ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය (දෙමළ: ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு, ඉංග්‍රීසිːSri Lanka People's Freedom Alliance) යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ කුඩා පක්ෂ පහළොවක් එක්ව 2019 දී පිහිටුවන ලද වාමාංශික දේශපාලන සන්ධානයකි .

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය

ஶ்ரீ லங்கா பொதுஜன சுதந்திர கூட்டமைப்பு
Sri Lanka People's Freedom Alliance
නායකයාමහින්ද රාජපක්ෂ[1]
සභාපතිමෛත්‍රීපාල සිරිසේන[1]
ආරම්භය31 ඔක්තෝබර් 2019 (වසර 4 කට පෙර) (2019-10-31)
පූර්වප්‍රාප්තියඑක්සත් ජනතා නිදහස් සන්ධානය
මතවාදයකණ්ඩායම්:
සමාජ ප්‍රජාතන්ත්‍රවාදය[2][3]
සමාජවාදය
කොමියුනිස්ට්වාදය
සිංහල ජාතිකවාදය[4]
ෆෙඩරල්වාදයට විරෝධී [5]
අධිරාජ්‍යවාදයට විරෝධී[6]
දේශපාලන ආකල්පය
කණ්ඩායම්:
මධ්‍ය-වම සිට ඉතා-වම
පාර්ලිමේන්තුව
102 / 225
වෙබ් අඩවිය
podujanasandanaya.org
podujanaalliance.org
[[{{{country_adj}}} දේශපාලනය]]
[[{{{country_adj}}} දේශපාලන පක්ෂ ලැයිස්තුව|දේශපාලන පක්ෂ]]
[[ {{{country_adj}}} මැතිවරණ|මැතිවරණ]]

ඉතිහාසය සංස්කරණය

2019 ඔක්‌තෝබර් 31 වැනිදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඇතුළු පක්‍ෂ දාහතක්‌ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම සඳහා කොළඹදී ගිවිසුමක්‌ අත්සන් කරන ලදී. [7] [8] දේශපාලන පක්ෂ දාහත වූයේ: [9] [10]

  1. ලංකා කම්කරු කොංග්‍රසය
  2. ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය
  3. ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ
  4. දේශ විමුක්ති ජනතා පක්ෂය
  5. ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
  6. ලංකා සමසමාජ පක්ෂය
  7. මහජන එක්සත් පෙරමුණ
  8. මුර්පොක්කු තමිලර් කච්චි
  9. ජාතික කොංග්‍රසය
  10. ජාතික නිදහස් පෙරමුණ
  11. පිවිතුරු හෙළ උරුමය
  12. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (2022ට පෙර)
  13. ශ්‍රී ලංකා මහජන පක්ෂය
  14. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
  15. තමිළ් මක්කල් විදුතලෙයි පුලිකල්
  16. එක්සත් ජනතා පක්ෂය
  17. විජය ධරණි ජාතික සභාව

ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය 2019 ශ්‍රී ලංකා ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දෙන්න තීරණය කළා. [11] [12] 2020 පාර්ලිමේන්තු මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පූර්වගාමියා වූ පොදු ජන පෙරමුණේ ලකුණ වන පුටුව ලකුණින් තරග කිරීමට සැලසුම් කර තිබුණි. [13] [14] කෙසේ වෙතත්, 2020 පෙබරවාරි මාසයේදී සන්ධානය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මල් පොහොට්ටුව ලකුණින් මැතිවරණයට තරග කිරීමට මැතිවරණ කොමිෂන් සභාවටට අයදුම්පතක් ඉදිරිපත් කළේය. [15] [16]

මැතිවරණ ඉතිහාසය සංස්කරණය

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මැතිවරණ
මැතිවරණ වර්ෂය ඡන්ද ප්‍රතිශතය දිනා ගත් ආසන +/– නායක පක්ෂය සඳහා ප්‍රතිඵල
2020 6,853,690 59.09%
145 / 225
  50 මහින්ද රාජපක්ෂ රජය


ශ්‍රී ලංකා ජනාධිපතිවරණ
මැතිවරණ වර්ෂය අපේක්ෂකයා ඡන්ද ප්‍රතිශතය ප්‍රතිඵලය
2019 ගෝඨාභය රාජපක්ෂ 6,924,255 52.25% දිනුවා

මූලාශ්‍ර සංස්කරණය

  1. 1.0 1.1 Pothmulla, Lahiru (17 February 2020). "SLPP, SLFP to contest polls from Sri Lanka Nidahas Podujana Sandanaya". The Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 19 February 2020.
  2. "BUSINESS TODAY -I Believe in the SLFP". businesstoday.lk.
  3. "Re-nationalizing: New economic policy".
  4. Perera, Jehan. "Prevent Vicious Cycle From Re-Emerging After Election". peace-srilanka.org. The National Peace Council of Sri Lanka. සම්ප්‍රවේශය 30 March 2018.
  5. "The Politics of Demonizing Federalism and Depicting It as Separatism". Colombo, Sri Lanka: Daily Mirror. සම්ප්‍රවේශය 31 October 2019.
  6. "Paradox of Pohottuwa's anti-Americanism with US soft diplomacy in Lankan politics". Colombo, Sri Lanka: The Sunday Times. සම්ප්‍රවේශය 31 October 2019.
  7. "Agreement signed to form Podujana Nidahas Sandhanaya". The Daily Mirror. Colombo, Sri Lanka. 31 October 2019. සම්ප්‍රවේශය 31 October 2019.
  8. "31 October 2019". Ada Derana. Colombo, Sri Lanka. 31 October 2019.
  9. Pothmulla, Lahiru (31 October 2019). "Sri Lanka People's Freedom Alliance formed". The Daily Mirror. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2019.
  10. "17 parties ink agreement to form SLPFA". The Sunday Times. Colombo, Sri Lanka. 31 October 2019. 4 February 2020 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 October 2019.
  11. Senarathna, Nuwan (1 November 2019). "Sixteen political parties back GR". Daily FT. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2019.
  12. "SLFP-SLPP coalition, Sri Lanka Nidahas Podujana Alliance formed". News First. Colombo, Sri Lanka. 31 October 2019. සම්ප්‍රවේශය 31 October 2019.
  13. "Gota to receive 6.5 million votes through SLFP - SLPP alliance : Dayasiri". The Sunday Times. Colombo, Sri Lanka. 10 October 2019. 17 October 2019 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 31 October 2019.
  14. Ferdinando, Shamindra (31 October 2019). "Coalition formed to contest 2020 general election under Chair symbol Gotabaya inks pact with large grouping". The Island. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 31 October 2019.
  15. Senarathne, Nuwan (18 February 2020). "SLPP-SLFP submit application to register coalition". Daily FT. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 19 February 2020.
  16. Mudalige, Disna (17 February 2020). "SLPP and SLFP to contest general election under new alliance". Daily News. Colombo, Sri Lanka. සම්ප්‍රවේශය 19 February 2020.