සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව

සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව මගින්, ආර්ථික විද්‍යාව හා සංඛ්‍යානය (ගණනය) එකිනෙක සම්බන්ධවීම පිළිබඳව ගවේෂණය කරනු ලබයි. සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව අයත් වන ක්ෂේත්‍රවලට, නියෝජිත පදනමේ සංඛ්‍යාත්මක ආකෘතිකරණය, සංඛ්‍යාත්මක ආර්ථික මිථිය හා සංඛ්‍යානය, සංඛ්‍යාත්මක මූල, ගතික සාර්ව ආර්ථික ක්‍රමවල සංඛ්‍යාත්මක ආකෘතිකරණය, ස්වයංක්‍රීය අන්තර්ජාල වෙළෙඳපල නිර්මාණය කිරීම සඳහා වන සංඛ්‍යාත්මක උපකරණ, සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව සඳහා විශේෂයෙන්ම සැකසූ වැඩසටහන් උපකරණ, සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව ඉගැන්වීම සඳහා වන අධ්‍යාපනික උපකරණ යනාදිය ඇතුළත් වේ. මෙම ක්ෂේත්‍රවලින් ඇතැම් ඒවා සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාවටම අනන්‍ය වන අතර, අනෙක් ඒවා මගින් පරිඝනක නොමැතිව විසඳීමට අපහසු ගැටලු විසදීම මගින්, ආර්ථික විද්‍යාවේ සම්ප්‍රදායික ක්ෂේත්‍ර පුළුල් කරනු ලබයි.


සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යා පර්යේෂකයින් විසින්, සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යා ආකෘතිකරණයට සහ විශ්ලේෂණාත්මක හා සංඛ්‍යාත්මකව සූත්‍රකරණය කරන ලද ආර්ථික විද්‍යාව ගැටලු සඳහා සංඛ්‍යාත්මක විසඳුම් ලබාගැනීම සඳහා සංඛ්‍යාත්මක උපකරණ භාවිතා කරනු ලැබේ.

උදාහරණයක් ලෙස සංඛ්‍යාත්මක ආකෘති උපකරණ සලකන විට, නියෝජිත පදනමේ සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාව (ACE) යනු අන්තර්ක්‍රියා කරන නියෝජිතයන් ගේ ගතිකක්‍රම ලෙස ආකෘතිකරණය කළ ආර්ථික ක්‍රියාවලිය පිළිබඳව සංඛ්‍යාත්මක අධයනය වේ. මෙහි නියෝජිතයා යන්නෙන්, සංඛ්‍යාත්මකව ගොඩනගන ලද ලෝකයේ කොටසක් අඩංගු වස්තුවක් නිරූපණය කරන, දත්ත හා හැසිරීම් ක්‍රම කලඹක් යන්න අදහස්වේ. නියෝජිතයන්ට සමාජ, ජීව විද්‍යාත්මක හා,හෝ භෞතික වස්තූන් නිරූපනය කළ හැකිය. ආකෘතිකරණය කරන්නා විසින්, තීරණය කල මූලික තත්ත්වයන්ගෙන්, ආරම්භකර, නියෝජිත අන්තර් ක්‍රියා මගින් කාලය තුල සහමුලින්ම මෙහෙයවන ACE ආකෘතිය ඉදිරියට ගොඩ නගයි.

සංඛ්‍යාත්මක විසඳුම් උපකරණවලට උදාහරණ ලෙස, විවිධ න්‍යාස ගණනය (උදාහරණ න්‍යාස ප්‍රතිලෝමය) කිරීම සහ රේඛීය හා රේඛීය නොවන සමීකරණ විසඳීම සඳහාවන මෘදුකාංග දැක්විය හැකිය. රාජ්‍ය විෂයෙහි සංඛ්‍යාත්මක විසඳුම් උපකරණ සඳහා මෙය බලන්න.

පහත සඳහන් සඟරා සංඛ්‍යාත්මක ආර්ථික විද්‍යාවෙහි විශේෂීකරණය වූ ඒවා වේ.

  • සංඛ්‍යාත්මක ආර්ථීක විද්‍යාව
  • ව්‍යවහාරික ආර්ථික මිතිය සඟරාව
  • ආර්ථික ගතික විද්‍යාව සහ පාලනය සඟරා ලෙසින් එම සඟරා කිහිපයක් වේ.