ෂියා (අරාබි: شيعة‎, ෂියා) නිරූපණය කරන්නේ ඉස්ලාම් ආගමෙහි දෙවන විශාලතම නිකාය වන අතර, ෂියා ඉස්ලාම් ආගමෙහි භක්තිකයන් හැඳින්වෙන්නේ, සමූහයක් වශයෙන් සැලකූ කල ෂියාවරුන් හෝ ෂියා ලෙසින් වන අතර තනි වශයෙන් සැලකූ කල ෂියි ලෙසිනි. [1] ෂියා යන්න, කලීෆ් රාජ්‍යය වෙත මුහමද් තුමාගේ අනුප්‍රාප්තිකයා ලෙසින් ෂීයා විශ්වාස කරන මුහමද් තුමාගේ බෑනා සහ ඥාති සොහොයුරා වන අලිගේ "අනුගාමිකයෝ", "පිල", හෝ "පක්ෂය" යන අර්ථය දෙන, ෂියාතු අලි (شيعة علي) යන ඓතිහාසික පදයෙහි කෙටි අයුර වෙයි. ද්වාදශ ෂියා හෝ ඉත්නා අෂරියා යනු ෂියා ඉස්ලාම් ආගමෙහි විශාලතම ශාඛාව වන අතර, ෂියා මුස්ලිම්වරුන් විසින් මෙම පදය, ද්වාදශවරුන් ලෙසින්ද පෙරනිමියෙන් හඳුන්වති.

ෂියා ඉස්ලාම් ආගම පදනම්වී ඇත්තේ, කුරානය සහ හදීත් කෘතියෙහි සාක්ෂ්‍යවත් කොට ෂියාවරුන් විසින් සටහන් කොට ඇති ඉස්ලාමීය අනාගතවක්තෘ මහමුද් තුමාගේ පණිඩුඩය සහ, ෂියාවරුන්ට ශුද්ධවන්තයැයි සැලකෙන වෙනත් ග්‍රන්ථ (නෙහැජ් අල්-බලේව්හා) මතය.[2] [3] අනෙකුත් මුස්ලිම්වරුන්ට හාත්පසින්ම වෙනස් වෙමින්, ෂීයාවරුන් විශ්වාස කරන්නේ, ඉස්ලාම් ආගම, කුරානය සහ ෂරීයා ආරක්ෂාකිරීමට නියෝජිතයෙක් තෝරාගැනීමේ අයිතිවාසිකම ඇත්තේ දෙවියන්වහන්සේට පමණක් බවයි. මේ අනුව ෂියාවරුන්, මුහමද් තුමාගේ බෑනා වන අලි වෙත බලාපොරොත්තු තබන්නේ, එතුමා වෙත ගෞරව දක්වමින් හා මුහමද් තුමාගේ නිත්‍යානුකූල අනුප්‍රාප්තිකයා ලෙසින් හා පළමු ඉමාමා ලෙසින් එතුමා දිව්‍යමය ලෙසින් පත්කරනු ලැබූ බව විශ්වාස කරමිනි. මුහමද් තුමාගේ මරණයෙන් පසු සියවස් ගණනාවක් පුරා, ෂියා විසින් මුහමද් තුමාගේ පවුල, the අහ්ල් අල්-බයිට් ("වංශයේ ජනතාව"), හා, ප්‍රජාව කෙරෙහි විශේෂ අධ්‍යාත්මික සහ දේශපාලනමය අධිකාරියක්, නොවරදින සුළු බව සහ අනෙකුත් අර්ධ-පූජනීය ඌරුවන් සහිත, , ඉමාමා වරුන් ලෙසින් හැඳින්වෙන, එතුමාගේ පැවතෙන්නන් අතර සමහර පුද්ගලයන් තුලින් මෙම "ඉමාමි" මතවාදය පවත්වාගෙන ගියේය.

ශත සහස්‍ර සංඛ්‍යාක ප්‍රමාණයකි ෂියි උප නිකාය තිබුණද, නූතන ෂියි ඉස්ලාම් ආගම ප්‍රධාන කෘන්ඩ තුනකට බෙදා ඇත: ද්වාදශයෝ, ඉස්මයිලියන් සහ සයිඩිවරුන් යනුවෙනි.[4][5][6][7]

සටහන් සංස්කරණය

  1. "ෂියා" යන්න සමහර විට ෂිආ හෝ ෂියිටෙ ලෙසින් විකල්ප ලෙසින් ශබ්ද කෙරෙයි
  2. "එස්පොසිටෝ, ජෝන්. "වට් එව්රිවන් නීඩ්ස් ටු නෝ අබවුට් ඉස්ලාම්." ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයීය මුද්‍රණාලය, 2002 | ISBN 978-0-19-515713-0. p. 40
  3. "ෆ්‍රොම් දි ආටිකල් ඔන් ෂියි ඉස්ලාම් ඉන් ඔක්ස්ෆර්ඩ් ඉස්ලමික් ස්ටඩීස් ඔන්ලයින්". Oxfordislamicstudies.com. සම්ප්‍රවේශය 2011-05-04.
  4. Tabataba'i (1979), p. 76
  5. ගොඩ්ස් රූල්: ද පොලිටික්ස් ඔෆ් වර්ල්ඩ් රිලිජන්ස් - පිටුව 146, ජේකබ් නිවුස්නර් - 2003
  6. "ෂියිටි". එන්සයික්ලොෆීඩියා බ්‍රිටැනිකා Online. 2010. සම්ප්‍රවේශය 2010-08-25.
  7. "එස්පෝසිටෝ, ජෝන්. "වට් රව්රිවන් නීඩ්ස් ටු නෝ අබවුට් ඉස්ලාම්" ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය, 2002. ISBN 978-0-19-515713-0. p.40
"https://si.wikipedia.org/w/index.php?title=ෂියා_ඉස්ලාම්_ආගම&oldid=285897" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි