබේ. උදාහරණ ලෙස සන්නාහ පුද්ගල රැගෙන යන රථ පසුව පාබල යුධ රථ මඟින් ප්‍රතිස්ථාපනය විය. දෙකෙහිම කාර්ය භාරය එක වුවත් පසුව සඳහන් කරන ලද රථයේ මුල් රථයට වඩා හැකියාවන් අඩංගු වේ.

සාර්ථක පොදු කාර්යය සන්නාහ යුධ වාහන, විශේෂිත වාහනවල මුළු පවුලේම අඩිතාලම සේ ක්‍රියා කරයි. උදාහරණ ලෙස M 113 හා MT – LB වාහන හා Mowag Piranha AFV දැක්විය හැක.

පුද්ගල ප්‍රවාහන සන්නාහ රථ සංස්කරණය

 
ජර්මන් යුධ හමුදාවේ නූතන APC GTK Boxer
 
M113 වියට්නාම යුද්ධය අතරතුර දී රාජකාරියේ යෙදවූ බහුල දම්වැල් මත ධාවනය වන APC වර්ගයක්

සන්නාහ මිනිසුන් රැගෙන යන වාහන (APC) යනු පාබල සේනාංක ප්‍රවාහනය සඳහා වූ සැහැල්ලු සන්නාහ යුධ වාහනයකි. සාමාන්‍යයෙන් මේවායේ ඇත්තේ මැෂින් තුවක්කු පමණක් වන නමුත් සමහරක් දියුණු කරන ලද ඒවාහි නැවත වාංගු නොවන තුවක්කු, ATMG හෝ මෝටාර් අඩංගු වේ. ඒවා ඇත්‍ත වශයෙන් සැලසුම් කර ඇත්තේ සෘජු සටන්වලදී යොදා ගැනීමට නොවන නමුත්රැක සිට සිදුවන පහරදීම්වලින් ආරක්ෂා කොට පාබල සේනාංක ආරක්ෂිතව සටන් බිම කරා රැගෙන යාමටය. ඒවා රෝද සහිත ඒවා (Wheeled) හෝ දම්වැල් මත ධාවනය (Tracked) වන ඒවා හෝ දෙකෙහිම සංයුක්තයක් වන අර්ධ දම්වැල් මත ධාවනය වන (Half tracked) ඒවා විය හැකිය. උදාහරණවලට ඇමරිකානු M113 (Tracked), බ්‍රිතාන්‍යයේ FV 432 (Tracked), ලන්දේසි/ ජර්මානු බොක්සර් MRAT (Wheeled) ප්‍රංශ VAB (Wheeled), සෝවියට් BTR (Wheeled) හා ඇමරිකානු M3 (Half tracked)

භට පිරිස් සන්නාහ දම්වැල් මත ධාවනය වන වාහනයක රැගෙන යාමට මුලින්ම උත්සාහ කරන ලද්දේ බ්‍රිතාන්‍යයන් විසින් පළමු ලෝක යුද්ධ සමයේ දීය. දික් කරන ලද මාක් V ටැංකියක් වූ එය සන්නාහයෙන් යුක්ත වන අතරම පාබල ඒකක රැගෙන යාමට ද හැකියාවකින් යුක්ත ‍විය. පසුව සිදුවූ යුද්ධවලදී අදහස ට්‍රක් රථ, කුඩා සේනාංක රැගෙන යන රථ හා සැහැල්ලු සන්නාහයෙන් යුත් අර්ධ දම්වැල් මත ධාවනය වන රථ කෙරෙහි නැඹුරු විය. මේවා දෙවන ලෝක යුධ සමයේ දී පුළුල් ලෙස භාවිතා කරන ලදී. දෙවන ලෝක යුද්ධය අතරතුර කැන්ගරූස් වැනි අධිකව සන්නාහ කරන ලද රැගෙන යන වාහන සඳහා වූ පර්යේෂණ පැවැත්වුණි. යුද්ධයෙන් පසුව අර්ධ දම්වැල් මත ධාවනය වූ වාහන සම්පූර්ණයෙන්ම දම්වැල් මත හෝ රෝද මඟින් ධාවනය වන ස්වයං ආරක්ෂාව සඳහා මැෂීන් තුවක්කුවලින් යුත් සන්නාහ පුද්ගල රැගෙන යන වාහන (APC) බවට පත් විය. ඊශ්‍රායල ආරක්ෂක බලකාය සඳහා වර්තමානයේ දී නිපදවන නව රථයක් වන්නේ Wolf රථයයි.

පාබල ප්‍රහාරක රථ සංස්කරණය

පාබල ප්‍රහාරක යුධ වාහන (Infantry fighting vehicles (IFV)) යනු මිනිසුන් රැගෙන යා හැකි සන්නාහ රථ වන අතර ඉන් පාබල සේනාංකවලට ඇතුළත සිට සටන් කිරීමට ඉඩ ලබා දෙයි. තවද එමඟින් සැලකිය යුතු වෙඩි බලයක් ද ලබා දිය හැක. ප්‍රථම IFV වූයේ සෝවියට් හි BMP – 1යි. එය 1967 යුධ පෙළපාලියක ප්‍රදර්ශනය කළ විට බටහිර බුද්ධිමය විශ‍්ලේෂකයන් මවිතයට පත් විය.

 
ස්වීඩනයේ Combat Vehicle 90, නූතන IFV එකකි.

නුතන IFV හොඳින් සන්නාහ කරන ලද පාබල සේනාංක රැගෙන යන්නන් වන අතර ඒවායේ පාබල සේනාංකවලට වාහනය තුළ සිට සටන් කිරීමට ඉඩ ප්‍රස්ථාව ලබා දේ. ඒවා මුල් කාලීන APC වලින් වෙනස් වන අතර ඒවායේ දැඩි සන්නාහය වැඩි ආරක්ෂාවක් ලබා දෙන අතර වෙඩි තැබීමට වෙන් කළ ස්ථාන හරහා ඒ තුළ වු පාබල සේනාංකවලට තමන් අතැති ගිනි අවිවලින් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ සලස්වයි. ඒවා 20mm හෝ විශාල ස්වයංක්‍රීය කාල තුවක්කුවලින් හා ATGM වලින් යුක්ත වේ. සාමාන්‍යයෙන් IFV දම්වැල් මත චලනය වන නමුත් සමහරක් රෝද සහිත වාහන ද මෙම කාණ්ඩයට වැටේ.

විශේෂයෙන් සන්නද්ධ කරන ලද IFV සමහරක් සැහැල්ලු යුධ ටැංකිවල කාර්යභාරය ද ඉටු කරයි. මේවා පිරික්සුම් ඒකක භාවිතා කරන අතර අධි වෙඩි බලයකින් තොරව සටන් කළ හැකි එයාර් බෝන් (Airborne) ගුවන් ප්‍රහාරක ඒකක් සඳහා ද සැහැල්ලු IFV යොදා ගනී.

කෙසේ නමුත් ඊශ්‍රායලයේ මර්කාවා ප්‍රධාන ‍යුධ ටැංකිවලට පාබල සේනාංක රැගෙන යාමේ කොටසක් ද ඇත.


යුධ ටැංකි නාශක සංස්කරණය

 
නෝවීජියානු NM 142 , යුධ ටැංකි නාශක මිසයිල වලින් යුත් නූතන යුධ ටැංකි විනාශක

ස්වයං ප්‍රචාලක යුධ ටැංකි නාශක අවි හෝ ටැංකි විනාශක මූලිකව භාවිතා වන්නේ ආරක්ෂක හෝ පසු බසින මෙහෙයුම්වලදී පාබල හෝ යුධ ටැංකි ඒකක සඳහා යුධ ටැංකි නාශක බලය සැපයීම සඳහාය. ඒවාට අධි ප්‍රවේග යුධ ටැංකි නාශක තුවක්කු හෝ සමහරක් විට යුධ ටැංකි නාශක මඟ පෙන්නුම් මිසයිල විදින හෝ ATGM ඇතුළත් විය හැක.

යුධ ටැංකි විනාශකවලට යුධ ටැංකි ඉටු කරන කාර්ය භාරවලින් බොහෝ ප්‍රමාණයක් සපුරාලිය නොහැක. ඒවා සචලතාවයෙන් අඩු වන අතර පාබල සේනාංකවලට දක්වන ප්‍රතිරෝධය ද අඩු වේ. නමුත් ඒවා නිෂ්පාදනය කිරීම නඩත්තු කිරීම හා නැවත සැපයීම යුධ ටැංකිවලට වඩා අඩු වියදම් සහගත වේ.

දෙවන ලෝක යුද්ධයේ සිට තුවක්කු සවි කරන ලද ටැංකි විනාශක විශාල වශයෙන් පොදු භාවිත ටැංකිවලින් හා ATMG විදිනවලින් ප්‍රතිස්ථාපනය වී ඇත. තවද සැහැල්ලු ලෙස සන්නාහ කරන ලද ATGM රැගෙන එන රථ දිගු දුර ටැංකි නාශක හැකියා සඳහා හා ගුවන් සැපයුම් මඟින් ටැංකි ප්‍රතිස්ථානගත කිරීම සඳහා යොදා ගනී.


සන්නද්ධ යුධ ටැංකි සංස්කරණය

 
ජෝජිනියානු සේවයේ නියුතු සන්නාහ වලින් සැදුම් ලත් T – 72 යුධ ටැංකි.

යුධ ටැංකි සියළු භූ විශමතා වල ක්‍රියාත්මක විය හැකි සන්නාහ යුධ වාහනයක් වන අතර මූලිකවම ඉදිරි සටන් පෙ‍රමුනේ දී සෘජු පහර දීම් භාවිතයෙන් සතුරු බලය බිද ලීමට භාවිතා කරයි. ටැංකි දියුණු කිරීමෙන් මුල්කාලීන පරේක්ෂණාත්මක දින වලදී සකස් කිරීම් කිහිපයක් අත්හදා බලා ඇතත් සම්මත සැළසුම් ආකාරයක් සැමැන්‍ය යෙන් පිළිගත් රටාවක් බවට මතු විය. මේ සදහා ටැංකියෙහි මුදුනේ සවි කරන ලද සම්පුර්ණයෙන්ම හැරවිය හැකි ප්‍රධාන කාලතුවක්කුවක් හා විවිධ අතිරේක මැෂින් තුවක්කු අයත්වෙයි.

දාර්ශනිකව යුධ ටැංකියක් යනු ස්වභාවයෙන්ම ආක්‍රමණකාරී ආයුධයකි. අඩුම තරමින් එක් තුවක්කුවකින් යුක්ත වන ආරක්ෂා කාරී ආවරණයක් වන මෙය සතුරන් කරා ගමන් කළ හැකි බලකොටුවක් ලෙස හැදින්විය හැක. (එසේම ආරක්ෂාකාරී පසුබිම්වලදී මෙවා ස්ථිතික බලකොටු වේ.)

ඓතිහාසිකව යුධ ටැංකි වර්ග 3 කට බෙදා දැක්විය හැකිය. කුඩා ප්‍රමාණයේ යුධ ටැංකි (කුඩා, තුනී සන්නාහයෙන් යුත් දුබල වෙඩි බලයකින් යුත් නමුත් අතිශයින් ජංගම මෙම රථ සන්නාහ පිරික්සුම් රාජකාරීය සඳහා යොදා ගනී.) මධ්‍යම ප්‍රමාණයේ යුධ ටැංකි (ප්‍රමාණයෙන් සාමාන්‍යයයි, අවශ්‍ය පරිදි සන්නාහයෙන් යුක්ත‍ වේ, සැලකිය යුතු වෙඩි බලයකින්ද යුක්ත වේ, සැලකිය යුතු තරම් චලනය වීමේ හැකියාවකින් යුත් මෙම ටැංකිය ක්‍රියාකාරී යුධ ගැටුම්වලට (විශේෂයෙන් වෙනත් ටැංකිවලට එරෙහිව) අවශ්‍ය සමතුලිත අංග ලක්ෂණ සපයයි.) විශාල යුධ ටැංකි (ප්‍රමාණයෙන් විශාලයි, ඝනව සන්නාහයෙන් යුක්තය. අධික වෙඩි බලයක් සහිතයි. නමුත් චලනය වීමේ හැකියාව අවම වේ. බොහෝ විට පාබල සේනාංකවලට සහය සඳහා ආරක්ෂක වළලු කඩා බිඳ දැමීමට සකසා ඇත. වෙනත් රටවලින් සිදු කරන ලද අනෙකුත් නම් කිරීම් (Cavalry Tank, Cruiser Tank, Infantry Tank) මේ හා සමාන වූ භූමිකා නිරූපණය කරයි.

නූතන ප්‍රධාන යුධ ටැංකිවලට දියුණු චලනය වීමේ, කාලතුවක්කු හා සන්නාහ තාක්ෂණ ඇතුළත් වන අතර ඒවා එකතු වීමෙන් ඓතිහාසික වර්ග තුන එක් වර්ගයක් කරා රැගෙන විත් ඇත. එය එහි යුගයේ වූ අනෙක් වාහනවලට සාපකේෂව වෙඩි බලයේ, සචලතාවය හා සන්නාහ ආරක්ෂාව උසස් තත්වයෙන් උසස් ස්ථානයක් ලබා ගනී. එයට සන්සන්දනාත්මකව රළු භූ ලක්ෂණ හරහා වැඩි වේගවලින් ගමන් කළ හැකි මුත් එහි ඉන්ධන, නඩත්තු කිරීම හා අවි ආයුධ සැපයීම එය ප්‍රවර්ධනමය වශයෙන් යම් තත්වයක පවත්වයි. එයට සටන් බිමෙහි වූ අනෙක් ඕනෑම වාහනයකට වඩා වැඩි බරම සන්නාහ අයත් වන අතර සටන් මෙහෙය වූ විශාල ඉලක්ක ප්‍රමාණයක් නිෂේධනය කළ හැකි බලවත් ආයුධවලින් යුක්ත වෙයි. එය සටන් බිමෙහි වූ වඩාත් බලවත් හා බිය ජනක ආයුධයක් වෙයි.

"https://si.wikipedia.org/w/index.php?title=සන්නාහ_යුද්ධ_රථ&oldid=515823" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි