ශ්‍රාවස්තී

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පුරාවිද්‍යා අඩවිය

ශ්‍රාවස්තී (IAST: Śrāvastī; පාලි: සාවත්ථී) යනුවෙන් හැඳින්වෙන්නේ පුරාතන ඉන්දියානු නගරයක් වන අතර, එය ගෞතම බුදුන් වහන්සේගේ සමයේ ඉන්දියාවේ පැවති විශාලතම නගර සය අතුරින් එකකි. නගරය පිහිටා තිබූයේ සශ්‍රීක ගංගා තැන්නේ වර්තමාන ශ්‍රාවස්තී දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයේ ය. එය මෙය උත්තර් ප්‍රදේශ් හි දේවීපාටන් කොට්ඨාසයේ බල්රාම්පූර් අසල පිහිටි අතර, ලක්නව් සිට 175 කිලෝමීටර (109 mi) පමණ ඊසානදිගින් පිහිටියේ ය. මින් පෙර, මෙය බහ්රායිච් දිස්ත්‍රික්කයට අයත්ව තිබූ නමුත්, වර්තමානයෙහි පරිපාලන හේතූන් මත එය බෙදා වෙන්කොට ඇත.

ශ්‍රාවස්තී
श्रावस्ती
මූලගන්ධිකුටි; ජේතවනාරාමයේ බුදුන් වහන්සේගේ කුටියෙහි නටබුන්.
ශ්‍රාවස්තී is located in උත්තර් ප්‍රදේශ්
ශ්‍රාවස්තී
උත්තර් ප්‍රදේශ් තුළ පිහිටීම
ශ්‍රාවස්තී is located in ඉන්දියාව
ශ්‍රාවස්තී
ශ්‍රාවස්තී (ඉන්දියාව)
පිහිටීමඋත්තර් ප්‍රදේශ්, ඉන්දියාව
ඛණ්ඩාංක27°31′1.5″N 82°3′2.2″E / 27.517083°N 82.050611°E / 27.517083; 82.050611ඛණ්ඩාංක: 27°31′1.5″N 82°3′2.2″E / 27.517083°N 82.050611°E / 27.517083; 82.050611
මාදිලියඅගනගරය
වර්ගඵලයශ්‍රාවස්තී දිස්ත්‍රික්කය

ආශ්‍රේයයන් සංස්කරණය

බාහිර සබැඳි සංස්කරණය

 
විකිඋද්ධෘත සතුව පහත තේමාව සම්බන්ධයෙන් උද්ධෘත එකතුවක් ඇත:


  1. Angulimala Sutta - About Angulimala
  2. Maha-Rahulovada Sutta - The Greater Exhortation to Rahula''


"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රාවස්තී&oldid=518733" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි