වෙබ් බ්‍රව්සර ලයිස්තුව

විකිමීඩියා ලැයිස්තු ලිපිය

වෙබ් බ්‍රව්සර ලැයිස්තුව පහත දක්වා ඇත.

වෙබ් බ්‍රව්සර ඉතිහාසය දක්වන සටහනක්.


පෞරාණික සංස්කරණය

පෞරාණික වටිණාකමක් ඇති වෙබ් බ්‍රව්සර සංස්කරණය

නිකුත් කල දිනයේ පිළිවලින්:

  • වර්ල්ඩ් වයිඩ් වෙබ් (WorldWideWeb), 1991 පෙබරවාරි 26,
  • ඉයවයිස් (Erwise), 1992 අප්‍රේල්
  • ViolaWWW, 1992 මැයි,
  • WWW - The Libwww, 1991 පෙබරවාරි 11ට පෙර
  • මොසැක් (Mosaic) වෙබ් බ්‍රව්සරය, 1993 අප්‍රේල් 22
  • නෙට්ස්කේප් නැවිගේටර් (Netscape Navigator) හා නෙට්ස්කේප් කමියුනිකේටර් (Netscape Communicator), 1994 ඔක්තොබර් 13
  • ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් (ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා මැක්(Mac) හා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා UNIX අනුවාදයන් ද ඇතුලත්ව), 1995 අගෝස්තු,
  • ඔපෙරා (Opera Internet suite), 1996,
  • මොසිල්ලා ෆයර්ෆොක්ස්, 2004

මුල් කාලීන වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • AMosaic
  • අරීනා (Arena)
  • සෙලෝ (Cello)
  • සයිබර්ඩෝග් (CyberDog)
  • ග්‍රේල් (Grail)
  • IBM වෙබ් එක්ස්ප්ලෝරා (IBM Web Explorer)
  • Lynx
  • MacWeb
  • MidasWWW
  • ඔරකල් පවර්බ්‍රව්සර්(Oracle PowerBrowser) 1996 ජූනි 18, (1.5 අනුවාදය)
  • SlipKnot
  • WebRouser 1995 සැප්තැම්බර් 18,

චිත්‍රක (Graphical) බ්‍රව්සර සංස්කරණය

ට්‍රයිඩෙන්ට් (Trident) සහ ගෙකෝ(Gecko) පිරිසැලසුම් යන්ත්‍ර පදනම් කරගත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

Microsoft සමාගම ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා වෙබ් බ්‍රව්සරයේ වින්ඩෝස් ‍මෙහෙයුම් පද්ධතිය සඳහා වු අනුවාදය සඳහා ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රය (Trident layout engine) දියුණු කරන ලදී.

ගෙකෝ පිරිසැලසුම් යන්ත්‍රය (Gecko layout engine) මොසිල්ලා පදනම විසින් දියුණු කරන ලදී.

මෙම පිරිසැලසුම් යන්ත්‍ර දෙකම අන්තර්ගත වෙබ් බ්‍රව්සර නම්,

  • මැක්ස්තන් (Maxthon) (පෙර MyIE2 නමින් හැඳින්විය)
  • නෙට්ස්කේප් බ්‍රව්සර් (Netscape Browser) 8

ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

නොයෙක් මෘදුකාංග නිෂ්පාදකයින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා කවච (Internet Explorer shell) තනා ට්‍රයිඩෙන්ට් පිරිසැලසුම් යන්ත්‍රයේ ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කරන ලදී. මෙම ට්‍රයිඩෙන්ට් යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර නම්,

  • AOL එක්ස්ප්ලොරා (AOL Explorer)
  • Altimit OS වෙබ් බ්‍රව්සරය
  • ඇවන්ට් බ්‍රව්සරය (Avant Browser)
  • බෙන්ටො බ්‍රව්සරය (Bento Browser) (වින්ඈම්ප්(Winamp) තුළ අන්තර්ගතවී තිබුනි)
  • එනිග්මා බ්‍රව්සරය (Enigma Browser)
  • මැක්ස්තන් (Maxthon)
  • ස්ලිම් බ්‍රව්සරය (Slim Browser)
  • නියෝප්ලැනෙට් (NeoPlanet)
  • නෙට්කැප්ටර් (NetCaptor)
  • තවත් බොහෝ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරා කවච වර්ග
  • යාහු! (Yahoo!) බ්‍රව්සරය (හෝ හවුල් බ්‍රව්සර් වර්ග උදා. "AT&T යාහු! බ්‍රව්සරය"; "වරිසන් (Verizon) යාහු! බ්‍රව්සරය"; "BT යාහු! බ්‍රව්සරය" )
  • iRider
  • ස්මාට් බ්‍රෝ (Smart Bro)
  • අල්ට්‍රාබ්‍රව්සර් (UltraBrowser)

ගෙකෝ යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • Alefox
  • බීයෝනෙක්ස් කමියුනිකේටර් (Beonex Communicator)
  • කැමීනෝ (Camino)- මැක් OS X මෙහෙයුම් පද්ධතිය සඳහා (පෙර චිමේරා (Chimera) නමින් හැඳින්විය)
  • CompuServe
  • ඩොක්සිලා (DocZilla), මෙය SGML බ්‍රව්සරයකි
  • එපිෆනි (Epiphany), මෙය GNOME හි වර්තමාණ පෙරනිමි (default) වෙබ් බ්‍රව්සරයයි
  • ෆ්ලොක් (Flock), මෙය ෆයර්ෆොක්ස් පාදක කරගත් වෙබ් බ්‍රව්සරයකි
  • ගැලියොන් (Galeon), මෙය GNOME හි පැරණි පෙරනිමි වෙබ් බ්‍රව්සරයයි
  • අයිස්වීසෙල් (IceWeasel), ෆයර්ෆොක්හි ඩේබියන් (Debian) අනුවාදය
  • K-Meleon වින්ඩෝස් සඳහා
  • K-MeleonCCF වින්ඩෝස් සඳහා (K-Meleon පදනම් කර තනා ඇත)
  • K-Ninja වින්ඩෝස් සඳහා (K-Meleon පදනම් කර තනා ඇත)
  • Kazehakase, GNU/ලිනක්ස් සඳහා වු ඉතා සැහැල්ලු GTK2 වෙබ් බ්‍රව්සරයකි
  • මෑඩ්ෆොක්ස් (Madfox) (මෙය ෆයර්ෆොක්ස් පාදක කරගත් වෙබ් බ්‍රව්සරයකි)
  • මෙනිවන් (ManyOne)
  • මොසිල්ලා ෆයර්ෆොක්ස් (පෙර ෆයර්බර්ඩ් (Firebird) හා ෆීනික්ස් (Phoenix) නම් වලින් හැඳින්වින)
  • නෙට්ස්කේප් (6වන අනුවාදය සහ පසු)
  • සීමන්කි (SeaMonkey) (මොසිල්ලා ඇප්ලිකේෂන් සුයිට් හි ඇතුලත නාමය. දැන් පොදු නමයි)
  • ස්කිප්ස්ටෝන් (Skipstone)
  • සෙරෝබැන්ක් බ්‍රව්සරය (පෙර Torpark නමින් හැඳින්වුනි)
  • ඩීප්නෙට් (Deepnet) (p2p ජාලය සමග නිපැයුනි)

KHTML හා WebKit පිරිසැලසුම් යන්ත්‍ර පදනම් කරගත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

KDE ව්‍යාපෘතිය විසින් KHTML පිරිසැලසුම් යන්ත්‍රය දියුණු කරන ලදී. WebKit ඇපල් සමාගම විසින් දියුණු කරන ලදී.

  • ABrowse
  • Android (ජංගම දුරකතන සඳහා වු පද්ධතියකි) සඳහා තැනු වෙබ් බ්‍රව්සරය
  • iCab (4 වන අනුවාදය සඳහා WebKit භාවිතා කල අතර එයට පෙර අනුවාද සඳහා ඔවුන්ගේම විදැහුම් යන්ත්‍රයක් (Rendering engin) භාවිතා කරන ලදී)
  • එපිෆනි (Epiphany), මෙය GNOME හි වර්තමාණ පෙරනිමි වෙබ් බ්‍රව්සරයයි
  • Kazehakase, GNU/ලිනක්ස් සඳහා වු ඉතා සැහැල්ලු GTK2 වෙබ් බ්‍රව්සරයකි
  • කොන්කරර් (Konqueror)
  • ලයිම්චැට් (LimeChat)
  • මිඩෝරි (Midori)
  • ඔම්නිවෙබ් (OmniWeb)
  • සෆාරි (Safari)
  • S60 සඳහා වූ වෙබ් බ්‍රව්සරය (ජංගම දුරකතන සඳහා)
  • Shiira
  • ස්වි‍ෆ්ට් (Swift)

ප්‍රෙස්ටො (Presto) යන්ත්‍රය පදනම් කරගත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • ඔපෙරා
  • නින්ටෙන්ඩො (Nintendo) DS බ්‍රව්සරය (ඔපෙරා බලගැන්වූ)
  • ඉන්ටර්නෙට් චැනල් (Internet Channel) (Web browser for the Wii කොන්සෝලය (Wii console) සඳහා වූ වෙබ් බ්‍රව්සරය (ඔපෙරා බලගැන්වූ)

ජාවා (Java platform) සඳහා වූ වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • හොට්ජාවා (HotJava) (අත්හිටවනලදී)
  • Lobo
  • X-Smiles (පරික්ෂණාත්මක)

වර්තමාණයේ ඇති විශේෂිත වෙබ් බ්‍රව්සර සංස්කරණය

වෙබ් අඩවි ආශ්‍රිත වු විශේෂත ක්‍රියාකාරකම් පහසුවෙන් කිරීම සඳහා තැනූ වෙබ් බ්‍රව්සර.

  • ෆ්ලොක් (Flock) (බ්ලොග් ලිවී‍ම , ඡායාරෑප හුවමාරු කරගැනීම හා RSS පුවත් කියවීම පහසු කිරීම සඳහා)
  • ගෝස්ට්සිලා (Ghostzilla) (ක්‍රියාකාරකම් සැඟවීම සඳහා GUI තුලට මුසුවේ)
  • සෝංබර්ඩ් (Songbird) (සංගීතය ඇසීම සදහා තැනූවකි)
  • ස්පේස්ටයිම් (SpaceTime™) (සෙවුම් ත්‍රිමාණව කිරිමට)
  • Wyzo (BitTorrent සඳහා වූ බ්‍රවුසරයකි)

අත්හිටවන ලද විශේෂිත වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • AOL (තම අන්තඃජාලය (Itranet) සඳහා භාවිතා කරන ලදී)

අනෙකුත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • 3B (ත්‍රිමාණ වෙබ් බ්‍රව්සර)
  • Abaco (Plan 9 from Bell Labs මෙහෙයුම් පද්ධතිය සඳහා)
  • අමායා (Amaya)
  • Arachne (DOS)
  • AWeb
  • කැරන් (Charon) (Inferno මෙහෙයුම් පද්ධතිය සඳහා)
  • ඩිලො (Dillo)
  • Emacs/W3
  • ගොලුම් බ්‍රවුසර් (Gollum browser)
  • IBrowse
  • Krozilo
  • මොත්‍රා (Mothra) (Plan 9 from Bell Labs මෙහෙයුම් පද්ධතිය සඳහා)
  • නෙට්පොසිටිව් (NetPositive)
  • නෙට්සර්ෆ් (NetSurf) (RISC OS මෙහෙයුම් පද්ධතිය හා GTK+ සඳහා වු C ක්‍රමලේඛන භාෂාවෙන් ලියන ලද විවෘත කේත වෙබ් බ්‍රව්සරයකි.)
  • Oregano
  • ප්ලැනෙට්වෙබ් (Planetweb) බ්‍රව්සරය (අත්හිටවන ලදී)
  • Sleipnir
  • VMS Mosaic
  • වොයේජර් (Voyager)

පෙළ (Text) පාදක කරගත් වෙබ් බ්‍රව්සර සංස්කරණය

  • ඇබාකො (Abaco)
  • Alynx
  • cURL (Line-mode බ්‍රව්සරයකි)
  • DosLynx
  • ELinks (ලින්ක්ස් (Links) වෙබ් බ්‍රව්සරයේ සක්‍රීය අනුවාදය)
  • ලින්ක්ස් (Links) (වර්තමාණයේ සක්‍රීයව නොපවතී)
  • Lynx
  • Net-Tamer
  • w3m
  • WebbIE
  • wget (Line-mode බ්‍රව්සරයකි)


මේවාත් බලන්න සංස්කරණය

අඩවි‌යෙන් බැහැර පිටු සංස්කරණය